Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (221) ምዕራፍ: አል-በቀራህ
وَلَا تَنْكِحُوا الْمُشْرِكٰتِ حَتّٰی یُؤْمِنَّ ؕ— وَلَاَمَةٌ مُّؤْمِنَةٌ خَیْرٌ مِّنْ مُّشْرِكَةٍ وَّلَوْ اَعْجَبَتْكُمْ ۚ— وَلَا تُنْكِحُوا الْمُشْرِكِیْنَ حَتّٰی یُؤْمِنُوْا ؕ— وَلَعَبْدٌ مُّؤْمِنٌ خَیْرٌ مِّنْ مُّشْرِكٍ وَّلَوْ اَعْجَبَكُمْ ؕ— اُولٰٓىِٕكَ یَدْعُوْنَ اِلَی النَّارِ ۖۚ— وَاللّٰهُ یَدْعُوْۤا اِلَی الْجَنَّةِ وَالْمَغْفِرَةِ بِاِذْنِهٖ ۚ— وَیُبَیِّنُ اٰیٰتِهٖ لِلنَّاسِ لَعَلَّهُمْ یَتَذَكَّرُوْنَ ۟۠
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, අල්ලාහ්ට ආදේශ තබන කාන්තාවන් අල්ලාහ් ව පමණක් විශ්වාස කොට ඉස්ලාම් දහම තුළට පිවිසෙන තෙක් විවාහ කර නොගනු. පිළිම වන්දනා කරන නිදහස් කාන්තාව ලස්සනින් හා ධනයෙන් නුඹලා ආකර්ෂණයට පත් කළද, ඇයට වඩා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කරන වහල් කාන්තාව උතුම්ය. අල්ලාහ්ට අවනත ව කටයුතු කරන මුස්ලිම් කාන්තාවන් අල්ලාහ්ට ආදේශ තබන පිරිමින්හට විවාහ කර නොදෙනු. අල්ලාහ්ට ආදේශ තබන නිදහස් මිනිසා නුඹලාට ආකර්ෂණය වූූවද ඔහුට වඩා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව විශ්වාස කරන වහල් පිරිමියා උතුම්ය. මෙසේ ආදේශය කිරීම යනුවෙන් වර්ණනා කරනු ලැබූ මෙම පිරිමින් හා කාන්තාවන් ඔවුන්ගේ ප්රකාශ හා ඔවුන්ගේ ක්රියාවන් මෙහෙයවනුයේ නිරයේ ගින්නට ඇතුළත් කිරීමටය. නමුත් අල්ලාහ් ස්වර්ගයට ඇතුළත් කිරීම වෙතත් ඔහුගේ අනුහසින් හා භාග්යයෙන් පාපකම් වලට සමාව වෙත, මෙහෙයවන දැහැමි ක්රියාවන් වෙත ඇරයුම් කරයි. ජනයා ඉදිරිපත් කර ඇති කරුණු පාඩමක් ලෙස ගෙන එය ක්රියා කරන්නට හැකි වන පරිදි අල්ලාහ් ඔහුගේ වදන් මෙසේ ජනයාට පැහැදිලි කර සිටියි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• تحريم النكاح بين المسلمين والمشركين، وذلك لبُعد ما بين الشرك والإيمان.
•අල්ලාහ්ට අවනත වන මුස්ලිම්වරුන් හා අල්ලාහ්ට ආදේශ තබන මුෂ්රික්වරුන් අතර විවාහය සිදු කිරීමේ තහනම එය දේව විශ්වාසය හා දේව ආදේශය අතර පවතින දුරස් බව හේතුවෙනි.

• دلت الآية على اشتراط الولي عند عقد النكاح؛ لأن الله تعالى خاطب الأولياء لمّا نهى عن تزويج المشركين.
•විවාහය ගිවිස ගන්නා අවස්ථාවේ වලී හෙවත් භාරකරුවකු සිටීමේ කොන්දේසිය මෙම ආයතය අවධාරණය කරයි. දෙවියන් ආදේශ කරන්නන් විවාහ කර දීමෙන් වැළකෙන්නැයි අවධාරණය කරමින් අල්ලාහ් භාරකරුවන් සම්බන්ධයෙන් කතා කර ඇති බැවිණි.

• حث الشريعة على الطهارة الحسية من النجاسات والأقذار، والطهارة المعنوية من الشرك والمعاصي.
•කිලිටි හා අපවිත්ර දැයින් භෞතික පිරිසිදුකම ගැන ෂරීආ පිළිවෙත දිරිගන්වා ඇති අතරම අල්ලාහ්ට ආදේශ කිරම, පාපකම් කිරීම යනාදියෙන් අභ්යන්තරය පිරිසිදු කර ගැනීම ගැනද දිරිගන්වා ඇත.

• ترغيب المؤمن في أن يكون نظره في أعماله - حتى ما يتعلق بالملذات - إلى الدار الآخرة، فيقدم لنفسه ما ينفعه فيها.
•දෙවියන් විශ්වාස කරන මුඃමින්වරයකු මතු ලොව නිවහන වෙත තමන් යොමු කරවන තම ක්රියාදමයන් දෙස බලන්නට කැමැත්ත ඇති කරයි. එය තමන්ගේ ආශාවන් හා බැඳුණු ක්රියාවකින් හෝ වේවා එසේ සිදු වීම බලාපොරොත්තු වෙයි.

 
የይዘት ትርጉም አንቀጽ: (221) ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት