Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (231) ምዕራፍ: አል-በቀራህ
وَاِذَا طَلَّقْتُمُ النِّسَآءَ فَبَلَغْنَ اَجَلَهُنَّ فَاَمْسِكُوْهُنَّ بِمَعْرُوْفٍ اَوْ سَرِّحُوْهُنَّ بِمَعْرُوْفٍ ۪— وَلَا تُمْسِكُوْهُنَّ ضِرَارًا لِّتَعْتَدُوْا ۚ— وَمَنْ یَّفْعَلْ ذٰلِكَ فَقَدْ ظَلَمَ نَفْسَهٗ ؕ— وَلَا تَتَّخِذُوْۤا اٰیٰتِ اللّٰهِ هُزُوًا ؗ— وَّاذْكُرُوْا نِعْمَتَ اللّٰهِ عَلَیْكُمْ وَمَاۤ اَنْزَلَ عَلَیْكُمْ مِّنَ الْكِتٰبِ وَالْحِكْمَةِ یَعِظُكُمْ بِهٖ ؕ— وَاتَّقُوا اللّٰهَ وَاعْلَمُوْۤا اَنَّ اللّٰهَ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟۠
නුඹලාගේ බිරියන් නුඹලා දික්කසාද කළ විට ඔවුන්ගේ පොරොත්තු කාලය අවසන් වීමට පෙර ඔවුන් තම සමීපයට ගන්න. ඔවුන් නැවත පවුල් ජීවිතයට ඇතුළක් කර ගැනීමට හෝ ඔවුන් යහපත් අයුරින් මුදවා හැරීමට හෝ අවසරය ඇත. ඔවුන්ගේ පොරොත්තු කාලය අවසන් වූයේ නම් නැවත ගෙන්වා ගත නොහැකි වන්නේය. අඥාන ජනයා සිදු කරන්නාක් මෙන් ඔවුනට එරෙහි ව සතුරුකම් පෑමේ හෝ හිංසා කිරීමේ අරමුණින් නැවත ගෙන්වා නොගන්න. ඔවුන්ට හිංසා පීඩා කිරීමේ අරමුණින් කවරෙකු එසේ ගෙන්වා ගන්නේද පාපය හා දඬුවමට ලබන්නට සුදුස්සෙකු බවට පත් ව ඔහු තමන්ටම අපරාධ කර ගත් අයෙකු වන්නේය. අල්ලාහ්ගේ වදන් සෙල්ලමට නොගන්න. එයට එරෙහි ව කටයුතු නොකරන්න. නුඹලා වෙත අල්ලාහ් පිරිනමා ඇති ආශිර්වාද සිහිපත් කරන්න. ඒ අතර නුඹලා පහළ කළ කුර්ආනය හා සුන්නා හෙවත් නබි චරිතය වඩාත් උතුම් වන්නේය. නුඹලාට කැමැත්ත හා ආශාව ඇති කළ අයුරින් ඔහු නුඹලාට මෙනෙහි කරයි. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බියෙන් කටයුතු කරන්න. සෑම දෙයක් පිළිබඳ ව අල්ලාහ් මැනවින් දන්නා බවත් ඔහුට කිසිවක් නොසැගවෙන බවත් නුඹලා කළ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමන බවත් දැනගන්න.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• نهي الرجال عن ظلم النساء سواء كان بِعَضْلِ مَوْلِيَّتِه عن الزواج، أو إجبارها على ما لا تريد.
•කාන්තාවන්ට අපරාධ සිදු කිරීම පිරිමින් වෙත තහනම් කොට ඇත. එය විවාහය පදනම් කොට එහි භාරකාරත්වය පිළිබඳ සැළ කරමින් හෝ ඇය අකැමැති දෙයක් ඇයට බලකරමින් හෝ එවන් සිදු වීමක් සිදු නොවිය යුතුය.

• حَفِظَ الشرع للأم حق الرضاع، وإن كانت مطلقة من زوجها، وعليه أن ينفق عليها ما دامت ترضع ولده.
•දරුවාට කිරි දී හදා වඩා ගැනීමේ උරුමය (ඇය දික්කසාද වූ කාන්තාවක් වුවද) මව වෙත ඉස්ලාම් ෂරීආ ව පනවා ඇත. එමෙන්ම තම දරුවාට ඇය කිරි පොවන තාක් ඇය වෙනුවෙන් වියදම ලබා දීම ස්වාමි පුරුෂයාගේ වගකීමක් බවටත් ෂරීආ ව පනවා ඇත.

• نهى الله تعالى الزوجين عن اتخاذ الأولاد وسيلة يقصد بها أحدهما الإضرار بالآخر.
•ස්වාමි පුරුෂයා හා බිරිය යන දෙදෙනා එකිනෙකාගෙන් තමන්ගේ වෛරය පිරිමහ ගන්නටත් ඔවුන් එකිනෙකා අනෙකාට හිංසා පීඩා ඇති කිරීමටත් දරුවන් මාධ්යයක් බවට ගැනීම අල්ලාහ් තහනම් කර ඇත.

• الحث على أن تكون كل الشؤون المتعلقة بالحياة الزوجية مبنية على التشاور والتراضي بين الزوجين.
•විවාහ ජීවිතය හා බැඳුණු සියලු කරුණු අඹු සැමියන් අතර එකිනෙකා සාකච්ඡා කිරීමෙන් හා එකිනෙකාගේ පිළිගැනීම මත සිදු විය යුත්තක් බව අවධාරණය කරයි.

 
የይዘት ትርጉም አንቀጽ: (231) ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት