የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (29) ምዕራፍ: ሱረቱ አል ፈትህ
مُحَمَّدٌ رَّسُوْلُ اللّٰهِ ؕ— وَالَّذِیْنَ مَعَهٗۤ اَشِدَّآءُ عَلَی الْكُفَّارِ رُحَمَآءُ بَیْنَهُمْ تَرٰىهُمْ رُكَّعًا سُجَّدًا یَّبْتَغُوْنَ فَضْلًا مِّنَ اللّٰهِ وَرِضْوَانًا ؗ— سِیْمَاهُمْ فِیْ وُجُوْهِهِمْ مِّنْ اَثَرِ السُّجُوْدِ ؕ— ذٰلِكَ مَثَلُهُمْ فِی التَّوْرٰىةِ ۛۖۚ— وَمَثَلُهُمْ فِی الْاِنْجِیْلِ ۛ۫ۚ— كَزَرْعٍ اَخْرَجَ شَطْاَهٗ فَاٰزَرَهٗ فَاسْتَغْلَظَ فَاسْتَوٰی عَلٰی سُوْقِهٖ یُعْجِبُ الزُّرَّاعَ لِیَغِیْظَ بِهِمُ الْكُفَّارَ ؕ— وَعَدَ اللّٰهُ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ مِنْهُمْ مَّغْفِرَةً وَّاَجْرًا عَظِیْمًا ۟۠
අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා හා එතුමා සමග වූ එතුමාගේ මිතුරන් දෙවියන් ප්රතික්ෂේප කරන ප්රචණ්ඩකාරී සතුරන් මත දැඩි ව කටයුතු කරන්නෝ වෙති. ඔවුන් අතර අන්යෝන්ය කරුණාවෙන් හා අන්යෝන්ය දයාලුබවින් කටයුතු කරන්නෝ වෙති. අහෝ අධීක්ෂණයෙන් යුතු ව බලන්නනි! ඔවුන් අල්ලාහ්ට රුකූඃ -තුනටිය නමා නමස්කාර කිරීම ද, සුජූද් -සිරස බිම තබා නමස්කාර කිරීම ද නුඹ දකිනු ඇත. ඔවුන් වෙත සමාව හා ගෞරවනීය කුසල් දානය කරන මෙන් ද ඔවුන්ව පිළිගන්නා මෙන්ද අල්ලාහ්ගෙන් ඔවුහු අයැද සිටිති. ඔවුන්ගේ සළකුණු සලාතයේ ආලෝකය පැහැදිළිව ඉස්මතු වන පරිදි සුජූද්හි සලකුණු ඔවුන්ගේ මුහණෙහි දක්නට ලැබේ. ඔවුන් ගැන මෙසේ කරන ලද විස්තරය මූසා (අලයිහිස් සලාම්) තුමාට පහළ කරනු ලැබූ තව්රාත් ග්රන්ථයේ විස්තර කර ඇත. ඔවුන් උපමා කරමින් ඊසා (අලයිහිස් සලාම්) තුමාට පහළ කරනු ලැබූ ඉන්ජීල් ග්රන්ථයේ සඳහන්ව ඇත්තේ, සැබැවින්ම ඔවුන්ගේ සහය දැක්වීම හා පූර්ණත්වයේ ඔවුන් කුඩාවට හට ගන්නා පැළයක් මෙනි. එය ශක්තිමත් වී වැඩෙයි. එහි ශක්තිමත්භාවය හා පරිපූර්ණත්වය ගැන ගොවියෝ මවිතයට පත් වෙති. ඒ අනුව ඔවුන් අතර පවතින ශක්තිය ස්ථාවරත්වය හා පූර්ණත්වය දේව ප්රතික්ෂේපකයින් දැක ඔවුන් ගැන කෝපය අල්ලාහ් ඇති කරනු පිණිසය. අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළ අනුගාමකියන්ට ඔවුන්ගේ පාපකම් සඳහා සමාව ලබා දෙන බව ද, ඔවුන් වැරදිකරුවන් බවට හසු නොකරන බව ද, ඔහු අභියස අතිමහත් කුසලක් ඇති බව ද එය ස්වර්ගය බව ද ප්රතිඥා දුන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• تشرع الرحمة مع المؤمن، والشدة مع الكافر المحارب.
•දේව විශ්වාසියා සමග කරුණාවෙන් කටයුතු කිරීමත්, දෙවියන් ප්රතික්ෂේප කරන සතුරන් සමග දැඩිව කටයුතු කිරීමත් ආගමානුගත කර ඇත.

• التماسك والتعاون من أخلاق أصحابه صلى الله عليه وسلم.
•අන්යොන්යව බැඳී එකිනෙකාට සහාය දැක්වීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මිතුරන්ගේ චරිතය විය.

• من يجد في قلبه كرهًا للصحابة الكرام يُخْشى عليه من الكفر.
•කවරෙකුගේ හදවත තුළ ගෞරවනීය සහාබාවරුන් පිළිබඳ පිළිකුලක් ඇති වන්නේද ඔහු මත දේව ප්රතික්ෂේපය ප්රවේශ වීම ගැන බිය විය යුතු වේ.

• وجوب التأدب مع رسول الله صلى الله عليه وسلم، ومع سُنَّته، ومع ورثته (العلماء).
•අල්ලාහ්ගේ දූතයාණන් සමගත්, එතුමාගේ පිළිවෙත සමගත්, එතුමාගේ උරුමක්කරුවන් (විද්වතුන්) සමගත් විනයානුකූලව හැසිරීමේ අනිවාර්යභාවය.

 
የይዘት ትርጉም አንቀጽ: (29) ምዕራፍ: ሱረቱ አል ፈትህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት