Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (182) ምዕራፍ: አል-በቀራህ
فَمَنْ خَافَ مِنْ مُّوْصٍ جَنَفًا اَوْ اِثْمًا فَاَصْلَحَ بَیْنَهُمْ فَلَاۤ اِثْمَ عَلَیْهِ ؕ— اِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟۠
අන්තිම කැමැත්ත ප්රකාශය කරන්නා සත්යයෙන් බැහැර වනු ඇතැයි හෝ අන්තිම කැමැත්තේ අසාධාරණයක් සිදු වෙතැයි යමෙකුට දැන ගන්නට ලැබුණේ නම් අන්තිම කැමැත්ත ප්රකාශ කරන්නා ඔහුගේ ප්රකාශයේ සිදු කරන්නට යන එම අසාධාරණය නිවැරදි කළ යුතු වේ. එමෙන්ම ඔහුගෙන් පසු පැමිණෙන්නන් ඔහුගේ අන්තිම කැමැත්ත අනුව කටයුතු කිරීමට ඔවුන් හැඩ ගැස්විය යුතු ව ඇත. එසේ සිදු කරන්නාහට පාපයක් නැත. ඒ වෙනුවට ඔහු එසේ හැඩගැස්වීම සඳහා ප්රතිඵල පිරිනමනු ලැබේ. සැබැවින්ම අල්ලාහ් වෙත පසුතැවිලි වී සමාව අයැද සිටින ඔහුගේ ගැත්තන්හට ඔහු සමාව දෙන්නාය. ඔවුන් වෙත කරුණාව දක්වන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• فَضَّلَ الله شهر رمضان بجعله شهر الصوم وبإنزال القرآن فيه، فهو شهر القرآن؛ ولهذا كان النبي صلى الله عليه وسلم يتدارس القرآن مع جبريل في رمضان، ويجتهد فيه ما لا يجتهد في غيره.
•රමළාන් මාසයේ අල් කුර්ආනය පහළ කිරීම හේතුවෙන් එම මාසය උපවාසයේ මාසය බවට පත් කොට අල්ලාහ් එය ගෞරවයට ලක් කළේය. එය කුර්ආනයේ මාසයයි. එබැවින් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා එම මාසයේ ජිබ්රීල් (අලෛයිහි වසල්ලම්) තුමා සමග අල් කුර්ආනය හැදෑරීය. එහි වෙනත් මාසවල නිරතවනවාට වඩා එතුමා කැප වී කුර්ආනය කියවීමට කටයුතු කළේය.

• شريعة الإسلام قامت في أصولها وفروعها على التيسير ورفع الحرج، فما جعل الله علينا في الدين من حرج.
•ඉස්ලාමීය ෂරීආ ව එහි ඇති මූලිකාංග හා අතිරේක දෑ පහසුවෙන් පිළිපැදිය හැකි අයුරින් පිහිටා ඇත. එමෙන්ම එය වැරදි ඉවත් කරයි. මෙම දහම තුළින් කිසිදු අපහසුතාවක් අපහට අල්ලාහ් තබා නැත.

• قُرْب الله تعالى من عباده، وإحاطته بهم، وعلمه التام بأحوالهم؛ ولهذا فهو يسمع دعاءهم ويجيب سؤالهم.
•තම ගැත්තන් වෙත අල්ලාහ් වඩාත් සමීපය. සිව්දෙසින් ඔහු ඔවුන් ආවරණය කර සිටියි. ඔවුන්ගේ තත්ත්වයන් පිළිබඳ පූර්ණ ලෙස දැන සිටියි. එහෙයින් ඔවුන්ගේ ප්රාර්ථනාවන්හට ඔහු සවන් දෙයි. ඔවුන් පතන දෑට පිළිතුරු සපයයි.

 
የይዘት ትርጉም አንቀጽ: (182) ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት