የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አል ሙዘሚል   አንቀጽ:

සූරා අල් මුස්සම්මිල්

ከመዕራፉ ዓላማዎች:
بيان الأسباب المعينة على القيام بأعباء الدعوة.
ඇරයුමෙහි භාරදූරත්වය ක්රියාත්මක කිරීම උදෙසා නිශ්චිත හේතු සාධක පැහැදිලි කිරීම.

یٰۤاَیُّهَا الْمُزَّمِّلُ ۟ۙ
තම වස්ත්රයෙන් ඔතා ගෙන සිටින්නාණනි! (මින් අදහස් කරනුයේ නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්ය.)
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُمِ الَّیْلَ اِلَّا قَلِیْلًا ۟ۙ
රාත්රියෙන් සුළු කොටසක් හැර සෙසු කාලයේ සලාතය ඉටු කරන්න.
የአረብኛ ቁርኣን ማብራሪያ:
نِّصْفَهٗۤ اَوِ انْقُصْ مِنْهُ قَلِیْلًا ۟ۙ
නුඹ අභිමත කළේ නම් එහි අඩක් නැමදුම් කරන්න. එසේ නැතහොත් අඩකට වඩා අඩුවෙන් නැමදුම් කරන්න. රාත්රියෙන් තුනෙන් පංගුවක් ළඟා වන තෙක් අඩු කර ගන්න.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَوْ زِدْ عَلَیْهِ وَرَتِّلِ الْقُرْاٰنَ تَرْتِیْلًا ۟ؕ
එසේ නැතහොත් ඊට වඩා වැඩි කර ගන්න. අල් කුර්ආනය තාලයට පාරායනය කරන්න.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّا سَنُلْقِیْ عَلَیْكَ قَوْلًا ثَقِیْلًا ۟
අහෝ ධර්ම දූතය! සැබැවින්ම අපි අල් කුර්ආනය නුඹ මත පහළ කරන්නෙමු. එහි නියම කරන ලද අනිවාර්යය දෑ සීමාවන් නීතිරීති විනයන් හා වෙනත් දෑ ඇතුළත් ව ඇති බැවින් එය බලගතු ප්රකාශයකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ نَاشِئَةَ الَّیْلِ هِیَ اَشَدُّ وَطْاً وَّاَقْوَمُ قِیْلًا ۟ؕ
සැබැවින්ම රාත්රි හෝරාවන් අල් කුර්ආනය පාරායනය කිරීමත් සමගම හදවතට තදබල ලෙස අනුගත වන කාලයකි. එමෙන්ම ප්රකාශයට වඩාත් නිවැරදි කාලයකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ لَكَ فِی النَّهَارِ سَبْحًا طَوِیْلًا ۟ؕ
දහවල් කාලයේ ඔබේ කටයුතුවලදී ඔබට විවිධ ක්රියාකාරකම් ඇත. ඒ හේතුවෙන් ඔබ අල් කුර්ආනය කියවීමට නොහැකිව කාර්ය බහුල වන්නෙහිය. එහෙයින් ඔබ රාත්රියෙහි නැමදුම් ඉටු කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاذْكُرِ اسْمَ رَبِّكَ وَتَبَتَّلْ اِلَیْهِ تَبْتِیْلًا ۟ؕ
දික්ර් හෙවත් විවිධ මෙනෙහි කිරීම් තුළින් අල්ලාහ් ව මෙනෙහි කරනු. පිවිතුරු චේතනාවෙන් යුතු ව (සියලු කටයුතුවලින්) වෙන් වී නැමදුම් කිරීම තුළින් ඔහු වෙතට යොමු වනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ لَاۤ اِلٰهَ اِلَّا هُوَ فَاتَّخِذْهُ وَكِیْلًا ۟
ඔහු පෙරදිග හිමිපාණන්ය. අපරදිග හිමිපාණන්ය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට වෙනත් කිසිවෙකු නැත. එහෙයින් ඔබේ සියලු කටයුතුවලදී ඔහු මත ස්ථීරව සිට ඔහුව භාරකාරයා ලෙස අරගන්න.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاصْبِرْ عَلٰی مَا یَقُوْلُوْنَ وَاهْجُرْهُمْ هَجْرًا جَمِیْلًا ۟
මුසාවාදීන් සරදම් කරමින්, දොස් නගමින් පවසන දෑ මත නුඹ ඉවසනු. කිසිදු හිංසාවකින් තොරව ඔවුන්ගෙන් ඔබ වෙන්ව යනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَذَرْنِیْ وَالْمُكَذِّبِیْنَ اُولِی النَّعْمَةِ وَمَهِّلْهُمْ قَلِیْلًا ۟
මෙලොවෙහි සැප සම්පත් භුක්ති විදින මුසාවාදීන්ගේ කටයුතු සම්බන්ධයෙන් ඔබ වැදගත් කමක් නොදක්වනු. මා සමග ඔවුන් අතහැර දමනු. ඔවුන්ගේ අවසානය ඔවුන් වෙත පැමිණෙන තෙක් ඔවුනට මදක් අවකාශය දෙනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ لَدَیْنَاۤ اَنْكَالًا وَّجَحِیْمًا ۟ۙ
සැබැවින්ම මතුලොවෙහි අප සතුව බරින් යුත් විලංගු හා කොපයෙන් ඇවිළෙන නිරා ගින්න ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّطَعَامًا ذَا غُصَّةٍ وَّعَذَابًا اَلِیْمًا ۟۫
දැඩි තිත්ත රසය නිසා උගුරු හිර කරන ආහාර ඇත. ඉහත කී දෑට අමතර ව වේදනීය දඬුවම් ද ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَ تَرْجُفُ الْاَرْضُ وَالْجِبَالُ وَكَانَتِ الْجِبَالُ كَثِیْبًا مَّهِیْلًا ۟
මහපොළොව හා කඳු කම්පනය වන දින, මුසාවාදීන් හට එම දඬුවම ලැබෙනු ඇත. එදින එහි පවතින දැඩි අර්බුද හේතුවෙන් විසිරී ගලා යන වැලි බවට එම කඳු පත් ව තිබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّاۤ اَرْسَلْنَاۤ اِلَیْكُمْ رَسُوْلًا ۙ۬— شَاهِدًا عَلَیْكُمْ كَمَاۤ اَرْسَلْنَاۤ اِلٰی فِرْعَوْنَ رَسُوْلًا ۟ؕ
ෆිර්අවුන් වෙත මූසා (අලය්හිස් සලාම්) තුමා ව දහම් දූතයකු මෙන් අප එවූ ආකාරයෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ ක්රියාකාරකම් සඳහා සාක්ෂි දරන්නෙකු ලෙස දහම් දූතයෙකු සැබැවින්ම අපි නුඹලා වෙත එවා ඇත්තෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَعَصٰی فِرْعَوْنُ الرَّسُوْلَ فَاَخَذْنٰهُ اَخْذًا وَّبِیْلًا ۟
නමුත් ෆිර්අවුන් ඔහුගේ පරමාධිපති විසින් එවනු ලැබූ එම දූතයාට පිටුපෑවේය. සැබැවින්ම ඔහු මෙලොවෙහි ජලයේ ගිල්වා හා මතු ලොවෙහි නිරා ගින්නට භාජනය කරමින් අපි ඔහු දැඩි සේ දඬුවමට ලක් කරන්නෙමු. එහෙයින් නුඹලා නුඹලාගේ දහම් දූතයාණන්ට පිටු නොපානු. එවිට ඔහුට අත් වූ ඉරණම මෙන් නුඹලාට ද අත්වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَكَیْفَ تَتَّقُوْنَ اِنْ كَفَرْتُمْ یَوْمًا یَّجْعَلُ الْوِلْدَانَ شِیْبَا ۟
(නුඹලා අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන් ව බොරු කර සිටියෙහු නම්) එහි ඇති දැඩි බිහිසුණුකාරී තත්ත්වය හා එහි දිගු ව හේතුවෙන් කුඩා දරුවන්ගේ හිසකෙස් පවා පැහෙන තරමට ඉතා දැඩි මෙන්ම දිගු දිනයක නුඹලාව ඉන් වළක්වා ගෙන ඉන් සුරක්ෂිතභාවය ලබන්නේ කෙසේද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
١لسَّمَآءُ مُنْفَطِرٌ بِهٖ ؕ— كَانَ وَعْدُهٗ مَفْعُوْلًا ۟
එහි බිහිසුණුකාරී තත්ත්වය හේතුවෙන් අහස පැළී යනු ඇත. අල්ලාහ්ගේ ප්රතිඥාව කිසිදු සැකයකින් තොරට ඉටු කරනු ලබන්නක් වෙයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ هٰذِهٖ تَذْكِرَةٌ ۚ— فَمَنْ شَآءَ اتَّخَذَ اِلٰی رَبِّهٖ سَبِیْلًا ۟۠
සැබැවින්ම මෙම උපදෙස මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සිදුවන දැඩි අර්බුද කාරී බිහිසුණු තත්ත්වය හේතුවෙන් සිදුවන දෑ පිළිබඳ විස්තර කිරීම් ඇතුළත් වූ මෙනෙහි කිරීමකි. එමගින් දෙවියන් විශ්වාස කරන්නන් ප්රයෝජනය ලබනු ඇත. එහෙයින් තම පරමාධිපති වෙත සේන්දු කරවන මාර්ගය පිළිපදින්නට අභිමත කරන්නන් එම මාර්ගය පිළිපදිත්වා!
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أهمية قيام الليل وتلاوة القرآن وذكر الله والصبر للداعية إلى الله.
•රාත්රියේ අවදි වී නැමදුම් කිරීම, අල් කුර්ආනය පාරායනය කිරීම, අල්ලාහ්ව මෙනෙහි කිරීම හා අල්ලාහ් වෙත ඇරයුම් කරන යහ කටයුතුවලදී ඉවසීම යනාදී කරුණුවල වැදගත්කම.

• فراغ القلب في الليل له أثر في الحفظ والفهم.
•රාත්රියේ හදවත හිස් ව පැවතීම කට පාඩම් කිරීමේදී හා වටහා ගැනීමේදී දැඩි බලපෑමක් ඇති කරනු ඇත.

• تحمّل التكاليف يقتضي تربية صارمة.
•දුෂ්කරතා ඉසිලීම සඳහා දැඩි පුහුණුවක් අවශ්ය වන්නේය.

• الترف والتوسع في التنعم يصدّ عن سبيل الله.
•වින්දනයේ දී සුඛෝපභෝගී හා පුළුල් භාවය අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වාලයි.

اِنَّ رَبَّكَ یَعْلَمُ اَنَّكَ تَقُوْمُ اَدْنٰی مِنْ  الَّیْلِ وَنِصْفَهٗ وَثُلُثَهٗ وَطَآىِٕفَةٌ مِّنَ الَّذِیْنَ مَعَكَ ؕ— وَاللّٰهُ یُقَدِّرُ الَّیْلَ وَالنَّهَارَ ؕ— عَلِمَ اَنْ لَّنْ تُحْصُوْهُ فَتَابَ عَلَیْكُمْ فَاقْرَءُوْا مَا تَیَسَّرَ مِنَ الْقُرْاٰنِ ؕ— عَلِمَ اَنْ سَیَكُوْنُ مِنْكُمْ مَّرْضٰی ۙ— وَاٰخَرُوْنَ یَضْرِبُوْنَ فِی الْاَرْضِ یَبْتَغُوْنَ مِنْ فَضْلِ اللّٰهِ ۙ— وَاٰخَرُوْنَ یُقَاتِلُوْنَ فِیْ سَبِیْلِ اللّٰهِ ۖؗ— فَاقْرَءُوْا مَا تَیَسَّرَ مِنْهُ ۙ— وَاَقِیْمُوا الصَّلٰوةَ وَاٰتُوا الزَّكٰوةَ وَاَقْرِضُوا اللّٰهَ قَرْضًا حَسَنًا ؕ— وَمَا تُقَدِّمُوْا لِاَنْفُسِكُمْ مِّنْ خَیْرٍ تَجِدُوْهُ عِنْدَ اللّٰهِ هُوَ خَیْرًا وَّاَعْظَمَ اَجْرًا ؕ— وَاسْتَغْفِرُوا اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟۠
අහෝ දූතය, සැබැවින්ම ඔබ විටෙක රාත්රියේ තුනෙන් දෙකකට වඩා අඩු කාලයක ද, විටෙක එහි අඩක ද විටෙක ඉන් තුනෙන් එක් කොටසක ද සලාත් ඉටු කරන බව නුඹේ පරමාධිපති මැනවින් දනී. එමෙන්ම ඔබ සමග දෙවියන් විශ්වාස කරන පිරිසක් ද එසේ ඉටු කරන බව ද දනී. රාත්රිය හා දහවල නිර්ණය කරනුයේ අල්ලාහ්ය. ඒ දෙකෙහි කාල වේලාවන් ගණනය කරනුයේ ද ඔහුය. එහි වේලාවන් සටහන් කර ගැනීමට හෝ ගණනය කිරීමට හෝ සැබැවින්ම නුඹලාට නොහැකි බව අල්ලාහ් දන්නේය. නුඹලාගේ අවශ්යතාවන්ට අනුකූලව ඊට වඩා වැඩි වේලාවක් රාත්රියේ නැමදුම් කිරීම නුඹලාට අසීරුය. එහෙයින් ඔහු නුඹලාට සමාව දුන්නේය. එහෙයින් නුඹලාට පහසු කාලයක් රාත්රියේ සලාත් ඉටු කරන්න. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා අතර රොගාබාධයෙන් පෙළෙන රෝගීන් සිටින බවත්, අල්ලාහ්ගේ පෝෂණය සොයා ගමන් කරන්නන් සිටින බවත්, අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා හා ඔහුගේ වදන උසස් වනු පිණිස දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග අරගල කරන්නන් ද සිටින බවත් අල්ලාහ් දනී. මෙවැන්නන් හට රාත්රියේ අවදි වී නැමදුම් කිරීම අසීරුය. එහෙයින් රාත්රියෙන් ඔබට පහසු කාලයක සලාත් ඉටු කරනු. අනිවාර්යය සලාතයන් එහි පූර්ණ ස්වරූපයෙන් ඉටු කරනු. නුඹලාගේ ධනයෙන් සකාත් නිකුත් කරනු. අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලාගේ ධනය වියදම් කරනු. නුඹලා වෙනුවෙන් කවර යහපතක් නුඹලා ඉදිරිපත් කළ ද, එය නුඹලා යහපත් හා මහඟු තිළිණයක් ලෙස දකිනු ඇත. අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු. තම ගැත්තන් අතරින් සමාව අයැදින්නන්හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• المشقة تجلب التيسير.
•දුෂ්කරතා පහසුව ගෙන දෙනු ඇත.

• وجوب الطهارة من الخَبَث الظاهر والباطن.
•බාහිර හා අභ්යන්තර කිලිටි වලින් පිරිසිදු වීමේ අනිවාර්යයභාවය.

• الإنعام على الفاجر استدراج له وليس إكرامًا.
•පාපිෂ්ඨයාට සැප පහසුකම් පිරි නැමීම, පියවරෙන් පියවර ඔහු ව ග්රහණය කර ගැනීම සඳහා මිස ඔහුට කරන ගරුත්වයක් වශයෙන් නොවේ.

 
የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አል ሙዘሚል
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት