Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (78) ምዕራፍ: አን-ኒሳዕ
اَیْنَمَا تَكُوْنُوْا یُدْرِكْكُّمُ الْمَوْتُ وَلَوْ كُنْتُمْ فِیْ بُرُوْجٍ مُّشَیَّدَةٍ ؕ— وَاِنْ تُصِبْهُمْ حَسَنَةٌ یَّقُوْلُوْا هٰذِهٖ مِنْ عِنْدِ اللّٰهِ ۚ— وَاِنْ تُصِبْهُمْ سَیِّئَةٌ یَّقُوْلُوْا هٰذِهٖ مِنْ عِنْدِكَ ؕ— قُلْ كُلٌّ مِّنْ عِنْدِ اللّٰهِ ؕ— فَمَالِ هٰۤؤُلَآءِ الْقَوْمِ لَا یَكَادُوْنَ یَفْقَهُوْنَ حَدِیْثًا ۟
ඔබ කොතැනක වෙතත් ඔබේ අවසන් මොහොත පැමිණි විට මරණය ඔබ වෙත ළඟා වනු ඇත. යුද පිටියෙන් දුරස් ව ආරක්ෂිත බලකොටුවක සිටියද එය පැමිණෙන්නේමය. මෙම කුහකයින්හට දරු සම්පතක් හෝ පෝෂණයක් හෝ ලැබුණු විට ඒ ගැන සතුටු වෙමින් ‘මෙය අල්ලාහ් වෙතින් ලැබුණු දෙයකැයි පවසති. දරුවෙකු හෝ පෝෂණය විෂයයෙහි යම් අසීරුතාවක් ඔවුනට අත් වූයේ නම් මෙම නපුර සිදු වූයේ ඔබ හේතුවෙන් යැයි නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට දොස් පවසති. අහෝ දූතය, ඔවුනට පිළිතුරු වශයෙන් මෙසේ පවසනු. සෑම ආකාරයකම සතුට හා පීඩාව අල්ලාහ්ගේ නියමය හා පෙරනිමිත්ත අනුව සිදුවන්නකි. තමන් ගැන මෙසේ පවසන අය ඔබ ඔවුනට පවසන ප්රකාශ වටහා ගන්නට වෑයම් නොකරනුයේ ඇයි?
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• وجوب القتال لإعلاء كلمة الله ونصرة المستضعفين، وذم الخوف والجبن والاعتراض على أحكام الله.
•අල්ලාහ්ගේ වදන උසස් වනු පිණිසත් දුබලයින්හට උදව් කරනු පිණිසත් අරගල කිරීමේ අනිවාර්යභාවය. බියවීම හා පසුබෑමේ පහත් තත්ත්වය හා අල්ලාහ්ගේ නීතිරීති වලට පිටුපෑමේ පහත් තත්ත්වය.

• الدار الآخرة خير من الدنيا وما فيها من متاع وشهوات لمن اتقى الله تعالى وعمل بطاعته.
•අල්ලාහ්ට අවනත වෙමින් ක්රියා කරන ඔහු පිළිබඳ මතකයෙන් පසුවන අයහට මෙලොව හා මෙලොවෙහි ඇති සියලු සැප සම්පත් හා ආශාවන්ට වඩා මතු ලොව නිවහන උතුම් වන්නේය.

• الخير والشر كله بقدر الله، وقد يبتلي الله عباده ببعض السوء في الدنيا لأسباب، منها: ذنوبهم ومعاصيهم.
•යහපත හා අයහපත යන සියල්ල අල්ලාහ්ගේ නියමය අනුව සිදුවන්නකි. ඔවුන් සිදු කළ පාපකම් හා අපරාධ හේතුවෙන් ඇතැම් විට අල්ලාහ් තම ගැත්තන් මෙලොවේදීම පරීක්ෂාවට ලක් කරයි.

 
የይዘት ትርጉም አንቀጽ: (78) ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት