የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (91) ምዕራፍ: ሱረቱ አን-ኒሳዕ
سَتَجِدُوْنَ اٰخَرِیْنَ یُرِیْدُوْنَ اَنْ یَّاْمَنُوْكُمْ وَیَاْمَنُوْا قَوْمَهُمْ ؕ— كُلَّ مَا رُدُّوْۤا اِلَی الْفِتْنَةِ اُرْكِسُوْا فِیْهَا ۚ— فَاِنْ لَّمْ یَعْتَزِلُوْكُمْ وَیُلْقُوْۤا اِلَیْكُمُ السَّلَمَ وَیَكُفُّوْۤا اَیْدِیَهُمْ فَخُذُوْهُمْ وَاقْتُلُوْهُمْ حَیْثُ ثَقِفْتُمُوْهُمْ ؕ— وَاُولٰٓىِٕكُمْ جَعَلْنَا لَكُمْ عَلَیْهِمْ سُلْطٰنًا مُّبِیْنًا ۟۠
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, කුහකයින් අතර තවත් පිරිසක් සිටිති. ඔවුන්ගේ ජීවිත නුඹලාගෙන් ආරක්ෂා කර ගනු පිණිස ඔවුහු නුඹලා වෙත තම දේව විශ්වාසය පෙන්වති. නමුත් දෙවියන් ප්රතික්ෂේ කරන්නන් වෙත ඔවුන් ගිය විට ඔවුන්ගෙන් ආරක්ෂාව ලබනු පිණිස, දේව ප්රතික්ෂේපය ඔවුන් වෙත පෙන්වති. නමුත් අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීමටත් ඔහුට ආදේශ කිරීමටත් ඔවුන් ඇරයුම් කරනු ලබන සෑම අවස්ථාවකව දීම ඔවුහු එහි ඉතා දැඩි ව නියැළෙති. මෙවැන්නන් නුඹලා සමග සටන් වැදීම අතහැර නොදැමුවේ නම්, දැහැමියන් ලෙසින් ඔවුන් නුඹලාගෙන් ආරක්ෂාව නොපැතුවේ නම්, ඔවුන්ගේ අත් නුඹලාගෙන් ඉවත් කර නොගත්තේ නම්, නුඹලා ඔවුන් ග්රහණය කරනු. ඔවුන් දුටු තැන මරා දමනු. මෙවන් ගුණාංග සතු උදවියට ඔවුන්ගේ කුමන්ත්රණකාරී මෙන්ම වංචාකාරී ක්රියාවන් වෙනුවෙන් ඔවුන් ග්රහණය කිරීමටත් මරා දැමීමටත් අපි නුඹලාට පැහැදිලි සාධකයක් මෙන්ම බලයක් නුඹලාට අපි පිරිනමා ඇත්තෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• خفاء حال بعض المنافقين أوقع الخلاف بين المؤمنين في حكم التعامل معهم.
•ඇතැම් කුහකයින්ගේ තත්ත්වය සැඟවීම. ඔවුන් සමග කටයුතු කිරීමේ නීතිය සම්බන්ධයෙන් දෙවියන් විශ්වාස කරන්නන් අතර ආරවුල් හා මතභේද ඇති කරනු ඇත.

• بيان كيفية التعامل مع المنافقين بحسب أحوالهم ومقتضى المصلحة معهم.
කුහකයින්ගේ තත්ත්වයන්ට අනුව ඔවුන් සමග කටයුතු කළ යුතු ආකාරය හා ඔවුන් සමග යහපත් ලෙස තීන්දු තීරණ ගැනීමේ ආකාරය පැහැදිලි කිරීම.

• عدل الإسلام في الكف عمَّن لم تقع منه أذية متعدية من المنافقين.
•සීමාව ඉක්මවීමක් හෝ හිංසා පීඩාවක් හෝ ඇති නොකරන කුහකයින් සමග සටන් නොකරන මෙන් පවසන ඉස්ලාමයේ යුක්තිය.

• يكشف الجهاد في سبيل الله أهل النفاق بسبب تخلفهم عنه وتكلُّف أعذارهم.
•දේව මාර්ගයේ අරගල කිරීමේදී කුහකකමේ ජනයා හෙළි වනු ඇත. එය ඔවුන් එසේ කිරීමට පසුබට වීම සහ ඔවුන්ගේ නිදහසට කරුණු පවසා සිටින හේතුවෙනි.

 
የይዘት ትርጉም አንቀጽ: (91) ምዕራፍ: ሱረቱ አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት