Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (103) ምዕራፍ: አን-ኒሳዕ
فَاِذَا قَضَیْتُمُ الصَّلٰوةَ فَاذْكُرُوا اللّٰهَ قِیٰمًا وَّقُعُوْدًا وَّعَلٰی جُنُوْبِكُمْ ۚ— فَاِذَا اطْمَاْنَنْتُمْ فَاَقِیْمُوا الصَّلٰوةَ ۚ— اِنَّ الصَّلٰوةَ كَانَتْ عَلَی الْمُؤْمِنِیْنَ كِتٰبًا مَّوْقُوْتًا ۟
දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නනි, ඔබ සලාතය නිමා කළ පසු සිටගෙන හෝ වාඩි වී හෝ පැත්තකට ඇල වී හෝ කවර ඉරියව්වක ඔබ සිටිය ද තස්බීහ් (සුබ්හානල්ලා - අල්ලාහ් පිවිතුරුය) තහ්මීද් (අල්හම්දු ලිල්ලාහ් - සියලු ප්ර්ශංසා අල්ලාහ් සතුය) තහ්ලීල් (ලා ඉලාහ ඉල්ලල්ලාහ් - නැමදුම් ලබන්නට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැත) යන පාඨ තෙපලමින් අල්ලාහ් ව මෙනෙහි කරන්න. ඔබෙන් බිය පහ වී අභයදායී තත්ත්වයක් ඔබට උදා වූ විට නියෝග කරනු ලැබූ පරිදි සලාතයේ අර්කාන් හෙවත් මූලිකාංගයන් වාජිබාත් හෙවත් අනිවාර්යය කරුණු හා මුස්තහබ්බාත් හෙවත් සතුටු දායක කරුණු පිළිපදිමින් සලාතය පූර්ණ ව ඉටු කරන්න. නියමිත කාලය තුළ සලාතය ඉටු කිරීම දෙවියන් විශ්වාස කරන්නන්හට අනිවාර්යය කොට ඇත. සාධාරණ හේතුවක් සඳහා මිස එය ප්රමාද කිරීම සුදුසු නොවන්නේය. මෙය ගමේ පදිංචි ව සිටියදී ඉටු කරනු ලබන ක්රමයයි. ගමනක යෙදී සිටියදී, ජම්උ හෙවත් සලාත් දෙකක් එකම වේලාවේ ඉටු කිරීම හා කස්ර් හෙවත් රකආත් හතරේ සලාතය දෙක බැගින් කෙටි කර ඉටු කිරීමේ අවකාශය ඔබට ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• استحباب صلاة الخوف وبيان أحكامها وصفتها.
•බිය මුසු අවස්ථාවක හඃව්ෆ් සලාතය ඉටුුුුුුකිරීමේ වැදගත්කම හා එහි නීති හා ස්වභාවය පැහැදිලි කිරීම.

• الأمر بالأخذ بالأسباب في كل الأحوال، وأن المؤمن لا يعذر في تركها حتى لو كان في عبادة.
•යුදමය සෑම අවස්ථාවකම ආයුධ සන්නද්ධ ව සිටීමේ නියෝගය. සැබැවින්ම දෙවියන් කෙරෙහි විශ්වාසය තබන්නෙකු නැමදුමක නිරතව සිටියදී පවා එය බිම අතහැර දැමීමෙන් ප්රවේසම් විය යුතුයි.

• مشروعية دوام ذكر الله تعالى على كل حال، فهو حياة القلوب وسبب طمأنينتها.
•සෑම අවස්ථාවකම අල්ලාහ් ව මෙනෙහි කිරීම ආගමානුගත කරනු ලැබූවකි. හදවත්හි ජීවය ඔහුය. එය සැනසුමට පත් කිරීමේ සාධකය ද ඔහුය.

• النهي عن الضعف والكسل في حال قتال العدو، والأمر بالصبر على قتاله.
•සතුරා සමග සටන් කරන අවස්ථාවේ මැළිකමින් දුබලකමින් පසුවීමේ තහනම. සටන් කිරීමේදී ඉවසීමෙන් කටයුතු කිරීමේ නියෝගය.

 
የይዘት ትርጉም አንቀጽ: (103) ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት