የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (10) ምዕራፍ: ሱረቱ አል ሙምተሂና
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِذَا جَآءَكُمُ الْمُؤْمِنٰتُ مُهٰجِرٰتٍ فَامْتَحِنُوْهُنَّ ؕ— اَللّٰهُ اَعْلَمُ بِاِیْمَانِهِنَّ ۚ— فَاِنْ عَلِمْتُمُوْهُنَّ مُؤْمِنٰتٍ فَلَا تَرْجِعُوْهُنَّ اِلَی الْكُفَّارِ ؕ— لَا هُنَّ حِلٌّ لَّهُمْ وَلَا هُمْ یَحِلُّوْنَ لَهُنَّ ؕ— وَاٰتُوْهُمْ مَّاۤ اَنْفَقُوْا ؕ— وَلَا جُنَاحَ عَلَیْكُمْ اَنْ تَنْكِحُوْهُنَّ اِذَاۤ اٰتَیْتُمُوْهُنَّ اُجُوْرَهُنَّ ؕ— وَلَا تُمْسِكُوْا بِعِصَمِ الْكَوَافِرِ وَسْـَٔلُوْا مَاۤ اَنْفَقْتُمْ وَلْیَسْـَٔلُوْا مَاۤ اَنْفَقُوْا ؕ— ذٰلِكُمْ حُكْمُ اللّٰهِ ؕ— یَحْكُمُ بَیْنَكُمْ ؕ— وَاللّٰهُ عَلِیْمٌ حَكِیْمٌ ۟
අහෝ අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ආගමානුගත කළ දෑ අනුව ක්රියා කරන්නනි! දේව ප්රතික්ෂේපකයින් සිටින භූමියේ සිට ඉස්ලාමීය භූමිය වෙත නික්ම වී දේවත්වය විශ්වාස කරන කාන්තාවන් පැමිණි විට ඔවුන්ගේ දේව විශ්වසය සහතික කර ගැනීම සඳහා ඔවුන් පරීක්ෂණයකට ලක් කරනු. ඔවුන්ගේ විශ්වාසය පිළිබඳ මැනවින් දන්නා අල්ලාහ්ය. ඔවුන්ගේ හදවත් කවර කරුණක් පිළිබඳ සම්බන්ධකම් පවත්වන්නේ ද එය ඔහුට සැඟවී යන්නේ නැත. ඔවුන් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු ව ඔවුන්ගේ සත්යභාවය සනාථ වී ඔවුන් දෙවියන් විශ්වාස කරන කාන්තාවන් බව නුඹලා දැන ගත්තෙහු නම්, ඔවුන්ගේ දේව ප්රතික්ෂේපිත සැමියන් වෙත නැවත ඔවුන් හරවා නො යවනු. සැබැවින්ම දේව විශ්වාසී කාන්තාවන්ට දේව ප්රතික්ෂේපකයින් විවාහ වීම අනුමත නොවන්නේය. දේව ප්රතික්ෂේපකයින්ට දේව විශ්වාසී කාන්තාවන් විවාහ කර දීම ද අනුමත නො වන්නේය. ඔවුන් දේව ප්රතික්ෂේපිත සැමියන්ගෙන් ලබා ගත් මහර්වලින් වියදම් කළ දෑ ඔවුන්ගේ සැමියන්ට ලබා දෙනු. එම කාන්තාවන්ට ඔවුන්ගේ මහර්- විවාහ ත්යාගය ලබා දෙන්නේ නම් ඔවුන්ගේ ඉද්දා -පොරොත්තු කාලය අවසන් වීමෙන් පසු නුඹලා ඔවුන් විවාහ කර ගැනීමෙහි නුඹලාට වරදක් නැත. කවරෙකුගේ බිරිය දේව ප්රතික්ෂේපිත කාන්තාවක වූවාද එසේ නැතිනම් ඉස්ලාමයෙන් ඉවත් වූවා ද ඇය ව රඳවා තබා නො ගනු. එය ඇයගේ දේව ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන් දෙදෙනාගෙන් විවාහ සම්බන්ධකම බිඳී යන බැවිණි. ඉස්ලාමය හැර දමා ගිය නුඹලාගේ බිරියන් වෙනුවෙන් නුඹලා වියදම් කළ මහර් එම දේව ප්රතික්ෂේපකයින්ගෙන් ඉල්ලා ගනු. ඉස්ලාමය වැළඳගත් ඔවුන්ගේ බිරියන් වෙනුවෙන් වියදම් කළ ඔවුන්ගේ මහරය -විවාහ ත්යාගය- ඔවුන් ඉල්ලා ගනිත්වා! නුඹලාගේ පාර්ශවයෙන් හා ඔවුන්ගේ පාර්ශවයෙන් මහර් නැවත හරවා දීම ගැන සඳහන් කරනු ලැබූ මෙය අල්ලාහ්ගේ තීන්දුවයි. ශුද්ධ වූ අල්ලාහ් ඔහු අභිමත කරන පරිදි නුඹලා අතර තීන්දු කරයි. ඔහුගේ ගැත්තන්ගේ තත්ත්වයන් හා ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ අල්ලාහ් සර්වඥානීය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු තම ගැත්තන්හට ආගමානුගත කරන දෑහි ඔහු මහා ප්රඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• في تصريف الله القلب من العداوة إلى المودة، ومن الكفر إلى الإيمان إشارة إلى أن قلوب العباد بين إصبعين من أصابعه سبحانه، فليطلب العبد منه الثبات على الإيمان.
•සතුරුකමින් ආදරය වෙතත්, දේව ප්රතික්ෂේපයෙන් දේව විශ්වාසය වෙතත් අල්ලාහ් හදවත් පෙරළීමෙහි සැබැවින්ම ගැත්තාගේ හදවත් ශුද්ධවන්තයාණන් වූ ඔහුගේ ඇගිලි අතරින්, ඇගිලි දෙකක් අතර පවතින බව පෙන්වා දෙයි. එහෙයින් ගැත්තා තම දේව විශ්වාසය මත වූ ස්ථාවරත්වය ඔහුගෙන් ඉල්ලා සිටිය යුතුයි.

• التفريق في الحكم بين الكفار المحاربين والمسالمين.
•විරුද්ධවාදී ප්රතික්ෂේපකයින් හා සාමකාමී ප්රතික්ෂේපකයින් අතර නීතියෙහි වෙන් කර දැක්වීම.

• حرمة الزواج بالكافرة غير الكتابية ابتداءً ودوامًا، وحرمة زواج المسلمة من كافر ابتداءً ودوامًا.
•ආගම්ලත් කාන්තාවන් හැර, අලුතින් මෙන්ම සැමවිටම දෙවියන් ප්රතික්ෂේප කරන කාන්තාවන් විවාහ කර ගැනීමේ තහනම. එමෙන්ම අලුතින් මෙන්ම සැමවිටම දේව ප්රතික්ෂේපකයෙකුට මුස්ලිම් කාන්තාවක් විවාහ කර දීමේ තහනම.

 
የይዘት ትርጉም አንቀጽ: (10) ምዕራፍ: ሱረቱ አል ሙምተሂና
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት