Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አሽ ሹራ   አንቀጽ:

අෂ් ෂූරා

ከመዕራፉ ዓላማዎች:
بيان كمال تشريع الله، ووجوب متابعته، والتحذير من مخالفته.
අල්ලාහ්ගේ ආගම්කරණයේ පූර්ණත්වය පැහැදිලි කිරීම, එය අනුගමනය කිරීමේ අනිවාර්යභාවය හා එයට විරුද්ධ වීමේ අවධානම හා අවවාදය.

حٰمٓ ۟ۚ
(හා,මීම්. අයින්,සීන්,කාෆ්) මෙම අකුරු මාළාවන්හි දැක්ම සූරා අල් බකරාහි ආරම්භයේම සඳහන් කරනු ලැබ ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
عٓسٓقٓ ۟
(හා,මීම්. අයින්,සීන්,කාෆ්) මෙම අකුරු මාළාවන්හි දැක්ම සූරා අල් බකරාහි ආරම්භයේම සඳහන් කරනු ලැබ ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَذٰلِكَ یُوْحِیْۤ اِلَیْكَ وَاِلَی الَّذِیْنَ مِنْ قَبْلِكَ ۙ— اللّٰهُ الْعَزِیْزُ الْحَكِیْمُ ۟
අහෝ මුහම්මද්! නුඹ වෙත එවන ලද මෙම දේව පණිවිඩය මෙන්ම නුඹට පෙර විසූ අල්ලාහ්ගේ නබිවරුන් හටත් එවනු ලැබීය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ සතුරන්හට සමවිපාක ලබා දීමේ දී සර්වබලධාරීය. එමෙන්ම ඔහුගේ සැලසුමෙහි හා මැවීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَهٗ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— وَهُوَ الْعَلِیُّ الْعَظِیْمُ ۟
මැවීමෙන්, පාලනයෙන් හා සැලසුම් කිරීමෙන් අහස්හි ඇති දෑ හා මහපොළෝවේ ඇති දෑ අල්ලාහ්ට පමණක් සතුය. ඔහුගේ ස්වභාවෙයන් ද, ඔහුගේ බලයෙන් ද, ඔහුගේ ආධිපත්යයෙන් ද ඔහු අති උත්තරීතරය. ඔහුගේ පැවැත්මෙන් අති මහත්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تَكَادُ السَّمٰوٰتُ یَتَفَطَّرْنَ مِنْ فَوْقِهِنَّ وَالْمَلٰٓىِٕكَةُ یُسَبِّحُوْنَ بِحَمْدِ رَبِّهِمْ وَیَسْتَغْفِرُوْنَ لِمَنْ فِی الْاَرْضِ ؕ— اَلَاۤ اِنَّ اللّٰهَ هُوَ الْغَفُوْرُ الرَّحِیْمُ ۟
ශුද්ධවන්තයාණන්ගේ බලමහිමය හේතුවෙන්, අහස් ඒවා විශාලත්වයෙන් හා උසින් පිහිටා තිබීමත් සමග පොළෝවාසීන්ට ඉහළින් පැළෙන්නට බලති. මලක්වරුන් ඔවුන්ගේ පරමාධිපතිව පිවිතුරු කරති. යටත් වීමෙන් හා ගෞරව කිරීමෙන් ඔහුට ප්රශංසා කරමින් ඔහුට ගරුබුහුමන් දක්වති. මහපොළොවේ සිටින්නන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා සිටිති. දැනගනු! සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන් අතරින්, සමාව ඇයැද ඔහු වෙත හැරෙන්නන්හට අති ක්ෂමාශීලීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ اتَّخَذُوْا مِنْ دُوْنِهٖۤ اَوْلِیَآءَ اللّٰهُ حَفِیْظٌ عَلَیْهِمْ ۖؗ— وَمَاۤ اَنْتَ عَلَیْهِمْ بِوَكِیْلٍ ۟
අල්ලාහ් හැර දමා පිළිම තෝරා ගනිමින්, ඔහු හැර ඔවුන්ගේ භාරකාරත්වය දරන්නටත්, නැමදීමටත් ඒවා පත් කරගත් අය වනාහි, අල්ලාහ් ඔවුන් ගැන බලාපොරොත්තුවෙන් සිටියි. ඔවුන්ගේ ක්රියාවන් ඔහු සටහන් කර, ඒ අනුව ඔහු ඔවුනට ප්රතිවිපාක පිරිනමයි. අහෝ ධර්ම දූතය! ඔවුන්ගේ ක්රියාවන් සටහන් කරන්නෙකු ලෙස නුඹ නැත. එහෙයින් ඔවුන්ගේ ක්රියාවන් ගැන නුඹ විමසා නො සිටිනු. සැබැවින්ම, නුඹ දන්වා සිටින ඇරයුම් කරවෙකු පමණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَذٰلِكَ اَوْحَیْنَاۤ اِلَیْكَ قُرْاٰنًا عَرَبِیًّا لِّتُنْذِرَ اُمَّ الْقُرٰی وَمَنْ حَوْلَهَا وَتُنْذِرَ یَوْمَ الْجَمْعِ لَا رَیْبَ فِیْهِ ؕ— فَرِیْقٌ فِی الْجَنَّةِ وَفَرِیْقٌ فِی السَّعِیْرِ ۟
අහෝ දූතය! නුඹට පෙර විසූ නබිවරුන්හට අපි දේව පණිවිඩ එව්වාක් මෙන්ම මක්කා වාසීන්ටත් ඒ අවට වෙසෙන ගැමි අරාබිවරුන්ටත්, පසු ව මුලු මිනිස් සංහතියටත් අවවාද කරනු පිණිසත් විනිශ්චය හා ප්රතිඵල සඳහා එකම උස් ස්ථානයක් මුල සිට අග දක්වා වූ සියලු දනන් අල්ලාහ් එක්රැස් කරන දිනය පිළිබඳ නුඹ ජනයින්ට බිය ගැන්වීම පිණිසත් අපි නුඹ වෙත අරාබි බසින් වූ කුර්ආනය පහළ කර ඇත්තෙමු. එම දිනය සිදුවීමෙහි කිසිදු සැකයක් නැත. එහිදී ජනයා කණ්ඩායම් දෙකකට බෙදී යයි. පිරිසක් ස්වර්ගයේ සිටිති. ඔවුහු දෙවියන් විශ්වාස කළවුන්ය. තවත් පිරිසක් නිරා ගින්නේ සිටිති ඔවුන් දෙවියන් ප්රතික්ෂේප කළවුන්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوْ شَآءَ اللّٰهُ لَجَعَلَهُمْ اُمَّةً وَّاحِدَةً وَّلٰكِنْ یُّدْخِلُ مَنْ یَّشَآءُ فِیْ رَحْمَتِهٖ ؕ— وَالظّٰلِمُوْنَ مَا لَهُمْ مِّنْ وَّلِیٍّ وَّلَا نَصِیْرٍ ۟
ඔවුන් සියලු දෙනාම ඉස්ලාම් දහම මත පදනම් කොට එකම සමූහයක් බවට පත් කරන්නට අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් එකම සමූහයක් බවට පත් කොට ඔවුන් සියලු දෙනා ස්වර්ගයට ඇතුළත් කරන්නට තිබුණි. නමුත් ඔහු අභිමත කරන අය පමණක් ඉස්ලාමය තුළ ප්රවේශ කොට ස්වර්ගයට ඇතුළත් කිරීම සඳහා ඔහුගේ ප්රඥාව තීන්දු විය. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත් අය වනාහි, ඔවුන්ගේ භාරකාරත්වය දරන්නට කිසිදු භාරකරුවෙකු හෝ උදව්කරුවෙකු හෝ ඔවුනට නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمِ اتَّخَذُوْا مِنْ دُوْنِهٖۤ اَوْلِیَآءَ ۚ— فَاللّٰهُ هُوَ الْوَلِیُّ وَهُوَ یُحْیِ الْمَوْتٰی ؗ— وَهُوَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟۠
නමුත් දේව ආදේශකයින් තමන්ගේ භාරකාරත්වය දැරීම සඳහා අල්ලාහ් හැර වෙනත් භාරකරුවන් පත් කර ගත්තෝය. සැබෑ භාරකරු අල්ලාහ්ය. ඔහු හැර වෙනත් කිසිවෙකු සෙත සලසන්නේ නැත. හානි පමුණුවන්නේ ද නැත. ඔහු විනිශ්චය හා ප්රතිඵල සඳහා ඔවුන් යළි අවදි කිරීම සඳහා මියගියවුනට යළි ප්රාණය ලබා දෙන්නාය. කිසිවක් විසින් ශුද්ධවන්තයාණන්ව පරාජය කළ නොහැක.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا اخْتَلَفْتُمْ فِیْهِ مِنْ شَیْءٍ فَحُكْمُهٗۤ اِلَی اللّٰهِ ؕ— ذٰلِكُمُ اللّٰهُ رَبِّیْ عَلَیْهِ تَوَكَّلْتُ ۖۗ— وَاِلَیْهِ اُنِیْبُ ۟
අහෝ ජනයිනි! නුඹලාගේ දහමෙහි යම් මූලිකාංගයක හෝ එහි අනු අංගයක නුඹලා මතභේද ඇති කරගත්තෙහු නම්, එහි තීන්දුව අල්ලාහ් වෙතම විය යුතුය. එවිට එය ඔහුගේ පුස්තකය හා ඔහුගේ දූතයාණන්ගේ පිළිවෙත වෙත යොමු කරනු ලැබේ. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ ඔහුය මාගේ පරමාධිපති. මාගේ සියලු කටයුතුවලදී මම ඔහු මත පමණක් ස්ථීර ව රැඳෙමි. පාපක්ෂමාවෙහි නිරත වී ඔහු වෙත යොමු වෙමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عظمة الله ظاهرة في كل شيء.
•අල්ලාහ්ගේ බලය සියලු දෑහි විද්යාමානව පවතී.

• دعاء الملائكة لأهل الإيمان بالخير.
•දේව විශ්වාසය ඇත්තන් වෙනුවෙන් යහපත පතා මලක්වරු ප්රාර්ථනා කරති.

• القرآن والسُنَّة مرجعان للمؤمنين في شؤونهم كلها، وبخاصة عند الاختلاف.
•අල් කුර්ආනය හා සුන්නාව හෙවත් නබි පිළිවෙත දේවත්වය විශ්වාස කරන්නන්ගේ සියලුම කටයුතු වලදී, විශේෂයෙන් මතභේද ඇති වූ අවස්ථාවකදී ඔවුන් යොමු කරනු ලබන මූලාශ්ර දෙකකි.

• الاقتصار على إنذار أهل مكة ومن حولها؛ لأنهم مقصودون بالرد عليهم لإنكارهم رسالته صلى الله عليه وسلم وهو رسول للناس كافة كما قال تعالى: ﴿وَمَآ أَرسَلنُّكَ إلَّا كافةً لِّلنَّاس...﴾، (سبأ: 28).
•‘අපි නුඹව මුලු මිනිස් සංහතියට ධර්ම දූතයෙකු ලෙස මිස එවා නැත්තෙමු’ යැයි අල්ලාහ් පවසා සිටින පරිදි ඔහු මුලු මිනිස් සංහතියට ධර්ම දූතයකුව සිටියදී මක්කාවාසීන් හා ඒ අවට සිටින්නන්හට අවවාද කිරීම සීමා කර ඇත. ඊට හේතු ව සැබැවින්ම ඔවුන් ධර්ම දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ දූත පණිවිඩය හෙළා දුටුවෝය. එහෙයින් ප්රතිචාර දැක්වීම සඳහා ඉලක්කකර ගත් පිරිස ඔවුන් ය.

 
የይዘት ትርጉም ምዕራፍ: አሽ ሹራ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት