የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (49) ምዕራፍ: ሱረቱ አል አሕዛብ
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِذَا نَكَحْتُمُ الْمُؤْمِنٰتِ ثُمَّ طَلَّقْتُمُوْهُنَّ مِنْ قَبْلِ اَنْ تَمَسُّوْهُنَّ فَمَا لَكُمْ عَلَیْهِنَّ مِنْ عِدَّةٍ تَعْتَدُّوْنَهَا ۚ— فَمَتِّعُوْهُنَّ وَسَرِّحُوْهُنَّ سَرَاحًا جَمِیْلًا ۟
අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට දහම් ගත කළ දෑ අනුව කටයුතු කළවුනි! නුඹලා දේව විශ්වාසී කාන්තාවන් සමග විවාහ ගිවිස ගත් පසු ව ඔවුන් සමග ලිංගික ව එකතු වීමට පෙර නුඹලා ඔවුන් දික්කසාද කළෙහු නම්, නුඹලා වෙනුවෙන් මාස ගණන් හෝ වේවා වාර ගණන් හෝ වේවා ඔවුන් පොරොත්තු කාලයක් අපේක්ෂාවෙන් සිටීම ඔවුනට අවශ්ය වන්නේ නැත. ඊට හේතුව ඔවුන් සමග නුඹලා ලිංගිකව එක් නොවූ හේතුවෙන් ඔවුන්ගේ ගර්භාෂයන් නිදොස් බව දන්නා හෙයිනි. තවද භුක්තිය සඳහා නුඹලාගේ හැකියාවට අනුව නුඹලාගේ ධනයෙන් වන්දියක් දෙනු. එය දික්කසාද කළ හේතුවෙන් ඔවුන් මත කඩා වැටුනු වරද පිරවීමක් පිණිසය. ඔවුනට කිසිදු හිංසාවක් සිදු නොකර ඔවුන්ගේ පවුල වෙත සේන්දු වන්නට ඔවුන්ගේ මාර්ගය අත් හරිනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الصبر على الأذى من صفات الداعية الناجح.
•පීඩාවන් මත ඉවසීමේ ගුණාංගය සාර්ථක ඇරයුම් කරන්නෙකුගේ ගුණාංග අතරට ඇතුළත් වේ.

• يُنْدَب للزوج أن يعطي مطلقته قبل الدخول بها بعض المال جبرًا لخاطرها.
•ලිංගිකව එකතු වීමට පෙර සැමියා විසින් දික්කසාද කරනු ලැබූ කාන්තාවට, ඇයට අත් වූ අවදානම් තත්ත්වයට වන්දියක් වශයෙන් කිසියම් සම්පතක් පිරිනැමීම සැමියා කෙරෙහි පවරනු ලැබ ඇත.

• خصوصية النبي صلى الله عليه وسلم بجواز نكاح الهبة، وإن لم يحدث منه.
•ත්යාග වශයෙන් පිරිනමන ලැබූ කාන්තාවන් - එය ඔහු විසින් සිදු නොවූව ද - විවාහ කර ගැනීමේ අනුමැතිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට පමණක් සුවිශේෂී වූ කටයුත්තකි.

 
የይዘት ትርጉም አንቀጽ: (49) ምዕራፍ: ሱረቱ አል አሕዛብ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት