Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (230) ምዕራፍ: አል-በቀራህ
فَاِنْ طَلَّقَهَا فَلَا تَحِلُّ لَهٗ مِنْ بَعْدُ حَتّٰی تَنْكِحَ زَوْجًا غَیْرَهٗ ؕ— فَاِنْ طَلَّقَهَا فَلَا جُنَاحَ عَلَیْهِمَاۤ اَنْ یَّتَرَاجَعَاۤ اِنْ ظَنَّاۤ اَنْ یُّقِیْمَا حُدُوْدَ اللّٰهِ ؕ— وَتِلْكَ حُدُوْدُ اللّٰهِ یُبَیِّنُهَا لِقَوْمٍ یَّعْلَمُوْنَ ۟
ස්වාමි පුරුෂයා වාර තුනක් දික්කසාදය පල කර ඇත්නම්, එසේ දික්කසාද කළ එම කාන්තාව තමන් මත අනුමත කර ගැනීමේ චේතනාවෙන් තොර ව වෙනත් පිරිමියෙකු නිත්යනුකූල ව විවාහ වී, ඔහු සමග පවුල් ජීවිතය ගත කොට, පසු ව දෙවන සැමියා ඇය ව දික්කසාද කරන තෙක් හෝ මිය යන තෙක් නව ගිවිසුමකින් විවාහ වීමට ඔහුට (පළමුු සැැමයාට) අනුමැති නොලැබෙනු ඇත. එවිට ආගමික නීති පනවා ඇති පරිදි තමන්ට ක්රියා කළ හැකි යැයි ඔවුන් දෙදෙනා සිතන්නේ නම් එම කාන්තාව හා පළමු සැමියා නව ගිවිසුමක් හා විවාහ දීමනාවක් ලබා දී නැවත විවාහ ජීවිතයට ඇතුළු වීමෙහි වරදක් නැත. මෙම ආගමික නීති හා අල්ලාහ්ගේ සීමාවන් ජනයා දැන ගනු පිණිස අල්ලාහ් මෙම ෂරීආ නීති පැහැදිලි කරන්නේය. එමගින් ඔවුන් ප්රයෝජනය ලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• بيَّن الله تعالى أحكام النكاح والطلاق بيانًا شاملًا حتى يعرف الناس حدود الحلال والحرام فلا يتجاوزونها.
•ජනයා හලාල් හෙවත් අනුමත හා හරාම් හෙවත් තහනම් සීමාවන් වටහා ගෙන ඉන් ඔබ්බට නොයන තරමට අල්ලාහ් විවාහයේ හා දික්කසාදයේ නීති රීති ඉතා පැහැදිලි ව පූර්ණ ලෙස පහදා දී ඇත.

• عظَّم الله شأن النكاح وحرم التلاعب فيه بالألفاظ فجعلها ملزمة، وألغى التلاعب بكثرة الطلاق والرجعة فجعل لها حدًّا بطلقتين رجعيتين ثم تحرم عليه إلا أن تنكح زوجا غيره ثم يطلقها، أو يموت عنها.
•විවාහ කටයුත්ත අල්ලාහ් ගරු කොට ඇත. ඒ සම්බන්ධ ව හාස්යයට ලක් කරන ප්රකාශ තහනම් කොට ඇත. අධික වශයෙන් තලාක් කිරීම ඉන්පසු නැවත ගෙන්වා ගැනීම යනාකාරයෙන් එය විහිළුවට කිරීමද තහනම් කර ඇත. ඒ්වාට සීමාවන් පනවා ඇත. එනම් තලාක් කොට නැවත ගෙන්වා ගැනීමට අවස්ථා දෙකක් ලබා දී අවසාන තලාක් වාරයත් සමග ඇය ඔහුට තහනම් වනු ඇත. නැවත ඇය අනුමත වනුයේ ඇය නිත්යනුකූලව තවත් විවාහයක් සිදු කර ගෙන ඔහු සමග පවුල් ජීවිතය ගත කොට ඔහු ඇය ව දික්කසාද කළ පසු නව විවාහ ගිවිසුමක් මගිනි.

• المعاشرة الزوجية تكون بالمعروف، فإن تعذر ذلك فلا بأس من الطلاق، ولا حرج على أحد الزوجين أن يطلبه.
•පවුල් ජීවිතය යහපත් විය යුතුය. එය හිරිහැරයක් නම් තලාක් සිදු කිරීමේ වරදක් නැත. අඹු සැමියන් අතර කවරෙකු හෝ එය ඉල්ලා සිටියද ඔහුට හෝ ඇයට වරදක් නැත.

 
የይዘት ትርጉም አንቀጽ: (230) ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት