للإطلاع على الموقع بحلته الجديدة

ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية - مركز رواد الترجمة * - فهرس التراجم

PDF XML CSV Excel API
تنزيل الملفات يتضمن الموافقة على هذه الشروط والسياسات

ترجمة معاني سورة: فصلت   آية:
اِنَّ الَّذِیْنَ قَالُوْا رَبُّنَا اللّٰهُ ثُمَّ اسْتَقَامُوْا تَتَنَزَّلُ عَلَیْهِمُ الْمَلٰٓىِٕكَةُ اَلَّا تَخَافُوْا وَلَا تَحْزَنُوْا وَاَبْشِرُوْا بِالْجَنَّةِ الَّتِیْ كُنْتُمْ تُوْعَدُوْنَ ۟
“නියත වශයෙන් ම අපගේ පරමාධිපති අල්ලාහ්” යැයි පවසා පසුව (එහි) ස්ථාවරව සිටියවුන් වන ඔවුන් වෙත “නුඹලා බිය නො වනු. තවද දුක් නො වනු. තවද නුඹලාට ප්‍රතිඥා දෙනු ලබමින් සිටි ස්වර්ගය පිළිබඳ ප්‍රීති වනු” යැයි (පවසමින්) මලක්වරුන් පහළ වනු ඇත.
التفاسير العربية:
نَحْنُ اَوْلِیٰٓؤُكُمْ فِی الْحَیٰوةِ الدُّنْیَا وَفِی الْاٰخِرَةِ ۚ— وَلَكُمْ فِیْهَا مَا تَشْتَهِیْۤ اَنْفُسُكُمْ وَلَكُمْ فِیْهَا مَا تَدَّعُوْنَ ۟ؕ
මෙලොව ජීවිතයේ හා මතු ලොවෙහි නුඹලාගේ මිතුරන් අපි වෙමු. නුඹලාගේ සිත් ආශා කරන දෑ එහි නුඹලාට ඇත. තවද නුඹලා පතන දෑ ද එහි නුඹලාට ඇත.
التفاسير العربية:
نُزُلًا مِّنْ غَفُوْرٍ رَّحِیْمٍ ۟۠
එය අතික්ෂමාශීලී මහා කරුණාන්විතයාණන්ගෙන් වූ සංග්‍රහයක් වශයෙනි.
التفاسير العربية:
وَمَنْ اَحْسَنُ قَوْلًا مِّمَّنْ دَعَاۤ اِلَی اللّٰهِ وَعَمِلَ صَالِحًا وَّقَالَ اِنَّنِیْ مِنَ الْمُسْلِمِیْنَ ۟
තවද “අල්ලාහ් වෙත ඇරයුම් කොට දැහැමි දෑ සිදු කොට නියත වශයෙන් ම මම අවනත වන්නන් අතරින් වෙමි” යැයි පවසන අයට වඩා කතාවෙන් වඩාත් අලංකාර වනුයේ කවරෙකු ද?
التفاسير العربية:
وَلَا تَسْتَوِی الْحَسَنَةُ وَلَا السَّیِّئَةُ ؕ— اِدْفَعْ بِالَّتِیْ هِیَ اَحْسَنُ فَاِذَا الَّذِیْ بَیْنَكَ وَبَیْنَهٗ عَدَاوَةٌ كَاَنَّهٗ وَلِیٌّ حَمِیْمٌ ۟
තවද යහපත හා අයහපත සමාන නො වෙයි. වඩාත් අලංකාර දැයින් (අයහපත) වළක්වනු. එවිට ඔබ අතර හා ඔහු අතර සතුරුකමක් තිබුණ අය සමීප මිතුරෙකු මෙන් පත්වනු ඇත.
التفاسير العربية:
وَمَا یُلَقّٰىهَاۤ اِلَّا الَّذِیْنَ صَبَرُوْا ۚ— وَمَا یُلَقّٰىهَاۤ اِلَّا ذُوْ حَظٍّ عَظِیْمٍ ۟
තවද ඉවසිලිවන්ත වූවන්ට හැර එය පිරිනමනු නො ලැබේ. තවද මහත් භාග්‍යයක් හිමි අයට හැර එය පිරිනමනු නො ලැබේ.
التفاسير العربية:
وَاِمَّا یَنْزَغَنَّكَ مِنَ الشَّیْطٰنِ نَزْغٌ فَاسْتَعِذْ بِاللّٰهِ ؕ— اِنَّهٗ هُوَ السَّمِیْعُ الْعَلِیْمُ ۟
තවද ෂෙයිතාන්ගෙන් වූ යම් පොළඹවීමක් ඔබව පොළඹවීමට ලක් කළේ නම් එවිට ඔබ අල්ලාහ් වෙතින් ආරක්ෂාව පතනු. නියත වශයෙන් ම ඔහු මය සර්ව ශ්‍රාවක; සර්ව ඥානී.
التفاسير العربية:
وَمِنْ اٰیٰتِهِ الَّیْلُ وَالنَّهَارُ وَالشَّمْسُ وَالْقَمَرُ ؕ— لَا تَسْجُدُوْا لِلشَّمْسِ وَلَا لِلْقَمَرِ وَاسْجُدُوْا لِلّٰهِ الَّذِیْ خَلَقَهُنَّ اِنْ كُنْتُمْ اِیَّاهُ تَعْبُدُوْنَ ۟
තවද රාත්‍රිය හා දහවල ද හිරු හා සඳු ද ඔහුගේ සංඥා අතරිනි. නුඹලා හිරුට හෝ සඳුට (හිස පහත් කරමින්) සුජූද් නො කරනු. තවද නුඹලා ඔහුට (අල්ලාහ්ට) පමණක් නැමදුම් කරමින් සිටියෙහු නම් ඒවා මැවූ අල්ලාහ්ට පමණක් (හිස පහත් කරමින්) සුජූද් කරනු.
التفاسير العربية:
فَاِنِ اسْتَكْبَرُوْا فَالَّذِیْنَ عِنْدَ رَبِّكَ یُسَبِّحُوْنَ لَهٗ بِالَّیْلِ وَالنَّهَارِ وَهُمْ لَا یَسْـَٔمُوْنَ ۟
එහෙත් ඔවුහු උඩඟු වූයෙහු නම් (දැන ගනු!) ඔබේ පරමාධිපති අබියස සිටින්නවුන් රාත්‍රියේ හා දහවලේ ඔහු පිවිතුරු කරති. තවද ඔවුහු විඩාවට පත් නො වෙති.
التفاسير العربية:
 
ترجمة معاني سورة: فصلت
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية - مركز رواد الترجمة - فهرس التراجم

ترجمها فريق مركز رواد الترجمة بالتعاون مع جمعية الدعوة بالربوة وجمعية خدمة المحتوى الإسلامي باللغات وموقع IslamHouse.com.

إغلاق