የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (1) ምዕራፍ: ሱረቱ አጥ ጠላቅ

සූරා අත් තලාක්

ከመዕራፉ ዓላማዎች:
بيان أحكام الطلاق وتعظيم حدوده وثمرات التقوى.
දික්කසාදය පිළිබඳ නීති පැහැදිලි කිරීම, එහි සීමාවන්ට ගරු කිරීම හා දෙවියන් පිළිබඳ වූ සවිඥානකත්වයේ ඵල.

یٰۤاَیُّهَا النَّبِیُّ اِذَا طَلَّقْتُمُ النِّسَآءَ فَطَلِّقُوْهُنَّ لِعِدَّتِهِنَّ وَاَحْصُوا الْعِدَّةَ ۚ— وَاتَّقُوا اللّٰهَ رَبَّكُمْ ۚ— لَا تُخْرِجُوْهُنَّ مِنْ بُیُوْتِهِنَّ وَلَا یَخْرُجْنَ اِلَّاۤ اَنْ یَّاْتِیْنَ بِفَاحِشَةٍ مُّبَیِّنَةٍ ؕ— وَتِلْكَ حُدُوْدُ اللّٰهِ ؕ— وَمَنْ یَّتَعَدَّ حُدُوْدَ اللّٰهِ فَقَدْ ظَلَمَ نَفْسَهٗ ؕ— لَا تَدْرِیْ لَعَلَّ اللّٰهَ یُحْدِثُ بَعْدَ ذٰلِكَ اَمْرًا ۟
අහෝ නබිවරය! නුඹ හෝ නුඹේ සමූහයා අතරින් කිසිවෙකු හෝ තම බිරිය දික්කසාද කරන්නට සිතුවේ නම්, ඇයගේ පළමු ඉද්දා -පොරොත්තු- වාරය සඳහා ඔහු ඇයව දික්කසාද කළ යුතුයි. එම දික්කසාදය, ඇය සමග සංසර්ගයේ නිරත නොවූ පිරිසිදු කාලයක විය යුතුය. නුඹලාගේ එම බිරියන් නැවතත් කැඳවා ගන්නට නුඹලා සිතුවේ නම් එසේ ගෙන්වා ගැනීමට පහසුවන පරිදි නුඹලා ඉද්දා -පොරොත්තු කාලය- සුරක්ෂිතව පිළිපැදිය යුතුය. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බැතිමත්ව කටයුතු කරනු. දික්කසාද කරනු ලැබූ කාන්තාවන් පදිංචිව සිටින නිවෙස්වලින් නුඹලා ඔවුන් බැහැර නොකළ යුතුය. ඔවුන් ද ඔවුන්ගේ ඉද්දා කාලය අවසන් වන තුරු ඉන් පිටතට නො යා යුතුය. නමුත් ඔවුන් අපචාරය වැනි අශීලාචාර කටයුත්තක් සිදු කර ඇත්නම් හැර. මෙම නීති අල්ලාහ් තම ගැත්තන් හට සීමා කළ ඔහුගේ සීමාවන් වේ. කවරෙකු අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා කටයුතු කරන්නේ ද, තම පරමාධිපතිට ඔහු පිටුපෑම හේතුවෙන් විනාශයේ හේතුකාරණා ගෙනැවිත් ඔහු ඔහුටම අපරාධ කර ගනී. අහෝ දික්කසා කළවුනි! එම දික්කසාදයෙන් පසුව නුඹ නොසිතන කරුණක් සිදු වී පසුව නුඹ ඇයව නැවත ගෙන්වා ගත හැක.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• خطاب النبي صلى الله عليه وسلم خطاب لأمته ما لم تثبت له الخصوصية.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්රකාශය වනාහි, එයට නිශ්චිත බවක් සනාත නොවූයේ නම් එය ඔහුගේ සමූහයා වෙනුවෙන් වූ පොදු ප්රකාශයකි.

• وجوب السكنى والنفقة للمطلقة الرجعية.
• ආපසු කැඳවා ගත හැකි පරිදි දික්කසාද කරන ලද කාන්තාවන් සඳහා යැපීම් දීමනා හා නවාතැන් පහසුකම් ලබා දීම අනිවාර්යය වන්නේය.

• النَّدْب إلى الإشهاد حسمًا لمادة الخلاف.
•ආරවුලකින් තොරව ගැටලු විසදීම සඳහා සාක්ෂිකරුවන් පත් කර ගැනීම නබි පිළිවෙතකි.

• كثرة فوائد التقوى وعظمها.
•තක්වා හෙවත් දේව බිය හැඟීමෙහි අධික ප්රයෝජන හා එහි වැදගත්කම.

 
የይዘት ትርጉም አንቀጽ: (1) ምዕራፍ: ሱረቱ አጥ ጠላቅ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት