Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (160) ምዕራፍ: አል-አዕራፍ
وَقَطَّعْنٰهُمُ اثْنَتَیْ عَشْرَةَ اَسْبَاطًا اُمَمًا ؕ— وَاَوْحَیْنَاۤ اِلٰی مُوْسٰۤی اِذِ اسْتَسْقٰىهُ قَوْمُهٗۤ اَنِ اضْرِبْ بِّعَصَاكَ الْحَجَرَ ۚ— فَانْۢبَجَسَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَیْنًا ؕ— قَدْ عَلِمَ كُلُّ اُنَاسٍ مَّشْرَبَهُمْ ؕ— وَظَلَّلْنَا عَلَیْهِمُ الْغَمَامَ وَاَنْزَلْنَا عَلَیْهِمُ الْمَنَّ وَالسَّلْوٰی ؕ— كُلُوْا مِنْ طَیِّبٰتِ مَا رَزَقْنٰكُمْ ؕ— وَمَا ظَلَمُوْنَا وَلٰكِنْ كَانُوْۤا اَنْفُسَهُمْ یَظْلِمُوْنَ ۟
ඉස්රාඊල් දරුවන් ගෝත්ර දොළහකට අපි බෙදා වෙන් කළෙමු. තමන්හට ජලය පහළ කරන මෙන් අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කරන ලෙස මූසාගේ පිරිස ඔහුගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී, ‘අහෝ මූසා! ඔබ ඔබේ සැරයටියෙන් එම ගලට ගසනු’ යැයි අපි ඔහුට දන්වා සිටියෙමු. එවිට මූසා එයට ගැසුවේය. එවිට ඔවුන්ගේ ගෝත්ර දොළොසේ ප්රමාණයට උල්පත් දොළොසක් එයින් මතු විය. ඔවුන්ගෙන් සෑම ගෝත්රයක්ම පැන් පානය කරන නියමිත ස්ථානය හඳුනා ගත්තෝය. ගෝත්රයක් තවත් ගෝත්රයක් සමග හවුල් නොවීය. ඔවුන් ගමන් කරන විට ඔවුන් සමගම ගමන් කරන, ඔවුන් නතර වන විට ඔවුන් සමගම නතර වන වලාකුළෙන් අපි ඔවුනට හෙවණ දුනිමු. අපගේ ආශිර්වාදයෙන් මී පැණි වැනි රසවත් පානය හා වටු කුරුල්ලන්ට සමාන වූ නැවුම් මස් සහිත කුඩා කුරුල්ලන් අපි ඔවුනට පහළ කළෙමු. පසු ව අපි, ‘නුඹලාට අපි පෝෂණය කළ යහපත් දැයින් නුඹලා අනුභව කරනු’ යැයි පැවසුවෙමු. ඔවුන්ගෙන් සිදු වූ අපරාධ හා ආශිර්වාදයන්ට ඔවුන් ගුණමකු වීම, ඒවාට නිසි අයුරින් තක්සේරු නොකිරීම වැනි කරුණු හේතුවෙන් කිසිදු අඬුවක් ඔවුන් අපට සිදු නොකළෝය. නමුත් අල්ලාහ්ගේ නියෝග වලට විරුද්ධ ව කටයුතු කිරීමෙන් හා ඔහුගේ ආශිර්වාද පිටුදැකීමෙන් ඔවුනට පැමිණෙන දඬුවම ඔවුන් වෙත ගෙන්වා ගත් අවස්ථාවේ ඔවුනට හිමි කොටස් ඔවුන් අඩු කර ගනිමින් ඔවුන් ඔවුන්ටම අපරාධ කර ගත්තෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الجحود والكفران سبب في الحرمان من النعم.
•ප්රතික්ෂේප කිරීම හා ගුණමකු වීම ආශිර්වාදය තහනම් වීමට හේතු වන්නේය.

• من أسباب حلول العقاب ونزول العذاب التحايل على الشرع؛ لأنه ظلم وتجاوز لحدود الله.
•ආගමික කටයුතු වලදී වංචා කිරීම දඬුවම පහළ වීමේ හා වේදනාව ඇතිවීමේ කරුණු අතරින් එකකි. ඊට හේතුව සැබැවින්ම අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා කටයුතු කරමින් අරපාධයක් සිදු කර ඇති බැවිණි.

 
የይዘት ትርጉም አንቀጽ: (160) ምዕራፍ: አል-አዕራፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት