የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (6) ምዕራፍ: ሱረቱ አል አሕዛብ
اَلنَّبِیُّ اَوْلٰی بِالْمُؤْمِنِیْنَ مِنْ اَنْفُسِهِمْ وَاَزْوَاجُهٗۤ اُمَّهٰتُهُمْ ؕ— وَاُولُوا الْاَرْحَامِ بَعْضُهُمْ اَوْلٰی بِبَعْضٍ فِیْ كِتٰبِ اللّٰهِ مِنَ الْمُؤْمِنِیْنَ وَالْمُهٰجِرِیْنَ اِلَّاۤ اَنْ تَفْعَلُوْۤا اِلٰۤی اَوْلِیٰٓىِٕكُمْ مَّعْرُوْفًا ؕ— كَانَ ذٰلِكَ فِی الْكِتٰبِ مَسْطُوْرًا ۟
නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දේවත්වය විශ්වාස කරන්නන් කවර කරුණක් වෙත ඇරයුම් කරමින් සිටියේ ද ඔවුන්ගේ ආත්මාවන් ඒ හැර වෙනත් දෑ වෙත නැඹුරු වුවද එම විෂයයන්හි ඔවුන්ගේ ආත්මාවන් පිළිබඳ එතුමාණන් වඩාත් උරුමය ඇත්තාය. එතුමාගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) බිරින්දෑවරු සියලුම දේවත්වය විශ්වාස කරන්නන් සඳහා මව්වරුන්ගේ ස්ථානයේ සිටිති. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා අභාවයට පත් වූ පසු ව දේවත්වය විශ්වාස කරන කවරෙකු විසින් හෝ ඔවුන්ගෙන් එක් තැනැත්තියක් හෝ විවාහ කර ගැනීම තහනම් වන්නේය. ඉස්ලාමය ආරම්භයේ තමන් අතර උරුමකම් පාමින් සිටි දෙවියන් විශ්වාස කළ අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම ගිය අයවලුන් අතරින් අල්ලාහ්ගේ තීන්දුව අනුව ලේ ඥාතීත්වය ඇත්තෝ එකිනෙකා උරුමකම් පෑමට වාඩාත් සුදුස්සෝ වූවෝය. ඉන් පසුව ඔවුන්ගේ උරුමකම් පෑමේ නීතිය වෙනස් කරනු ලැබීය. අහෝ දේවත්වය විශ්වාස කළවුනි! එනමුත් උරුමය නොමැති ව නුඹලාගේ හිතමිතුරන් වෙත ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කිරීමේ හා ඔවුන් සමග සම්බන්ධකම් පැවැත්වීමේ අපේක්ෂාවෙන් එසේ කටයුතු කරන්නේ නම් ඒ සඳහා නුඹලාට අනුමැතිය ඇත. මෙම නීතිය ‘ලව්හුල් මහ්ෆූල්’ නම් සටහන් පුවරුවේ පේළිවල විය. ඒ අනුව කටයුතු කිරීම අනිවාර්යය වන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• لا أحد أكبر من أن يُؤْمر بالمعروف ويُنْهى عن المنكر.
•යහපත නියෝග කර අයහපතින් වළක්වාලන අයට වඩා ශ්රේෂ්ඨ වෙනත් අයකු නැත.

• رفع المؤاخذة بالخطأ عن هذه الأمة.
•සිදුවන අත්වැරදි ග්රහණය කිරීම මෙම සමූහයාගෙන් ඉවත් කර ඇත.

• وجوب تقديم مراد النبي صلى الله عليه وسلم على مراد الأنفس.
• ආත්මාවල අභිප්රායන්ට වඩා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අභිප්රායන්ට මුල්තැන දීමේ අනිවාර්යභාවය.

• بيان علو مكانة أزواج النبي صلى الله عليه وسلم، وحرمة نكاحهنَّ من بعده؛ لأنهن أمهات للمؤمنين.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරින්දෑවරුන්ගේ නිලයේ උසස්භාවය විස්තර කිරීම. එතුමාගෙන් පසු ව ඔවුන් විවාහ කර ගැනීමේ තහනම. ඊට හේතුව සැබැවින්ම ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන්ගේ මව්වරුන් වන බැවිණි.

 
የይዘት ትርጉም አንቀጽ: (6) ምዕራፍ: ሱረቱ አል አሕዛብ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት