Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ሙጃደላ   አንቀጽ:

අල් මුජාදලා

ከመዕራፉ ዓላማዎች:
إظهار علم الله الشامل وإحاطته البالغة، تربيةً لمراقبته، وتحذيرًا من مخالفته.
අල්ලාහ් පිළිබඳ අවධානයෙන් පසුවීමට පුරුදු පුහුණු කිරීමක් හා ඔහුට විරුද්ධ වීම ගැන අවවාද කරන්නක් වශයෙන් පිහිටන සේ සියල්ල සර්වප්රකාරයෙන් ආවරණය වූ අල්ලාහ්ගේ දැනුමේ විද්යාමානය.

قَدْ سَمِعَ اللّٰهُ قَوْلَ الَّتِیْ تُجَادِلُكَ فِیْ زَوْجِهَا وَتَشْتَكِیْۤ اِلَی اللّٰهِ ۖۗ— وَاللّٰهُ یَسْمَعُ تَحَاوُرَكُمَا ؕ— اِنَّ اللّٰهَ سَمِیْعٌ بَصِیْرٌ ۟
(කව්ලා බින්ත් සඃලබා නම්) කාත්තාව ඇයගේ ස්වාමියා (වූ අවුස් ඉබ්නු අස්සාමිත්) පිළිබඳ විෂයයෙහි නුඹ සමග ඇය කළ වාදය ඇයගෙන් හෙළි වූ කල්හි අල්ලාහ් ඇයගේ ප්රකාශයට සවන් දුන්නේය. ඇයගේ සැමියා ඇයට කළ දෑ ගැන ඇය අල්ලාහ් වෙත පැමිණිලි කර සිටියාය. අල්ලාහ් නුඹලා දෙදෙනාගේ වාදයට සවන් දුන්නේය. ඔහුගෙන් කිසිවක් සැඟවිය නොහැක. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශවලට සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් දෙස බලා සිටින්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَّذِیْنَ یُظٰهِرُوْنَ مِنْكُمْ مِّنْ نِّسَآىِٕهِمْ مَّا هُنَّ اُمَّهٰتِهِمْ ؕ— اِنْ اُمَّهٰتُهُمْ اِلَّا الّٰٓـِٔیْ وَلَدْنَهُمْ ؕ— وَاِنَّهُمْ لَیَقُوْلُوْنَ مُنْكَرًا مِّنَ الْقَوْلِ وَزُوْرًا ؕ— وَاِنَّ اللّٰهَ لَعَفُوٌّ غَفُوْرٌ ۟
ජනයා අතරින් කිසිවෙකු තම බිරියට ‘ඔබ මට මාගේ මවගේ පිටට සමානය’ යැයි පවසමින් ‘ළිහාර්’ (අඹු සැමි ඇසුරෙන් ඈත් වන බවට) පවසා සිටන්නන් වනාහි, ඔවුන්ගේ එම ප්රකාශයේ ඔවුන් බොරු පවසා ඇත. ඔවුන්ගේ බිරියන් ඔවුන්ගේ මව්වරුන් මෙන් නැත. සැබැවින්ම ඔවුන්ගේ මව්වරුන් ඔවුන් බිහිකළ අය වෙති. සැබැවින්ම ඔවුන් එම ප්රකාශය පවසන විට ප්රකාශ කරන ඇත්තේ බරපතල ප්රකාශයක් මෙන්ම අසත්යය ප්රකාශයකි. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. එහෙයින් ඔවුන් පාපයෙන් පිරිසිදු කිරීම සඳහා ප්රතිකර්මයක් ඔහු ඔවුනට ආගමානුගත කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ یُظٰهِرُوْنَ مِنْ نِّسَآىِٕهِمْ ثُمَّ یَعُوْدُوْنَ لِمَا قَالُوْا فَتَحْرِیْرُ رَقَبَةٍ مِّنْ قَبْلِ اَنْ یَّتَمَآسَّا ؕ— ذٰلِكُمْ تُوْعَظُوْنَ بِهٖ ؕ— وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ خَبِیْرٌ ۟
මෙම බරපතල ප්රකාශය පවසන්නන් වනාහි, ඔවුන් අතරින් කවරෙකු ළිහාර් ප්රකාශ කළේද නැවතත් ඔවුන් සමග අඹු සැමි ඇසුර අපේක්ෂා කරති. එවිට ඔවුන් ඔවුන් සමග සංවාසයේ යෙදීමට පෙර ප්රතිකර්මයක් වශයෙන් වහලියක් නිදහස් කළ යුතුය. සඳහන් කරනු ලැබූ මෙම නීතිය නුඹලාට නියෝග කරනු ලැබ ඇත්තේ ළිහාර් ප්රකාශයෙන් නුඹලාව වැළැක්වීමක් වශයෙනි. නුඹලා සිදු කරන දෑ පිළිබඳ සියලු තොරතුරු අල්ලාහ් දන්නේය. නුඹලාගේ කිසිදු ක්රියාවක් ඔහුට සැඟ වී යන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَنْ لَّمْ یَجِدْ فَصِیَامُ شَهْرَیْنِ مُتَتَابِعَیْنِ مِنْ قَبْلِ اَنْ یَّتَمَآسَّا ۚ— فَمَنْ لَّمْ یَسْتَطِعْ فَاِطْعَامُ سِتِّیْنَ مِسْكِیْنًا ؕ— ذٰلِكَ لِتُؤْمِنُوْا بِاللّٰهِ وَرَسُوْلِهٖ ؕ— وَتِلْكَ حُدُوْدُ اللّٰهِ ؕ— وَلِلْكٰفِرِیْنَ عَذَابٌ اَلِیْمٌ ۟
නුඹලා අතරින් කිසිවෙකුට හෝ එසේ නිදහස් කළ හැකි කාන්තාවක් නොලැබුවේ නම් තමන් ලිහාර් කළ බිරිය සමග අඹු සැමි ඇසුරෙහි නිරත වීමට පෙර අඛණ්ඩ ව මාස දෙකක් උපවාසයේ නිරත විය යුතුයි. අඛණ්ඩ ව මාස දෙකක් උපවාසයේ නිරත වීමට හැකියාවක් නොමැත්තා, ඔහු දුප්පතුන් හැට දෙනෙකුට ආහාරය සැපයිය යුතුයි. අප මෙම තීන්දුව නියම කර ඇත්තේ සැබැවින්ම එය අල්ලාහ් නියෝග කළ බවට නුඹලා විශ්වාස කොට එම නියෝගය නුඹලා විසින් පිළිපැද ඔහුගේ දූතයාණන් අනුගමනය කිරීමටය. අපි නුඹලාට ආගමානුගත කළ නීතිරීති අල්ලාහ් තම ගැත්තන්හට නියම කළ සීමාවන් වේ. එබැවින් නුඹලා ඒවා කඩ නොකරනු. අල්ලාහ්ගේ නීතිය හා ඔහු නියම කළ සීමාවන් ප්රතික්ෂේප කරන්නන් හට වේදනීය දඬුවමක් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الَّذِیْنَ یُحَآدُّوْنَ اللّٰهَ وَرَسُوْلَهٗ كُبِتُوْا كَمَا كُبِتَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ وَقَدْ اَنْزَلْنَاۤ اٰیٰتٍۢ بَیِّنٰتٍ ؕ— وَلِلْكٰفِرِیْنَ عَذَابٌ مُّهِیْنٌ ۟ۚ
අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ ව කටයුතු කරන්නන් වනාහි, පෙර සමූහයින් අතරින් ඔහුට විරුද්ධ ව කටයුතු කළ වුන් අවමානයට හා අපහාසයට පත් වූ අයුරින්ම ඔවුන් ද අවමානයට හා අපාහසයට පත්වනු ඇත. සැබැවින්ම අපි පැහැදිලි සංඥාවන් පහළ කර ඇත්තෙමු. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මෙන්ම ඔහුගේ වදන් ප්රතික්ෂේප කරන්නන්හට නින්දා සහගත දඬුවමක් ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَ یَبْعَثُهُمُ اللّٰهُ جَمِیْعًا فَیُنَبِّئُهُمْ بِمَا عَمِلُوْا ؕ— اَحْصٰىهُ اللّٰهُ وَنَسُوْهُ ؕ— وَاللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ شَهِیْدٌ ۟۠
අල්ලාහ් ඔවුන් සියලු දෙනා යළි අවදි කරන දිනයෙහි ඔවුන් අතරින් කිසිවෙකුට කිසිදු අසාධාරණයක් ඔහු සිදු නොකරයි. මෙලොවෙහි ඔවුන් සිදු කළ අශීලාචාර ක්රියාවන් පිළිබඳ ඔහු ඔවුනට දන්වා සිටියි. අල්ලාහ් එය ඔවුන් සඳහා සටහන් කර ඇත. ඔවුන්ගේ කිසිදු ක්රියාවක් ඔහුට අතපසු වන්නේ නැත. නමුත් ඔවුහු එය අමතක කළෝය. සුළු හෝ විශාල කිසිදු දෙයක් අත් නොහැර සටහන් කර, ඇති ඔවුන්ගේ වාර්තාවන්හි ලියනු ලැබ තිබීම ඔවුහු දකිති. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ නිරීක්ෂාවෙන් සිටියි. ඔවුන්ගේ කිසිදු ක්රියාවක් ඔහුට සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• لُطْف الله بالمستضعفين من عباده من حيث إجابة دعائهم ونصرتهم.
•ඔහුගේ ගැත්තන් අතර සිටින දුර්වල හා දුබලයින්ගේ ප්රාර්ථනාවන් පිළිගෙන, ඔවුනට උපකාර කිරීමෙන් අල්ලාහ් ඔවුන් කෙරෙහි දක්වා ඇති සෙනෙහස.

• من رحمة الله بعباده تنوع كفارة الظهار حسب الاستطاعة ليخرج العبد من الحرج.
•ගැත්තන් තමන් කළ ළිහාර් වරදින් බැහැර වීම සඳහා වූ ප්රතිකර්ම ඔවුනට හැකි පමණින් ඉටු කරනු පිණිස ඒවා විවිධ ප්රතිකර්මයන් බවට පත් කර තිබීමේ අල්ලාහ්ගේ කරුණාව.

• في ختم آيات الظهار بذكر الكافرين؛ إشارة إلى أنه من أعمالهم، ثم ناسب أن يورد بعض أحوال الكافرين.
•ළිහාර්හි පාඨවල අවසානයේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් පිළිබඳ සිහිපත් කරයි. සැබැවින්ම එය ඔවුන්ගේ ක්රියාවන් අතරින් වන බව පෙන්වා දෙන්නක් ලෙසිනි. පසුව දේව ප්රතික්ෂේපකයින්ගේ අතැම් තත්ත්වයන් පිළිබඳ තොරතුරු සපයයි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ሙጃደላ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት