የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አን ነበእ   አንቀጽ:

සූරා අන් නබඋ

ከመዕራፉ ዓላማዎች:
بيان أدلة القدرة على البعث والتخويف من العاقبة.
මළවුන් කෙරෙන් නැවත නැගිටුවීමට හැකි බව හඟවන සාක්ෂි පැහැදිලි කිරීම හා අවසානය ගැන බිය ගැන්වීම.

عَمَّ یَتَسَآءَلُوْنَ ۟ۚ
අල්ලාහ්ට වෙනත් අයෙකු සමකර ආදේශ තබන්නන් වෙත අල්ලාහ් තම දූතයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාව එවීමෙන් පසුව ඔවුන් එකිනෙකා විමසා ගනුයේ කවර දෙයක් පිළිබඳ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
عَنِ النَّبَاِ الْعَظِیْمِ ۟ۙ
ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගෙන් එම මහත් වූ ආරංචිය පිළිබඳ විමසයි.එය නැවත නැගිටුවනු ලැබීම පිළිබඳ ඇතුළත් ඔවුන්ගේ රසූල්වරයා වෙත එවනු ලැබූ අල් කුර්ආනය ගැනයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
الَّذِیْ هُمْ فِیْهِ مُخْتَلِفُوْنَ ۟ؕ
එම අල් කුර්ආනය පිළිබඳ වර්ණනා කිරීමේදී එය හූනියමක් ද, එසේත් නැතහොත් කවි පෙළක්ද, එසේත් නැතහොත් මන්තරයක්ද,එසේත් නැතහොත් පැරැණ්නන්ගේ ප්රබන්ධයක්ද යන්න ගැන ඔවුහු මතභේද ඇති කරගත්හ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كَلَّا سَیَعْلَمُوْنَ ۟ۙ
ඔවුන් සිතන පරිදි කරුණු එසේ නොවේ. එම අල් කුර්ආනය මගින් බොරු කරමින් සිටියවුන් එයින් අත්වන නපුරු විපාකය ගැන අවසානයේදී දැන ගනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ كَلَّا سَیَعْلَمُوْنَ ۟
පසු ව එය ඔවුනට තහවුරු වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَلَمْ نَجْعَلِ الْاَرْضَ مِهٰدًا ۟ۙ
මහපොළොව වාසය කිරීමට සුදුසු තැනක් බවට අපි පුළුල් නොකළෙමුද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّالْجِبَالَ اَوْتَادًا ۟ۙ
මහපොළොව චලනය වීම වළක්වනු පිණිස ඒ මත කඳු කූඤ්ඤ ලෙස අපි ඇති කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّخَلَقْنٰكُمْ اَزْوَاجًا ۟ۙ
අහෝ ජනයිනි! අපි නුඹලාව යුගල වශයෙන් මවා ඇත්තෙමු. නුඹලා අතර පිරිමින් හා කාන්තාවන් වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا ۟ۙ
කාර්ය බහුලත්වයෙන් ඉවත්ව නුඹලා විවේකය ලබනු පිණිස අපි නුඹලාගේ නින්ද ඇති කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّجَعَلْنَا الَّیْلَ لِبَاسًا ۟ۙ
නුඹලා විළි වසා ගන්නා වස්ත්රය මෙන් එහි තිබෙන අඳුරෙන් නුඹලාව ආවරණය කර ගන්නට අපි රාත්රිය ඇති කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّجَعَلْنَا النَّهَارَ مَعَاشًا ۟ۚ
ඉපැයීමේ හා ආහාර සම්පත් සෙවීමේ ස්ථානයක් බවට අපි දහවල ඇති කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَبَنَیْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا ۟ۙ
නුඹලාට ඉහළින් ශක්තිමත් ලෙස හා ඉතා සියුම් ලෙස තනන ලද අහස් සතක් අපි නිර්මාණය කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّجَعَلْنَا سِرَاجًا وَّهَّاجًا ۟ۙ
ඉමහත්ව ආලෝකයක් ලබා දෙන දැඩි ලෙස දැවෙන පහනක් බවට අපි හිරු තැනුවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّاَنْزَلْنَا مِنَ الْمُعْصِرٰتِ مَآءً ثَجَّاجًا ۟ۙ
වර්ෂාපතනය ඇති කරවන වළාවන් තුළින් අධික ලෙස ජලය වැගිරෙන්නට අපි සැළැස්සුවෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِّنُخْرِجَ بِهٖ حَبًّا وَّنَبَاتًا ۟ۙ
එමගින් විවිධ වූ ධාන්ය වර්ග හා පැළෑටි වර්ග හටගැනීම සඳහාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّجَنّٰتٍ اَلْفَافًا ۟ؕ
එමගින් ගහ කොළ හා අතු රිකිළි එකිනෙක ඇමුණුනු ඝන වතු අපි හට ගැන්වූයෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ یَوْمَ الْفَصْلِ كَانَ مِیْقَاتًا ۟ۙ
මැවීම් අතර වෙන් කරවන තීරණාත්මක දිනය කිසිදු ප්රමාදයකින් තොර ව නිර්ණය කරනු ලැබූ නියමිත වේලාවක පොරොන්දු වූ පරිදි සිදුවනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَّوْمَ یُنْفَخُ فِی الصُّوْرِ فَتَاْتُوْنَ اَفْوَاجًا ۟ۙ
අහෝ ජනයිනි! හොරණෑව මලක්වරුන් - දේව දූතයින් - දෙවන වරට පිඹින දිනයේදී නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّفُتِحَتِ السَّمَآءُ فَكَانَتْ اَبْوَابًا ۟ۙ
අහස විවර කරනු ලැබූ විට විවෘත කරනු ලැබූ දොරටු මෙන් එහි පැළීම් හා විවර ඇති වේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّسُیِّرَتِ الْجِبَالُ فَكَانَتْ سَرَابًا ۟ؕ
විහිදී යන දුහුවිලි මෙන් කඳු විතැන් වී පසුව එය මිරිඟුවක් බවට පත් වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا ۟ۙ
සැබැවින්ම නිරය පහර දීමට අපේක්ෂාවෙන් සිටින ස්ථානයක් බවට පත් වේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لِّلطَّاغِیْنَ مَاٰبًا ۟ۙ
එය අපරාධකරුවන්ට හැරී යන ස්ථානයක් වශයෙනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لّٰبِثِیْنَ فِیْهَاۤ اَحْقَابًا ۟ۚ
නිමක් නැති යුග ගණනාවක් ඔවුන් එහි රැඳී සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا یَذُوْقُوْنَ فِیْهَا بَرْدًا وَّلَا شَرَابًا ۟ۙ
නිරයේ ගිනි නිවාලන සිසිල් සුළඟ ඔවුන් එහි නොවිඳිති. එමෙන්ම ඉමිහිරි පානීය ජලය ඔවුන් එහි රස නොවිඳිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِلَّا حَمِیْمًا وَّغَسَّاقًا ۟ۙ
දැඩි රෂ්ණයෙන් යුත් ජලය හා නිරා වැසියන්ගෙන් ගලන ඕජස් හැර වෙන කිසිවක් ඔවුන් නොවිඳිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
جَزَآءً وِّفَاقًا ۟ؕ
එය ඔවුන් ප්රතික්ෂේප කරමින් සිටි, නොමඟ යමින් සිටි විෂයට සරිළන ප්රතිවිපාකයක් වශයෙනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّهُمْ كَانُوْا لَا یَرْجُوْنَ حِسَابًا ۟ۙ
සැබැවින්ම ඔවුන් මතුලොවෙහි අල්ලාහ්ගේ විනිශ්චයට බිය නොවී මෙලොව ගත කළ අය වෙති. මතුලොවෙහි යළි නැගිටුවනු ලැබීම ගැන ඔවුහු විශ්වාස නොකළහ. එසේ ඔවුන් යළි නැගිටුවනු ලැබීම ගැන බිය වූයේ නම් අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන්හි නිරත වන්නට තිබුණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّكَذَّبُوْا بِاٰیٰتِنَا كِذَّابًا ۟ؕ
අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ වදන් ඔවුහු දැඩි ලෙස බොරු කළහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكُلَّ شَیْءٍ اَحْصَیْنٰهُ كِتٰبًا ۟ۙ
ඔවුන්ගේ සෑම ක්රියාවක්ම අපි සටහන් කර තැබුවෙමු. එය ගණනය කර ඇත්තෙමු. ඔවුන්ගේ ක්රියාකාරකම් ලියන ලේඛනවල ලියනු ලැබ ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَذُوْقُوْا فَلَنْ نَّزِیْدَكُمْ اِلَّا عَذَابًا ۟۠
එහෙයින් සීමාව ඉක්මවා කටයුතු කරන අපරාධකරුවනි, දඬුවම සදා භුක්ති විඳිනු. නුඹලාගේ දඬුවම මත දඬුවමක් මිස වෙන කිසිවක් අපි නුඹලාට අධික නොකරන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• إحكام الله للخلق دلالة على قدرته على إعادته.
• අල්ලාහ්ගේ තීන්දු කිරීම් සියලු මැවීම් මත ක්රියාත්මක වීම මිනිසා මිය ගිය පසු ව යළිත් නැගිටුවීමේ ඔහුගේ බලය පෙන්වා දෙන සාධකයකි.

• الطغيان سبب دخول النار.
• සීමාව ඉක්මවා කටයුතු කිරීම, නිරයට පිවිසීමට හේතුවක් වන්නේය.

• مضاعفة العذاب على الكفار.
• දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට දඬුවම ගුණ කර දෙනු ලැබේ.

اِنَّ لِلْمُتَّقِیْنَ مَفَازًا ۟ۙ
තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින්, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින්, ඔහුට බැතිමත්ව කටයුතු කරන්නන්හට ඔවුන් පැතූ පරිදිම ජයග්රාහී ස්ථානය හිමි වනු ඇත. එය උතුම් වූ ස්වර්ගයයි. (දිව්ය ලෝකයයි.)
የአረብኛ ቁርኣን ማብራሪያ:
حَدَآىِٕقَ وَاَعْنَابًا ۟ۙ
එහි උයන් හා මිදි වතු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّكَوَاعِبَ اَتْرَابًا ۟ۙ
පියයුරු ඉදිරියට නෙරා ගිය සම වයසේ කන්යාවියන් ද ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّكَاْسًا دِهَاقًا ۟ؕ
පැන් පිරුණු බඳුන් ද ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَا یَسْمَعُوْنَ فِیْهَا لَغْوًا وَّلَا كِذّٰبًا ۟ۚۖ
ස්වර්ගයේ නිෂ්ඵල කතා කිසිවකට ස්වර්ගවාසීන් සවන් දෙන්නේ නැත. කෙනෙකු තව කෙනෙකු හට බොරු පවසන්නේද නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
جَزَآءً مِّنْ رَّبِّكَ عَطَآءً حِسَابًا ۟ۙ
එය අල්ලාහ් විසින් ඔවුනට පිරිනැමූ ත්යාගයකි. එමෙන්ම ඔහුගෙන් ලැබුණු පරිපූර්ණ වූ දායාදයකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
رَّبِّ السَّمٰوٰتِ وَالْاَرْضِ وَمَا بَیْنَهُمَا الرَّحْمٰنِ لَا یَمْلِكُوْنَ مِنْهُ خِطَابًا ۟ۚ
ඔහු අහස් හා මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය. මෙලොව හා මතුලොවෙහි මහා කාරුණිකය. මිහිතලයේ හා අහසේ වෙසෙන කිසිවකු හෝ වේවා පරමාධිපතිගෙන් ඔවුනට අනුමැතිය ලැබීමෙන් තොරව ඔහුගෙන් කිසිවක් විමසීමේ අයිතිය නො ලබනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَ یَقُوْمُ الرُّوْحُ وَالْمَلٰٓىِٕكَةُ صَفًّا ۙۗؕ— لَّا یَتَكَلَّمُوْنَ اِلَّا مَنْ اَذِنَ لَهُ الرَّحْمٰنُ وَقَالَ صَوَابًا ۟
එය ජිබ්රීල් හා මලක්වරුන් පෙළ ගැසී සිටින දිනයකි. එදින මහා කාරුණිකයාණන් අවසර දුන් අය මිස කිසිවකු වෙනුවෙන් මැදිහත් වී කතා කිරීමට හැකියාව වෙනත් කිසිවකුට නො ලැබෙනු ඇත. දෙවියන්ගේ ඒකීයත්වය විදහා පාන ප්රකාශය මෙන් ඍජු දේ පමණක් එදින කතා කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذٰلِكَ الْیَوْمُ الْحَقُّ ۚ— فَمَنْ شَآءَ اتَّخَذَ اِلٰی رَبِّهٖ مَاٰبًا ۟
‘එහි කිසිදු සැකයක් නැත. සැබැවින්ම එය සිදුවන්නක්මය’ යනුවෙන් නුඹලාට විස්තර කරනු ලැබූ දිනයකි මෙය. එහෙයින් අල්ලාහ්ගේ දඬුවමින් මිදී ජය ලබන්නට අපේක්ෂා කරන්නන්, තම පරමාධිපති තෘප්තියට පත්වන අයුරින් දැහැමි ක්රියාවන් සිදු කොට ඒ මත පිහිටන ඍජු මාර්ගයම පිළිපදිත්වා!
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّاۤ اَنْذَرْنٰكُمْ عَذَابًا قَرِیْبًا ۖۚ۬— یَّوْمَ یَنْظُرُ الْمَرْءُ مَا قَدَّمَتْ یَدٰهُ وَیَقُوْلُ الْكٰفِرُ یٰلَیْتَنِیْ كُنْتُ تُرٰبًا ۟۠
අහෝ ජනයිනි! ළගදීම සිදුවන්නට යන දඬුවම ගැන සැබැවින්ම අපි ඔබට අවවාද කරන්නෙමු. එය මෙලොවෙහි මිනිසා තමන් කල් ඇතිව සිදු කළ දෑහි ප්රතිඵල දකින දිනයකි. දෙවියන් ප්රතික්ෂේප කළ ජනයා දඬුවමෙන් ගැළවීමේ අපේවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන කල්හි ‘නුඹලා පසට පස්වනු’ යැයි කියනු ලබන සතුන් මෙන් මා ද පසට පස් වී තිබුණා නම් කෙතරම් නම් අගනේදැයි එදින විමසා සිටිනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• التقوى سبب دخول الجنة.
• තක්වා හෙවත් දෙවියන් පිළිබඳ වූ බැතිමත්කම ස්වර්ගයට පිවිසීමට හේතුවක් වන්නේය.

• تذكر أهوال القيامة دافع للعمل الصالح.
• මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ව්යසන පිළිබඳ මෙනෙහි කිරීම දැහැමි ක්රියාවන් කිරීමට මඟ පාදනු ඇත.

• قبض روح الكافر بشدّة وعنف، وقبض روح المؤمن برفق ولين.
• දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ ප්රාණයන් කෲර හා දැඩි ලෙස ගලවා ගන්නා අතර දෙවියන් විශ්වාස කරන්නන්ගේ ප්රාණයන් ඉතා සැහැල්ලුවෙන් හා මෘදු ලෙස මුදවාලනු ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: ሱረቱ አን ነበእ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት