Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (38) ምዕራፍ: አዝ ዙመር
وَلَىِٕنْ سَاَلْتَهُمْ مَّنْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ لَیَقُوْلُنَّ اللّٰهُ ؕ— قُلْ اَفَرَءَیْتُمْ مَّا تَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ اِنْ اَرَادَنِیَ اللّٰهُ بِضُرٍّ هَلْ هُنَّ كٰشِفٰتُ ضُرِّهٖۤ اَوْ اَرَادَنِیْ بِرَحْمَةٍ هَلْ هُنَّ مُمْسِكٰتُ رَحْمَتِهٖ ؕ— قُلْ حَسْبِیَ اللّٰهُ ؕ— عَلَیْهِ یَتَوَكَّلُ الْمُتَوَكِّلُوْنَ ۟
අහෝ දූතය! මෙම ආදේශකයින්ගෙන්, "අහස් හා මහ පොළොව මැව්වේ කවුරුන්දැ?"යි නුඹ විමසා සිටියෙහි නම්, ඔවුන්, ‘සැබවින්ම ඒවා මැව්වේ අල්ලාහ් වේ.’ යැයි පවසනු ඇත. ඔවුන්ගේ දෙවිවරුන්ගේ නොහැකියා ව හෙළිදරව් කරනු පිණිස නුඹ ඔවුන්ගෙන් මෙසේ විමසනු. "අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටින එම පිළිම පිළිබඳ නුඹලා මට දන්වනු. අල්ලාහ් මට නපුරක් සිදු කරන්නට අපේක්ෂා කළේ නම් එම නපුර මගෙන් ඉවත් කරන්නට ඒවාට හැකි ද? එසේ නැතහොත් මාගේ පරමාධිපති ඔහුගෙන් වූ ආශිර්වාදයක් මට පිරිනැමීමට අපේක්ෂා කළේ නම් ඔහුගේ ආශිර්වාදය මගෙන් වළක්වන්නට ඔවුනට හැකි ද?" ඔවුනට මෙසේ පවසනු. ‘මට අල්ලාහ් පමණක් ප්රමාණවත්ය. මාගේ සියලුම කටයුතු වලදී මම අල්ලාහ් මත පමණක් භාරකර විශ්වාසය තබමි. භාර කරන්නන් ඔහු මත ම සියල්ල භාර කරති."
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عظم خطورة الافتراء على الله ونسبة ما لا يليق به أو بشرعه له سبحانه.
•අල්ලාහ් මත බොරු ගෙතීම හා ඔහුට හෝ ඔහු සතු පිළිවෙතට නොගැළපෙන දෙයක් ආරෝපණය කිරීම යන වරදෙහි බරපතළකම.

• ثبوت حفظ الله للرسول صلى الله عليه وسلم أن يصيبه أعداؤه بسوء.
• අල්ලාහ්ගේ දූත (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට එතුමාගේ සතුරන්ගෙන් යම් නපුරක් ඇති වීමෙන් අල්ලාහ් එතුමාට ආරක්ෂාව සලසන බවට තහවුරු කිරීම.

• الإقرار بتوحيد الربوبية فقط بغير توحيد الألوهية، لا ينجي صاحبه من عذاب النار.
•දේවත්වයේ ඒකීයත්වය පිළිගැනීමෙන් තොර ව පරිපාලනයේ ඒකීයත්වය පමණක් පිළිගැනීම ඊට අදාළ පුද්ගලයාව නිරයේ දඬුවමින් ආරක්ෂා කරන්නේ නැත.

 
የይዘት ትርጉም አንቀጽ: (38) ምዕራፍ: አዝ ዙመር
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት