የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (56) ምዕራፍ: ሱረቱ አን-ኒሳዕ
اِنَّ الَّذِیْنَ كَفَرُوْا بِاٰیٰتِنَا سَوْفَ نُصْلِیْهِمْ نَارًا ؕ— كُلَّمَا نَضِجَتْ جُلُوْدُهُمْ بَدَّلْنٰهُمْ جُلُوْدًا غَیْرَهَا لِیَذُوْقُوا الْعَذَابَ ؕ— اِنَّ اللّٰهَ كَانَ عَزِیْزًا حَكِیْمًا ۟
සැබැවින්ම අපගේ වදන් ප්රතික්ෂේප කළවුන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් වට කර ඇති නිරා ගින්නට අපි ඔවුන් ඇතුළත් කරන්නෙමු. ඔවුන්ගේ හම් පිළිස්සී යන සෑම මොහොතකම ඔවුන් අඛණ්ඩ ව දඬුවම විඳිනු පිණිස තවත් හමක් ඔවුනට යළි මාරු කර දෙන්නෙමු. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය. කිසිවක් ඔහු අබිබවා නොයනු ඇත. ඔහු සැලසුම් කරන දෑ හා ඔහු තීන්දු කරන දෑහි මහා ප්රඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من أعظم أسباب كفر أهل الكتاب حسدهم المؤمنين على ما أنعم الله به عليهم من النبوة والتمكين في الأرض.
•ආගම් ලත් ජනයාගේ ප්රතික්ෂේපයට තුඩු දෙන බරපතළ හේතු සාධකය වන්නේ, දේව විශ්වාසී ජනයාට දූත මෙහෙවර හා මහපොළොවේ පහසුකම් සලසා දීම වැනි කරුණු අතුරින් කවර කරුණක් අල්ලාහ් ඔවුන්ට ආශිර්වාද කර ඇත්තේද ඒ සම්බන්ධ ව දක්වන ඔවුන්ගේ ඊර්ෂ්යාවයි.

• الأمر بمكارم الأخلاق من المحافظة على الأمانات، والحكم بالعدل.
•පැවරුම් හා වගකීම් සුරක්ෂා කිරීම, යුක්තිසහගත ලෙස තීන්දු කිරීම වැනි දැහැමි ගුණාංග පිළිපදින මෙන් වූ නියෝගය.

• وجوب طاعة ولاة الأمر ما لم يأمروا بمعصية، والرجوع عند التنازع إلى حكم الله ورسوله صلى الله عليه وسلم تحقيقًا لمعنى الإيمان.
•විෂය භාර ප්රධානීන් යම් පාපයක් සිදු කරන මෙන් නියෝග නොකරන තාක්කල් එම ප්රධානීන්ට අවනත ව කටයුතු කිරීමේ අනිවාර්යභාවය. මත ගැටුම් ඇති වූ අවස්ථාවක එය අල්ලාහ්ගේ හා ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ තීන්දුව වෙත යොමු කිරීම. එය දෙවියන් මත තබා ඇති විශ්වාසයේ යථාර්ථය තහවුරු කරන්නකි.

 
የይዘት ትርጉም አንቀጽ: (56) ምዕራፍ: ሱረቱ አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት