Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አት ተጋቡን   አንቀጽ:

අත් තාඝාබුන්

ከመዕራፉ ዓላማዎች:
التحذير مما تحصل به الندامة والغبن يوم القيامة.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හිමිවන ප්රතිලාභ හා ඇතිවන පසුතැවිලිවීම් ගැන අවවාදයෙන් සිටීම.

یُسَبِّحُ لِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ۚ— لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ ؗ— وَهُوَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
අල්ලාහ්ට සුදුසු නොවන අඩුපාඩු සහිත සියලු ගුණාංගවලින් පිරිසිදු කොට අහස්හි හා මහපොළොවේ ඇති සියලු මැවීම්, ඔහුව පිවිතුරු කරති. සුවිශුද්ධ කරති. රාජ්ය පාලනය ඔහුට පමණක් සතුය. ඔහු හැර වෙනත් පාලකයෙකු නැත. සියලු පැසසුම් ඔහු සතුය. සියලු දෑ කෙරෙහි ඔහු සර්වබලධාරීය. කිසිවකු විසින් ඔහුව පරාජය කළ නොහැක.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُوَ الَّذِیْ خَلَقَكُمْ فَمِنْكُمْ كَافِرٌ وَّمِنْكُمْ مُّؤْمِنٌ ؕ— وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ بَصِیْرٌ ۟
අහෝ ජනයිනි! නුඹලාව මැව්වේ ඔහුය. නුඹලා අතර ඔහු ව ප්රතික්ෂේප කරන්නන් ද සිටිති. ඔවුන්ගේ නවාතැන නිරා ගින්නයි. එමෙන්ම නුඹලා අතර ඔහුව විශ්වාස කරන්නන් ද සිටිති. ඔවුන්ගේ නවාතැන ස්වර්ග උයනයි. නුඹලා සිදු කරන දෑ ගැන අල්ලාහ් සර්ව නිරීක්ෂකය. නුඹලාගේ කිසිදු ක්රියාවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ بِالْحَقِّ وَصَوَّرَكُمْ فَاَحْسَنَ صُوَرَكُمْ ۚ— وَاِلَیْهِ الْمَصِیْرُ ۟
අහස් හා මහපොළොව යුක්ති ධර්මයෙන් යුතුව ඔහු මැව්වේය. ඒ දෙක නිකරුණේ මවා නැත. අහෝ ජනයිනි! ඔහුගෙන් වූ දායදයක් හා භාග්යයක් වශයෙන් නුඹලාගේ හැඩරුව ඔහු වඩාත් අලංකාර ලෙස හැඩැගැන්වීය. ඔහු අභිමත කර තිබුණේ නම්, එය අප්රසන්න ලෙස මවන්නට තිබුණි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නැවත හැරී යන්නේ ඔහු වෙත පමණය. එවිට නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. එය යහපත් වී නම් යහපතය. එය අයහපත් වී නම් අයහපතය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَعْلَمُ مَا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ وَیَعْلَمُ مَا تُسِرُّوْنَ وَمَا تُعْلِنُوْنَ ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟
අහස්හි ඇති දෑ ඔහු දනී. මහපොළොවේ ඇති දෑ ද ඔහු දනී. නුඹලා සඟවන හා නුඹලා දන්වා සිටින දෑ ගැන ද ඔහු දනී. හදවත් තුළ ඇති හොඳ නරක සියල්ල පිළිබඳ අල්ලාහ් සර්වඥය. එවායින් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَمْ یَاْتِكُمْ نَبَؤُا الَّذِیْنَ كَفَرُوْا مِنْ قَبْلُ ؗ— فَذَاقُوْا وَبَالَ اَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
අහෝ දෙවියන්ට ආදේශ කරන්නනි! නූහ්, ආද්, සමූද් හා වෙනත් සමූහයන් මෙන් නුඹලාට පෙර විසූ බොරුකාර සමූහයන් පිළිබඳ තොරතුරු නුඹලා වෙත නොපැමිණියේ ද? මෙලොවෙහි ඔවුන් ප්රතික්ෂේපයේ සිටි බැවින් ඒ සඳහා වූ දඬුවම ඔවුහු භුක්ති වින්දෝය. මතුලොවෙහි ද වේදනීය දඬුවමක් ඔවුනට ඇත. එසේය, නුඹලා වෙත එම තොරතුරු පැමිණ ඇත. එහෙයින් ඔවුන්ගේ කටයුතුවලට අදාළ කරුණු ගැන සැලකිලිමත් වන්න. ඔවුනට අත් වූ දෑ නුඹලාට අත්වන්නට පෙර අල්ලාහ් වෙත සමාව අයැද යොමු වන්න.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذٰلِكَ بِاَنَّهٗ كَانَتْ تَّاْتِیْهِمْ رُسُلُهُمْ بِالْبَیِّنٰتِ فَقَالُوْۤا اَبَشَرٌ یَّهْدُوْنَنَا ؗ— فَكَفَرُوْا وَتَوَلَّوْا وَّاسْتَغْنَی اللّٰهُ ؕ— وَاللّٰهُ غَنِیٌّ حَمِیْدٌ ۟
ඔවුනට අත් වූ එම දඬුවම වනාහි, එය ඔවුනට අත් වූයේ ඔවුන්ගේ දූතවරු අල්ලාහ් අබියසින් පැහැදිලි සාක්ෂි හා සාධක ඔවුන් වෙත ගෙන ආ විට, ඔවුන් මිනිස් වර්ගයා අතරින් එම දූතයා පත් වීම හෙළා දකිමින්, ‘සත්ය වෙත අපට මග පෙන්වා සිටිනුයේ මිනිසෙකු දැ?’යි විමසා සිටියෝය. ඔවුන් විශ්වාස කිරීමෙන් වැළකී සිටියෝය. එය පිටුපෑවෝය. ඔවුන් අල්ලාහ්ට කිසිදු හිංසාවක් කළ නොහැක. ඔවුන්ගේ විශ්වාසය හෝ ඔවුන්ගේ අවනතභාවය අල්ලාහ්ට කිසිදු අවශ්යතාවක් නැත. සැබැවින්ම ඔවුන් අවනත වීම ඔහුට කිසිවක් වර්ධනය කරන්නේ නැත. අල්ලාහ් අවශ්යතාවෙන් තොරය. ඔහුගේ ගැත්තන් වෙත අවශ්යතාවක් නැත්තාය. ඔහුගේ ප්රකාශ හා ක්රියාවන්හි ඔහු ප්රශංසා ලාබීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
زَعَمَ الَّذِیْنَ كَفَرُوْۤا اَنْ لَّنْ یُّبْعَثُوْا ؕ— قُلْ بَلٰی وَرَبِّیْ لَتُبْعَثُنَّ ثُمَّ لَتُنَبَّؤُنَّ بِمَا عَمِلْتُمْ ؕ— وَذٰلِكَ عَلَی اللّٰهِ یَسِیْرٌ ۟
අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන්, තම මරණයෙන් පසු යළි ජීවමාන ලෙස අල්ලාහ් අවදි නොකරන්නේ යැයි විශ්වාස කළෝය. අහෝ දූතය! යළි අවදි කරනු ලැබීම හෙළා දකින්නන්හට නුඹ මෙසේ පවසනු. එසේය, මළවුන් කෙරෙන් නැවත නැගිටුවනු ලබන දිනයේ මාගේ පරමාධිපති යළි අවදි කිරීම නියතය. පසු ව නුඹලා මෙලොවෙහි සිදු කළ දෑ ගැන තොරතුරු ඔහු දන්වා සිටියි. එසේ යළි අවදි කරවීම අල්ලාහ්ට පහසු කාර්යයකි. සැබැවින්ම ඔහු නුඹලා මුල් වරට මැව්වේ ය. ඔහු නුඹලාගේ මරණයෙන් පසු විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලාව ජීවමානව අවදි කිරීමට බලය ඇත්තාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاٰمِنُوْا بِاللّٰهِ وَرَسُوْلِهٖ وَالنُّوْرِ الَّذِیْۤ اَنْزَلْنَا ؕ— وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ خَبِیْرٌ ۟
අහෝ ජනියිනි! නුඹලා අල්ලාහ්ව විශ්වාස කරනු. ඔහුගේ දූතයාණන්වද විශ්වාස කරනු. අපගේ දූතයාණන් වෙත අපි පහළ කළ අල් කුර්ආනය ද විශ්වාස කරනු. නුඹලා සිදු කරන දෑ ගැන තොරතුරු අල්ලාහ් මැනවින් දන්නාය. නුඹලාගේ ක්රියාවන් අතරින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَ یَجْمَعُكُمْ لِیَوْمِ الْجَمْعِ ذٰلِكَ یَوْمُ التَّغَابُنِ ؕ— وَمَنْ یُّؤْمِنْ بِاللّٰهِ وَیَعْمَلْ صَالِحًا یُّكَفِّرْ عَنْهُ سَیِّاٰتِهٖ وَیُدْخِلْهُ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَاۤ اَبَدًا ؕ— ذٰلِكَ الْفَوْزُ الْعَظِیْمُ ۟
නුඹලාගේ ක්රියාවන් සඳහා නුඹලාට ප්රතිඵල පිරිනමනු පිණිස මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් නුඹලාව එක්රැස් කරන අවස්ථාව ගැන මෙනෙහි කර බලනු. එදින දෙවියන් විශ්වාස කරන්නන් ස්වර්ගයේ ඇති නිලයන් උරුම කර ගැනීමෙන් හා ප්රතික්ෂේප කළ නිරාවාසීන් අපා ගින්නේ නිලයන් උරුම කර ගැනීමෙන් දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ අලාභය හා පාඩුව කෙතරම් දැයි හෙළි වනු ඇත. කවරෙකු අල්ලාහ් විශ්වාස කර දැහැමි ක්රියාවන් සිදු කරන්නේ ද අල්ලාහ් ඔහුගේ පාපකම් ඔහුගෙන් ඉවත් කරනු ඇත. ස්වර්ග මාලිගා හා ගස් යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන්වලට ඔහු ව ඇතුළත් කරනු ඇත. ඔවුහු එහි සදාකල් වෙසෙති. එයින් ඔවුන් බැහැර නොවෙති. එහි ඇති සුවපහසුකම් ඔවුන්ගෙන් වෙන් වී නොයයි. ඔවුන් අත්පත් කර ගත් එය කිසිදු ජයග්රයණයකට සමීප කළ නො හැකි අතිමහත් ජයග්රහණයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من قضاء الله انقسام الناس إلى أشقياء وسعداء.
•ජනයා භාග්යවන්තයින් ලෙසත් අභාග්යවන්තයින් ලෙසත් වෙන් කිරීම අල්ලාහ්ගේ තීන්දුව වේ.

• من الوسائل المعينة على العمل الصالح تذكر خسارة الناس يوم القيامة.
•දැහැමි ක්රියාවන් සඳහා උදව් කරන මාධ්යයක් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයාට අත්වන අලාභහානිය සිහිපත් කිරීමය.

 
የይዘት ትርጉም ምዕራፍ: አት ተጋቡን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት