የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (143) ምዕራፍ: ሱረቱ አል-አዕራፍ
وَلَمَّا جَآءَ مُوْسٰی لِمِیْقَاتِنَا وَكَلَّمَهٗ رَبُّهٗ ۙ— قَالَ رَبِّ اَرِنِیْۤ اَنْظُرْ اِلَیْكَ ؕ— قَالَ لَنْ تَرٰىنِیْ وَلٰكِنِ انْظُرْ اِلَی الْجَبَلِ فَاِنِ اسْتَقَرَّ مَكَانَهٗ فَسَوْفَ تَرٰىنِیْ ۚ— فَلَمَّا تَجَلّٰی رَبُّهٗ لِلْجَبَلِ جَعَلَهٗ دَكًّا وَّخَرَّ مُوْسٰی صَعِقًا ۚ— فَلَمَّاۤ اَفَاقَ قَالَ سُبْحٰنَكَ تُبْتُ اِلَیْكَ وَاَنَا اَوَّلُ الْمُؤْمِنِیْنَ ۟
මූසා (අලය්හිස් සලාම්) තුමාට නියම කළ ප්රතිඥත කාලය (පූර්ණ දින හතළිහ) තුළ ඔහුගේ පරමාධිපති හමුවීමට ඔහු පැමිණි අවස්ථාවේ ඔහු සමග කතා කළ යුතු නියෝග හා තහනම් කරුණු ඇතුළු ව වෙනත් දෑ පිළිබඳ ව ඔහුගේ පරමාධිපති ඔහු සමග කතා කළේය. තම පරමාධිපති ව දැක බලා ගැනීමට ඔහු ආශා කළේය. ඔහුව පියවි ඇසින් බලන්නට ඔහුගෙන් ඉල්ලා සිටියේය. එවිට උත්තරීතර අල්ලාහ් ඔහුට පිළිතුරු වශයෙන්, "මෙලොව ජීවිතයේ ඔබ මා දකින්නට තරම් ශක්තියක් ඔබට නොමැති බැවින්, ඔබ මා කිසි විටෙක දැකිය නොහැකි වන්නේය. නමුත් එම කන්ද දෙස බලනු. එහි මා නිරූපණය වන විට එය එම ස්ථානයේම පිහිටියේ නම් බලපෑමක් ඇති නොවන්නේය. එවිට ඔබ මා දකිනු ඇත. පොළොවට එය සමතලා වූයේ නම්, මෙලොවෙහි කිසි විටෙක ඔබ මා නොදකිනු ඇත. අල්ලාහ් එම කන්දට නිරූපණය වූ කල්හි ඔහු එය පොළොවට සමතලා කළේය. මූසා සිහිවිකල්වී ඇද වැටුණේය. ඔහු සිහි මුර්ජාවෙන් අවදි වූ කල්හි, "මාගේ පරමාධිපතියාණනි! ඔබට කිසිවක් සම්බන්ධ කළ නොහැකි සියලු දැයින් ඔබ පිවිතුරුය. මෙලොවෙහි දී මා ඔබ ව දැකිය යුතු යැයි මා ඔබෙන් ඉල්ලා සිටීම ගැන මෙන්න මම ඔබෙන් සමාව අයැද සිටිමි. තවද මාගේ සමූහයා අතරින් ඔබ ව විශ්වාස කළ පළමුවැන්නා මම වෙමි.’ යැයි පවසා සිටියේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• تؤكد الأحداث أن بني إسرائيل كانوا ينتقلون من ضلالة إلى أخرى على الرغم من وجود نبي الله موسى بينهم.
සැබැවින්ම ඉස්රාඊල් දරුවන් අතර අල්ලාහ්ගේ නබි මූසා (අලය්හිස් සලාම්) තුමා සිටිය දී පවා ඔවුන් මුළාවකින් තවත් මුළාවකට පෙරළී යන්නන් ලෙස සිටි බව මෙම සිදුවීම් මාලාව තහවුරු කරයි.

• من مظاهر خذلان الأمة أن تُحَسِّن القبيح، وتُقَبِّح الحسن بمجرد الرأي والأهواء.
සමාජයක් උදව් නොලබා අතහැර දමනු ලැබීමේ පැහැදිලි කරුණක් වනුයේ ආශාවන් හා අදහස් වලට සීමාවී අවලක්ෂණ දෑ අලංකාරවත් ලෙස ගැනීම හා අලංකාර දෑ අවලක්ෂණ දෙයක් ලෙස ගැනීමය.

• إصلاح الأمة وإغلاق أبواب الفساد هدف سام للأنبياء والدعاة.
සමාජය ප්රතිසංස්කරණය කිරීම, ප්රචණ්ඩත්වයේ දොරටු වැසීම, නබිවරුන් හා ප්රචාරකයින් සතු මෙහෙයවීමේ අරමුණ වන්නේය.

• قضى الله تعالى ألا يراه أحد من خلقه في الدنيا، وسوف يكرم من يحب من عباده برؤيته في الآخرة.
මෙලොවෙහි අල්ලාහ්ගේ කිසිදු මැවීමකට ඔහු ව බැලිය නොහැකි බව ඔහු තීන්දු කළේය. තම ගැත්තන් අතරින් ඔහු ප්රිය කරන්නන්හට මතු ලොවෙහි ඔහු ව දකින්නට සලස්වා ගරු කරනු ඇත.

 
የይዘት ትርጉም አንቀጽ: (143) ምዕራፍ: ሱረቱ አል-አዕራፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት