Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (235) ምዕራፍ: አል-በቀራህ
وَلَا جُنَاحَ عَلَیْكُمْ فِیْمَا عَرَّضْتُمْ بِهٖ مِنْ خِطْبَةِ النِّسَآءِ اَوْ اَكْنَنْتُمْ فِیْۤ اَنْفُسِكُمْ ؕ— عَلِمَ اللّٰهُ اَنَّكُمْ سَتَذْكُرُوْنَهُنَّ وَلٰكِنْ لَّا تُوَاعِدُوْهُنَّ سِرًّا اِلَّاۤ اَنْ تَقُوْلُوْا قَوْلًا مَّعْرُوْفًا ؕ۬— وَلَا تَعْزِمُوْا عُقْدَةَ النِّكَاحِ حَتّٰی یَبْلُغَ الْكِتٰبُ اَجَلَهٗ ؕ— وَاعْلَمُوْۤا اَنَّ اللّٰهَ یَعْلَمُ مَا فِیْۤ اَنْفُسِكُمْ فَاحْذَرُوْهُ ۚ— وَاعْلَمُوْۤا اَنَّ اللّٰهَ غَفُوْرٌ حَلِیْمٌ ۟۠
සැමියා මිය ගොස් ඉද්දා තත්ත්වයේ පසුවන කාන්තාව වෙත හෝ දික්කසාද කරනු ලැබූ කාන්තාව වෙත විවාහ වීමේ කැමැත්ත ඍජු ලෙස ප්රකාශ කිරීමෙන් තොරව ‘ඔබේ ඉද්දා කාලය අවසන් කළ විට මට දන්වන්න’ යනාදී ලෙස වක්රාකාර ව ඉදිරිපත් කිරීම නුඹලා කෙරෙහි වරදක් නැත. ඉද්දාවෙහි පසුවන කාන්තාවක් කෙරෙහි ඇයගේ ඉද්දා කාලය අවසන් වූ විට ඇය ව විවාහ කර ගැනීම පිළිබඳ ආශාවක් නුඹලාගේ සිත් තුළ සඟවා තැබීම නුඹලාට පවක් නැත. සැබැවින්ම නුඹලා ඔවුන් කෙරෙහි දැඩි ලෙස ප්රිය කරන බැවින් නුඹලා ඔවුන් මෙනෙහි කරන බව අල්ලාහ් දන්නේය. එහෙයින් තම කැමැත්ත ඍජු ව නොපවසා වක්රාකාරයෙන් ඒ ගැන දන්වා සිටීමට අනුමැතිය ඇත. ඇය ඉද්දා කාලයේ සිටින විට විවාහ කර ගැනීම සම්බන්ධයෙන් රහසිගත ව ඇයට ප්රතිඥා දීමෙන් වැළකී සිටිය යුතුයි. නමුත් එය යහපත් ප්රකාශයකින් ඉදිරිපත් කළ හැකිය. ඉද්දා කාලය තුළ විවාහ ගිවිසුම සිදු නොකළ යුතුය. නුඹලාට අනුමත කර ඇති දැයින් හෝ නුඹලාට තහනම් කර ඇති දැයින් කවර කරුණක් නුඹලාගේ සිත් තුළ සඟවාගෙන සිටියද සැබැවින්ම අල්ලාහ් එය දන්නේය. නුඹලා ඔහුගේ නියෝගයට එරෙහිව කටයුතු නොකරනු. සැබැවින්ම අල්ලාහ් තමන් වෙත පසුතැවිලි වී පාප සමාව අයැදින තම ගැත්තන්හට පාපක්ෂමාව පිරිනමන්නාය. දඬුවම ඉක්මන් නොකරන ඉවසිලිවන්තයාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• مشروعية العِدة على من توفي عنها زوجها بأن تمتنع عن الزينة والزواج مدة أربعة أشهر وعشرة أيام.
•මිය යෑමෙන් සැමියා අහිමි වූ කාන්තාව හැඩ අලංකාර කර ගැනීමෙන් හා විවාහයක් සිදු කර ගැනීමෙන් වැළකී ඉද්දා හෙවත් මාස හතරක් හා දින දහයක පොරොත්තු කාලයක් රැඳී සිටීම ආගමානුගත කොට ඇත.

• معرفة المؤمن باطلاع الله عليه تَحْمِلُه على الحذر منه تعالى والوقوف عند حدوده.
•තමන් දෙස අල්ලාහ් නිරීක්ෂණය කරමින් සිටින බව දේව විශ්වාසවන්තයා දැන සිටී. ඔහු(අල්ලාහ්)ගෙන් ප්රවේසම් ව සිටීමටත් ඔහුගේ සීමාවන් තුළ නතර වීමටත් උපකාර වනු ඇත.

• الحث على المعاملة بالمعروف بين الأزواج والأقارب، وأن يكون العفو والمسامحة أساس تعاملهم فيما بينهم.
•බිරියන් හා ඥාතීන් අතර යහපත් අයුරින් කටයුතු කිරීමට දිරි ගැන්වීම. ඔවුන් අතර කටයුතු කිරීමේදී මූලික වශයෙන් සමාව හා එකිනෙකාට ඉඩ දී කටයුතු කිරීම වැනි දෑ පිළිපදින මෙන් උනන්දු කරවීම.

 
የይዘት ትርጉም አንቀጽ: (235) ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት