Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ሙልክ   አንቀጽ:
وَاَسِرُّوْا قَوْلَكُمْ اَوِ اجْهَرُوْا بِهٖ ؕ— اِنَّهٗ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟
අහෝ ජනයිනි! නුඹලාගේ ප්රකාශයන් නුඹලා සැඟවුවද එය නුඹලා ප්රසිද්ධ කළ ද සැබැවින්ම අල්ලාහ් එය දනී. සැබැවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ හදවත් තුළ ඇති දෑ ගැන මැනවින් දන්නාය. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَا یَعْلَمُ مَنْ خَلَقَ ؕ— وَهُوَ اللَّطِیْفُ الْخَبِیْرُ ۟۠
මැවීම් සියල්ල මැවූ මැවුම්කරුවාණන් රහසිගත දෑ හා රහසින් සඟවන දෑ ගැන නොදන්නේ ද? ඔහු ඔහුගේ ගැත්තන් කෙරෙහි මෛත්රීය. ඔවුන්ගේ තොරතුරු පිළිබඳ මැනවින් දන්නාය. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هُوَ الَّذِیْ جَعَلَ لَكُمُ الْاَرْضَ ذَلُوْلًا فَامْشُوْا فِیْ مَنَاكِبِهَا وَكُلُوْا مِنْ رِّزْقِهٖ ؕ— وَاِلَیْهِ النُّشُوْرُ ۟
මහපොළොව මත වාසය කිරීමට හැකිවන පරිදි නුඹලාට එය නම්යශීලීව හා සැහැල්ලුවෙන් මවා ඇත්තේ ඔහුය. එහෙයින් එහි පැතිකඩ හා දේශ අතර සැරිසරමින් එහි නුඹලාට සැළසුම් කර ඇති ඔහුගේ පෝෂණය නුඹලා අනුභව කරනු. විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා යොමු කරනු ලබනුයේ ඔහු වෙත පමණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ءَاَمِنْتُمْ مَّنْ فِی السَّمَآءِ اَنْ یَّخْسِفَ بِكُمُ الْاَرْضَ فَاِذَا هِیَ تَمُوْرُ ۟ۙ
මහපොළොව මත වාසය කරන්නට පහසුවන අයුරින් එය නම්යශීලී වීමෙන් පසු කාරූන් ගිලා බසින්නට එය දෙබෑ කළාක් මෙන්ම නුඹලාට පහළින් ඇති මහපොළොව අහසේ සිටින අල්ලාහ් දෙබෑ කිරීම ගැන නුඹලා සුරක්ෂිත ද? එවිට නුඹලා එහි රැඳී සිටීමෙන් පසු එය කම්පනයට පත් වෙයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ اَمِنْتُمْ مَّنْ فِی السَّمَآءِ اَنْ یُّرْسِلَ عَلَیْكُمْ حَاصِبًا ؕ— فَسَتَعْلَمُوْنَ كَیْفَ نَذِیْرِ ۟
අහසේ සිටින අල්ලාහ්, ලූත් ජනයා මත අහසින් ගල් වරුසාවක් පහළ කළාක් මෙන් නුඹලා මත ද පහළ කිරීම ගැන නුඹලා සුරක්ෂිතද? නුඹලා දෙනු ලබන අවවාදාත්මක මාගේ දඬුවම නුඹලා දෑසින් දකින අවස්ථාවේ නුඹලා දැනගනු ඇත. නමුත් දඬවම දෑසින් දුටුවායින් පසු ඉන් කිසිදු ප්රයෝජනයක් නුඹලාට අත් වන්නේම නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَقَدْ كَذَّبَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ فَكَیْفَ كَانَ نَكِیْرِ ۟
දෙවියන්ට ආදේශ තබන මොවුනට පෙර විසූ ජන සමූහයන් ද බොරු කළෝය. ඔවුන් ඔවුන්ගේ ප්රතික්ෂේපයේ හා බොරු කිරීමෙහි එල්බගෙන සිටි බැවින් අල්ලාහ්ගේ දඬුවම ඔවුන් මත පහළ විය. ඔවුනට එරෙහිව මාගේ පිළිකුල කෙසේ වීද? එය බිහිසුණු දඬුවමක් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوَلَمْ یَرَوْا اِلَی الطَّیْرِ فَوْقَهُمْ صٰٓفّٰتٍ وَّیَقْبِضْنَ ؕۘؔ— مَا یُمْسِكُهُنَّ اِلَّا الرَّحْمٰنُ ؕ— اِنَّهٗ بِكُلِّ شَیْءٍ بَصِیْرٌ ۟
මෙම බොරුකාරයින් ඔවුනට ඉහළින් අහසෙහි විටෙක තම පියාපත් දිගු හරිමින් ද තවත් විටෙක හකුළා ගනිමින් ද පියාසර කරන පක්ෂියා දෙස නිරීක්ෂණය කර නොබලන්නේ ද? උන් බිමට නොවැටී එසේ රඳවා තබනුයේ අල්ලාහ් මිස වෙනත් කිසිවකු නොවේ. සැබැවින්ම ඔහු සියලු දෑ පිළිබඳ නිරීක්ෂකය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمَّنْ هٰذَا الَّذِیْ هُوَ جُنْدٌ لَّكُمْ یَنْصُرُكُمْ مِّنْ دُوْنِ الرَّحْمٰنِ ؕ— اِنِ الْكٰفِرُوْنَ اِلَّا فِیْ غُرُوْرٍ ۟ۚ
අහෝ දෙවියන් ප්රතික්ෂේප කරන්නනි! අල්ලාහ් නුඹලාට දඬුවම් කිරීමට අභිමත කළේ නම්, ඔහුගේ දඬුවමින් නුඹලා වළක්වන කිසිදු සේනාවක් නුඹලාට නැත. දෙවියන් ප්රතික්ෂේප කළ ජනයා වංචා කරනු ලැබූවන් මිස නැත. ෂෙයිතාන් ඔවුනට කුමන්ත්රණය කළේය. එමගින් ඔවුහු රැවටුණෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمَّنْ هٰذَا الَّذِیْ یَرْزُقُكُمْ اِنْ اَمْسَكَ رِزْقَهٗ ۚ— بَلْ لَّجُّوْا فِیْ عُتُوٍّ وَّنُفُوْرٍ ۟
නුඹලා ලබන අල්ලාහ්ගේ පෝෂණය ඔහු වළක්වා ගත්තේ නම්, නුඹලාට පෝෂණය ලබා දෙන කිසිවකු නැත. නමුත් සිදු වනුයේ, සැබැවින්ම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් මුරණ්ඩුකම, අහංකාරය හා සත්යයෙන් වැළකී සිටීම යනාදී කරුණුවල රැඳී සිටීමය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَمَنْ یَّمْشِیْ مُكِبًّا عَلٰی وَجْهِهٖۤ اَهْدٰۤی اَمَّنْ یَّمْشِیْ سَوِیًّا عَلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟
වඩාත් නිවැරැදි මාර්ගයේ සිටිනුයේ තම මුහුණ මුණින් ඇද වැටී ගමන් කරන -දෙවියන්ට ආදේශ කරන්නා ද එසේ නැතිනම් ඍජු මාර්ගයේ ඍජුව ගමන් කරන දේව විශ්වාසියාද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ هُوَ الَّذِیْۤ اَنْشَاَكُمْ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْاَبْصَارَ وَالْاَفْـِٕدَةَ ؕ— قَلِیْلًا مَّا تَشْكُرُوْنَ ۟
අහෝ දූතය, මෙම බොරුකාර දෙවියන්ට ආදේශ තබන්නන් හට නුඹ මෙසේ පවසනු. නුඹලා ව මැව්වේ අල්ලාහ්ය. නුඹලා ශ්රවණය කිරීම සඳහා නුඹලාට සවන් ද, නුඹලා බැලීම සඳහා නුඹලා බැල්ම ද, නුඹලා වටහා ගැනීම සඳහා නුඹලාට හදවත් ද ඇති කළේ ඔහුය. නුඹලා වෙත පිරිනමා ඇති ආශිර්වාද වෙනුවෙන් නුඹලා අල්ලාහ්ට කෘතඥවනුයේ සුළු වශයෙනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ هُوَ الَّذِیْ ذَرَاَكُمْ فِی الْاَرْضِ وَاِلَیْهِ تُحْشَرُوْنَ ۟
අහෝ දූතය, මෙම බොරුකාර දෙවියන්ට ආදේශ තබන්නන් හට තවදුරටත් නුඹ මෙසේ පවසනු. මහපොළොවේ නුඹලාව ව්යාප්ත කර එහි විසුරුවා හැරියේ අල්ලාහ්ය. නුඹලා නොමැවූ නුඹලාගේ පිළිම නොවේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා ඒක්රැස් කරනු ලබනුයේ ද ඔහු වෙත පමණය. නුඹලාගේ පිළිම වෙත නොවේ. එහෙයින් නුඹලා ඔහුට බියවනු. ඔහුට පමණක් ගැතිකම් කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَقُوْلُوْنَ مَتٰی هٰذَا الْوَعْدُ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
"නැවත නැගිටවනු ලැබීම දුරින් පවතින්නක් යැයි ඒ ගැන බොරු පවසන්නෝ, අහෝ මුහම්මද් ඔබ හා ඔබේ අනුගාමිකයින් කරන වාදයේ සත්යවාදීහු නම් ඔබ අපට ප්රතිඥා දෙන එම ප්රතිඥාව ඇති වන්නේ කවදාදැ?"යි විමසා සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ اِنَّمَا الْعِلْمُ عِنْدَ اللّٰهِ ۪— وَاِنَّمَاۤ اَنَا نَذِیْرٌ مُّبِیْنٌ ۟
"අහෝ දූතය, සැබැවින්ම එම හෝරාව පිළිබඳ දැනුම ඇත්තේ අල්ලාහ් වෙත පමණය. එය සිදුවන්නේ කවදාදැ?යි ඔහු හැර වෙනත් කිසිවකු නොදනී. මම නුඹළා අතර අවවාද කරන පැහැදිලි අවවාකරුවෙකු පමණය" යැයි නුඹ පවසන්න.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• اطلاع الله على ما تخفيه صدور عباده.
•තම ගැත්තන්ගේ හදවත් තුළ සැගවී ඇති දෑ පිළිබඳ අල්ලාහ් නිරීක්ෂණය කිරීම.

• الكفر والمعاصي من أسباب حصول عذاب الله في الدنيا والآخرة.
•දේව ප්රතික්ෂේපය හා පාපකම් මෙලොව හා මතුලොව දඬුවම් ලැබීමට හේතූන් වේ.

• الكفر بالله ظلمة وحيرة، والإيمان به نور وهداية.
•අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීම අන්ධකාරයකි. ව්යාකූලත්වයකි. එමෙන්ම ඔහු ගැන විශ්වාස කිරීම ආලෝකයකි. මඟ ලබන්නකි.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ሙልክ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት