የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ ቃፍ   አንቀጽ:

සූරා කාෆ්

ከመዕራፉ ዓላማዎች:
وعظ القلوب بالموت والبعث.
මරණය හා යළි නැගිටුවනු ලැබීම පිළිබඳ හදවත්වලට පිරිනැමෙන උපදෙස.

قٓ ۫— وَالْقُرْاٰنِ الْمَجِیْدِ ۟ۚ
(කාෆ්) මෙවැනි පාඨ පිළිබඳ සූරා අල් බකරා ආරම්භයේදී කලින් විස්තර කර ඇත. ගැඹුරු අර්ථයන්, අධික යහපත හා සමෘද්ධිය අල් කුර්ආනය තුළ ඇතුළත්ව ඇති බැවින් අල්ලාහ් ඒ මත දිවුරා සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා සැවොම නැගිටුවනු ලබන බව පවසා සිටියි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلْ عَجِبُوْۤا اَنْ جَآءَهُمْ مُّنْذِرٌ مِّنْهُمْ فَقَالَ الْكٰفِرُوْنَ هٰذَا شَیْءٌ عَجِیْبٌ ۟ۚ
නුඹව බොරු කිරීමට ඔවුන් බලාපොරොත්තු වූ ඔවුන්ගේ ප්රතික්ෂේපයට හේතුව නුඹ අවංක බව ඔවුන් දැන සිටීම නොවීය. ඔවුන් වෙත පැමිණි අවවාද කරන දූතයා මලාඉකා වර්ගයෙන් නොව, ඔවුන්ගේම වර්ගයා අතරින් වීම ඔවුන් පුදුමය දන්වන්නක් විය. ඔවුන් පුදුමයට පත්ව, ‘අප වෙත මිනිස්වර්ගයාගෙන් වූ දූතයකු පැමිණ තිබීම පුදුමසහගත කරුණකි’ යැයි ඔවුහු පැවසූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ءَاِذَا مِتْنَا وَكُنَّا تُرَابًا ۚ— ذٰلِكَ رَجْعٌ بَعِیْدٌ ۟
"අපි මියගොස්, පස් බවට පත වූ විට අප යළි අවදි කරනු ලබන්නෙමු ද? දිරාපත් වී ගිය අපගේ ශරීරට යළි ජීවය ලබා දී එසේ යළි නැගිටුවනු ලැබීම (බුද්ධියට) දුරස් වූ කාරණාවකි. එය සිදු විය නොහැක්කකි."
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَدْ عَلِمْنَا مَا تَنْقُصُ الْاَرْضُ مِنْهُمْ ۚ— وَعِنْدَنَا كِتٰبٌ حَفِیْظٌ ۟
ඔවුන් මියගිය පසු ව ඔවුන්ගේ ශරීරයෙන් මහපොළොව කා දමන දෑ හා එය විනාශ කරන දෑ සැබැවින්ම අපි දනිමු. ඒ ගැන කිසිදු බියක් අප හට නැත. ඔවුන්ගේ ජීවිතයේ ද ඔවුන්ගේ මරණයෙන් පසු ද ඔවුන් වෙත අල්ලාහ් නිර්ණය කර ඇති සෑම දෙයක් සඳහාම ආරක්ෂිත පුස්තකයක් අප වෙත ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بَلْ كَذَّبُوْا بِالْحَقِّ لَمَّا جَآءَهُمْ فَهُمْ فِیْۤ اَمْرٍ مَّرِیْجٍ ۟
නමුත් මෙම දේව ආදේශකයෝ ඔවුන් වෙත දූතයාණන් කවර කරුණක් ගෙන ආවේද එම අල් කුර්ආනය බොරු යැයි පවසා සිටියෝය. ඔවුන් අක්රමවත් කටයුත්තක සිටියෙහුය. එ ගැන කිසිදු ස්ථාවරයක ඔවුහු නොසිටියහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَلَمْ یَنْظُرُوْۤا اِلَی السَّمَآءِ فَوْقَهُمْ كَیْفَ بَنَیْنٰهَا وَزَیَّنّٰهَا وَمَا لَهَا مِنْ فُرُوْجٍ ۟
යළි නැගිටුවනු ලැබීම බොරු යැයි පවසන්නන්, ඔවුනට ඉහළින් ඇති අහස අප කෙසේ මවා ඇත්තේ දැයි ද, එය නිර්මාණය කර ඇත්තේ දැයි ද, එහි තාරාකා තබා අලංකාරය කර ඇත්තේ දැයි ද ඒ දෙස කල්පනා කර නොබැලුවෙහි ද? එය පලුදු කරන පැලීම් නැත. මෙම අහස මැවූ ඔහුට මියගියවුන් යළි අවදි කිරීමට නොහැකි නොවන්නේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالْاَرْضَ مَدَدْنٰهَا وَاَلْقَیْنَا فِیْهَا رَوَاسِیَ وَاَنْۢبَتْنَا فِیْهَا مِنْ كُلِّ زَوْجٍ بَهِیْجٍ ۟ۙ
තවද මහපොළොව ජීවත් වීමට සුදුසු ලෙස අපි එය ව්යාප්ත කළෙමු. එය කම්පනය නොවන පරිදි ශක්තිමත් කඳු අපි එහි හෙළුවෙමු. දැකුම්කළු ගස් පැළෑටි සෑම වර්ගයක්ම අපි එහි හට ගැන්වීමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
تَبْصِرَةً وَّذِكْرٰی لِكُلِّ عَبْدٍ مُّنِیْبٍ ۟
ඒ සියල්ල අපි මැව්වේ සෑම ගැත්තෙකුම අවනතවී තම පරමාධිපති වෙත යොමුවීමට, ඔහුට සිහිපත් කිරීමක් හා සාධකයක් වනු පිණිසය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَنَزَّلْنَا مِنَ السَّمَآءِ مَآءً مُّبٰرَكًا فَاَنْۢبَتْنَا بِهٖ جَنّٰتٍ وَّحَبَّ الْحَصِیْدِ ۟ۙ
අධික යහපත හා ප්රයෝජනය ඇති ජලය අපි අහසින් පහළ කළෙමු. එම ජලය මගින් අපි වතු හට ගැන්වීමු. එමෙන්ම නුඹලා නෙළා ගන්නා තිරිඟු හා වෙනත් දෑ ද හට ගැන්වීමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالنَّخْلَ بٰسِقٰتٍ لَّهَا طَلْعٌ نَّضِیْدٌ ۟ۙ
තවද එකිනෙක ඇමුණනු වලු සහති ඉහළට විහිඳුනු උස ඉඳිගස් එමගින් අපි හට ගැන්වීමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
رِّزْقًا لِّلْعِبَادِ ۙ— وَاَحْیَیْنَا بِهٖ بَلْدَةً مَّیْتًا ؕ— كَذٰلِكَ الْخُرُوْجُ ۟
අපි හටගැන් වූ ඒවා අතරින් ගැත්තන් අනුභව කරන පෝෂණ සම්පත් ද ගැට ගැන්වීමු. පැළෑටි නොමැති භූමියක් එමගින් අපි ජීවමානය කළෙමු. පැළෑටි නොමැති භූමියක් මෙම වර්ෂාව මගින් අපි ජීවමාන කරන්නාක් මෙන් මළවුනට අප යළි ජීවය ලබා දී ඔවුහු ජීවීන් ලෙසින් බැහැර වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوْحٍ وَّاَصْحٰبُ الرَّسِّ وَثَمُوْدُ ۟ۙ
අහෝ දූතය! නුඹ ව බොරු කළ මොවුනට පෙර සිටි නබිවරුන්ගේ සමූහයන් ද ඔවුන්ගේ නබිවරුන් බොරු කළෝය. නූහ්ගේ ජනයා හා ළිං වාසීහු ද බොරු කළෝය. සමූද් ජනයා ද බොරු කළෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَعَادٌ وَّفِرْعَوْنُ وَاِخْوَانُ لُوْطٍ ۟ۙ
ආද් ෆිර්අවුන් හා ලූත්ගේ ජනයා ද බොරු කළෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّاَصْحٰبُ الْاَیْكَةِ وَقَوْمُ تُبَّعٍ ؕ— كُلٌّ كَذَّبَ الرُّسُلَ فَحَقَّ وَعِیْدِ ۟
ෂුඅයිබ්ගේ ජනයා වන අයිකා වාසීහු ද, යමනයේ රජු ඇතුළු තුබ්බඃවාසීහු ද බොරු කළෝය. මේ සෑම පිරිසක්ම ඔවුන් වෙත අල්ලාහ් එවූ ඔහුගේ ධර්ම දූතවරුන් බොරු කළෝය. අල්ලාහ් ඔවුනට ප්රතිඥා දුන් දඬුවම ඔවුනට ස්ථීර විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَعَیِیْنَا بِالْخَلْقِ الْاَوَّلِ ؕ— بَلْ هُمْ فِیْ لَبْسٍ مِّنْ خَلْقٍ جَدِیْدٍ ۟۠
මුල්වර නුඹලාව මැවීමෙන් ආයාසයට පත් නොවූ අපි නුඹලාව යළි අවදි කිරීමට නොහැකි වන්නෙමු ද? ඔවුන්ගේ මුල් මැවීමෙන් පසු නව මැවීම පිළිබඳ ඔවුහු සැකයෙහි පසුවෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• المشركون يستعظمون النبوة على البشر، ويمنحون صفة الألوهية للحجر!
•දේව ආදේශකයින් මිනිස් වර්ගයා වෙත පිරිනැමූ නබිත්වය මහත් සේ සලකන අතර දේවත්වයේ ගුණාංගය ඔවුහු ගල්වලට පිරිනමති.

• خلق السماوات، وخلق الأرض، وإنزال المطر، وإنبات الأرض القاحلة، والخلق الأول: كلها أدلة على البعث.
•අහස් මැවීම, මහපොළොව මැවීම, වර්ෂාව පහළ කිරීම, වියළී ගිය භූමියේ පැල හට ගැන්වීම හා මුල් මැවීම යන ක්රියාදාමයන් සියල්ල යළි අවදි කරනු ලැබීම පෙන්වා දෙන සාධක වන්නේය.

• التكذيب بالرسل عادة الأمم السابقة، وعقاب المكذبين سُنَّة إلهية.
• ධර්ම දූතවරුන් බොරු කර සිටීම, පෙර විසූ සමූහයන්ගේ සිරිතකි. බොරු කරන්නන් දඬුවමට ලක් කිරීම දේව න්යායයකි.

وَلَقَدْ خَلَقْنَا الْاِنْسَانَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهٖ نَفْسُهٗ ۖۚ— وَنَحْنُ اَقْرَبُ اِلَیْهِ مِنْ حَبْلِ الْوَرِیْدِ ۟
සැබැවින්ම අපි මිනිසාව මැව්වෙමු. ඔහුගේ සිත තුළ ඇති වන සිතුවිලි හා කෙඳිරිලි අපි දනිමු. ගෙලට බැඳී ඇති නහරයට වඩා සමීපයෙන් අපි ඔහු වෙත ළංව සිටින්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذْ یَتَلَقَّی الْمُتَلَقِّیٰنِ عَنِ الْیَمِیْنِ وَعَنِ الشِّمَالِ قَعِیْدٌ ۟
ඔහුගේ ක්රියාවන් වාර්තා කරන මලක්වරුන් දෙදෙනා ඔහු හමුවන අවස්ථාවේ සිටම ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු ඔහුගේ දකුණු පසින් ද දෙවැන්නා ඔහුගේ වම් පසින් ද වාඩි වී සිටියි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَا یَلْفِظُ مِنْ قَوْلٍ اِلَّا لَدَیْهِ رَقِیْبٌ عَتِیْدٌ ۟
යම් කිසි කෙනෙකු සිදු කරන ලද කිසියම් ප්රකාශයක් වී නම් ඔහු පවසන දෑ නිරීක්ෂා කරන මලක්වරයා ඔහු අසළ පෙනී සිටියි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَجَآءَتْ سَكْرَةُ الْمَوْتِ بِالْحَقِّ ؕ— ذٰلِكَ مَا كُنْتَ مِنْهُ تَحِیْدُ ۟
පලා යා නොහැකි මරණයේ උච්ඡතම අවස්ථාව පැමිණියේය. අහෝ අනවධානීව සිටි මිනිස! නුඹ ප්රමාද වෙමින් හා පලා යමින් සිටියේ මෙයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَنُفِخَ فِی الصُّوْرِ ؕ— ذٰلِكَ یَوْمُ الْوَعِیْدِ ۟
හොරණෑවෙහි පිඹීමට භාරකරන ලද මලක්වරයා දෙවන වර පිඹිණු ඇත. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි. දේව ප්රතික්ෂේපකයින් හා පාපිශ්ඨයින්ට දඬුවම ගැන අවවාද කරමින් සිටි දිනයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَجَآءَتْ كُلُّ نَفْسٍ مَّعَهَا سَآىِٕقٌ وَّشَهِیْدٌ ۟
සෑම ඇත්මයක්ම මෙහෙයවා ගෙන යන මලක්වරයා හා ඔහුගේ ක්රියාදාමයන් ගැන ඔහු මත සාක්ෂි දරණ මලක්වරයා පැමිණෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَقَدْ كُنْتَ فِیْ غَفْلَةٍ مِّنْ هٰذَا فَكَشَفْنَا عَنْكَ غِطَآءَكَ فَبَصَرُكَ الْیَوْمَ حَدِیْدٌ ۟
කැටුවාගෙන යනු ලබන මෙම මිනිසාට, ‘නුඹගේ ආශාවන් හා නුඹගේ වින්දනයන් නුඹව රවටා දමා ඇති හේතුව නිසාවෙන් මේ දිනය පිළිබඳව නුඹ නොසැලකිල්ලෙන් මෙලොවෙහි පසුවූයෙහිය. දඬුවම හා විනාශය නුඹ දෑසින් දකින්නට සලස්වා නුඹේ නොසැලකිලිමත්කම අපි නිරාවරණය කළෙමු. අද දින නුඹගේ බැල්ම ඉතා තියුණුය. නුඹ කවර කරුණක් පිළිබඳ නොසැලකිල්ලෙන් පසුවූයෙහි ද ඒ ගැන නුඹ දැනගනු ඇත.’ යැයි කියනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ قَرِیْنُهٗ هٰذَا مَا لَدَیَّ عَتِیْدٌ ۟ؕ
ඔහුගේ කටයුතු භාරව සිටින, ඔහුට සමීපව කටයුතු කරන මලක්වරයා, ‘මෙය කිසිදු අඩු කිරීමක් හෝ වැඩි කිරීමක් සිදු නොවූ මා සතුව ඇති ඔහුගේ ක්රියා ලේඛනය’ යැයි පවසයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلْقِیَا فِیْ جَهَنَّمَ كُلَّ كَفَّارٍ عَنِیْدٍ ۟ۙ
‘සත්යය ප්රතික්ෂේප කළ, එයට විරුද්ධ ව කටයුතු කළ සෑම කෙනෙකුවම නිරයට හෙළනු’ යැයි ඔහු ව කැටුවාගෙන යන හා ඔහු ගැන සාක්ෂි දරණ මලක්වරුන් දෙදෙනාහට අල්ලාහ් පවසයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَّنَّاعٍ لِّلْخَیْرِ مُعْتَدٍ مُّرِیْبِ ۟ۙ
අල්ලාහ් ඔහු වෙත අනිවාර්යය කළ උරුමයන් අධික ලෙස ඔහු වළක්වා ගන්නෙකි. අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා යන්නෙකි. ඔහු කවර ප්රතිඥාවක් හා අවවාදයක් දන්වා සිටින්නේද ඒ ගැන සැක කරන්නෙකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
١لَّذِیْ جَعَلَ مَعَ اللّٰهِ اِلٰهًا اٰخَرَ فَاَلْقِیٰهُ فِی الْعَذَابِ الشَّدِیْدِ ۟
නැමදුමෙහි අල්ලාහ් සමග හවුල් කර ගනිමින් ඔහු සමග නමදිනු ලබන වෙනත් පත් කර ගත් අය වනාහි, නුඹලා දෙදෙනා ඔහුව දැඩි දඬුවම තුළට හෙළනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ قَرِیْنُهٗ رَبَّنَا مَاۤ اَطْغَیْتُهٗ وَلٰكِنْ كَانَ فِیْ ضَلٰلٍۢ بَعِیْدٍ ۟
ෂාතානීය බලවේග අතරින් ඔහුට සමීප ව කටයුතු කළ අය, ‘අපගේ පරමාධිපතියාණනි, මම ඔහු ව නොමග නොයැව්වෙමි. නමුත් සත්යයෙන් දුරස් වූ නොමඟෙහි සිටියේ ඔහුය’ යැයි කරුණු දක්වා ඔහුගෙන් නිදහස් වී පවසා සිටියි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالَ لَا تَخْتَصِمُوْا لَدَیَّ وَقَدْ قَدَّمْتُ اِلَیْكُمْ بِالْوَعِیْدِ ۟
"නුඹලා මා ළඟ වාද නොකරනු. ඉන් කිසිදු ප්රයෝජනයක් නැත. මා ප්රතික්ෂේප කොට මට පිටුපෑ අය වෙත මාගේ දූතවරුන් ගෙන ආ දැඩි අවවාදයන් නුඹලා ඉදිරියේ තබනු ලැබීය’ යැයි අල්ලාහ්: පවසයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَا یُبَدَّلُ الْقَوْلُ لَدَیَّ وَمَاۤ اَنَا بِظَلَّامٍ لِّلْعَبِیْدِ ۟۠
මා ළඟ ඇති ප්රකාශය වෙනස් නොවන්නකි. මාගේ ප්රතිඥාව කඩ කරනු නොලබන්නකි. ගැත්තන්ගේ තිළිණ අඩු කිරීමෙන් හෝ ඔවුන්ගේ අකුසල් වැඩි කිරීමෙන් හෝ මම ඔහුට අපරාධ නොකරමි. ඔවුන් සිදු කළ දෑ අනුව මම ඔවුනට ප්රතිඵල පිරිනමමි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَ نَقُوْلُ لِجَهَنَّمَ هَلِ امْتَلَاْتِ وَتَقُوْلُ هَلْ مِنْ مَّزِیْدٍ ۟
‘නුඹ තුළ හෙළනු ලැබූ දේව ප්රතික්ෂේපකයින් හා පාපිෂ්ඨයින්ගෙන් නුඹ පිරී ඇත්තේ දැ?'යි අපි නිරයෙන් විමසන දින එය එහි පරමාධිපතිට පිළිතුරු දෙමින් තම පරමාධිපතිගේ කෝපය දැක ‘තවත් අමතර කිසිවෙකුත් වෙත්දැ?’යි විමසා සිටියි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِیْنَ غَیْرَ بَعِیْدٍ ۟
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔවුන්ගේ පරමාධිපතිට බැතිමත්ව කටයුතු කළවුනට ස්වර්ගය සමීප කරවනු ලැබේ. එහි ඇති සැප සම්පත් ඔවුනට දුරින් නොවන බව ඔවුන් දෑසින් දකිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هٰذَا مَا تُوْعَدُوْنَ لِكُلِّ اَوَّابٍ حَفِیْظٍ ۟ۚ
ඔහුගේ පරමාධිපති වෙත තව්බා -පශ්චාත්තාප වී- යොමුවුණු ඔහුගේ පරමාධිපති ඔහුට අනිවාර්යය කළ දෑ ප්රවේසමෙන් පිළිපැද්දා වූ සෑම කෙනෙකු වෙනුවෙන්ම අල්ලාහ් නුඹලාට දුන් ප්රතිඥාව මෙය යැයි ඔවුනට පවසනු ලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَنْ خَشِیَ الرَّحْمٰنَ بِالْغَیْبِ وَجَآءَ بِقَلْبٍ مُّنِیْبِ ۟ۙ
අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදකින තත්ත්වයක රහසේ අල්ලාහ්ට බිය වී අල්ලාහ් වෙත අධිකව යොමු වී පිළිගනු ලබන මනා හදවතකින් යුතුව ඔහුව හමුවන්නන්හට... (පවසනු ලැබේ.)
የአረብኛ ቁርኣን ማብራሪያ:
١دْخُلُوْهَا بِسَلٰمٍ ؕ— ذٰلِكَ یَوْمُ الْخُلُوْدِ ۟
‘නුඹලා පිළිකුල් කරන දැයින් සුරක්ෂිතව ශාන්තිය හා බැඳුණු පිවිසුමකින් නුඹලා ස්වර්ගයට ඇතුලු වනු. පවතින එම දිනය, ඉන් පසු එයට විනාශයක් නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَهُمْ مَّا یَشَآءُوْنَ فِیْهَا وَلَدَیْنَا مَزِیْدٌ ۟
ඔවුන් අභිමත කරන සුව පහසුකම් ඔවුනට එහි ඇත. එය අහිමි වී යන්නේ නැත. එම සුව පහසුකම්වලට අමතර ව කිසිදු දෑසක් නොදුටු කිසිදු කනකින් අසා නැති කිසිදු මිනිස් සිතකින් කල්පනය කළ නොහැකි දෑද ඔවුනට එහි ඇත. ඒ අතරින් ශුද්ධවන්තයාණන් වූ අල්ලාහ්ව දැකීම ද එකකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• علم الله بما يخطر في النفوس من خير وشر.
•සිත් තුළ දිව යන යහපත හා අයහපත පිළිබඳ අල්ලාහ් දනියි.

• خطورة الغفلة عن الدار الآخرة.
•මතුලොව නිවහන පිළිබඳ නොසැලකිල්ලෙන් පසුවීමේ අනතුර.

• ثبوت صفة العدل لله تعالى.
•අල්ලාහ් සතු සාධාරණත්වයේ ස්වරූපය සහතික කිරීම.

وَكَمْ اَهْلَكْنَا قَبْلَهُمْ مِّنْ قَرْنٍ هُمْ اَشَدُّ مِنْهُمْ بَطْشًا فَنَقَّبُوْا فِی الْبِلَادِ ؕ— هَلْ مِنْ مَّحِیْصٍ ۟
මක්කාවාසීන් අතර සිටි, දෙවියන්ට ආදේශ තබන මෙම බොරුකාරයිනට පෙර, කොපමණ අධික සංඛ්යාවක සමූහයා අපි විනාශ කළෙමු ද? ඔවුන් මොවුනට වඩා බලවත් අය වූවෝය. දඬුවමෙන් පළා යා හැකි තැනක් ඔවුනට සොයා ගත හැකි වේවි යන අපේක්ෂාවෙන් විවිධ දේශවල ඔවුන් සැරිසරන්නට වූහ. නමුත් ඔවුහු එවන් ස්ථානයක් නො ලැබුවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ فِیْ ذٰلِكَ لَذِكْرٰی لِمَنْ كَانَ لَهٗ قَلْبٌ اَوْ اَلْقَی السَّمْعَ وَهُوَ شَهِیْدٌ ۟
පෙර විසූ ජන සමූහයන් පිළිබඳ මෙනෙහි කරනු ලැබූ දෑහි සැබැවින්ම නොසලකා නොහැර, ඒ ගැන වටහා ගත හැකි හදවතක් හෝ එම හදවත ඉදිරියේ සාවදානයෙන් සවන් දිය හැකි හදවතක් ඇති උදවියට මෙනෙහි කිරීමක් හා උපදෙසක් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ خَلَقْنَا السَّمٰوٰتِ وَالْاَرْضَ وَمَا بَیْنَهُمَا فِیْ سِتَّةِ اَیَّامٍ ۖۗ— وَّمَا مَسَّنَا مِنْ لُّغُوْبٍ ۟
එක් මොහොතකින් මවන්නට අපට හැකියාව තිබියදී දින හයක් තුළ සැබැවින්ම අපි අහස් හා මහපොළොව මැව්වෙමු. එමෙන්ම අහස් හා මහපොළොව අතර ඇති දෑ ද මැව්වෙමු. යුදෙව්වන් පවසනවාක් මෙන් කිසිදු වෙහෙසක් අපට හට ගැනුනේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاصْبِرْ عَلٰی مَا یَقُوْلُوْنَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوْعِ الشَّمْسِ وَقَبْلَ الْغُرُوْبِ ۟ۚ
අහෝ දූතය! එහෙයින් යුදෙව්වන් හා වෙනත් අය පවසා සිටින දෑ මත නුඹ ඉවසීමෙන් සිටිනු. නුඹේ පරමාධිපතිට පමණක් ප්රශංසා කරමින් හිරු උදාවීමට පෙර ෆජ්ර් සලාතය ඉටු කරනු. හිරු අවරට යෑමට පෙර අසර් සලාතය ඉටු කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمِنَ الَّیْلِ فَسَبِّحْهُ وَاَدْبَارَ السُّجُوْدِ ۟
රාත්රියෙන් කොටසක ද ඔහු වෙනුවෙන් නුඹ සලාතය ඉටු කරනු. සලාත් නැමදුම්වලට පසුව ඔහුව තස්බීහ් පවසා සුවිශුද්ධ කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاسْتَمِعْ یَوْمَ یُنَادِ الْمُنَادِ مِنْ مَّكَانٍ قَرِیْبٍ ۟ۙ
අහෝ දූතය! දෙවන පිඹුම හොරණෑවෙහි පිඹින්නට භාරකරන ලද මලක්වරයාව ඉතා සමීප තැනකින් අමතන දිනයට නුඹ සවන් දෙනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَّوْمَ یَسْمَعُوْنَ الصَّیْحَةَ بِالْحَقِّ ؕ— ذٰلِكَ یَوْمُ الْخُرُوْجِ ۟
එය කිසිදු සැකයක් නොමැති සැබෑ ලෙසින්ම යළි අවදි කිරීමේ මහා හඬට සියලු මැවීම් සවන් දෙන දිනයයි. එයට සවන් දෙන එම දිනය විනිශ්චය හා ප්රතිඵල සඳහා මිය ගිය ඇත්තන් ඔවුන්ගේ මිණීවල්වල්වලින් බැහැර කරන දිනයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّا نَحْنُ نُحْیٖ وَنُمِیْتُ وَاِلَیْنَا الْمَصِیْرُ ۟ۙ
සැබැවින්ම අපි ජීවය දෙන්නෙමු. මරණයට පත් කරන්නෙමු. අප හැර ජීවය දෙන්නට හෝ මරණයට පත් කරන්නට හෝ වෙනත් කිසිවෙකු නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා සියලු ගැත්තන් නැවත හැරී එනුයේ අප වෙත පමණය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَ تَشَقَّقُ الْاَرْضُ عَنْهُمْ سِرَاعًا ؕ— ذٰلِكَ حَشْرٌ عَلَیْنَا یَسِیْرٌ ۟
එදින මහපොළොව පැළී ඔවුන්ගෙන් ඈත්වනු ඇත. එවිට ඔවුහු ඉතා සීග්රයෙන් එයින් බැහැර වෙති. එසේ රැස් කිරීම අප වෙත පහසු කාර්යයකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
نَحْنُ اَعْلَمُ بِمَا یَقُوْلُوْنَ وَمَاۤ اَنْتَ عَلَیْهِمْ بِجَبَّارٍ ۫— فَذَكِّرْ بِالْقُرْاٰنِ مَنْ یَّخَافُ وَعِیْدِ ۟۠
මෙම බොරුකාරයින් පවසනුයේ කුමක් දැ?යි අපි මැනවින් දන්නෙමු. අහෝ දූතය! නුඹ ඔවුන් මත ආධිපත්යය දරා, දේව විශ්වාසය වෙත බලහත්කාරකම් කරන්නෙකු නොවේ. සැබැවින්ම නුඹ වනාහි අල්ලාහ් කවර කරුණක් ප්රචාරය කරන්නැයි නුඹට නියෝග කර ඇත්තේ ද එය ප්රචාරය කරන්නෙකු පමණය. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හා පිටුපාන්නන්හට මා කළ අවවාදය නුඹ බියවන්නන් හට අල් කුර්ආනය තුළින් මෙනෙහි කරනු. ඊට හේතුව එසේ මෙනෙහි කරනු ලැබූ විට උපදෙස් ලබා ප්රයෝජනය ලබනුයේ එවැන් බියවන්නන් පමණක් වන බැවිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الاعتبار بوقائع التاريخ من شأن ذوي القلوب الواعية.
•ඉතිහාසයේ සිදු වූ සිදුවීම් තුළින් පාඩම් ලැබීම සවිඥානී හදවත් ඇත්තන්ගේ කටයුත්තකි.

• خلق الله الكون في ستة أيام لِحِكَم يعلمها الله، لعل منها بيان سُنَّة التدرج.
•අල්ලාහ්ගේ දැනුමෙහි පවතින ප්රඥාවක් හේතුවෙන් දින හයක දී ඔහු මුළු විශ්වයම මැව්වේය. ඇතැම් විට අදියරයෙන් අදියර ක්රියාත්මක වීමේ ක්රියාවලිය පිළිබඳ පැහැදිළි කිරීම සඳහා විය හැකිය.

• سوء أدب اليهود في وصفهم الله تعالى بالتعب بعد خلقه السماوات والأرض، وهذا كفر بالله.
•අහස් හා මහපොළොව මැවීමෙන් පසු අල්ලාහ් වෙහෙසට පත්ව ඇතැයි යුදෙව්වන් ඔහු ගැන විස්තර කිරීමේ නපුරු පුරුද්ද. අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීම ද එලෙසමය.

 
የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ ቃፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት