Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (178) ምዕራፍ: አል-በቀራህ
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا كُتِبَ عَلَیْكُمُ الْقِصَاصُ فِی الْقَتْلٰی ؕ— اَلْحُرُّ بِالْحُرِّ وَالْعَبْدُ بِالْعَبْدِ وَالْاُ بِالْاُ ؕ— فَمَنْ عُفِیَ لَهٗ مِنْ اَخِیْهِ شَیْءٌ فَاتِّبَاعٌ بِالْمَعْرُوْفِ وَاَدَآءٌ اِلَیْهِ بِاِحْسَانٍ ؕ— ذٰلِكَ تَخْفِیْفٌ مِّنْ رَّبِّكُمْ وَرَحْمَةٌ ؕ— فَمَنِ اعْتَدٰی بَعْدَ ذٰلِكَ فَلَهٗ عَذَابٌ اَلِیْمٌ ۟ۚ
අහෝ! අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන්ගේ චරිතය පිළිපැද්දවුනි, උවමනාවෙන් හා සතුරුකමින් සෙසු අය විසින් ඝාතනය කරනු ලැබූවන් විෂයයෙහි, එසේ ඝාතනය කරනු ලැබූ අයට සමාන දඬුවම ඝාතකයාට ද ක්රියාත්මක කිරීම නුඹලා වෙත අනිවාර්යය කරන ලදී. එනම් නිදහස් පුද්ගලයා වෙනුවෙන් නිදහස් පුද්ගලයා ඝාතනය කරනු ලැබීමත්; වහලා වෙනුවෙන් වහලා ඝාතනය කරනු ලැබීමත්; කාන්තාව වෙනුවෙන් කාන්තාව ඝාතනය කරනු ලැබීමත් වේ. ඝාතනය ලක් වූ පුද්ගලයා තම මරණයට පෙර ඝාතකයාට සමාව දුන්නේ නම් හෝ ඝාතනය ලක් වූ පුද්ගලයාගේ භාරකරු ඔහුට සමාව දුන්නේ නම් හෝ දියත් හෙවත් වන්දි ගෙවීමේ නීතිය ක්රියාත්මක වේ. (එනම් නිශ්චිත ප්රමාණයක් ඝාතකයා විසින් මරුමුවට පත් අය වෙනුවෙන් සමාව දුන් පුද්ගලයාට පිරිනැමීමයි.) ඒ අනුව සමාව දුන් පුද්ගලයා වන්දි ඉල්ලා සිටීමේ දී ඝාතකයාට කළ උපකාරය කියා පෑමකින් හෝ ඔහුට පීඩාවක් ඇති කිරීමෙන් තොරව යහපත් ලෙස ඔහු සමග කටයුතු කළ යුතුය. එමෙන්ම ඝාතකයා ද කිසිදු ප්රමාදයකින් හෝ දිග් ගැස්සීමකින් තොරව උපකාරශීලී ව වන්දි මුදල පිරිනැමිය යුතුය. එසේ සමාව දී වන්දි භාර ගැනීම නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත ලබා දී ඇති සහනයකි. මෙම සමූහයා වෙත ඔහු දැක් වූ දයාවකි. සමාව දී වන්දි භාරගත් පසුව ඝාතකයා සම්බන්ධයෙන් යමෙකු සීමාව ඉක්මවා කටයුතු කළේ නම් එවිට ඔහුට අල්ලාහ්ගෙන් වූ වේදනීය දඬුවමක් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• البِرُّ الذي يحبه الله يكون بتحقيق الإيمان والعمل الصالح، وأما التمسك بالمظاهر فقط فلا يكفي عنده تعالى.
•අල්ලාහ් කැමති යහපත පිහිටනුයේ විශ්වාසය තහවුරු කොට දැහැමි ක්රියාවන් සිදු කිරීමෙනි. බාහිර ව පිළිපැදීමෙන් පමණක් අල්ලාහ් වෙත එය ප්රමාණවත් නොවන්නේය.

• من أعظم ما يحفظ الأنفس، ويمنع من التعدي والظلم؛ تطبيق مبدأ القصاص الذي شرعه الله في النفس وما دونها.
•ජීවිත ආරක්ෂාවන්නටත් අපරාධ හා ආරවුල් වලින් වැළකීමටත් වඩාත් බලවත්ම ක්රියාදාමය වනුයේ ආත්ම ඝාතනයක දී හෝ ඊටත් වඩා අඩු අපරාධයකදී ක්රියාත්මක කිරීමට අල්ලාහ් ආගමානුගත කළ කිසාස් හෙවත් සමප්රතිචාර දැක්වීමේ නීතිය ක්රියාත්මක කිරීමය.

• عِظَمُ شأن الوصية، ولا سيما لمن كان عنده شيء يُوصي به، وإثمُ من غيَّر في وصية الميت وبدَّل ما فيها.
•අන්තිම කැමැත්ත ප්රකාශ කිරීමේ වැදගත්කම විශේෂයෙන් මිය යන පුද්ගලයා සතු ව යමක් ඇත්නම් ඒ ගැන අන්තිමත කැමැත්ත ප්රකාශ කළ යුතුය. මියගිය තැනැත්තා කළ අන්තිම ප්රකාශයේ වෙනස්කම් නොකළ යුතු අතර එසේ කරන්නා සතු පාපයයි.

 
የይዘት ትርጉም አንቀጽ: (178) ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት