Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (215) ምዕራፍ: አል-በቀራህ
یَسْـَٔلُوْنَكَ مَاذَا یُنْفِقُوْنَ ؕ— قُلْ مَاۤ اَنْفَقْتُمْ مِّنْ خَیْرٍ فَلِلْوَالِدَیْنِ وَالْاَقْرَبِیْنَ وَالْیَتٰمٰی وَالْمَسٰكِیْنِ وَابْنِ السَّبِیْلِ ؕ— وَمَا تَفْعَلُوْا مِنْ خَیْرٍ فَاِنَّ اللّٰهَ بِهٖ عَلِیْمٌ ۟
අහෝ නබිවරය, නුඹගේ මිතුරන් ඔවුන්ගේ විවිධාකාර සම්පත් අතුරින් වියදම් කළ යුත්තේ කුමක් ද, ඒවා තැබිය යුත්තේ කොහේදැයි ඔබෙන් විමසති. ඔවුනට පිළිතුරු වශයෙන් මෙසේ පවසනු. නුඹලා වියදම් කරන දෑ යහපත් විය යුතුයි. ඒනම් අනුමත හා පිරිසිදු දෑ විය යුතුයි. එය දෙමව්පියන්ටත් අවශයතාවෙන් පෙළෙන නුඹලාගේ සමීප ඥාතීන්ටත් අවශ්යතා ඇති අනාථ දරුවන්ටත් ධනය නොමැති අසරණයින්ටත් තම දේශය හා තම ජාතීන් අහිමිව සිටින මගියාටත් වේ. අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලා කවර යහපතක් සිදු කළ ද එය කුඩා හෝ මහා පරිමානයෙන් වුවද සැබැවින්ම ඒ ගැන අල්ලාහ් මැනවින් දන්නාය. ඔහුගෙන් කිසිවක් සැගවෙන්නේ නැත. ඒ වෙනුවට ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• ترك شكر الله تعالى على نعمه وترك استعمالها في طاعته يعرضها للزوال ويحيلها بلاءً على صاحبها.
•අල්ලාහ්ගේ ආශිර්වාදයන් හට කෘතඥවීමට අතපසු වීමත් ඔහුට යටහත් වීමේ කටයුතුවල දී ඒවා ක්රියාත්මක නොකොට අතහැර දැමීමත් ඒවා අහිමි වීමට හේතු වන්නේය. එමෙන්ම ඒවාහි අයිතිකරුවන්හට පරීක්ෂණයක් බවට පත් වනු ඇත.

• الأصل أن الله خلق عباده على فطرة التوحيد والإيمان به، وإبليس وأعوانه هم الذين صرفوهم عن هذه الفطرة إلى الشرك به.
•මූල ධර්මය වනුයේ අල්ලාහ් තම ගැත්තන් ඒක දේව වාදය මත පිහිටුවා ඔහු පමණක් විශ්වාස කිරීමේ ස්වභාවයෙන් මවා තිබීමය. නමුත් එම මූල ධර්මයෙන් මිනිසා ඈත් කොට ඔහුට ආදේශ කිරීම වෙත ඉබ්ලීස් හා ඔහුගේ හිතමිතුරන් කටයුතු කරනු ඇත.

• أعظم الخذلان الذي يؤدي للفشل أن تختلف الأمة في كتابها وشريعتها، فيكفّر بعضُها بعضًا، ويلعن بعضُها بعضًا.
• පරාජය වෙත ක්රියා කාරීව කටයුතු කරන අතිමහත් ද්රෝහීකම වනුයේ තමන්ට හිමි දේව පුස්තකයේ හා තමන්ගේ ආගමිික කටයුතුවලදී සමූහයා භේදබින්න වී, ඔවුන්ගෙන් පිරිසක් තවත් පිරිසක් ප්රතික්ෂේප කරමින් ඔවුන්නොවුන් ශාප කර ගැනීමය.

• الهداية للحق الذي يختلف فيه الناس، ومعرفة وجه الصواب بيد الله، ويُطلب منه تعالى بالإيمان به والانقياد له.
• කවර සත්යයක් සම්බන්ධයෙන් ජනයා භේදබින්න වී සිටින්නේද ඒ සඳහා මඟ ලැබීමත් නිවැරැදිතාව පිළිබඳ දැනුමත් අල්ලාහ් සතුව පවතී. ඔහුව විශ්වාස කිරීමටත් ඔහුට යටහත් වන්නටත් ඔහුගෙන් අයැද සිටිය යුතු වේ.

• الابتلاء سُنَّة الله تعالى في أوليائه، فيبتليهم بقدر ما في قلوبهم من الإيمان به والتوكل عليه.
• අල්ලාහ්ගේ හිතමිතුරන් ඔහු විසින් පරීක්ෂාවට ලක් කිරීම ඔහුගේ පිළිවෙතකි. එහෙයින් ඔවුන්ගේ හදවත් තුළ ඔහු සම්බන්ධයෙන් පවතින විශ්වාසයේ තරමට ඔහු ඔවුන් පරීක්ෂාවට ලක් කරනු ඇත.

• من أعظم ما يعين على الصبر عند نزول البلاء، الاقتداء بالصالحين وأخذ الأسوة منهم.
•පරීක්ෂාවන් ඇති වන මොහොතේදී ඉවසීම සඳහා උපකාර වන වඩාත් වැදගත්ම කරුණු වනුයේ දැහැමින්ගේ පිළිවෙත අනුගමනය කිරිමත්, ඔවුන්ගේ ආදර්ශයන් තම ජීවිතයට ගැනීමත් වේ.

 
የይዘት ትርጉም አንቀጽ: (215) ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት