للإطلاع على الموقع بحلته الجديدة

ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية - مركز رواد الترجمة * - فهرس التراجم

PDF XML CSV Excel API
تنزيل الملفات يتضمن الموافقة على هذه الشروط والسياسات

ترجمة معاني سورة: التغابن   آية:

سورة التغابن - අත් තාඝාබුන්

یُسَبِّحُ لِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ۚ— لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ ؗ— وَهُوَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ්ට සුවිශුද්ධ කරයි. සියලු ආධිපත්‍යය ඔහු සතු ය. තවද සියලු ප්‍රශංසා ඔහු සතු ය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
التفاسير العربية:
هُوَ الَّذِیْ خَلَقَكُمْ فَمِنْكُمْ كَافِرٌ وَّمِنْكُمْ مُّؤْمِنٌ ؕ— وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ بَصِیْرٌ ۟
ඔහු වනාහි නුඹලා මැව්වේ ය. තවද නුඹලා අතරින් දේවත්වය ප්‍රතික්ෂේප කරන අය ද නුඹලා අතරින් දේවත්වය විශ්වාස කරන අය ද සිටිති. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ සර්ව නිරීක්ෂක ය.
التفاسير العربية:
خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ بِالْحَقِّ وَصَوَّرَكُمْ فَاَحْسَنَ صُوَرَكُمْ ۚ— وَاِلَیْهِ الْمَصِیْرُ ۟
ඔහු අහස් හා මහපොළොව සත්‍යයෙන් යුතුව මැව්වේ ය. තවද ඔහු නුඹලා හැඩගන්වා නුඹලාගේ හැඩරුව ඔහු අලංකාර කළේ ය. තවද නැවත යොමු වීමේ ස්ථානය ඔහු වෙත ය.
التفاسير العربية:
یَعْلَمُ مَا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ وَیَعْلَمُ مَا تُسِرُّوْنَ وَمَا تُعْلِنُوْنَ ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟
අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ ඔහු දනී. තවද නුඹලා සඟවන දෑ ද නුඹලා හෙළි කරන දෑ ද ඔහු දනී. තවද අල්ලාහ් හදවත් සතු දෑ පිළිබඳව සර්වඥානී ය.
التفاسير العربية:
اَلَمْ یَاْتِكُمْ نَبَؤُا الَّذِیْنَ كَفَرُوْا مِنْ قَبْلُ ؗ— فَذَاقُوْا وَبَالَ اَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
මීට පෙර ප්‍රතික්ෂේප කළවුන්ගේ පුවත නුඹලා වෙත නො පැමිණියේ ද? එවිට ඔවුන්ගේ විෂයයෙහි විපාකය ඔවුහු භුක්ති වින්දෝ ය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.
التفاسير العربية:
ذٰلِكَ بِاَنَّهٗ كَانَتْ تَّاْتِیْهِمْ رُسُلُهُمْ بِالْبَیِّنٰتِ فَقَالُوْۤا اَبَشَرٌ یَّهْدُوْنَنَا ؗ— فَكَفَرُوْا وَتَوَلَّوْا وَّاسْتَغْنَی اللّٰهُ ؕ— وَاللّٰهُ غَنِیٌّ حَمِیْدٌ ۟
එය ඔවුන්ගේ දූතවරුන් පැහැදිලි සාධක සමඟ ඔවුන් වෙත පැමිණි විට “අපට මග පෙන්වනුයේ මිනිසෙකු දැ”යි පවසා ප්‍රතික්ෂේප කොට පිටුපා ගිය බැවිණි. තවද අල්ලාහ් නො සලකා හැරියේ ය. තවද අල්ලාහ් අවශ්‍යතාවන්ගෙන් තොර ය; ප්‍රසංශාලාභී ය.
التفاسير العربية:
زَعَمَ الَّذِیْنَ كَفَرُوْۤا اَنْ لَّنْ یُّبْعَثُوْا ؕ— قُلْ بَلٰی وَرَبِّیْ لَتُبْعَثُنَّ ثُمَّ لَتُنَبَّؤُنَّ بِمَا عَمِلْتُمْ ؕ— وَذٰلِكَ عَلَی اللّٰهِ یَسِیْرٌ ۟
තමන් (මළවුන් කෙරෙන්) අවදි කරනු නො ලබන්නෝම යැයි ප්‍රතික්ෂේප කළවුන් තරයේ ම සිතුවෝ ය. “එසේ නොව මාගේ පරමාධිපති මත දිවුරමින් නියත වශයෙන් ම නුඹලා අවදි කරනු ලබනු ඇත. පසුව නුඹලා සිදු කළ දෑ පිළිබඳව නුඹලාට දන්වනු ලබනු ඇත” යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද එය අල්ලාහ් වෙත පහසු ය.
التفاسير العربية:
فَاٰمِنُوْا بِاللّٰهِ وَرَسُوْلِهٖ وَالنُّوْرِ الَّذِیْۤ اَنْزَلْنَا ؕ— وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ خَبِیْرٌ ۟
එහෙයින් නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් පිළිබඳව ද අපි පහළ කළ ආලෝකය පිළිබඳව ද විශ්වාස කරනු. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.
التفاسير العربية:
یَوْمَ یَجْمَعُكُمْ لِیَوْمِ الْجَمْعِ ذٰلِكَ یَوْمُ التَّغَابُنِ ؕ— وَمَنْ یُّؤْمِنْ بِاللّٰهِ وَیَعْمَلْ صَالِحًا یُّكَفِّرْ عَنْهُ سَیِّاٰتِهٖ وَیُدْخِلْهُ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَاۤ اَبَدًا ؕ— ذٰلِكَ الْفَوْزُ الْعَظِیْمُ ۟
එදින ඔහු එක් රැස් කරන දිනය සඳහා නුඹලාව එක් රැස් කරනු ඇත. එය පාඩු ලබන දිනයයි. තවද කවරෙකු අල්ලාහ්ව විශ්වාස කර යහකම් කරන්නේ ද ඔහුගේ පාපයන් ඔහුගෙන් ඔහු ඉවත් කරයි. තවද ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන්වලට ඔහු ඔහුව ඇතුළත් කරයි. එහි ඔවුන් නිරන්තරයෙන් ම සාදතනිකයින් වෙති. එය අතිමහත් වූ ජයග්‍රහණයයි.
التفاسير العربية:
 
ترجمة معاني سورة: التغابن
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية - مركز رواد الترجمة - فهرس التراجم

ترجمها فريق مركز رواد الترجمة بالتعاون مع جمعية الدعوة بالربوة وجمعية خدمة المحتوى الإسلامي باللغات.

إغلاق