Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (251) ምዕራፍ: አል-በቀራህ
فَهَزَمُوْهُمْ بِاِذْنِ اللّٰهِ ۙ۫— وَقَتَلَ دَاوٗدُ جَالُوْتَ وَاٰتٰىهُ اللّٰهُ الْمُلْكَ وَالْحِكْمَةَ وَعَلَّمَهٗ مِمَّا یَشَآءُ ؕ— وَلَوْلَا دَفْعُ اللّٰهِ النَّاسَ بَعْضَهُمْ بِبَعْضٍ لَّفَسَدَتِ الْاَرْضُ وَلٰكِنَّ اللّٰهَ ذُوْ فَضْلٍ عَلَی الْعٰلَمِیْنَ ۟
අල්ලාහ්ගේ අනුමැතියෙන් ඔවුන් ඔවුන් ව පරාජයට පත් කළෝය. ඔවුන්ගේ සේනාධිපති ජාලූත් ව දාවූද් මරා දැමුවේය. අල්ලාහ් ඔහුට රාජ්ය බලය හා දේව දූතත්වය පිරිනැමීය. ඔහු අභිමත කරන සියලුම ආකාරයේ දැනුම ඔහුට ඉගැන්වීය. මෙලොව හා මතු ලොව විධිමත් කර ගන්නට අවශ්ය සියල්ල ඔහුට රැස් කර දුන්නේය. මෙසේ ඇතැම් ප්රචණ්ඩකාරී ජනයාට එරෙහි ව ප්රතිචාර දැක්වීම අල්ලාහ්ගේ පිළිවෙතක් නොවී නම් අපරාධකරුවන්ගේ ග්රහණයට මහපොළොව ලක් වී එය ව්යසනයට පත් වනු ඇත. නමුත් අල්ලාහ් සියලු මැවීම් කෙරෙහි භාග්යය සම්පන්නය. ත්යාගශීලීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من حكمة القائد أن يُعرِّض جيشه لأنواع الاختبارات التي يتميز بها جنوده ويعرف الثابت من غيره.
•සේනාධිපතියෙකු තම සේනාව වෙන් කර නිවැරදි ව හඳුනා ගැනීම සඳහා විවිධ පරීක්ෂාවන්ට එම සේනාව ලක් කිරීම ඔහුගේ විචක්ෂණ බුද්ධියේ හරයයි.

• العبرة في النصر ليست بمجرد كثرة العدد والعدة فقط، وإنما معونة الله وتوفيقه أعظم الأسباب للنصر والظَّفَر.
•ජයග්රහණය පිළිබඳ පාඩමක්. සැබැවින්ම ජයග්රහණය යනු ප්රමාණය හා සංඛ්යාව පදනම් කර ගෙන පමණක් හිමි වන්නක් නොවේ. ජයග්රහණයට බලවත්ම සාධකය වනුයේ අල්ලාහ්ගේ උපකාරය හා ඔහුගේ ආශිර්වාදයයි.

• لا يثبت عند الفتن والشدائد إلا من عَمَرَ اليقينُ بالله قلوبَهم، فمثل أولئك يصبرون عند كل محنة، ويثبتون عند كل بلاء.
•අල්ලාහ් පිළිබඳ දැඩි විශ්වාසය තම සිත් තුළ ගොඩ නගා ගත් අයහට පමණක් මිස වෙනත් කිසිෙවෙකුට දුෂ්කර හා පීඩිත අවස්ථාවන්වලදී ස්ථාවර ව සිටිය නොහැක. පරීක්ෂණයන්ට ලක්වන සෑම අවස්ථාවකම ඔවුන් ඉවසීමෙන් කටයුතු කරති. සෑම දුෂ්කර අවස්ථාවකම නොසැලී සිටිති.

• الضراعة إلى الله تعالى بقلب صادق متعلق به من أعظم أسباب إجابة الدعاء، ولا سيما في مواطن القتال.
•සැබෑ හදවතකින් යුතු ව අල්ලාහ් සමග බැඳුණු සම්බන්ධකම්, ඔහු වෙත කෙරෙන බැගෑපත් වීම් යනාදිය ප්රාර්ථනාව පිළිගනු ලැබීමට හේතු වන බලවත් සාධක වන්නේය. විශේෂයෙන්ම යුදමය අවස්ථාවන්හි එසේ පිළිපැදිය යුතු ව ඇත.

• من سُنَّة الله تعالى وحكمته أن يدفع شر بعض الخلق وفسادهم في الأرض ببعضهم.
•මහපොළොවේ ඇතැමුන් විසින් සිදු කරන කලහකාරී හා ප්රචණ්ඩකාරී ක්රියාවන්, තවත් ඇතැමුන් විසින් මැඩ පැවැත්වීම අල්ලාහ්ගේ පිළිවෙතකි. එමෙන්ම ඔහුගේ අනුදැනුමෙන් වූවකි.

 
የይዘት ትርጉም አንቀጽ: (251) ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት