የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (38) ምዕራፍ: ሱረቱ አል-አዕራፍ
قَالَ ادْخُلُوْا فِیْۤ اُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِكُمْ مِّنَ الْجِنِّ وَالْاِنْسِ فِی النَّارِ ؕ— كُلَّمَا دَخَلَتْ اُمَّةٌ لَّعَنَتْ اُخْتَهَا ؕ— حَتّٰۤی اِذَا ادَّارَكُوْا فِیْهَا جَمِیْعًا ۙ— قَالَتْ اُخْرٰىهُمْ لِاُوْلٰىهُمْ رَبَّنَا هٰۤؤُلَآءِ اَضَلُّوْنَا فَاٰتِهِمْ عَذَابًا ضِعْفًا مِّنَ النَّارِ ؕ۬— قَالَ لِكُلٍّ ضِعْفٌ وَّلٰكِنْ لَّا تَعْلَمُوْنَ ۟
අහෝ අල්ලාහ්ට ආදේශ තබන්නනි! ඔබට පෙර ඉකුත් වී ගිය දේව ප්රතික්ෂේපය හා මුළාවෙහි පසු වූ නිරා ගින්නේ වෙසෙන ජින් හා මිනිස් සමූහයා අතරට ඔබත් පිවිසෙනු. යැයි මලක්වරුන් ඔවුනට පවසා සිටිති. යම් සමූහයකින් පසු තවත් සමූහයක් එහි පිවිසෙන සෑම අවස්ථාවකම ඔවුනට පෙර නිරයට ගිය සහෝදර සමූහයාට දොස් නගති. ඔවුන් එකිනෙකා මුණ ගැසී සියලු දෙනා එක්රැස් වූ විට ඔවුන් අතර වූ පහත් මෙන්ම අනුගාමිකයින් ඔවුන් අතර සිටින උසස් ප්රධානීන් හා නායකයින් පෙන්වා ‘අපගේ පරමාධිපතියාණනි, යහමගින් අප ව මුළා කළේ මෙම ප්රධානීන්ය. ඔවුන් අපට අයහමග අලංකාරවත් කර පෙන් වූ බැවින් ඔවුනට දඬුවම ගුණ කර දෙනු’ යැයි පවසති. ඔවුනට පිළිතුරු වශයෙන් අල්ලාහ්, ‘ඔබ අතුරින් සෑම පිරිසකටම ගුණ කර දෙනු ලබන දඩුවමේ කොටසක් ඇත. නමුත් ඒ පීළිබඳ ඔබ නොදැනුවත්ය. එය ඔබ ලබා නැත’ යැයි පවසයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• المودة التي كانت بين المكذبين في الدنيا تنقلب يوم القيامة عداوة وملاعنة.
මෙලොවෙහි බොරුකාරයින් අතර පවතින සෙනෙහස මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සතුරුකමක් හා දොස් නගන්නක් බවට පෙරළෙනු ඇත.

• أرواح المؤمنين تفتح لها أبواب السماء حتى تَعْرُج إلى الله، وتبتهج بالقرب من ربها والحظوة برضوانه.
දේව විශ්වාස කළවුන්ගේ ප්රාණය අල්ලාහ් වෙත ඉහළට නැග යාම සඳහා අහසේ දොරටු විවෘත කරනු ලැබේ. ඒවා තම පමරාධපතිට සමීප වීම හේතුවෙන් හා ඔහුගේ තෘප්තියට භාජනය වීම හේතුවෙන් සතුටට පත් වෙති.

• أرواح المكذبين المعرضين لا تفتح لها أبواب السماء، وإذا ماتوا وصعدت فهي تستأذن فلا يؤذن لها، فهي كما لم تصعد في الدنيا بالإيمان بالله ومعرفته ومحبته، فكذلك لا تصعد بعد الموت، فإن الجزاء من جنس العمل.
ප්රතික්ෂේප කරමින් බොරු කරමින් සිටි අයගේ ප්රාණ වෙනුවෙන් අහසේ දොරටු විවෘත කරනු නොලැබේ. ඔවුහු මරණයට පත් ව ප්රාණ ඉහළට යන විට එයට අවසරය ලැබුණ ද ඒ සඳහා වූ අවසරය වලංගු නොවනු ඇත. එය මෙලොවෙහි අල්ලාහ් පිළිබඳ විශ්වාසය ඔහු පිළිබඳ අවබෝධය ඔහුගේ සෙනෙහස තම මනසට නොනැංගාක් මෙන් පිහිටනු ඇත. එලෙසම මිය ගිය පසු ඒවා ඉහළට යන්නේ නැත. සැබැවින්ම ප්රතිඵල හිමි වනුයේ ඔහු කළ ක්රියාවේ වර්ගයටම අනුකූලවය.

• أهل الجنة نجوا من النار بعفو الله، وأدخلوا الجنة برحمة الله، واقتسموا المنازل وورثوها بالأعمال الصالحة وهي من رحمته، بل من أعلى أنواع رحمته.
ස්වර්ගවාසීහු අල්ලාහ්ගේ සමාව තුළින් නිරයෙන් මිදුණහ. අල්ලාහ්ගේ කරුණා ව තුළින් ස්වර්ගයට පිවිසුණහ. නිලයන් බෙදා ගත්හ. දැහැමි ක්රියාවන් තුළින් ඒවා උරුම කර ගත්හ. එය අල්ලාහ්ගේ ආශිර්වාදයකි. එය ඔහුගේ (අල්ලාහ්ගේ) කරුණාවේ වර්ග අතුරින් ඉහළින් පිහිටයි.

 
የይዘት ትርጉም አንቀጽ: (38) ምዕራፍ: ሱረቱ አል-አዕራፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት