የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (7) ምዕራፍ: ሱረቱ አዝ ዙመር
اِنْ تَكْفُرُوْا فَاِنَّ اللّٰهَ غَنِیٌّ عَنْكُمْ ۫— وَلَا یَرْضٰی لِعِبَادِهِ الْكُفْرَ ۚ— وَاِنْ تَشْكُرُوْا یَرْضَهُ لَكُمْ ؕ— وَلَا تَزِرُ وَازِرَةٌ وِّزْرَ اُخْرٰی ؕ— ثُمَّ اِلٰی رَبِّكُمْ مَّرْجِعُكُمْ فَیُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ؕ— اِنَّهٗ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟
අහෝ ජනයිනි! නුඹලා නුඹලාගේ පරමාධිපති ව ප්රතික්ෂේප කළේ නම්, සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ විශ්වාසය ගැන අවශ්යතාවෙන් තොර බව දැනගත යුතුය. නුඹලාගේ ප්රතික්ෂේපය ඔහුට හානියක් සිදු නොකරයි. සැබවින්ම නුඹලාගේ ප්රතික්ෂේපයේ හානිය නුඹලා වෙතම නැවත හැරී එනු ඇත. ඔහුගේ ගැත්තන් ඔහු ව ප්රතික්ෂ්ප කිරීම ඔහු පිළිගන්නේ නැත. දේව ප්රතික්ෂේපය ඔහු ඔවුනට නියෝග කරන්නේ ද නැත. ඊට හේතුව අල්ලාහ් අශීලාචාර හා පිළිකුල්සහගත දෑ නියෝග නොකරන බැවිණි. නුඹලා අල්ලාහ්ගේ ආශිර්වාද සඳහා ඔහුට කෘතඥ වී ඔහු ව විශ්වාස කරන්නේ නම් නුඹලාගේ කෘතඥතා ව ඔහු පිළිගනී. ඒ සඳහා ඔහු නුඹලාට කුසල් පිරිනමයි. කිසිදු ආත්මයක් තවත් කෙනෙකුගේ පව් බර නොඋසුලයි. සෑම ආත්මයක්ම එය උපයන දෑ සඳහා ඇපකරුවෙකි. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත යොමු කරනු ලබන ස්ථානය ඇත්තේ නුඹලාගේ පරමාධිපති වෙත පමණය. එවිට නුඹලා මෙලොවෙහි සිදු කරමින් සිටි දෑ ගැන ඔහු නුඹලාට දන්වයි. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමයි. සැබැවින්ම සුවිශුද්ධයාණන් වන ඔහු තම ගැත්තන්ගේ හදවත් තුළ ඇති දෑ ගැන සර්ව ඥානීය. එහි ඇති කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• رعاية الله للإنسان في بطن أمه.
•මව් කුස තුළ මිනිසෙකු වෙනුවෙන් වූ අල්ලාහ්ගේ අවධානය.

• ثبوت صفة الغنى وصفة الرضا لله.
•පොහොසත් කමේ ගුණය හා අල්ලාහ් වෙනුවෙන් තෘප්තියට පත්වීමේ ගුණය ස්ථාපිත කිරීම.

• تعرّف الكافر إلى الله في الشدة وتنكّره له في الرخاء، دليل على تخبطه واضطرابه.
•දේව ප්රතික්ෂේපකයා දුෂ්කර අවස්ථාවන්හි අල්ලාහ් වෙත යොමු වන බවත් ප්රීතිමත් අවස්ථාවන්හි ඔහු ව හෙළා දකින බවත් ඔහු ගැන හඳුන්වා දී තිබීම ඔහුගේ කැලඹිලි හා කලබලකාරී තත්ත්වය පෙන්වා දෙයි.

• الخوف والرجاء صفتان من صفات أهل الإيمان.
•බිය හා යහපත් බලාපොරොත්තු යන ගුණාංග දෙක දේව විශ්වාසීන් සතු ගුණාංග අතරිනි.

 
የይዘት ትርጉም አንቀጽ: (7) ምዕራፍ: ሱረቱ አዝ ዙመር
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት