للإطلاع على الموقع بحلته الجديدة

ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية - مركز رواد الترجمة * - فهرس التراجم

PDF XML CSV Excel API
تنزيل الملفات يتضمن الموافقة على هذه الشروط والسياسات

ترجمة معاني سورة: البقرة   آية:
وَقَالَتِ الْیَهُوْدُ لَیْسَتِ النَّصٰرٰی عَلٰی شَیْءٍ ۪— وَّقَالَتِ النَّصٰرٰی لَیْسَتِ الْیَهُوْدُ عَلٰی شَیْءٍ ۙ— وَّهُمْ یَتْلُوْنَ الْكِتٰبَ ؕ— كَذٰلِكَ قَالَ الَّذِیْنَ لَا یَعْلَمُوْنَ مِثْلَ قَوْلِهِمْ ۚ— فَاللّٰهُ یَحْكُمُ بَیْنَهُمْ یَوْمَ الْقِیٰمَةِ فِیْمَا كَانُوْا فِیْهِ یَخْتَلِفُوْنَ ۟
"කිතුනුවන් කිසිදු පදනමක් මත නොමැති බව" යුදෙව්වෝ පවසති. "යුදෙව්වන් කිසිදු පදනමක් මත නොමැති බව" කිතුනුවෝ ද පවසති. ඔවුන් දේව ග්‍රන්ථය කියවමින් සිටිය දී. ඔවුන්ගේ ප්‍රකාශ මෙන් ම අවබෝධයක් නොමැත්තෝ ද මෙලෙස පවසති. එබැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙහි ඔවුන් කවර දෙයක් පිළිබඳ මත භේද ඇති කර ගනිමින් සිටියේ ද එම විෂයය සම්බන්ධයෙන් ඔවුන් අතර අල්ලාහ් තීන්දු කරනු ඇත.
التفاسير العربية:
وَمَنْ اَظْلَمُ مِمَّنْ مَّنَعَ مَسٰجِدَ اللّٰهِ اَنْ یُّذْكَرَ فِیْهَا اسْمُهٗ وَسَعٰی فِیْ خَرَابِهَا ؕ— اُولٰٓىِٕكَ مَا كَانَ لَهُمْ اَنْ یَّدْخُلُوْهَاۤ اِلَّا خَآىِٕفِیْنَ ؕ۬— لَهُمْ فِی الدُّنْیَا خِزْیٌ وَّلَهُمْ فِی الْاٰخِرَةِ عَذَابٌ عَظِیْمٌ ۟
අල්ලාහ්ගේ මස්ජිදයන්හි ඔහුගේ නාමය මෙනෙහි කරනු ලැබීමෙන් වළක්වාලන, තවද එය විනාශ කිරීමට වෑයම් කරන අයට වඩා මහා අපරාධකරු කවරෙක් ද? ඔවුන් බියට පත් වූවන් ලෙස ම මිස එහි පිවිසීමට ඔවුනට සුදුසු නො වීය. ඔවුනට මෙලොවෙහි අවමානය ඇත. තවද පරලොවෙහි ඔවුනට අතිමහත් දඬුවමක් ඇත.
التفاسير العربية:
وَلِلّٰهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ ۗ— فَاَیْنَمَا تُوَلُّوْا فَثَمَّ وَجْهُ اللّٰهِ ؕ— اِنَّ اللّٰهَ وَاسِعٌ عَلِیْمٌ ۟
තවද නැගෙනහිර හා බටහිර අල්ලාහ් සතු ය. එබැවින් නුඹලා කවර දෙසකට හැරුණ ද එහි අල්ලාහ්ගේ මුහුණ වේ. සැබැවින් ම අල්ලාහ් සර්ව ව්‍යාපක ය. සර්ව ඥානී ය.
التفاسير العربية:
وَقَالُوا اتَّخَذَ اللّٰهُ وَلَدًا ۙ— سُبْحٰنَهٗ ؕ— بَلْ لَّهٗ مَا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— كُلٌّ لَّهٗ قٰنِتُوْنَ ۟
තවද "අල්ලාහ් පුතෙකු ගත්තේ යැයි" ඔවුහු පැවසූහ. (ඔවුන් පවසන දැයින්) ඔහු සුවිශුද්ධ ය. එසේ නොව අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ ඔහු සතු ය. සියල්ල ඔහුට අවනත වන්නෝ ය.
التفاسير العربية:
بَدِیْعُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَاِذَا قَضٰۤی اَمْرًا فَاِنَّمَا یَقُوْلُ لَهٗ كُنْ فَیَكُوْنُ ۟
(අල්ලාහ්) අහස්හි හා මහපොළොවේ උත්පාදකයා ය. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එයට වනු යැයි පවසනවා පමණ ය, එවිට එය සිදු වන්නේ ය.
التفاسير العربية:
وَقَالَ الَّذِیْنَ لَا یَعْلَمُوْنَ لَوْلَا یُكَلِّمُنَا اللّٰهُ اَوْ تَاْتِیْنَاۤ اٰیَةٌ ؕ— كَذٰلِكَ قَالَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ مِّثْلَ قَوْلِهِمْ ؕ— تَشَابَهَتْ قُلُوْبُهُمْ ؕ— قَدْ بَیَّنَّا الْاٰیٰتِ لِقَوْمٍ یُّوْقِنُوْنَ ۟
තවද දැනුම නොමැත්තෝ “අල්ලාහ් අප සමඟ කතා කළ යුතු නො වේ ද? නැතිනම් අප වෙත
ප්‍රාතිහාර්යයක් පැමිණිය යුතු නො වේ දැ?”යි අසති. ඔවුනට පෙර සිටි අය ද මොවුන් පවසනවාක් මෙන් ම පැවසූහ. ඔවුන්ගේ හදවත් එකිනෙකට ඒකාකාර විය. සැබැවින් ම තරයේ විශ්වාස කරන පිරිසට අපි මෙම වැකි පැහැදිලි කරන්නෙමු.
التفاسير العربية:
اِنَّاۤ اَرْسَلْنٰكَ بِالْحَقِّ بَشِیْرًا وَّنَذِیْرًا ۙ— وَّلَا تُسْـَٔلُ عَنْ اَصْحٰبِ الْجَحِیْمِ ۟
නියත වශයෙන් ම අපි නුඹව සුබාරංචි පවසන්නෙකු ලෙස ද අවවාද කරන්නෙකු ලෙස ද සත්‍ය සමඟ යැව්වෙමු. නිරයේ සගයින් පිළිබඳව නුඹ ප්‍රශ්න කරනු නො ලබන්නෙහි ය.
التفاسير العربية:
 
ترجمة معاني سورة: البقرة
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية - مركز رواد الترجمة - فهرس التراجم

ترجمها فريق مركز رواد الترجمة بالتعاون مع جمعية الدعوة بالربوة وجمعية خدمة المحتوى الإسلامي باللغات وموقع IslamHouse.com.

إغلاق