Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (141) ምዕራፍ: አን-ኒሳዕ
١لَّذِیْنَ یَتَرَبَّصُوْنَ بِكُمْ ۚ— فَاِنْ كَانَ لَكُمْ فَتْحٌ مِّنَ اللّٰهِ قَالُوْۤا اَلَمْ نَكُنْ مَّعَكُمْ ۖؗ— وَاِنْ كَانَ لِلْكٰفِرِیْنَ نَصِیْبٌ ۙ— قَالُوْۤا اَلَمْ نَسْتَحْوِذْ عَلَیْكُمْ وَنَمْنَعْكُمْ مِّنَ الْمُؤْمِنِیْنَ ؕ— فَاللّٰهُ یَحْكُمُ بَیْنَكُمْ یَوْمَ الْقِیٰمَةِ ؕ— وَلَنْ یَّجْعَلَ اللّٰهُ لِلْكٰفِرِیْنَ عَلَی الْمُؤْمِنِیْنَ سَبِیْلًا ۟۠
නුඹලාට යම් යහපතක් හෝ අයහපතක් ඇති වීම ගැන මාන බලමින් සිටින්නන් වනාහි: නුඹලාට අල්ලාහ්ගෙන් වූ ජයග්රහණයක් පැමිණ නුඹලා සතුරන් විසින් දමා ගිය භාණ්ඩ අත්පත් කර ගත්තෙහු නම්, ඔවුහු: අපි නුඹලා සමග නොසිටියෙමු ද නුඹලා මුහුණ දුන් දෑට අපිත් මුහුණ දුන්නෙමු යැයි පවසා එම අත්පත් කර ගත් යුධ භාණ්ඩ ඔවුන් ද ලබා ගනිති. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට පක්ෂ වූ විට ඔවුහු ඔවුන් දෙස බලා: අපි නුඹලාගේ කටයුතු භාර නොගත්තෙමු ද? උපකාර කරමින් හා අවදානයෙන් හිඳ අපි නුඹලාව ආවරණය නොකළෙමු ද? නුඹලාට උපකාර කරමින් ඔවුන් පහළට ඇද දමමින් දෙවියන් විශ්වාස කරන්නන්ගෙන් අපි නුඹලා ආරක්ෂා නොකළෙමු ද? යැයි පවසති. එනමුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා සියලු දෙනා අතර අල්ලාහ් තීන්දු දෙනු ඇත. දේව විශ්වාසීන් ස්වර්ගයට ඇතුළත් කිරීමෙන් ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. කුහකයින් නිරා ගින්නේ පහළම තලයට ඇද දමමින් ඔහු ප්රතිවිපාක දෙනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසීන්ට එරෙහිව කටයුතු කිරීමේ කිසිදු සාධකයක් දේව ප්රතික්ෂේපකයින්හට අල්ලාහ් තම භාග්යය හේතුවෙන් තබන්නේම නැත. නමුත් අවසාන ජයග්රහණය, දේව විශ්වාසීන් සැබෑ විශ්වාසයෙන් යුතුව ආගමික කටයුතු සිදු කරන තාක් කල් ඔවුනට හිමි වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• بيان صفات المنافقين، ومنها: حرصهم على حظ أنفسهم سواء كان مع المؤمنين أو مع الكافرين.
කුහකයන්ගේ ගති ලක්ෂණ පැහැදිලි කිරීම, දේව විශ්වාසීන් සමඟ හෝ දේව ප්රතික්ෂේපකයින් සමග හෝ වේවා ඔවුනට වඩා තමන් වාසනාවන්ත වීමට ඔවුන් දක්වන උනන්දුව ඉන් එකකි.

• أعظم صفات المنافقين تَذَبْذُبُهم وحيرتهم واضطرابهم، فلا هم مع المؤمنين حقًّا ولا مع الكافرين.
කුහකයින්ගේ ගුණාංග අතුරින් තවත් ප්රධානතම ගුණාංගයක් වනුයේ ඔවුන්ගේ ව්යාකූලත්වය, කැළඹීම හා කුතුහලයයි. එහෙයින් ඔවුන් දේව විශ්වාසීන් සමගද නැත. දේව ප්රතික්ෂේපකයින් සමගද නැත.

• النهي الشديد عن اتخاذ الكافرين أولياء من دون المؤمنين.
දේව විශ්වාසීන් හැර දමා දේව ප්රතික්ෂේපකයින් තම මිතුරන් හා භාරකරුවන් ලෙස ගැනීමේ දැඩි තහනම.

• أعظم ما يتقي به المرء عذاب الله تعالى في الآخرة هو الإيمان والعمل الصالح.
මතුලොවෙහි උත්තරීතර අල්ලාහ්ගේ දඬුවමින් ආරක්ෂා විය හැකි ප්රධානතම කරුණ වනුයේ දේව විශ්වාසය හා දැහැමි ක්රියාවයි.

 
የይዘት ትርጉም አንቀጽ: (141) ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት