የተከበረው ቁርአን መልዕክተ ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

ገፅ ቁጥር:close

external-link copy
89 : 27

مَنْ جَآءَ بِالْحَسَنَةِ فَلَهٗ خَیْرٌ مِّنْهَا ۚ— وَهُمْ مِّنْ فَزَعٍ یَّوْمَىِٕذٍ اٰمِنُوْنَ ۟

දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් සමග කවරෙකු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පැමිණෙන්නේ ද ඔහුට ස්වර්ගය ඇත. ඔවුහු වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින තැතිගැන්මෙන් අල්ලාහ් ආරක්ෂාව සලසා එමගින් සුරක්ෂිතභාවය ලබන්නෝ වෙති. info
التفاسير:

external-link copy
90 : 27

وَمَنْ جَآءَ بِالسَّیِّئَةِ فَكُبَّتْ وُجُوْهُهُمْ فِی النَّارِ ؕ— هَلْ تُجْزَوْنَ اِلَّا مَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟

කවරෙකු දේව ප්රතික්ෂේපය හා පාපකම් සමග පැමිණෙන්නේ ද ඔවුනට අපා ගින්න ඇත. ඔවුන් මුණිනතට පෙරළා එහි හෙළනු ලබති. ඔවුනට අපහාස කරමින් මෙසේ පවසනු ලැබේ. "දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් මෙලොව නුඹලා කරමින් සිටී දෑ ට මිස වෙනත් කිසිවකට ප්රතිවිපාක පිරිනමනු ලැබනු ඇත් ද?" info
التفاسير:

external-link copy
91 : 27

اِنَّمَاۤ اُمِرْتُ اَنْ اَعْبُدَ رَبَّ هٰذِهِ الْبَلْدَةِ الَّذِیْ حَرَّمَهَا وَلَهٗ كُلُّ شَیْءٍ ؗ— وَّاُمِرْتُ اَنْ اَكُوْنَ مِنَ الْمُسْلِمِیْنَ ۟ۙ

අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. 'සැබවින්ම මම අණ කරනු ලැබුවේ, අල්ලාහ් සුවිශුද්ධ කළ, එහි ප්රාණ ඝාතනය තහනම් කරන ලද, කිසිවකුට අපරාධයක් සිදු කරනු නොලබන, එහි දඩයම් කර සතුන් මරා නොදමන, එහි ගස් කපා නොහරින මක්කාවේ හිමිපාණන්ට නැමදුම් කිරීමටය. සියලු දෑ හි ආධිපත්යය ඔහු සතුය. අල්ලාහ්ට අවනත වී යටත් වන, ඔහු වෙනුවෙන් අවනතවන්නන් අතරින් මා ද වීමට මම අණ කරනු ලැබුවෙමි.' info
التفاسير:

external-link copy
92 : 27

وَاَنْ اَتْلُوَا الْقُرْاٰنَ ۚ— فَمَنِ اهْتَدٰی فَاِنَّمَا یَهْتَدِیْ لِنَفْسِهٖ ۚ— وَمَنْ ضَلَّ فَقُلْ اِنَّمَاۤ اَنَا مِنَ الْمُنْذِرِیْنَ ۟

මිනිසුන් වෙත අල් කුර්ආනය කියවා පෙන්වීමටත් මම අණ කරනු ලැබුවෙමි. එහෙයින් කවරෙකු එම මග පෙන්වීම තුළින් යහ මග ලබා, එහි ඇති දෑ අනුව කටයුතු කළේ ද එවිට ඔහුගේ මග පෙන්වීම ඔහුට ප්රයෝජනවත් වනු ඇත. තවද කවරෙකු නොමග ගොස් එයින් හැරී, එය හෙළා දැක, එහි ඇති දෑ අනුව කටයුතු නොකළේ ද එවිට නුඹ ඔවුනට සැබවින්ම "මම නුඹලාට අල්ලාහ්ගේ දඬුවම ගැන අවවාද කරන්නන් අතරින් කෙනෙකු වෙමි. නුඹලාගේ යහ මග මාගේ අතේ නැත" යැයි පවසනු. info
التفاسير:

external-link copy
93 : 27

وَقُلِ الْحَمْدُ لِلّٰهِ سَیُرِیْكُمْ اٰیٰتِهٖ فَتَعْرِفُوْنَهَا ؕ— وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُوْنَ ۟۠

අහෝ දූතය! ගණන් කළ නොහැකි අල්ලාහ්ගේ ආශිර්වාද සඳහා ඔහුටමය ප්රශංසා! නුඹලා තුළ ද, අහස් හා මහ පොළොව තුළ ද, නුඹලාගේ පෝෂණය තුළ ද ඔහුගේ සංඥාවන් ඔහු නුඹලාට පෙන්වනු ඇත. එවිට සත්ය වෙත කෙරෙන ඇරයුම වෙත නුඹලා මග ලබන දැනුම නුඹලා හඳුනා ගනු ඇත. නුඹලා සිදු කරන දෑ පිළිබඳව නුඹගේ පරමාධිපති අනවධානියෙකු නොවේ. ඔහු ඒ දෙස බලා සිටියි. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට මතු ප්රතිඵල පිරිනමනු ඇත. info
التفاسير:
በዚህ ገፅ ያሉት አንቀፆች ከሚያስተላልፉት ጠቃሚ መልዕክት መካከል:
• الإيمان والعمل الصالح سببا النجاة من الفزع يوم القيامة.
•දේව විශ්වාසය හා දැහැමි ක්රියාව වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තැති ගැන්මෙන් ආරක්ෂාවීමට හේතු වන සාධක දෙකකි. info

• الكفر والعصيان سبب في دخول النار.
•දේව ප්රතික්ෂේපය හා පිටුපෑම නිරයට පිවිසීමට හේතුවකි. info

• تحريم القتل والظلم والصيد في الحرم.
•හරම් හෙවත් ශුද්ධ සීමාව තුළ ඝාතනය අපාරාධය හා දඬයම තහනම් කිරීම. info

• النصر والتمكين عاقبة المؤمنين.
•ජය හා පහසුකම් ලැබීම දේව විශ්වාසීන්ගේ අවසන් ප්රතිඵලයයි. info