Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (179) ምዕራፍ: አል-አዕራፍ
وَلَقَدْ ذَرَاْنَا لِجَهَنَّمَ كَثِیْرًا مِّنَ الْجِنِّ وَالْاِنْسِ ۖؗ— لَهُمْ قُلُوْبٌ لَّا یَفْقَهُوْنَ بِهَا ؗ— وَلَهُمْ اَعْیُنٌ لَّا یُبْصِرُوْنَ بِهَا ؗ— وَلَهُمْ اٰذَانٌ لَّا یَسْمَعُوْنَ بِهَا ؕ— اُولٰٓىِٕكَ كَالْاَنْعَامِ بَلْ هُمْ اَضَلُّ ؕ— اُولٰٓىِٕكَ هُمُ الْغٰفِلُوْنَ ۟
ජින්නුන් අතර බොහෝ දෙනෙකු හා මිනිසුන් අතර බොහෝ දෙනෙකු අපි නිරය වෙනුවෙන් බිහි කර ඇත්තෙමු. සැබැවින්ම ඔවුන් ඒ සඳහා කටයුතු කරන බව අපි දනිමු. ඔවුන්ට හදවත් තිබුණද ඔවුන් එමගින් ඔවුනට ප්රයෝජන ගෙන දෙන දෑ මෙන්ම ඔවුනට හානි පමුණුවන දෑ පිළිබඳ ව අවධානය නොකරති. ඔවුනට ඇස් තිබුණ ද එමගින් ඔවුන් තුළ හා විශ්වය තුළ ඇති අල්ලාහ්ගේ සංඥාවන් දෙස බලා පාඩම් නොලබති. ඔවුනට කන් තිබුණ ද අල්ලාහ්ගේ වදන් වලට සවන් දී එහි ඇති දෑ පිළිබඳ පරිශීලනය නොකරති. මෙම ගුණාංග වලින් විස්තර කරනු ලැබූ මොවුන් බුද්ධි හීන, ගොවිපළ සතුන් මෙනි. නැත, ඔවුන් ගොවිපළ සතුන්ටත් වඩා අන්ත මුළාවෙහි පසුවෙති. අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කිරීමෙන් අනවධානීන් ලෙස සිටියවුන් මොවුන්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• خلق الله للبشر آلات الإدراك والعلم - القلوب والأعين والآذان - لتحصيل المنافع ودفع المضار.
•මිනිසා ප්රයෝජන ලබන්නටත්, හානිදායක දැයින් තමන් වළක්වා ගන්නටත්, අවශ්ය වන යමක් වටහා ගැනීමේ හා දැනුමේ -හදවත් ඇස් හා කන් යන- උපකරණයන් අල්ලාහ් මිනිසා වෙනුවෙන් මවා ඇත.

• الدعاء بأسماء الله الحسنى سبب في إجابة الدعاء، فيُدْعَى في كل مطلوب بما يناسب ذلك المطلوب، مثل: اللهمَّ تب عَلَيَّ يا تواب.
•අල්ලාහ්ගේ අලංකාර නමායන් ඉදිරිපත් කොට ප්රාර්ථනා කිරීම, ප්රාර්ථනා ව පිළිගැනීමට සාධකයක් වන්නේය. පතන සෑම දෙයකටම එයට අදාළ වන නාමයෙන් ඔහු අමතනු ලැබිය යුතුය. උදාහරණ වශයෙන් අහෝ අතික්ෂමාශීලියාණනි! මා වෙත සමා ව දෙනු මැනව!

• التفكر في عظمة السماوات والأرض، والتوصل بهذا التفكر إلى أن الله تعالى هو المستحق للألوهية دون غيره؛ لأنه المنفرد بالصنع.
•අහස් හා මහ පොළොවේ මහිමය පිළිබඳ සිතා බැලීම, එසේ සිතා බැලීම තුළින් දේවත්වයට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කෙනෙකු නොවන්නේය යන හැඟීම ළඟා කරවන්නේය. ඊට හේතුව මැවීමෙහි ඔහු කේවල වන බැවිනි.

 
የይዘት ትርጉም አንቀጽ: (179) ምዕራፍ: አል-አዕራፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት