የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (201) ምዕራፍ: ሱረቱ አል-አዕራፍ
اِنَّ الَّذِیْنَ اتَّقَوْا اِذَا مَسَّهُمْ طٰٓىِٕفٌ مِّنَ الشَّیْطٰنِ تَذَكَّرُوْا فَاِذَا هُمْ مُّبْصِرُوْنَ ۟ۚ
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරන්නන් වනාහි, ඔවුන්ට ෂෙයිතාන්ගේ කොඳුරීමෙන් නපුරු සිතුවිලි ඇති වී ඔවුන් පාපකම් කළ විට, අල්ලාහ්ගේ මහිමයත්, පාපිෂ්ඨයින්ට හිමි ඔහුගේ දඬුවමත්, අවනතවන්නන්ට හිමි ඔහුගේ කුසලත් මෙනෙහි කරති. ඔවුන් කළ පාපකම් වලින් පාප ක්ෂමාව අයැද ඔවුන්ගේ පරමාධිපති වෙත යොමු වෙති. පසු ව සත්යය මත ඔවුන් ස්ථාවර වූ විට ඔවුන් සිදුකරමින් සිටි දෑ හැඩගස්වා ඒවා අවසන් කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• في الآيات بشارة للمسلمين المستقيمين على صراط نبيهم صلى الله عليه وسلم بأن ينصرهم الله كما نصر نبيه وأولياءه.
•බුද්ධිමත් තැනැත්තා, සර්ව බලධාරි දෙවියන්ට නමස්කාර කිරීම අනිවාර්ය වේ. මක්නිසාද යත්, දහම සම්බන්ධයෙන් දැනුම් සම්භාරයක් ඇතුළත් පුස්තකය පහළ කිරීම තුළින් ඔහු ආගමික යහපත මිනිසා වෙනුවෙන් තහවුරු කර ඇති බැවින් හා තම ගැත්තන් අතරින් ධර්මිෂ්ඨයින් පත් කර ඔහු ඔවුන් ආරක්ෂා කර ඔවුනට උපකාර කර මෙලොව යහපත ද ඔහු ඔවුනට තහවුරු කර ඇති බැවිණි. එවිට ඔවුනට සතුරුවන්නන්ගේ සතුරුකම ඔවුනට හානියක් නොකරනු ඇත.

• في الآيات جماع الأخلاق، فعلى العبد أن يعفو عمن ظلمه، ويعطي من حرمه، ويصل من قطعه.
•නබිවරයාණන් පෙන්වා දුන් මාර්ගයේ ඍජු ව කටයුතු කරන මුස්ලිම්වරුන්හට අල්ලාහ් තම නබිවරයාට හා තම හිතවතුන්ට උදව් කළාක් මෙන් ඔවුනට ද උපකාර කරනු ඇතැයි යන ශුභාරංචිය මෙම පාඨවල ඇතුළත් වේ.

• على العبد إذا مَسَّه سوء من الشيطان - فأذنب بفعل محرم، أو ترك واجب - أن يستغفر الله تعالى، ويستدرك ما فرط منه بالتوبة النصوح والحسنات الماحية.
•ආචාර ධර්ම, සමස්ථයක් ලෙස මෙම පාඨ වල සඳහන් වී ඇත. ඒ අනුව තමන්ට අපරාධ කළවුනට සමාව දීමත්, තහනම් කරනු ලැබූවනට පිරිනැමීමත්, ඥාතී සම්බන්ධකම් බිඳ දමන්නන් සමග සම්බන්ධකම් පැවැත්වීමත් ගැත්තා මත පැවරෙනු ඇත.

• الواجب على العاقل عبادة الله تعالى؛ لأنه هو الذي يحقق له منافع الدين بإنزال الكتاب المشتمل على العلوم العظيمة في الدّين، ومنافع الدنيا بتولّي الصالحين من عباده وحفظه لهم ونصرته إياهم، فلا تضرهم عداوة من عاداهم.
•-තහනම් ක්රියාවක් සිදු කිරීමෙන් හෝ අනිවාර්යය කටයුත්තක් අතහැරීමෙන් හෝ පාපයක් සිදු කිරීමෙන්- ෂෙයිතාන්ගෙන් වූ යම් නපුරක් තමන්ට අත් වූ විට, ගැත්තා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටීමත්, එමගින් ඇති වූ වරද සඳහා පාප ක්ෂමාව තුළින් හා පව් කමා කරන දැහැමි ක්රියාවන් තුළින් පිළියම් යෙදීමත්, ඔහු මත පැවරෙනු ඇත.

 
የይዘት ትርጉም አንቀጽ: (201) ምዕራፍ: ሱረቱ አል-አዕራፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት