Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ጁሙዓህ   አንቀጽ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِذَا نُوْدِیَ لِلصَّلٰوةِ مِنْ یَّوْمِ الْجُمُعَةِ فَاسْعَوْا اِلٰی ذِكْرِ اللّٰهِ وَذَرُوا الْبَیْعَ ؕ— ذٰلِكُمْ خَیْرٌ لَّكُمْ اِنْ كُنْتُمْ تَعْلَمُوْنَ ۟
අහෝ අල්ලාහ්ව විශ්වාස කොට, ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව කටයුතු කළවුනි! ජුමුආ -සිකුරාදා- දින දේශකයා වේදිකාව මත නැග ගත් පසු අදාන් පවසන්නා සලාතය සඳහා ඇරයුම් කරන විට දේශනාවට හා සලාතයට සහභාගී වීම සඳහා මස්ජිදයට සීග්රයෙන් යනු. අල්ලාහ්ට අවනත වීමෙන් නුඹලා වෙනතකට යොමු නොකරනු පිණිස නුඹලා ව්යාපාරික කටයුතු අතහැර දමනු. ජුමුආ සලාතය සඳහා අදාන් ඇරයුම් කිරීමෙන් පසු ඉක්මණින් යෑම හා ව්යාපාරය අතහැර දැමීමෙහි මහිමය නුඹලා හරිහැටි දන්නෙහු නම් අහෝ දේව විශ්වාසී ජනයිනි! එය නුඹලාට යහපත් වනු ඇත. එහෙයින් නුඹලාට අල්ලාහ් කවර නියෝගයක් කර ඇත්තේ ද එය අනුගමනය කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاِذَا قُضِیَتِ الصَّلٰوةُ فَانْتَشِرُوْا فِی الْاَرْضِ وَابْتَغُوْا مِنْ فَضْلِ اللّٰهِ وَاذْكُرُوا اللّٰهَ كَثِیْرًا لَّعَلَّكُمْ تُفْلِحُوْنَ ۟
ජුමුආ සලාතය නුඹලා අවසන් කළ විට අනුමත ඉපැයීම් හා නුඹලාගේ අවශ්යතා සොයමින් මහපොළොවේ සැරිසරනු. අල්ලාහ්ගේ භාග්යයෙන් අනුමත ඉපැයීම් හා අනුමත ලාභ මාර්ග සොයනු. එම පෝෂණ සම්පත් නුඹලා සොයන අතරවාරයේ අධික ලෙස අල්ලාහ්ව මෙනෙහි කරනු. නුඹලා පෝෂණ සම්පත් සෙවීමේදී නුඹලා ප්රිය කරන ජයග්රහණය බලාපොරොත්තුවෙන් හා නුඹලා බිය වන දැයින් මිදීමේ බලාපොරොත්තුවෙන් අල්ලාහ්ව මෙනෙහි කිරීම නුඹලා අමතක කර නොදැමිය යුතුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِذَا رَاَوْا تِجَارَةً اَوْ لَهْوَا ١نْفَضُّوْۤا اِلَیْهَا وَتَرَكُوْكَ قَآىِٕمًا ؕ— قُلْ مَا عِنْدَ اللّٰهِ خَیْرٌ مِّنَ اللَّهْوِ وَمِنَ التِّجَارَةِ ؕ— وَاللّٰهُ خَیْرُ الرّٰزِقِیْنَ ۟۠
ඇතැම් මුස්ලිම්වරුන් යම් කිසි වෙළඳාමක් හෝ විනෝදයක් දෑසින් දකින විට, අහෝ දූතය! වේදිකාව මතම නුඹව සිට ගැනීමට සලස්වා ඔවුන් නුඹෙන් වෙන් වී ඒ වෙත බැහර වී යති. අහෝ දූතය! දැහැමි ක්රියාවන් සඳහා අල්ලාහ් අභියස ඇති ප්රතිඵල නුඹලා කවර වෙළඳාමක් හෝ විනෝදයක් වෙනුවෙන් පිටත්ව යන්නේ ද එයට වඩා උතුම් වන්නේය. පෝෂණ සම්පත් පිරිනැමීමේ දී අල්ලාහ් ඉතා ශ්රේෂ්ඨය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• وجوب السعي إلى الجمعة بعد النداء وحرمة ما سواه من الدنيا إلا لعذر.
•ජුමුආ සලාතය සඳහා ඇරයුම් කිරීමෙන් පසු ඒ වෙත යුහුසුළු ව යෑමේ අනිවාර්යභාවය. ඒ හැර නිදහසට කරුණු දැක්විය හැකි හේතුවක් සඳහා මිස වෙනත් දෑ කිරීමේ තහනම.

• تخصيص سورة للمنافقين فيه تنبيه على خطورتهم وخفاء أمرهم.
•මෙම සූරාව කුහකයින් සඳහා විශේෂගත කොට ඇත. එහි ඔවුන්ගේ වැරදි හා ඔවුන්ගේ කටයුතු තුළ සැඟ වී ඇති දෑ දැනුම්වත් කර සිටියි.

• العبرة بصلاح الباطن لا بجمال الظاهر ولا حسن المنطق.
•බාහිරයෙන් පෙනෙන අලංකාරයෙන් හෝ සිත්ගන්නා සුළු කතාවෙන් නොව අභ්යන්තරයේ පවතින යහපත් දැයින් පාඩම් ලැබීම.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ጁሙዓህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት