የተከበረው ቁርአን መልዕክተ ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
241 : 2

وَلِلْمُطَلَّقٰتِ مَتَاعٌ بِالْمَعْرُوْفِ ؕ— حَقًّا عَلَی الْمُتَّقِیْنَ ۟

දික්කසාද කරනු ලැබූ කාන්තාවන්හට ඇඳුම් පැලදුම් හෝ මුදල් හෝ වෙනත් යම් දෙයක් හෝ ඔවුන් භුක්ති විදිනු පිණිස ලබා දිය යුතුය. එය දික්කසාදයෙන් ඔවුනට අත් වූ අඩු පාඩුව පිරවීමක් වශයෙනි. එමෙන්ම සැමියාගේ පොහොසත්කම හා දුප්පත්කම සැලකිල්ලට ගෙන එයට අනුකූල ව එය පිහිටිය යුතුයි. මෙම නීතිය අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහු කෙරෙහි බැතිමත් වන අය කෙරෙහි වූ ස්ථාවර වගකීමකි. info
التفاسير:
በዚህ ገፅ ያሉት አንቀፆች ከሚያስተላልፉት ጠቃሚ መልዕክት መካከል:
• الحث على المحافظة على الصلاة وأدائها تامة الأركان والشروط، فإن شق عليه صلَّى على ما تيسر له من الحال.
•සලාතය, එහි ඇති මූලිකාංග හා කොන්දේසි නිසි ලෙස පිළිපදිමින් සුරක්ෂිත ව ඉටු කිරීමට දිරි ගන්වයි. එසේ සලාතය ඉටු කිරීමට යම් අසීරුතාවක් ඔහුට ඇති වූ විටෙක ඔහුට පහසු අයුරින් පහසු ඉරියව්වක සලාතයට ඉටු කළ හැක. info

• رحمة الله تعالى بعباده ظاهرة، فقد بين لهم آياته أتم بيان للإفادة منها.
•අල්ලාහ් තම ගැත්තන්හට පෙන්වා ඇති දයාව හා කරුණාව විද්යාමානව පවතී. එයින් ප්රයෝජන ලබනු පිණිස ඔහුගේ එම සාධක පිළිබඳ ඔහු ඔවුනට පූර්ණ ලෙස පැහැදිලි කරයි. info

• أن الله تعالى قد يبتلي بعض عباده فيضيِّق عليهم الرزق، ويبتلي آخرين بسعة الرزق، وله في ذلك الحكمة البالغة.
•නියත වශයෙන්ම අල්ලාහ් ඇතැම් ගැත්තන්හට පෝෂණ සම්පත් සීමා කරමින් පරීක්ෂණයට ලක් කරයි. තවත් ඇතැමුන්ට පෝෂණ සම්පත් අධික ව ලබා දී පරීක්ෂණයට ලක් කරයි. එහි ගැඹුරු යථාර්ථය ඇත්තේ ඔහු සතු ව පමණය. info