የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (26) ምዕራፍ: ሱረቱ አን-ኒሳዕ
یُرِیْدُ اللّٰهُ لِیُبَیِّنَ لَكُمْ وَیَهْدِیَكُمْ سُنَنَ الَّذِیْنَ مِنْ قَبْلِكُمْ وَیَتُوْبَ عَلَیْكُمْ ؕ— وَاللّٰهُ عَلِیْمٌ حَكِیْمٌ ۟
නුඹලාට මෙම නීති රාමුවන් ආගමානුගත කිරීමෙන් අල්ලාහ් අපේක්ෂා කරනුයේ ඔහුගේ දහමේ හා ආගමික නීතිරීති වල ඇති උසස්භාවයත් මෙලොව හා මතු ලොවෙහි නුඹලාට එහි පවතින යහපතත් පැහැදිලි කිරීමටය. එමෙන්ම නුඹලා නබිවරුන් අනුගමනය කරනු පිණිස හලාල් (අනුමත) කිරීම, හරාම් (තහනම්) කිරීම, ඔවුන් ආවරණය කරමින් පැවතුණු ගෞරවය, ඔවුන්ගේ ප්රශංසනීය චරිතය යනාදී විෂයයන් සම්බන්ධයෙන් නුඹලාට මග පෙන්වීමටත් ඔහු අපේක්ෂා කරයි. එමෙන්ම පිටුපෑමෙන් දුරස් වී ඔහුට අවනත වීම සඳහා නුඹලා ව යොමු කිරීමටත් ඔහු අපේක්ෂා කරයි. අල්ලාහ් තම ගැත්තන්ට කවර කරුණක යහපත ඇත්තේදැයි මැනවින් දන්නාය. ඔහු එය ඔවුනට ආගමානුගත කරයි. ඔහු ආගමානුගත කිරීමෙහි මහා ප්රඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• حُرمة نكاح المتزوجات: حرائر أو إماء حتى تنقضي عدتهن أيًّا كان سبب العدة.
•නිදහස් කාන්තාවක් හෝ වේවා වහල් කාන්තාවක් හෝ වේවා ඔවුන් කවර හේතුවක් මත ඉද්දාවෙහි පසු වුවද ඔවුන්ගේ එම ඉද්දා කාලය අවසන් වන තෙක් ඔවුන් විවාහ වීමේ තහනම.

• أن مهر المرأة يتعين بعد الدخول بها، وجواز أن تحط بعض مهرها إذا كان بطيب نفس منها.
•කාන්තාවක් සඳහා පිරිනැමෙන මහරය නියම වනුයේ ඇය සමග පහස විඳීමෙන් පසුවය. ඇය පිළිබඳ යම් සතුටක් ගෙන දුන් විටෙක ඇයට පිරිනමන මහරය සැලසුම් කිරීමේ අනුමැතිය.

• جواز نكاح الإماء المؤمنات عند عدم القدرة على نكاح الحرائر؛ إذا خاف على نفسه الوقوع في الزنى.
•නිදහස් කාන්තාවක් විවාහ කර ගැනීමේ හැකියාවක් නොමැති අවස්ථාවක තමන් කාමයේ වරදවා හැසිරෙන්නට ඉඩ ඇතැයි යමෙකු බිය වූයේ නම් එවිට දේව විශ්වාසී වහල් කාන්තාවන් විවාහ කර ගැනීමේ අනුමැතිය.

• من مقاصد الشريعة بيان الهدى والضلال، وإرشاد الناس إلى سنن الهدى التي تردُّهم إلى الله تعالى.
•ෂරීආවෙන් අපේක්ෂා කරනු ලබනුයේ යහමග හා නොමග පැහැදිලි කිරීම සහ අල්ලාහ් වෙත ජනයා යොමු කරන යහ මාර්ගයේ න්යායයන් වෙත මගපෙන්වීමය.

 
የይዘት ትርጉም አንቀጽ: (26) ምዕራፍ: ሱረቱ አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት