Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (61) ምዕራፍ: አል-በቀራህ
وَاِذْ قُلْتُمْ یٰمُوْسٰی لَنْ نَّصْبِرَ عَلٰی طَعَامٍ وَّاحِدٍ فَادْعُ لَنَا رَبَّكَ یُخْرِجْ لَنَا مِمَّا تُنْۢبِتُ الْاَرْضُ مِنْ بَقْلِهَا وَقِثَّآىِٕهَا وَفُوْمِهَا وَعَدَسِهَا وَبَصَلِهَا ؕ— قَالَ اَتَسْتَبْدِلُوْنَ الَّذِیْ هُوَ اَدْنٰی بِالَّذِیْ هُوَ خَیْرٌ ؕ— اِهْبِطُوْا مِصْرًا فَاِنَّ لَكُمْ مَّا سَاَلْتُمْ ؕ— وَضُرِبَتْ عَلَیْهِمُ الذِّلَّةُ وَالْمَسْكَنَةُ وَبَآءُوْ بِغَضَبٍ مِّنَ اللّٰهِ ؕ— ذٰلِكَ بِاَنَّهُمْ كَانُوْا یَكْفُرُوْنَ بِاٰیٰتِ اللّٰهِ وَیَقْتُلُوْنَ النَّبِیّٖنَ بِغَیْرِ الْحَقِّ ؕ— ذٰلِكَ بِمَا عَصَوْا وَّكَانُوْا یَعْتَدُوْنَ ۟۠
නුඹලා නුඹලාගේ පරමාධිපතිගේ තවත් ආශිර්වාදයක් ප්රතික්ෂේප කළ අවස්ථාව ද මෙනෙහි කර බලනු. නුඹලා වෙත පහළ කළ ‘මන්නු’ ‘සල්වා’ යන ආහාරයෙන් ඉවත් ව, ‘වෙනස් නොවන එකම ජාතියේ ආහාරයක් මත අපට ඉවසා සිටිය නොහැකැ’යි පවසා මහපොළොවෙන් හට ගැන්වෙන පලා වර්ග කැකිරි ධාන්ය සුදු ලූනු පරිප්පු හා ලූනු වැනි ආහාර වර්ග අප වෙනුවෙන් මතු කරන්නැ යි අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කරන මෙන් මූසාගෙන් නුඹලා ඉල්ලා සිටියෙහුය. එවිට මූසා පිළිකුලෙන් යුතුව වඩාත් උතුම් යහපත් ‘මන්නු සල්වා’ යන මෙම ආහාරය වෙනුවට නුඹලා පතන ඉතා පහත් හා අඩුපාඩු ඇති දෑ ප්රාර්ථනා කරන්නට නුඹලා මගෙන් ඉල්ලා සිටින්නෙහුද? සැබැවින්ම එය කිසිදු මහන්සියකින් හෝ ශ්රමයකින් තොරව නුඹලා වෙත පැමිණෙමින් තිබිණ. එසේ නම් නුඹලා මෙම භූමියෙන් පිටත්ව ගොස් නිශ්චිත ගම්මානය වෙත යනු. ඒවිට නුඹලා පතන ගොවිබිම් හා කඩසාප්පු එහි නුඹලාට දැක ගත හැක. ඔවුන්ගේ ආශාවන් ඔවුන් අනුගමනය කොට, අල්ලාහ් ඔවුනට තෝරාදුන් දෑ නිතර ප්රතික්ෂේප කරමින් සිටි බැවින් ඔවුනට අවමානය දිළිඳුකම හා දුක නියම විය. ඔවුන් ඔවුන්ගේ දහමට පිටුපෑ හේතුවෙන් ද, අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළ හේතුවෙන් ද කිසිදු සාධාරණ හේතුවකින් තොරව නිරපරාධී ලෙස හා සතුරුකමින් අල්ලාහ්ගේ නබිවරුන් ඝාතනය කළ හේතුවෙන් ද අල්ලාහ්ගේ කෝපය සමඟ ඔවුන් ඒ වෙත හැරී ගියහ. මේ සියලු හේතූන් සිදුවූයේ සැබැවින්ම ඔවුන් අල්ලාහ්ට පිටුපා ඔහුගේ සීමාවන් නොතකා ඉන් ඉක්මවා ගිය බැවිනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• كل من يتلاعب بنصوص الشرع ويحرّفها فيه شَبَهٌ من اليهود، وهو مُتوعَّد بعقوبة الله تعالى.
• මූලික ආගමික පිළිවෙත් තුළ විහිළු කරන, ඒවා විකෘති කරන සෑම කෙනෙක්ම යුදෙව්වන්ට සමානය. ඔවුනට අල්ලාහ්ගේ දඬුවම නියමිත බව ප්රතිඥා දී ඇත.

• عِظَمُ فضل الله تعالى على بني إسرائيل، وفي مقابل ذلك شدة جحودهم وعنادهم وإعراضهم عن الله وشرعه.
• අල්ලාහ් ඉස්රාඊල් දරුවන් වෙත පිරිනමා තිබූ මහත් ආශිර්වාද, ඔවුන්ගේ ප්රතික්ෂේපය ඔවුන්ගේ දඬබ්බරකම හා අල්ලාහ්ගේ ෂරීආ පිළිවෙතට පිටුපෑම යනාදී අවස්ථාවන්වල ඔවුනට මුහුණ පෑමට සිදු වූ අයුරු.

• أن من شؤم المعاصي وتجاوز حدود الله تعالى ما ينزل بالمرء من الذل والهوان، وتسلط الأعداء عليه.
• අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගිය පවුකාරයාගේ ඉරණම ඔහු මත අපහාසය හා අවමානය පහළ වීමය. එමෙන්ම එම පව්කාරයා මත බලය දරන සතුරන් ඔහු ඇති කරනු ඇත.

 
የይዘት ትርጉም አንቀጽ: (61) ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት