የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (40) ምዕራፍ: ሱረቱ አን ነምል
قَالَ الَّذِیْ عِنْدَهٗ عِلْمٌ مِّنَ الْكِتٰبِ اَنَا اٰتِیْكَ بِهٖ قَبْلَ اَنْ یَّرْتَدَّ اِلَیْكَ طَرْفُكَ ؕ— فَلَمَّا رَاٰهُ مُسْتَقِرًّا عِنْدَهٗ قَالَ هٰذَا مِنْ فَضْلِ رَبِّیْ ۫— لِیَبْلُوَنِیْۤ ءَاَشْكُرُ اَمْ اَكْفُرُ ؕ— وَمَنْ شَكَرَ فَاِنَّمَا یَشْكُرُ لِنَفْسِهٖ ۚ— وَمَنْ كَفَرَ فَاِنَّ رَبِّیْ غَنِیٌّ كَرِیْمٌ ۟
සුලෙයිමාන් ළඟ සිටි දිව්ය පුස්තකය පිළිබඳ දැනුම තිබූ අල්ලාහ්ගේ අතිමහත් නාමය යෙදුනු, විද්වත් දැහැමි පුද්ගලයකු ඒ සඳහා ඇරයුම් කරනු ලැබූ විට එයට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය. "ඔබ ඇසිපිලි ගසන්නට මත්තෙන් ඇයගේ ආසනය මම ඔබ වෙ ගෙන එමි. එය මා අල්ලාහ්ට ඇරයුම් කිරීමෙනි." එවිට ඔහු ඉදිරියට පැමිණ ප්රාර්ථනා කළේය. ඔහුගේ ප්රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දුන්නේය. සුලෙයිමාන් තුමා ඇයගේ ආසනය ඔහු අසල තිබෙනු දුටු කල්හි, ඔහු,"මෙය මාගේ සුවිශුද්ධයාණන් වූ පරමාධිපතිගේ භාග්යයකි. ඔහුගේ ආශිර්වාදයට මා කෘත ගුණ සලකන්නේද එසේ නැතහොත් එය ප්රතික්ෂේප කරන්නේ දැ?යි ඔහු මා පරීක්ෂණය කරනු පිණිසය? කවරෙකු අල්ලාහ්ට කෘතඥ වන්නේ ද සැබවින්ම එම කෘතඥතාවයේ ඵලය ඔහු වෙත නැවත හැරී එනු ඇත. අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොරය. ගැත්තන් කෘතඥවීම ඔහුට කිසිවක් වැඩි කරන්නේ නැත. කවරෙකු අල්ලාහ්ගේ ආශිර්වාදය ප්රතික්ෂේප කොට එයට ගුණමකු වන්නේ ද සැබවින්ම මාගේ පරමාධිපති ඔහුගේ කෘතඥාභාවය ගැන අවශ්යතාවන්ගෙන් තොරය. ඒවා ප්රතික්ෂේප කරන්නන් හටත් දායාද කිරීම ඔහුගේ ත්යාගශීලී භාවයකි." යැයි පැවසීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عزة الإيمان تحصّن المؤمن من التأثر بحطام الدنيا.
•මෙලොව පවතින අල්ප වස්තුවෙන් ඇති වන බලපෑමෙන් දේව විශ්වාසයේ මහිමය, දේව විශ්වාසියා ව ආරක්ෂා කරයි.

• الفرح بالماديات والركون إليها صفة من صفات الكفار.
•භෞතික වස්තු පිළිබඳ සතුටු වීම ඒ වෙත රැඳී සිටීම දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග අතරින් වූවකි.

• يقظة شعور المؤمن تجاه نعم الله.
•අල්ලාහ්ගේ ආශිර්වාදයන් වෙත දේව විශ්වාසියාගේ හැඟීම් අවදි කරවීම.

• اختبار ذكاء الخصم بغية التعامل معه بما يناسبه.
•ප්රතිවාදියාගේ බුද්ධිය පරීක්ෂා කිරීම, ඔහුට ගැළපෙන පරිදි ඔහු සමග ගනු දෙනු කිරීමකින් විය යුතුය.

• إبراز التفوق على الخصم للتأثير فيه.
•ප්රතිවාදියාට බලපෑමක් ඇති කිරීම සඳහා ඔහුට වඩා උසස් බවක් ඔහුට පෙන්වීම.

 
የይዘት ትርጉም አንቀጽ: (40) ምዕራፍ: ሱረቱ አን ነምል
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት