Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (2) ምዕራፍ: አን-ኒሳዕ
وَاٰتُوا الْیَتٰمٰۤی اَمْوَالَهُمْ وَلَا تَتَبَدَّلُوا الْخَبِیْثَ بِالطَّیِّبِ ۪— وَلَا تَاْكُلُوْۤا اَمْوَالَهُمْ اِلٰۤی اَمْوَالِكُمْ ؕ— اِنَّهٗ كَانَ حُوْبًا كَبِیْرًا ۟
අහෝ! භාරකරුවනි, (තම දෙමව්පියන් අහිමි වීී වැඩිවියට පත් නොවූ) අනාථයින්හට ඔවුන් වැඩි වියට පත් වී පරිනත වයසට පැමිණි පසු ව ඔවුනට ඔවුන්ගේ ධනය සම්පූර්ණයෙන් පිරිනමනු. අනාථයාගේ ධනයෙන් වටිනා හොඳ දෑ ලබා ඒ වෙනුවට නුඹලාගේ ධනයෙන් නොවටිනා පහත් දෑ ඔවුන්හට ලබා දී හලාල් හෙවත් නිත්යනුකූල වන දෑ හරාම් හෙවත් නිත්යනුකූල නොවන දෑ සමග හුවමාරු නොකරන්න. අනාථයින්ගේ ධනය නුඹලාගේ ධනය සමග මිශ්ර කොට පරිහරණය නොකරන්න. අල්ලාහ් අබියස එය මහත් පාපයක් වන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الأصل الذي يرجع إليه البشر واحد، فالواجب عليهم أن يتقوا ربهم الذي خلقهم، وأن يرحم بعضهم بعضًا.
•මිනිස් සම්භවයේ මූලාරම්භය එකම මිනිසෙකුගෙන් පැවත එන්නකි. ඒ සෑම කෙනෙකුම හැරී යන්නේ ඒකීය වූ අල්ලාහ් වෙත පමණය. එබැවින් ඔවුන් මැවූ ඔවුන්ගේ පරමාධිපතිට ඔවුන් බිය බැතියෙන් යුතු ව කටයුතු කිරීමත් ඔවුනොවුන් අතර කරුණාවෙන් යුතු ව කටයුතු කිරීමත් අනිවාර්යය වන්නේය.

• أوصى الله تعالى بالإحسان إلى الضعفة من النساء واليتامى، بأن تكون المعاملة معهم بين العدل والفضل.
•කාන්තාවන් හා අනාථයින් අතර සිටින අසරණයින් සමග යුක්තියෙන් හා ත්යාගශීලිත්වයෙන් යුතු ව ගනුදෙනු කරමින් ඔවුන්හට පිහිට වන මෙන් අල්ලාහ් උපදෙස් දෙයි.

• جواز تعدد الزوجات إلى أربع نساء، بشرط العدل بينهن، والقدرة على القيام بما يجب لهن.
•කාන්තාවන් අතර යුක්තිය ඉටු කිරීම හා ඔවුන් සතු වගකීම් නිසි ලෙස ඉටු කිරීමේ ශක්තිය තමන්හට තිබීම යන කොන්දේසිය මත කාන්තාවන් සිව් දෙනෙකු බහුභාර්යයන් ලෙස විවාහ වීමේ අනුමැතිය.

• مشروعية الحَجْر على السفيه الذي لا يحسن التصرف، لمصلحته، وحفظًا للمال الذي تقوم به مصالح الدنيا من الضياع.
•ගනු දෙනු නිසි අයුරින් සිදු කළ නොහැකි බුද්ධි හීනයන්ගේ යහපත වෙනුවෙන් හා මෙලොව කටයුතු වලදී තම ධනය නාස්ති කර ගැනීමෙන් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ඔවුනට ගනුදෙනු කිරීමට ඉඩ නොදීම ආගමානුගත කර ඇත.

 
የይዘት ትርጉም አንቀጽ: (2) ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት