Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (25) ምዕራፍ: አል-በቀራህ
وَبَشِّرِ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ اَنَّ لَهُمْ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ ؕ— كُلَّمَا رُزِقُوْا مِنْهَا مِنْ ثَمَرَةٍ رِّزْقًا ۙ— قَالُوْا هٰذَا الَّذِیْ رُزِقْنَا مِنْ قَبْلُ وَاُتُوْا بِهٖ مُتَشَابِهًا ؕ— وَلَهُمْ فِیْهَاۤ اَزْوَاجٌ مُّطَهَّرَةٌ وَّهُمْ فِیْهَا خٰلِدُوْنَ ۟
පෙර සඳහන් අවවාද දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට ඉදිරිපත් කොට දැන් නබිවරයා අමතා: අහෝ නබිවරය, අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රිය කළවුන් හට ඔවුන් සතුටු කරවන ස්වර්ග උයන් හා ස්වර්ග වෘක්ෂලතා යටින් ගංගා ගලා බස්නා උසන් ඇති බව ශුභාරංචි දන්වා සිටින්න. ආහාරය සඳහා ඔවුනට නැවුම් පළතුරු පිරිනමනු ලබන සෑම කල්හිම ඒවා මෙලොව පලතුරුවලට බෙහෙවින් සමාන වන බැවින් “මීට පෙර අප වෙත ආහාර වශයෙන් දෙනු ලැබූවේ මේ හා සමාන පලතුරු යැ”යි පවසනු ඇත. මෙලොව තමන් හඳුනා ගත් පළතුරු වර්ග අතුරින් හැඩයෙන් හා නාමයෙන් ඒවාට සමාන දෑ ඔවුනට පිළිගන්වනු ලැබේ. නමුත් ඒවා රසයෙන් හා සුවයෙන් විවිධය. ලෝ වැසියන් අතර හැඩ ගැන් වූ ස්වභාවික කිලිටිවලින් බැහැර වූ ද මිනිස් ආත්මයක් ස්පර්ශ නොකළා වූ ද එවන් සියලු අඩුපාඩුවලින් නිදොස් වූ කලත්රයන් ස්වර්ගයේ ඔවුනට ඇත. මෙලොව පවතින තාවකාලික සැපතට එහායින් ගිය නිමක් නැති සදා සැපත එහි ඔවුනට ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من كمال النعيم في الجنة أن ملذاتها لا يكدرها أي نوع من التنغيص، ولا يخالطها أي أذى.
•ස්වර්ගයේ ඇති පූර්ණ සැපත: එය භුක්ති විඳීමෙහි කිසිදු ආකාරයේ අඩුවක් ඇති වන්නේ නැත. එමෙන්ම එය කිලිටි හා මිශ්රවද නැත.

• الأمثال التي يضربها الله تعالى لا ينتفع بها إلا المؤمنون؛ لأنهم هم الذين يريدون الهداية بصدق، ويطلبونها بحق.
•අල්ලාහ් ගෙන හැර දක්වන උපමා ප්රයෝජනවත් වනුයේ දෙවියන් විශ්වාස කරන්නන්හට පමණි. එය ඔවුන් සැබෑ ලෙසින් යහමඟ ලබන්නට අපේක්ෂා කරන බැවින් හා සත්යය සොයන බැවිනි.

• من أبرز صفات الفاسقين نقضُ عهودهم مع الله ومع الخلق، وقطعُهُم لما أمر الله بوصله، وسعيُهُم بالفساد في الأرض.
•පාපතරයින්ගේ ගුණාංග අතුරින් බිහිසුණු ගුණාංග වනුයේ අල්ලාහ් සමග හා සෙසු මැවීම් සමග ඇති කරගත් ගිවිසුම් කඩකිරීම, සම්බන්ධකම් පැවැත්වීමට අල්ලාහ් නියෝග කර සිටි සම්බන්ධකම් බිඳ දැමීම හා මහපොළොවේ ප්රචණ්ඩත්වය පතුරවාලන්නට උත්සාහ දැරීම වේ.

• الأصل في الأشياء الإباحة والطهارة؛ لأن الله تعالى امتنَّ على عباده بأن خلق لهم كل ما في الأرض.
•සියලු දෑහී මූලික ස්වභාවය, අනුමතය හා පිරිසිදුය යන්නයි. ඊට හේතුව මහපොළොවේ ඇති සියලු දෑ තම ගැත්තන් වෙනුවෙන් මවා ඒවා ඔවුනට භුක්ති විඳින්නට අල්ලාහ් සලසා ඇති බැවිනි.

 
የይዘት ትርጉም አንቀጽ: (25) ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት