Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (85) ምዕራፍ: አል-በቀራህ
ثُمَّ اَنْتُمْ هٰۤؤُلَآءِ تَقْتُلُوْنَ اَنْفُسَكُمْ وَتُخْرِجُوْنَ فَرِیْقًا مِّنْكُمْ مِّنْ دِیَارِهِمْ ؗ— تَظٰهَرُوْنَ عَلَیْهِمْ بِالْاِثْمِ وَالْعُدْوَانِ ؕ— وَاِنْ یَّاْتُوْكُمْ اُسٰرٰی تُفٰدُوْهُمْ وَهُوَ مُحَرَّمٌ عَلَیْكُمْ اِخْرَاجُهُمْ ؕ— اَفَتُؤْمِنُوْنَ بِبَعْضِ الْكِتٰبِ وَتَكْفُرُوْنَ بِبَعْضٍ ۚ— فَمَا جَزَآءُ مَنْ یَّفْعَلُ ذٰلِكَ مِنْكُمْ اِلَّا خِزْیٌ فِی الْحَیٰوةِ الدُّنْیَا ۚ— وَیَوْمَ الْقِیٰمَةِ یُرَدُّوْنَ اِلٰۤی اَشَدِّ الْعَذَابِ ؕ— وَمَا اللّٰهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُوْنَ ۟
නමුත්, පසුව නුඹලා එම ගිවිසුමට විරුද්ධව කටයුතු කළෙහුය. නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුව ඝාතණය කළෙහුය. සාපරාධී ලෙසින් හා සතුරුකමින් ඇතැමෙකුට එරෙහිව තවත් පිරිසකට උදව් කරමින් නුඹලා අතර වූ පිරිසක් තවත් පිරිසක් ඔවුන්ගේ නිවෙස්වලින් බැහැර කළෙහුය. ඔවුන්ගේ නිවෙස්වලින් ඔවුන්ව පිටුවහල්කිරීම නුඹලාට තහනම්ව තිබිය දී සතුරන් අතට පත් සිරකරුවන් නුඹලා වෙත පැමිණි විට ඔවුන්ගේ සිරකරුවන් ඔවුන් මුදවා හරිනු පිණිස වන්දි ලබා දීමට නුඹලා වෑයම් කළෙහුය. එසේ නම් තව්රාතයේ සඳහන් ‘සිරකරුවන්ට වන්දි ලබාදීම අනිවාර්ය’ යනාදී කරණු නුඹලා විශ්වාස කොට ලේ හැළීමෙන් වැළකෙනු නිවෙස්වලින් බැහැර කිරීමෙන් වැළකෙනු යනාදී තව්රාතයේ සඳහන් ඇතැම් කරුණු නුඹලා ප්රතික්ෂේප කරන්නෙහුය. නුඹලා අතර එසේ සිදු කරන අයට අවමානය මිස වෙන කිසිවක් මෙලොව ජීවිතයේ දී නැත. මතුලොවෙහි දැඩි දඬුවම වෙත ඔහු යොමු කරනු ලැබේ. නුඹලා සිදු කරමින් සිටින දෑ පිළිබඳ අල්ලාහ් අනවධානියකු නොවේ. ඒ ගැන ඔහු නිරීක්ෂාවෙන් සිටියි. ඒ අනුව නුඹලාට ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من أعظم الكفر: الإيمان ببعض ما أنزل الله والكفر ببعضه؛ لأن فاعل ذلك قد جعل إلهه هواه.
දෙවියන් ප්රතික්ෂේප කිරීමේ බරපතලම කරුණු අතරින් එකක් වනුයේ ඔහු පහළ කළ දැයින් කොටසක් විශ්වාස කොට තවත් කොටසක් ප්රතික්ෂේප කිරීමය. හේතුව එසේ සිදු කරන්නා තම ආශාවන් තම දෙවියන් බවට පත් කරගෙන ඇති බැවිනි.

• عِظَم ما بلغه اليهود من العناد، واتباع الهوى، والتلاعب بما أنزل الله تعالى.
• හිතුවක්කාරකම, ආශාවන්ට වහල්වීම, අල්ලාහ් පහළ කළ දෑහි සෙල්ලම් කිරීම වැනි කරුණු තුළින් ඔවුන් උපයාගත් දෑ අති බිහිසුණුය.

• فضل الله تعالى ورحمته بخلقه، حيث تابع عليهم إرسال الرسل وإنزال الكتب لهدايتهم للرشاد.
• ඍජු මග ලබන්නට තම මැවීම්වලට මග පෙන්වීම, ඔවුන් වෙත දේව පුස්තක හා දහම් දූතවරුන් පහළ කිරීම වැනි ආශිර්වාද තුළින් අල්ලාහ් තම මැවීම් වෙත දක්වා ඇති කරුණාව.

• أن الله يعاقب المعرضين عن الهدى المعاندين لأوامره بالطبع على قلوبهم وطردهم من رحمته؛ فلا يهتدون إلى الحق، ولا يعملون به.
• අල්ලාහ්ගේ නියෝග හිතුවක්කාර ලෙස පැහැර හරින යහමග පිටු දකින ජනයාහට, ඔවුන්ගේ හදවත් මුද්රා කොට තම කරුණාවෙන් නෙරපා හැර අල්ලාහ් ඔවුනට දඬුවම් කරනු ඇත. එවිට ඔවුන් සත්යය වෙත මඟ පෙන්වනු නොලබති. එමෙන්ම ඔවුන් එය වටහා ගන්නේ ද නැත.

 
የይዘት ትርጉም አንቀጽ: (85) ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት