Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (36) ምዕራፍ: አን-ኒሳዕ
وَاعْبُدُوا اللّٰهَ وَلَا تُشْرِكُوْا بِهٖ شَیْـًٔا وَّبِالْوَالِدَیْنِ اِحْسَانًا وَّبِذِی الْقُرْبٰی وَالْیَتٰمٰی وَالْمَسٰكِیْنِ وَالْجَارِ ذِی الْقُرْبٰی وَالْجَارِ الْجُنُبِ وَالصَّاحِبِ بِالْجَنْۢبِ وَابْنِ السَّبِیْلِ ۙ— وَمَا مَلَكَتْ اَیْمَانُكُمْ ؕ— اِنَّ اللّٰهَ لَا یُحِبُّ مَنْ كَانَ مُخْتَالًا فَخُوْرَا ۟ۙ
නුඹලා අල්ලාහ්ට අවනත වී ගැතිකම් කොට ඔහුට නමදිනු. ඔහු සමග වෙනත් අය ආදේශ කොට නොනමදිනු. දෙමාපියන්ට ගරු කොට ඔවුනට උවටැන් කරමින් ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කරනු. එමෙන්ම ඥාතීන්, අනාථ දරුවන් හා අවශ්‍යතා ඇත්තන් සමගත් යහපත් අයුරින් කටයුතු කරනු. ඥාතී අසල්වැසියන් මෙන්ම ඥාතී නොවන අසල්වැසියන් සමගත් යහපත් අයුරින් කටයුතු කරනු. නුඹලා සමග එකට සිටින සගයා සමගත් යහපත් අයුරින් කටයුතු කරනු. අතරමං වූ නාදුනන මගියා සමගත් යහපත් අයුරින් කටයුතු කරනු. නුඹලාගේ වහලුන් සමගත් යහපත් අයුරින් කටයුතු කරනු. මිනිසුන් වෙත තමන් ගැන පුරසාරම් දොඩන, අල්ලාහ්ගේ ගැත්තන් වෙත අහංකාරකම පෙන්වන, තමන් ගැන ඉහළින් කතා කරන අයව නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• ثبوت قِوَامة الرجال على النساء بسبب تفضيل الله لهم باختصاصهم بالولايات، وبسبب ما يجب عليهم من الحقوق، وأبرزها النفقة على الزوجة.
•කාන්තාවන්ගේ භාරකාරත්වය දැරීමට පුරුෂයින් සුදුස්සන් බවට අල්ලාහ් පත් කර තිබීම හා ඔවුන් වෙත ඉටු කළ යුතු වගකීම් මොවුන් හට අනිවාර්ය කර තිබීම හේතුවෙන් පුරුෂයින් විසින් කාන්තාවන් පාලනය කිරීමේ විෂයය තහවුරු කර ඇත. ඒ අතුරින් වඩාත් වැදගත්ම කරුණ වනුයේ තම බිරියන්හට පිරිනමන නඩත්තු වියදම්ය.

• التحذير من البغي وظلم المرأة في التأديب بتذكير العبد بقدرة الله عليه وعلوه سبحانه.
•කාන්තාවන් හැඩ ගැස්වීමේ දී අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ උසස් බව ගැත්තාට මෙනෙහි කිරීම තුළින් ඔවුනට අපරාධ කිරීම ඔවුන් මත සීමාව ඉක්මවා කටයුතු කිරීම වැනි දෑ පිළිබඳ අවවාදය.

• التحذير من ذميم الأخلاق، كالكبر والتفاخر والبخل وكتم العلم وعدم تبيينه للناس.
•අහංකාරකම උද්දච්චකම මසුරුකම දැනුම සැගවීම හා ජනයාට එය පැහැදිලි නොකිරීම වැනි පහත් ගුණාංග පිළිබඳ අවවාදය.

 
የይዘት ትርጉም አንቀጽ: (36) ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት