Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (197) ምዕራፍ: አል-በቀራህ
اَلْحَجُّ اَشْهُرٌ مَّعْلُوْمٰتٌ ۚ— فَمَنْ فَرَضَ فِیْهِنَّ الْحَجَّ فَلَا رَفَثَ وَلَا فُسُوْقَ وَلَا جِدَالَ فِی الْحَجِّ ؕ— وَمَا تَفْعَلُوْا مِنْ خَیْرٍ یَّعْلَمْهُ اللّٰهُ ؔؕ— وَتَزَوَّدُوْا فَاِنَّ خَیْرَ الزَّادِ التَّقْوٰی ؗ— وَاتَّقُوْنِ یٰۤاُولِی الْاَلْبَابِ ۟
හජ් සමය සැවොම දන්නා මාසය. එනම් එය ෂව්වාල් මාසයේ ආරම්භ වී දුල් හිජ්ජා මාසයේ ආරම්භ දින දහයත් සමග අවසන් වේ. මෙම මාස වල කවරෙකුට හජ් අනිවාර්ය වී ඒ සඳහා ඔහු අධිෂ්ඨාන කළේ ද සංසර්ගයේ යෙදීම හා ඒ සඳහා වූ පෙර ඇසුර එම කාලය තුළ ඔහුට තහනම් වන්නේය. පාපකම් සිදු කොට අල්ලාහ්ට අකීකරු වීමෙන් ප්රවේශම් වී එහි ගෞරවය තහවුරු කළ යුතුය. හජ් සමය හා එම ස්ථානය ඉමහත් ගෞරවයට ලක් විය යුත්තකි. එහි කෝපය හා නොමනා විවාදයට ඉඩ දෙන වාද කිරීම් තහනම්ය. නුඹලා යම් යහපතක් කරන්නේද ඒ ගැන අල්ලාහ් මැනවින් දන්නේය. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. හජ් වගකීම ඉටු කිරීම සඳහා අවශ්ය ආහාරපාන හා කළමනා පොදි බැඳ ගනු. එසේ තම අවශ්යතාව සඳහා පොදි බැඳගන්නා සියලු දෑට වඩා උතුම් වනුයේ තක්වා හෙවත් අල්ලාහ් පිළිබඳ වූ මතකය හා බැතිමත්භාවයයි. එහෙයින් මනා බුද්ධිය ඇත්තනි, නුඹලා මාගේ නියෝග පිළිපැද මා තහනම් කළ දැයින් වැළකී මට බිය වනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• يجب على المؤمن التزود في سفر الدنيا وسفر الآخرة، ولذلك ذكر الله أن خير الزاد هو التقوى.
•මෙලොව හා මතු ලොව ගමනෙහි පොදි බැඳ ගැනීම දෙවියන් පිළිබඳ විශ්වාස කරන්නා කෙරෙහි අනිවාර්යය වේ. එය අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් සිදු විය යුත්තකි. සැබැවින්ම එසේ පොදි බැඳ ගන්නා දෑ අතරින් වඩාත් උතුම් වන්නේ අල්ලාහ් පිළිබඳ වූ බියබැතිමත්කමය.

• مشروعية الإكثار من ذكر الله تعالى عند إتمام نسك الحج.
•හජ් වන්දනාව සම්පූර්ණ කරන අවස්ථාවේ අධික ලෙස අල්ලාහ් ව මෙනෙහි කිරීම ආගමානුගත කර ඇත.

• اختلاف مقاصد الناس؛ فمنهم من جعل همّه الدنيا، فلا يسأل ربه غيرها، ومنهم من يسأله خير الدنيا والآخرة، وهذا هو الموفَّق.
•මිනසුන්ගේ බලාපොරොත්තු විවිධය. ඔවුන් අතර තම ආශාව මෙලොව පමණක් බවට පත් කර ගත් අය වෙති. ඒ හැර ඔවුන් වෙනත් කිසිවක් පරමාධිපතිගෙන් ඉල්ලා සිටින්නේ නැත. එමෙන්ම මෙලොව හා මතු ලොව යන දෙකෙහිම යහපත පතන්නන් ද වෙති. එයයි වඩාත් ගැළපෙන ක්රමවේදය වනුයේ.

 
የይዘት ትርጉም አንቀጽ: (197) ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት