ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - فهرس التراجم


ترجمة معاني سورة: يوسف   آية:

سورة يوسف - සූරා යූසුෆ්

من مقاصد السورة:
الاعتبار بلطف تدبير الله لأوليائه وتمكينهم، وحسن عاقبتهم.
අල්ලාහ් තමන් වෙත සමීප වූවන් වෙනුවෙන් සැළසුම් කිරීමෙහි හා ඔවුනට පහසුකම් සැළසීමෙහි දී ඔහු ඔවුනට දක්වන ආශිර්වාදය හා ඔවුන්ගේ යහපත් අවසානය පිළිබඳ අවධාරණය කිරීම.

الٓرٰ ۫— تِلْكَ اٰیٰتُ الْكِتٰبِ الْمُبِیْنِ ۟۫
(අලිෆ්, ලාම්, රා) මෙම අක්ෂර මාළා භාවිතය හා ඒ පිළිබඳ දැක්ම සූරා අල් බකරා ආරම්භයෙහි සඳහන් කර ඇත. මෙම සූරාවෙහි පහළ කරනු ලැබූ මෙම පාඨ පැහැදිලි සංඥාවන් අන්තර්ගතව ඇති පැහැදිළි කුර්ආනයේ පාඨ වේ.
التفاسير العربية:
اِنَّاۤ اَنْزَلْنٰهُ قُرْءٰنًا عَرَبِیًّا لَّعَلَّكُمْ تَعْقِلُوْنَ ۟
අරාබිවරුනි! නුඹලා අල් කුර්ආනය වටහා ගත හැකි වනු පිණිස සැබැවින් අපි අල් කුර්ආනය අරාබි බසින් පහළ කළෙමු.
التفاسير العربية:
نَحْنُ نَقُصُّ عَلَیْكَ اَحْسَنَ الْقَصَصِ بِمَاۤ اَوْحَیْنَاۤ اِلَیْكَ هٰذَا الْقُرْاٰنَ ۖۗ— وَاِنْ كُنْتَ مِنْ قَبْلِهٖ لَمِنَ الْغٰفِلِیْنَ ۟
අහෝ දූතය! මෙම අල් කුර්ආනය නුඹ වෙත පහළ කිරීම තුළින් ඉතා අලංකාර ලෙස එහි සත්යතාව පදනම් කර ගනිමින් හා එහි වචන හා සාහිත්යය නිවැරදි ලෙස හසුරුවමින් නුඹ වෙත අපි මෙම කතා වස්තු පවසන්නෙමු. තවද සැබැවින්ම මෙය පහළ කිරීමට පෙර නුඹ මෙම කතාන්තර ගැන සැලකිලිමත් නොවීය. එමෙන්ම ඒ පිළිබඳ දැනුමක් ද නුඹට නොවීය
التفاسير العربية:
اِذْ قَالَ یُوْسُفُ لِاَبِیْهِ یٰۤاَبَتِ اِنِّیْ رَاَیْتُ اَحَدَ عَشَرَ كَوْكَبًا وَّالشَّمْسَ وَالْقَمَرَ رَاَیْتُهُمْ لِیْ سٰجِدِیْنَ ۟
අහෝ දූතය! යූසුෆ් තුමා තම පියාණන් යඃකූබ් සමග කතා කළ අවස්ථාව අපි නුඹට මෙසේ පවසමු. “මාගේ පියාණනි! සැබැවින්ම මා සිහිනෙන් ග්රහ තාරකා එකොළහක් දුටුවෙමි. එමෙන්ම හිරු හා සඳු ද දුටුවෙමි. ඒ සෑම එකක්ම මට හිස නමනු ද දුටුවෙමි." මෙය යූසුෆ් අලයිහිස් සලාම් තුමාට කල් ඇතිව දැනුම් දුන් සුබ පණිවිඩයක හීනයක් විය.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• بيان الحكمة من القصص القرآني، وهي تثبيت قلب النبي صلى الله عليه وسلم وموعظة المؤمنين.
•අල් කුර්ආනීය කතා වස්තුවල ප්රඥාව පැහැදිලි කිරීම. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ස්ථාවර කිරීමක් හා දේව විශ්වාසීන්හට උපදෙසකි.

• انفراد الله تعالى بعلم الغيب لا يشركه فيه أحد.
•ගුප්ත දෑ පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් ආවේනික වූවකි. ඔහු සමග එහි කිසිවෙකු හවුල් නොවන්නේය.

• الحكمة من نزول القرآن عربيًّا أن يعقله العرب؛ ليبلغوه إلى غيرهم.
•අල් කුර්ආනය අරාබි බසින් පහළ වීමේ ප්රඥාව වනුයේ අරාබිවරු එය වටහා ගෙන සෙසු අයට ඇරයුම් කිරීම සඳහාය.

• اشتمال القرآن على أحسن القصص.
•අලංකාර කතා වස්තු අල් කුර්ආනයේ ඇතුළත් ව තිබීම.

قَالَ یٰبُنَیَّ لَا تَقْصُصْ رُءْیَاكَ عَلٰۤی اِخْوَتِكَ فَیَكِیْدُوْا لَكَ كَیْدًا ؕ— اِنَّ الشَّیْطٰنَ لِلْاِنْسَانِ عَدُوٌّ مُّبِیْنٌ ۟
යඃකූබ් තුමා තම පුතු යූසුෆ්ට, "මාගේ පුතණුවනි! නුඹේ සිහිනය නුඹ නුඹේ සහෝදරයින්ට සිහිපත් නොකරනු. එවිට ඔවුන් එය වටහා ගෙන නුඹට ඊර්ෂ්යා කරති. ඔවුන් තුළ ඇති ඊර්ෂ්යාව හේතුවෙන් නුඹට කුමන්ත්රණක් ද සැලසුම් කරනු ඇත. සැබැවින්ම ෂෙයිතාන් මිනිසුන්ට පැහැදිලි සතුරෙකි.
التفاسير العربية:
وَكَذٰلِكَ یَجْتَبِیْكَ رَبُّكَ وَیُعَلِّمُكَ مِنْ تَاْوِیْلِ الْاَحَادِیْثِ وَیُتِمُّ نِعْمَتَهٗ عَلَیْكَ وَعَلٰۤی اٰلِ یَعْقُوْبَ كَمَاۤ اَتَمَّهَا عَلٰۤی اَبَوَیْكَ مِنْ قَبْلُ اِبْرٰهِیْمَ وَاِسْحٰقَ ؕ— اِنَّ رَبَّكَ عَلِیْمٌ حَكِیْمٌ ۟۠
අහෝ යූසුෆ්! නුඹ එම සිහිනය දුටුවාක් මෙන් නුඹේ පරමාධිපති නුඹ ව තෝරා ගෙන සිහිනවලට පලාඵල කීමේ දැනුම නුඹට ඔහු උගන්වනු ඇත. නුඹට පෙර සිටි නුඹේ පියවරුන් දෙපොළක් වන ඉබ්රාහීම් හා ඉස්හාක්ට ඔහුගේ ආශිර්වාදය පූර්ණ කළාක් මෙන්ම නුඹ වෙත ද දූත මෙහෙයේ ආශිර්වාදය ඔහු පූර්ණ කරනු ඇත. සැබැවින්ම නුඹේ පරමාධිපති ඔහුගේ මැවීම් පිළිබඳ මැනවින් දන්නාය. ඒවා සැළසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
التفاسير العربية:
لَقَدْ كَانَ فِیْ یُوْسُفَ وَاِخْوَتِهٖۤ اٰیٰتٌ لِّلسَّآىِٕلِیْنَ ۟
යූසුෆ්ගේ කතාවෙහි සහ ඔහුගේ සහෝදරයින්ගේ කතාවෙහි ඒ ගැන විමසා සිටින්නන්හට පාඩමක් හා උපදේශන විය.
التفاسير العربية:
اِذْ قَالُوْا لَیُوْسُفُ وَاَخُوْهُ اَحَبُّ اِلٰۤی اَبِیْنَا مِنَّا وَنَحْنُ عُصْبَةٌ ؕ— اِنَّ اَبَانَا لَفِیْ ضَلٰلٍ مُّبِیْنِ ۟ۙۖ
ඔහුගේ සහෝදරයින් ඔවුන් අතර කතා කර ගන්නා අවස්ථාවේ, "අපි නියමිත සංඛ්යාවකින් යුත් කණ්ඩායමක් ලෙස සිටියදී, අපගේ පියාණන්ට යූසුෆ් හා ඔහුගේ එක කුස උපන් සහෝදරයා අපට වඩා ප්රිය මනාප වී ඇත. අපට වඩා ඔවුන් දෙදෙනා උසස් වනුයේ කෙසේද? අපට මතුපිටින් පෙනෙන කිසිදු සාධකයක් නොමැති ව අපට වඩා ඔවුන් දෙදෙනා ඔහු උසස් ලෙස සලකන අවස්ථාවේ සැබැවින්ම ඔහු පැහැදිලි වරදක සිටිනු අපි දකින්නෙමු." යැයි කීහ.
التفاسير العربية:
١قْتُلُوْا یُوْسُفَ اَوِ اطْرَحُوْهُ اَرْضًا یَّخْلُ لَكُمْ وَجْهُ اَبِیْكُمْ وَتَكُوْنُوْا مِنْ بَعْدِهٖ قَوْمًا صٰلِحِیْنَ ۟
"නුඹලා යූසූෆ් ව මරා දමනු. එසේ නැතහොත් මහපොළොවේ අන්තයක ඔහු ව අවතැන් කරනු. එවිට නුඹලාගේ පියාණන්ගේ අවධානය නුඹලා වෙත පමණක් ඇති වී ඔහු නුඹලාට පූර්ණ ලෙස ප්රිය කරනු ඇත. නුඹලා ඔහු ඝාතනය කිරීමට හෝ ඔහුව අවතැන් කිරීමට හෝ ඉදිරිපත් වීමෙන් පසු නුඹලාගේ පාපය සඳහා නුඹලා පශ්චාත්තාප වී සිටින්නෙහු නම් නුඹලා දැහැමි පිරිසක් බවට පත් වනු ඇත."
التفاسير العربية:
قَالَ قَآىِٕلٌ مِّنْهُمْ لَا تَقْتُلُوْا یُوْسُفَ وَاَلْقُوْهُ فِیْ غَیٰبَتِ الْجُبِّ یَلْتَقِطْهُ بَعْضُ السَّیَّارَةِ اِنْ كُنْتُمْ فٰعِلِیْنَ ۟
සහෝදරයින් අතරින් කෙනෙකු, "නුඹලා ඔහු ගැන පවසන දෑහි තිරසාර ලෙස සිටින්නෙහු නම්, නුඹලා යූසුෆ් ව ඝාතනය නොකරනු. ඒ වෙනුවට ඔහු ව ළිං පතුලකට විසි කරනු. එවිට ඒ අසළින් ගමන් කරන මගීන් කිසිවෙකු හෝ ඔහු රැගෙන යනු ඇත. මෙය ඔහු ව ඝාතනය කිරීමට වඩා අවම හිංසනයකි." යැයි පැවසීය.
التفاسير العربية:
قَالُوْا یٰۤاَبَانَا مَا لَكَ لَا تَاْمَنَّا عَلٰی یُوْسُفَ وَاِنَّا لَهٗ لَنٰصِحُوْنَ ۟
ඔහු ව දුරස් කිරීමට ඔවුහු එකඟ වූ කල්හි, ඔවුහු ඔවුන්ගේ පියාණන් යඃකූබ්ට, "අහෝ අපගේ පියාණනි! යූසුෆ් ආරක්ෂා කරන්නන් ලෙස ඔබ අප පත් නොකරන්නට ඔබට කුමක් වී ද? සැබැවින්ම අපි ඔහුට සෙනෙහස දක්වමු. ඔහුට හානි කරන දෑ ගැන අවධානයෙන් සිටිමු. ඔහු නැවත ඔබ වෙත සුරක්ෂිත ව පැමිණෙන තෙක් ආරක්ෂාවෙන් හා අවදානයෙන් සිටිනු පිණිස අපි ඔහුට උපදෙස් දෙන්නෙමු. මෙසේ තිබියදීත් ඔහු අප සමග එවීමෙන් ඔබ ව වළක්වාලීයේ කුමක් ද?" යැයි පැවසුහ.
التفاسير العربية:
اَرْسِلْهُ مَعَنَا غَدًا یَّرْتَعْ وَیَلْعَبْ وَاِنَّا لَهٗ لَحٰفِظُوْنَ ۟
ආහාර භෝජන භුක්ති විඳින්නටත් විනෝද වන්නට හෙට දින අපි ඔහුව රැගෙන යන්නට ඔබ අපට අවසර දෙන්න. ඔහුට ඇති වන සෑම උවදුරකින්ම සැබැවින්ම අපි ඔහු ආරක්ෂා කරන්නන් වෙමු.
التفاسير العربية:
قَالَ اِنِّیْ لَیَحْزُنُنِیْۤ اَنْ تَذْهَبُوْا بِهٖ وَاَخَافُ اَنْ یَّاْكُلَهُ الذِّئْبُ وَاَنْتُمْ عَنْهُ غٰفِلُوْنَ ۟
යඃකූබ් (අලයිහිස් සලාම්)තුමා තම දරුවන්හට, "නුඹලා ඔහු රැගෙන යාම සැබැවින්ම මා දුකට පත් කරනු ඇත. ඊට හේතුව ඔහුගෙන් වෙන්වීම මාහට ඉවසිය නොහැක්කකි. නුඹලා කෙළි සෙල්ලම් කරන විට ඔහු ගැන නුඹලා නොසැලකිලිමත්භාවයෙන් සිටිය දී වෘකයා ඔහු ව කා දමනු ඇතැයි මම බියවෙමි." යැයි පැවසිය.
التفاسير العربية:
قَالُوْا لَىِٕنْ اَكَلَهُ الذِّئْبُ وَنَحْنُ عُصْبَةٌ اِنَّاۤ اِذًا لَّخٰسِرُوْنَ ۟
ඔවුහු තම පියාණන්ට, "අපි කණ්ඩායමක් වශයෙන් සිටිය දී වෘකයා යූසුෆ් ව කා දැමුවේ නම් සැබැවින්ම අපි එම තත්ත්වයේ අප අතර කිසිදු යහපතක් දැකිය නොහැක. අපි ඔහුව වෘකයාගෙන් නොවැළැක්වූයේ නම් අපි පරාජිතයින් වෙමු." යැයි පැවසූහ.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• ثبوت الرؤيا شرعًا، وجواز تعبيرها.
•ආගමික වශයෙන් හීනයේ පිහිටීම හා ඒ ගැන ඵලාපල කීමේ හැකියාව.

• مشروعية كتمان بعض الحقائق إن ترتب على إظهارها شيءٌ من الأذى.
•කිසියම් උවදුරක් පැන නගිනු ඇතැයි සැක කරන්නේ නම් ඇතැම් යථාර්ථයන් සැඟවීම ආගමානුගත කර ඇත.

• بيان فضل ذرية آل إبراهيم واصطفائهم على الناس بالنبوة.
•ඉබ්රාහීම්ගේ පරම්පරාවේ මහිමය විස්තර කිරීම හා ජනයා අතර දූත මෙහෙය සඳහා ඔවුන්ව තෝරා ගැනීම.

• الميل إلى أحد الأبناء بالحب يورث العداوة والحسد بين الإِخوة.
•දරුවන් අතරින් එක් අයෙකු වෙත පමණක් ආදරයෙන් නැඹුරු වීම සහෝදරයින් අතර සතුරුකම හා ඊර්ෂ්යාව උරුම කර දෙනු ඇත.

فَلَمَّا ذَهَبُوْا بِهٖ وَاَجْمَعُوْۤا اَنْ یَّجْعَلُوْهُ فِیْ غَیٰبَتِ الْجُبِّ ۚ— وَاَوْحَیْنَاۤ اِلَیْهِ لَتُنَبِّئَنَّهُمْ بِاَمْرِهِمْ هٰذَا وَهُمْ لَا یَشْعُرُوْنَ ۟
යඃකූබ් (අලයිහිස් සලාම්) තුමා ඔවුන් සමග ඔහුව එවීය. ඔහු රැගෙන දුරට ගිය කල්හි, ළිං පතුළට ඔහු හෙළන්නට ඔවුන් අධිෂ්ඨාන කර ගත්තෝය. එම තත්ත්වයේ, "ඔවුන්ගේ මෙම ක්රියාව හේතුවෙන් ඔවුන් පරීක්ෂාවට ලක් කෙරේ. නුඹ ගැන ඔවුනට දන්වා සිටින පසුබිමක නුඹ යන වග ඔවුනට නොහැඟේ." යැයි අපි යූසුෆ්ට දේව පණිවිඩ එව්වෙමු.
التفاسير العربية:
وَجَآءُوْۤ اَبَاهُمْ عِشَآءً یَّبْكُوْنَ ۟ؕ
යූසුෆ්ගේ සහෝදරයින් රාත්රි සමයේ තම කුමන්ත්රණය ප්රවර්ධණය කොට හඬමින් තම පියාණන් වෙත පැමිණියෝය.
التفاسير العربية:
قَالُوْا یٰۤاَبَانَاۤ اِنَّا ذَهَبْنَا نَسْتَبِقُ وَتَرَكْنَا یُوْسُفَ عِنْدَ مَتَاعِنَا فَاَكَلَهُ الذِّئْبُ ۚ— وَمَاۤ اَنْتَ بِمُؤْمِنٍ لَّنَا وَلَوْ كُنَّا صٰدِقِیْنَ ۟
"අපගේ පියාණනි! දුව (පැන) තරඟ වදිමින් හා හී එල්ල කරමින් අපි ගියෙමු. අපගේ ඇඳුම් හා භාණ්ඩ ආරක්ෂා කරනු පිණිස අපි යූසුෆ්ව ඒ සමග නතර කළෙමු. එවිට වෘකයා ඔහු කා දැමුවේය. ඔබ අප විශ්වාස නොකරනු ඇත. නමුත් අපි ඔහු ගැන කවර තොරතුරක් ඔබට දන්වා සිටියේ ද ඒ ගැන අපි සත්යවන්තයින් වෙමු" යැයි පැවසූහ.
التفاسير العربية:
وَجَآءُوْ عَلٰی قَمِیْصِهٖ بِدَمٍ كَذِبٍ ؕ— قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ اَنْفُسُكُمْ اَمْرًا ؕ— فَصَبْرٌ جَمِیْلٌ ؕ— وَاللّٰهُ الْمُسْتَعَانُ عَلٰی مَا تَصِفُوْنَ ۟
කූට ලෙස සැලසුම් කළ ඔවුන්ගේ පුවත ඔවුන් තහවුරු කරන්නට බැලුවෝය. යූසුෆ්ගේ කමිසයට ඔහුගේ ලේ නොව වෙනත් ලේ ගල්වා ගෙනැවිත්, "සැබැවින්ම මෙය වෘකයා කා දැමූ සළකුණැ"කැයි යඃකූබ්ට සිතන්නට සැලැස්වීය. නමුත් සැබැවින්ම කමිසය ඉරී නොතිබීම හේතුවෙන් ඒ ගැන කල්පනා කොට ඔවුන් පවසනුයේ බොරු යැයි යඃකූබ් තුමාට වැටහිණ. පසු ව එතුමා ඔවුනට, "නුඹලා මට දන්වා සිටියාක් මෙන් කරුණ නොපවතී. නුඹලා ඔහුට කළ නපුරු ක්රියාව නුඹලා විසින්ම විචිත්රවත් කර පවසන්නෙහුය. මාගේ විෂයය වන්නේ කලබල නොවී අලංකාර ලෙස ඉවසීමය. යූසුෆ්ගේ විෂය ගැන නුඹලා මෙනෙහි කරමින් සිටි දෑ සඳහා මම අල්ලාහ්ගෙන් උපකාර පතමි." යැයි පැවසීය.
التفاسير العربية:
وَجَآءَتْ سَیَّارَةٌ فَاَرْسَلُوْا وَارِدَهُمْ فَاَدْلٰی دَلْوَهٗ ؕ— قَالَ یٰبُشْرٰی هٰذَا غُلٰمٌ ؕ— وَاَسَرُّوْهُ بِضَاعَةً ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِمَا یَعْمَلُوْنَ ۟
තවලමක් ඒ අසළට පැමිණියේය. ඔවුහු තමන් වෙනුවෙන් ජලය සෙයා එන මෙන් ඉල්ලා පුද්ගලයෙකු එවූහ. ඔහු පනිට්ටුව ළිඳ ට දැම්මේය. යූසුෆ් කඹයේ එල්ලෙන්නට විය. එය ළිඳ ට යැවූ පුද්ගලයා එය දැක සතුටින්, "මෙම දරුවා ශුභාසංශනයකි." යැයි පවසා ඔවුන්ගේ භාණ්ඩ සමග ඔහු ව සඟවා ගත්තේය. තවලමේ සෙසු සගයින් සැබැවින්ම ඔහු වෙළෙඳ භාණ්ඩයක් ලෙස සිතුවෝය. ඔවුන් යූසුෆ් තුමාට සිදු කළ අකටයුතුකම් හා විකුණා දැමීම සම්බන්ධයෙන් අල්ලාහ් මැනවින් දන්නාය. ඔවුන්ගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
التفاسير العربية:
وَشَرَوْهُ بِثَمَنٍ بَخْسٍ دَرَاهِمَ مَعْدُوْدَةٍ ۚ— وَكَانُوْا فِیْهِ مِنَ الزَّاهِدِیْنَ ۟۠
රැගෙන ආ පුද්ගලයා හා ඔහුගේ සගයින් ඉතා සුළු මිලකට මිසරයේ දී -ඊජිප්තුවේ දී- ඔහු ව විකුණා දැමීය. එය ඉතා සුළු දිර්හම් කිහිපයකටය. සැබැවින්ම ඔහු වහලෙක් නොවන බව ඔවුන් දැන සිටි බැවින් හා තමන්ට ඔහුගේ පවුලෙන් උවදුරක් සිදුවේවි යන බිය නිසාවෙන්, ඉතා ඉක්මණින්ම ඔහුගෙන් මිදීමට කැමති වූ බැවින්, ඔහුගෙන් දුරස් වන්නට බැලූහ. ඔවුන් සමග දිගු කලක් රැදෙන්නට නොදීම අල්ලාහ් ඔහු කෙරෙහි දැක් වූ පූර්ණ ආශිර්වාදයකි.
التفاسير العربية:
وَقَالَ الَّذِی اشْتَرٰىهُ مِنْ مِّصْرَ لِامْرَاَتِهٖۤ اَكْرِمِیْ مَثْوٰىهُ عَسٰۤی اَنْ یَّنْفَعَنَاۤ اَوْ نَتَّخِذَهٗ وَلَدًا ؕ— وَكَذٰلِكَ مَكَّنَّا لِیُوْسُفَ فِی الْاَرْضِ ؗ— وَلِنُعَلِّمَهٗ مِنْ تَاْوِیْلِ الْاَحَادِیْثِ ؕ— وَاللّٰهُ غَالِبٌ عَلٰۤی اَمْرِهٖ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَعْلَمُوْنَ ۟
ඊජිප්තුවේ ඔහු ව මිලට ගත් පුද්ගලයා තම බිරියට, "ඔහු සමග යහපත් ලෙස කටයුතු කරන්න. ඔහුගේ ස්ථානය අප සමගම තබා ඔහුව රැකබලා ගන්න. අපට අවශ්ය වූ වේලාවක භාවිත කිරීම සඳහා අපට ඔහු ප්රයෝජනවත් වන්නට පුළුවන. එසේ නැතහොත් අපි ඔහු දරුවෙකු සේ හදාවඩා ගනිමු" යැයි පැවසීය. යූසුෆ් ව ඝාතනය කිරීමෙන් අපි ඔහු මුදවාගත් සේම, ඔහු ව ලිඳෙන් ගොඩට ගත් සේම, මිසරයේ අපි ඔහුට ජීවත් වන්නට ඉඩ සැලසුවෙමු. හීනයේ යථාර්ථය අපි ඔහුට උගන්වන්නෙමු. අල්ලාහ් තම නියෝගය ක්රියාත්මක කිරීමට බලය දරන්නාය. එහෙයින් ඔහුගේ නියෝගය ක්රියාත්මක වන්නකි. සුවි ශුද්ධ අල්ලාහ්ට කිසිදු බාධා කරන්නෙකු නැත. නමුත් බහුතරයක් දෙනා (අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන්) එය වටහා නොගනිති.
التفاسير العربية:
وَلَمَّا بَلَغَ اَشُدَّهٗۤ اٰتَیْنٰهُ حُكْمًا وَّعِلْمًا ؕ— وَكَذٰلِكَ نَجْزِی الْمُحْسِنِیْنَ ۟
ශරීරය මනා ලෙස වැඩුණු පරිණතභාවයට පත් වූ කල්හි වටහා ගැනීමේ හැකියාව හා දැනුම අපි ඔහුට පිරිනැමුවෙමු. කවර තිළිණයක් අපි ඔහුට පිරිනැමුවේද ඒ හා සමාන තිළිණ අල්ලාහ් වෙනුවෙන් ගැතිකම් කරන දැහැමියන්ට ද අපි පිරිනමන්නෙමු.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• بيان خطورة الحسد الذي جرّ إخوة يوسف إلى الكيد به والمؤامرة على قتله.
•යූසුෆ්ගේ සහෝදරයින් ඔහුට එරෙහිව කුමන්ත්රණය කිරීමටත් ඔහු ඝාතනය කිරීම සඳහා සැළසුම් යෙදීමටත් ඔවුන් ඇද දැමූ ඊර්ෂ්යාවේ බරපතලකම පැහැදිලි කිරීම.

• مشروعية العمل بالقرينة في الأحكام.
•තීන්දු ගැනීමේදී ඇතැම් අවස්ථාවන්හි උපකල්පනය මත ක්රියා කිරීම ආගමානුගත කරනු ලැබ ඇත.

• من تدبير الله ليوسف عليه السلام ولطفه به أن قذف في قلب عزيز مصر معاني الأبوة بعد أن حجب الشيطان عن إخوته معاني الأخوة.
•යූසුෆ්ගේ සහෝදරයන්ගෙන් සහෝදරත්වය යන බැඳියාව ෂෙයිතාන් වැළැක්වීමෙන් පසු මිසරයේ බලධාරී අසීස්ගේ සිත තුළ පීතෘත්වය යන බැඳියාව ඇති කිරීම අල්ලාහ් යූසුෆ් තුමා වෙනුවෙන් කළ සැලසුම මෙන්ම ඔහු කෙරෙහි දැක් වූ සෙනෙහසයි.

وَرَاوَدَتْهُ الَّتِیْ هُوَ فِیْ بَیْتِهَا عَنْ نَّفْسِهٖ وَغَلَّقَتِ الْاَبْوَابَ وَقَالَتْ هَیْتَ لَكَ ؕ— قَالَ مَعَاذَ اللّٰهِ اِنَّهٗ رَبِّیْۤ اَحْسَنَ مَثْوَایَ ؕ— اِنَّهٗ لَا یُفْلِحُ الظّٰلِمُوْنَ ۟
අසීස්ගේ බිරිය ඉතා ලෙන්ගතුකමින් කුමන්ත්රණශීලී ව යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා සමග අශීලාචාරව හැසිරෙන්නට ඔහුට ඇරයුම් කළාය. ඔවුන් හුදකලාවේ සිටිය දී දොරවල් වසා දැම්මාය. ඇය ඔහුට, "එන්න, මා වෙත ළංවෙන්නැ"යි පැතුවාය. එවිට යූසුෆ් තුමා, "නුඹ කවර කරුණක් වෙත මා ඇරයුම් කරන්නීද මම ඒ ගැන අල්ලාහ්ගෙන් ආරක්ෂා ව පතමි. සැබැවින්ම මාගේ ස්වාමියා මාගේ ස්ථානය ඔහු වෙත තබා මා සමග දැහැමි ලෙස කටයුතු කර ඇත්තාහ. එහෙයින් මම කිසිවිටෙක ඔහුට වංචාවක් නොකරමි. එසේ මම ඔහුට වංචාවක් කළේ නම් මා අපරාධකරුවෙකු බවට පත් වෙමි. නියත වශයෙන්ම අපරාධකාරී ජනයා ජය නොලබති" යැයි පැවසීය.
التفاسير العربية:
وَلَقَدْ هَمَّتْ بِهٖ وَهَمَّ بِهَا لَوْلَاۤ اَنْ رَّاٰ بُرْهَانَ رَبِّهٖ ؕ— كَذٰلِكَ لِنَصْرِفَ عَنْهُ السُّوْٓءَ وَالْفَحْشَآءَ ؕ— اِنَّهٗ مِنْ عِبَادِنَا الْمُخْلَصِیْنَ ۟
අශීලාචාර ක්රියාවට සැබැවින්ම ඇය ආශා කළාය. එය ඔහුට බරපතල වරදක් විය. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ සංඥාවන් නොදුටුවේ නම් එයින් ඔහු වළක්වා ඔහු ව දුරස් කරන්නට කිසිවකට නොහැකි වන්නේය. ඔහුගෙන් නපුර ඉවත් කරනු වස් අපි එය ඔහුට පෙන්වූයෙමු. දුරාචාරයෙන් හා වංචාවෙන් අපි ඔහු දුරස් කළෙමු. සැබැවින් යූසුෆ් දූත මෙහෙය හා නබිත්වය සඳහා තෝරාගත් අපගේ ගැත්තන් අතරින් කෙනෙකි.
التفاسير العربية:
وَاسْتَبَقَا الْبَابَ وَقَدَّتْ قَمِیْصَهٗ مِنْ دُبُرٍ وَّاَلْفَیَا سَیِّدَهَا لَدَا الْبَابِ ؕ— قَالَتْ مَا جَزَآءُ مَنْ اَرَادَ بِاَهْلِكَ سُوْٓءًا اِلَّاۤ اَنْ یُّسْجَنَ اَوْ عَذَابٌ اَلِیْمٌ ۟
යූසුෆ් තමන් ආරක්ෂා කර ගැනීමටත්, ඇය ඔහු පිට ව යෑමෙන් වැළැක්වීමටත් ඔවුන් දෙදෙනාම දොරටුව දක්වාම තරඟ වැදුණහ. ඔහු පිටතට යෑමෙන් වැළැක්වීම සඳහා ඇය ඔහුගේ කමිසය අල්ලා ගත්තාය. එය පසුපසින් ඉරී ගියේය. ඇයගේ ස්වාමියා දොරකඩ අසළ ඔවුන් දෙදෙනාව දුටුවේය. අසීස්ගේ බිරිය අසීස් දෙස බලා වංචනික ව, "අහෝ අසීස්! ඔබේ බිරිය සමග අශීලාචාර ක්රියාවකට තැත් කළ අයගේ දඬුවම සිරගත කිරීම හෝ වේදනීය දඬුවමකින් දඬුවම් කිරීම හෝ හැර වෙනත් දඬුවමක් තිබිය හැකි දැ?"යි විමසා සිටියාය.
التفاسير العربية:
قَالَ هِیَ رَاوَدَتْنِیْ عَنْ نَّفْسِیْ وَشَهِدَ شَاهِدٌ مِّنْ اَهْلِهَا ۚ— اِنْ كَانَ قَمِیْصُهٗ قُدَّ مِنْ قُبُلٍ فَصَدَقَتْ وَهُوَ مِنَ الْكٰذِبِیْنَ ۟
යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා, "අශීලාචාර කටයුත්ත සඳහා මට ඇරයුම් කළේ ඇයයි. ඒ සඳහා මම ඇයව අපේක්ෂා නොකළෙමි. පසුව ඇයගේ පවුලෙන් වූ සාක්ෂිකරුවකු නැගී සිට එතුමා කළ ප්රකාශයට සාක්ෂි ඉදිරිපත් කළේය. "යූසුෆ්ගේ කමිසය ඉදිරිපසින් ඉරී ඇත්නම් එය ඇයගේ සත්යභාවය තහවුරු කරන්නකි. ඊට හේතුව ඇය ඔහුගෙන් වැළකෙන්නට උත්සාහ දරා ඇති බව පෙන්වා දෙන හෙයිනි. එසේ වී නම් ඔහු බොරුකාරයෙකු වෙයි."
التفاسير العربية:
وَاِنْ كَانَ قَمِیْصُهٗ قُدَّ مِنْ دُبُرٍ فَكَذَبَتْ وَهُوَ مِنَ الصّٰدِقِیْنَ ۟
ඔහුගේ කමිසය පසුපසින් ඉරී ඇත්නම් එය ඔහුගේ සත්යභාවය තහවුරු කරන්නකි. ඊට හේතුව ඇය තැත්කරන විට ඔහු ඇයගෙන් පළායන්නට උත්සාහ දරා ඇති බව පෙන්වා දෙන හෙයිනි. එසේ නම් බොරුකාරිය වන්නේ ඇයයි.
التفاسير العربية:
فَلَمَّا رَاٰ قَمِیْصَهٗ قُدَّ مِنْ دُبُرٍ قَالَ اِنَّهٗ مِنْ كَیْدِكُنَّ ؕ— اِنَّ كَیْدَكُنَّ عَظِیْمٌ ۟
යූසුෆ්ගේ කමිසය පිටුපසින් ඉරී තිබෙනු අසීස් දුටු කල්හි, යූසුෆ්ගේ සත්යභාවය ඔහුට සනාත විය. "අහෝ කාන්තාවනි! සැබැවින්ම නුඹලා ඔහුට කළ අවලාදය නුඹලාගේ උපයා මාර්ගයකි. සැබැවින්ම නුඹලාගේ උපායයන් බලවත් වන්නේය." යි පැවසුවේය.
التفاسير العربية:
یُوْسُفُ اَعْرِضْ عَنْ هٰذَا ٚ— وَاسْتَغْفِرِیْ لِذَنْۢبِكِ ۖۚ— اِنَّكِ كُنْتِ مِنَ الْخٰطِـِٕیْنَ ۟۠
ඔහු යූසුෆ්ට, "අහෝ යූසුෆ්! නුඹ මෙම කරුණ නොසලකා හරින්න. කිසිවෙකුට මෙය නොපවසන්නැ"යි පවසා ඇයට, "නුඹේ පාපය සඳහා නුඹ සමාව අයැද සිටිනු. සැබැවින් නුඹ යූසුෆ් සමග වැරදි ලෙස හැසිරෙන්නට තැත් කළ හේතුවෙන් නුඹ පාපතරයින් අතරට පත් ව ඇතැ"යි පැවසීය.
التفاسير العربية:
وَقَالَ نِسْوَةٌ فِی الْمَدِیْنَةِ امْرَاَتُ الْعَزِیْزِ تُرَاوِدُ فَتٰىهَا عَنْ نَّفْسِهٖ ۚ— قَدْ شَغَفَهَا حُبًّا ؕ— اِنَّا لَنَرٰىهَا فِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟
ඇයගේ මේ සිද්ධිය නගරය පුරා පැතිරිණ. කාන්තාවන් අතර පිරිසක් එය හෙළා දකිමින්, "අසීස්ගේ බිරිය ඇයගේ වහලා ඇය වෙත ඇරයුම් කර ඇත්තාහ. ඔහුගේ ආදරය ඇයගේ හදවතේ ඇල්මක් ඇති කර ඇත. ඔහු ඇයගේ වහලෙකු ලෙස සිටිය දී ඔහු කෙරෙහි පමණක් ඇය ආදරය කර ඔහුව (කාමයේ වරදවා හැසිරීමට) තැත් කළ හේතුවෙන් ඇය පැහැදිලි මුළාවක සිටිනු අපි දකින්නෙමු." යැයි පැවසුවෝය.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• قبح خيانة المحسن في أهله وماله، الأمر الذي ذكره يوسف من جملة أسباب رفض الفاحشة.
•යහපත කරන කෙනෙකුගේ පවුල සහ ධනය පාවා දීමේ පිළිකුල්භාවය. යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා මෙම නොහොබිනා ක්රියාව කිරීම ප්රතික්ෂේප කිරීමට එක් හේතුවක් ලෙස සඳහන් කළේ මෙයයි.

• بيان عصمة الأنبياء وحفظ الله لهم من الوقوع في السوء والفحشاء.
•නබිවරුන්ගේ රැකවරණය හා ඔවුන් නපුරක හෝ අශීලාචාර කටයුත්තක වැටෙන විට අල්ලාහ් ඔවුන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විග්රහ කිරීම.

• وجوب دفع الفاحشة والهرب والتخلص منها.
•අශීලාචාර දෑ වැළැක්වීම, ඉන් ඉවත් වීම හා ඉන් පළා යෑමේ අනිවාර්යයභාවය.

• مشروعية العمل بالقرائن في الأحكام.
•තීන්දු ගැනීමේදී ඇතැම් අවස්ථාවන්හි උපකල්පනයන් මත ක්රියා කිරීම ආගමානුගත කරනු ලැබ ඇත.

فَلَمَّا سَمِعَتْ بِمَكْرِهِنَّ اَرْسَلَتْ اِلَیْهِنَّ وَاَعْتَدَتْ لَهُنَّ مُتَّكَاً وَّاٰتَتْ كُلَّ وَاحِدَةٍ مِّنْهُنَّ سِكِّیْنًا وَّقَالَتِ اخْرُجْ عَلَیْهِنَّ ۚ— فَلَمَّا رَاَیْنَهٗۤ اَكْبَرْنَهٗ وَقَطَّعْنَ اَیْدِیَهُنَّ ؗ— وَقُلْنَ حَاشَ لِلّٰهِ مَا هٰذَا بَشَرًا ؕ— اِنْ هٰذَاۤ اِلَّا مَلَكٌ كَرِیْمٌ ۟
අසීස්ගේ බිරිය, තමන්ට එරෙහි ව ඔවුන්ගේ හෙළා දැකීම හා ඔවුන් කළ චෝදනාවට සවන් දුන් කල්හි, ඔවුන් යූසුෆ් ගැන දැන, තමන් වෙත නිදහසට කරුණු පෙන්වීම සඳහා ඔවුන් කැඳවා එනමෙන් ඇරයුම් කළාය. ඔවුන්ගේ ස්ථානයේ මෙට්ට හා කොට්ට ද සූදානම් කර තැබීය. චෝදනා කළ සෑම කාන්තාවකටම ආහාර කැපීම සඳහා පිහියක් ද අතට දුන්නාය. පසුව ඇය යූසුෆ්ට, "‘ඔබ ඔවුන් ඉදිරියට යනු" යැයි පැවසුවාය. ඔවුන් ඔහු දුටු කල්හි ඔහු ගැන අගය කොට කතා කරන්නට වූවෝය. ඔහුගේ අලංකාරය හේතුවෙන් තිගැස්සී ගියෝය. ඔහුගේ අලංකාරය ගැන මවිතයට පත් වූවෝය. ඔවුන් දැඩි ලෙස මවිතයට පත් ව සිටි බැවින් ආහාර භෝජන කැපීම සඳහා සූදානම් කර තැබූ පිහිවලින් ඔවුන්ගේ අත් තුවාල කර ගත්හ. තවද "අල්ලාහ් සුවිශුද්ධය, මෙම දරුවා මිනිසෙකු නොවේ. ඔහු තුළ තිබූ අලංකාරය මිනිසුන් තුළ දකින්නට පුළුවන් කමක් නැත. ඔහු ගෞරවනීය දේව දූතයින් අතර සිටින සම්භාවනීය දූතයකු මිස නැත." යැයි පවසා සිටියහ.
التفاسير العربية:
قَالَتْ فَذٰلِكُنَّ الَّذِیْ لُمْتُنَّنِیْ فِیْهِ ؕ— وَلَقَدْ رَاوَدْتُّهٗ عَنْ نَّفْسِهٖ فَاسْتَعْصَمَ ؕ— وَلَىِٕنْ لَّمْ یَفْعَلْ مَاۤ اٰمُرُهٗ لَیُسْجَنَنَّ وَلَیَكُوْنًا مِّنَ الصّٰغِرِیْنَ ۟
අසීස්ගේ බිරිය ඔවුනට අත් වූ ඉරණම දුටු කල්හි, ඇය, "ඔහු කෙරෙහි මා පෙමින් බැඳුණු හේතුවෙන් නුඹලා මට දොස් නගා සිටි තරුණයා මොහුය. මම ඔහු ව පැතුවෙමි. ඔහු රවටා ග්රහණය කරන්නට බැලුවෙමි. නමුත් ඔහු වැළකී සිටියේය. ඉදිරියේදී මා පතන දෑ ඔහු සිදු නොකළේ නම් මම ඔහු සිරගෙයට යවමි" යැයි පැවසුවාය. (අවසානයේ) ඔවුහු යටහත් පහත් වූහ.
التفاسير العربية:
قَالَ رَبِّ السِّجْنُ اَحَبُّ اِلَیَّ مِمَّا یَدْعُوْنَنِیْۤ اِلَیْهِ ۚ— وَاِلَّا تَصْرِفْ عَنِّیْ كَیْدَهُنَّ اَصْبُ اِلَیْهِنَّ وَاَكُنْ مِّنَ الْجٰهِلِیْنَ ۟
යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා තම පරමාධිපති වෙත ප්රාර්ථනා කරමින්, "මාගේ පරමාධිපතියාණනි! කවර අශිලාචාර ක්රියාවකට ඔවුන් ඇරයුම් කර සිටින්නේ ද එයට වඩා ඔවුන් මට තර්ජනය කරන සිරගෙය මට ප්රිය මනාපය. ඔවුන්ගේ කුමන්ත්රණයෙන් නුඹ මා බැහැර නොකළේ නම් මා ඔවුන් වෙත නැඹුරුවන්නට සිදු වනු ඇත. එසේ මා ඔවුන් වෙත නැඹුරු වී ඔවුන් පතන දෑට මා ඔවුනට යටත් වූයේ නම් මා අඥානයින් අතරට පත් වෙමි." යැයි පැවසීය.
التفاسير العربية:
فَاسْتَجَابَ لَهٗ رَبُّهٗ فَصَرَفَ عَنْهُ كَیْدَهُنَّ ؕ— اِنَّهٗ هُوَ السَّمِیْعُ الْعَلِیْمُ ۟
ඔහුගේ ප්රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දුන්නේය. අසීස්ගේ බිරිඳගේ කුමන්ත්රණයෙන් හා නගරයේ විසූ කාන්තාවන්ගේ කුමන්ත්රණයෙන් ඔහු ඔහු ව මුදවා ගත්තේය. සැබැවින්ම උත්තරීතර ඔහු යූසුෆ්ගේ ප්රාර්ථනාවට හා ඔහුගෙන් ප්රාර්ථනා කරන සෑම කෙනෙකුගේ ප්රාර්ථනාවන්ට සවන් දෙන්නාය. ඔහුගේ තත්ත්වය හා සෙසු අයගේ තත්ත්වයන් පිළිබඳ ඔහු සර්වඥානීය.
التفاسير العربية:
ثُمَّ بَدَا لَهُمْ مِّنْ بَعْدِ مَا رَاَوُا الْاٰیٰتِ لَیَسْجُنُنَّهٗ حَتّٰی حِیْنٍ ۟۠
අනතුරුව එතුමාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන සාක්ෂි හා සාධක අසීස් හා ඔහුගේ පිරිස දුටුව ද - ඔවුනට අත්වන අපකීර්තිය හෙළි නොවන පරිදි - නියම නොකළ කාලයක් දක්වා ඔහු ව සිරගත කිරීම ඔවුහු අදහස් කළෝය.
التفاسير العربية:
وَدَخَلَ مَعَهُ السِّجْنَ فَتَیٰنِ ؕ— قَالَ اَحَدُهُمَاۤ اِنِّیْۤ اَرٰىنِیْۤ اَعْصِرُ خَمْرًا ۚ— وَقَالَ الْاٰخَرُ اِنِّیْۤ اَرٰىنِیْۤ اَحْمِلُ فَوْقَ رَاْسِیْ خُبْزًا تَاْكُلُ الطَّیْرُ مِنْهُ ؕ— نَبِّئْنَا بِتَاْوِیْلِهٖ ۚ— اِنَّا نَرٰىكَ مِنَ الْمُحْسِنِیْنَ ۟
පසුව ඔවුහු ඔහු ව සිරගත කළෝය. ඔහු සමග තවත් ගැටවරයන් දෙදෙනෙකු සිරගෙයට පිවිසුණහ. එම ගැටවරයින් දෙදෙනාගෙන් එක් අයකු යූසුෆ්ට: ‘සැබැවින්ම මම මිදි පෙරා මත්ද්රව්ය නිශ්පාදනය කරන සිහිනයක් දුටිමි’ යැයි පැවසුවේය. දෙවැන්නා: ‘සැබැවින්ම මම මාගේ හිසට ඉහළින් රොටියක් උසුලාගෙන යමින් සිටිය දී එය පක්ෂීන් විසින් අනුභව කරන සිහිනයක් දුටිමි යැයි පැවසීය. අපි දුටු සිහිනයන් පිළිබඳ විස්තර අපට දන්වා සිටිනු. සැබැවින්ම නුඹ දැහැමියන් අතර සිටිනු අපි දකින්නෙමු." යැයි පැවසුහ.
التفاسير العربية:
قَالَ لَا یَاْتِیْكُمَا طَعَامٌ تُرْزَقٰنِهٖۤ اِلَّا نَبَّاْتُكُمَا بِتَاْوِیْلِهٖ قَبْلَ اَنْ یَّاْتِیَكُمَا ؕ— ذٰلِكُمَا مِمَّا عَلَّمَنِیْ رَبِّیْ ؕ— اِنِّیْ تَرَكْتُ مِلَّةَ قَوْمٍ لَّا یُؤْمِنُوْنَ بِاللّٰهِ وَهُمْ بِالْاٰخِرَةِ هُمْ كٰفِرُوْنَ ۟
යූසුෆ් තුමා, "රජුගෙන් හෝ වෙනත් කිසිවෙකුගෙන් නුඹලා වෙත පැමිණිය යුතු ආහාර නුඹලා වෙත නොපැමිණෙන නමුත් නුඹලා දෙදෙනා වෙත ඒවා පැමිණීමට පෙර එහි යථාර්ථය හා එහි ආකාරය පිළිබඳ මම නුඹලා දෙදෙනාට විස්තර කරමි. මා දැනගෙන නුඹලා දෙදෙනාට දැනුම් දුන් යථාර්ථයන් මාගේ පරමාධිපති මට ඉගැන්වූ මිස හූනියම්කරුවන්ගෙන් හෝ තාරකා සාස්ත්ර පවසන්නන්ගෙන් නොවේ. අල්ලාහ් ව විශ්වාස නොකරන ජනයාගේ පිළිවෙත සැබැවින්ම මම අත හැරියෙමි. ඔවුන් පරමාන්ත දිනය පිළිබඳ ප්රතික්ෂේප කරන්නෝ වෙති." යැයි පැවසීය.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• بيان جمال يوسف عليه السلام الذي كان سبب افتتان النساء به.
•කාන්තාවන් අර්බුදයට ලක් වීමට හේතු වූ යූසුෆ් (අලයිහිස් සලාම්) තුමාගේ අලංකාරය විග්රහ කිරීම.

• إيثار يوسف عليه السلام السجن على معصية الله.
•අල්ලාහ්ට පිටුපෑමට වඩා සිරගත වීමට යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා දැක්වූ කැමැත්ත.

• من تدبير الله ليوسف عليه السلام ولطفه به تعليمه تأويل الرؤى وجعلها سببًا لخروجه من بلاء السجن.
•සිහිනවල පලාපල කීමේ හැකියාව යූසුෆ් (අලයිහිස් සලාම්) තුමාණන් හට ඉගැන්වීම, ඔහු සඳහා අල්ලාහ් යෙදූ සැළැස්ම හා ඔහු කෙරෙහි දැක් වූ සෙනෙහසක ප්රතිඵලයයි. සිරගත වීමේ අභාග්යයෙන් බැහැර වීමට එය හේතුවක් විය.

وَاتَّبَعْتُ مِلَّةَ اٰبَآءِیْۤ اِبْرٰهِیْمَ وَاِسْحٰقَ وَیَعْقُوْبَ ؕ— مَا كَانَ لَنَاۤ اَنْ نُّشْرِكَ بِاللّٰهِ مِنْ شَیْءٍ ؕ— ذٰلِكَ مِنْ فَضْلِ اللّٰهِ عَلَیْنَا وَعَلَی النَّاسِ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَشْكُرُوْنَ ۟
මම මාගේ මුතුන්මිත්තන් වන ඉබ්රාහීම්, ඉස්හාක් හා යඃකූබ්ගේ දහම් පිළිවෙත අනුගමනය කළෙමි. එය අල්ලාහ්ගේ ඒකීයත්වයේ දහම් පිළිවෙතයි. අල්ලාහ්ට වෙනත් කෙනෙකු ආදේශ කිරීම අපට සුදුසු නැත. ඔහු ඒකීයත්වය පදනම් කරගත් ඛේවලය. මා හා මාගේ මුතුන් මිත්තන් සිටි තව්හීද් හෙවත් ඒකීයත්වය හා ඊමාන් හෙවත් දේව විශ්වාසය වනාහි අප වෙත පිරිනමන ලද අල්ලාහ්ගෙන් වූ භාග්යකි. අපි එය ආශිර්වාදයක් ලෙස ගනිමු. එමෙන්ම එය, ඒ සමගම නබිවරුන් එවීමෙන් සමස්ත ජනයා වෙත පිරිනැමූ ඔහුගෙන් වූ භාග්යකි. නමුත් ජනයා අතරින් බොහෝ දෙනා අල්ලාහ්ගේ ආශිර්වාද වෙනුවෙන් ඔහුට කතඥපූර්වක නොවෙති. ඔවුහු ඔහුට ගුණමකු වෙති.
التفاسير العربية:
یٰصَاحِبَیِ السِّجْنِ ءَاَرْبَابٌ مُّتَفَرِّقُوْنَ خَیْرٌ اَمِ اللّٰهُ الْوَاحِدُ الْقَهَّارُ ۟ؕ
පසුව සිරගත වූ ගැටවරයින් දෙදෙනා සමග යූසුෆ් කතා කළේය: "විවිධ දෙවිවරුන්ට ගැතිකම් කිරීම උතුම් වන්නේ ද එසේ නැතහොත් කිසිදු හවුල් කරුවකු නැති කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සියල්ල මත අබිබවනීය එකම දෙවිඳුන්ට ගැතිකම් කොට නැමදීම උතුම් වන්නේ ද?යැයි ඇසීය.
التفاسير العربية:
مَا تَعْبُدُوْنَ مِنْ دُوْنِهٖۤ اِلَّاۤ اَسْمَآءً سَمَّیْتُمُوْهَاۤ اَنْتُمْ وَاٰبَآؤُكُمْ مَّاۤ اَنْزَلَ اللّٰهُ بِهَا مِنْ سُلْطٰنٍ ؕ— اِنِ الْحُكْمُ اِلَّا لِلّٰهِ ؕ— اَمَرَ اَلَّا تَعْبُدُوْۤا اِلَّاۤ اِیَّاهُ ؕ— ذٰلِكَ الدِّیْنُ الْقَیِّمُ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَعْلَمُوْنَ ۟
අල්ලාහ් හැර නුඹලා නමදිනුයේ නිර්නාමික නාමයන් මිස නැත. ඒවාට දෙවිවරුන් ලෙස නම් තැබුවේ නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන්ය. ඒවාට දේවත්වයේ කිසිදු කොටසක් නැත. නුඹලා ඒවාට නම් තැබූ පමණින් ඒවා නිවැරදි බවට පෙන්වා දෙන කිසිදු සාධකයක් අල්ලාහ් පහළ කළේ නැත. සමස්ත මැවීම් අතර පිහිටන තීන්දු ව අල්ලාහ්ට පමණක් මිස නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් නම් තැබූ දෑට සතු වන්නේ නැත. නැමදුමෙන් ඔහු ඒකීයත්වයට පත් කරන මෙන් සුවිශුද්ධ අල්ලාහ් නියෝග කර ඇත. ඔහු සමග කිසිවකු ආදේශ කිරීම තහනම් කර ඇත. එම ඒකීයත්වයේ පදනම් කිසිදු ඇදයක් නැති ඍජු දහම වේ. නමුත් මිනිසුන් බහුතරයක් දෙනා ඒ ගැන නොදනිති. ඒ හේතුවෙන් ඔවුහු අල්ලාහ්ට ආදේශ කරමින් ඔහුගේ ඇතැම් මැවීම්වලට නැමදුම් කරති.
التفاسير العربية:
یٰصَاحِبَیِ السِّجْنِ اَمَّاۤ اَحَدُكُمَا فَیَسْقِیْ رَبَّهٗ خَمْرًا ۚ— وَاَمَّا الْاٰخَرُ فَیُصْلَبُ فَتَاْكُلُ الطَّیْرُ مِنْ رَّاْسِهٖ ؕ— قُضِیَ الْاَمْرُ الَّذِیْ فِیْهِ تَسْتَفْتِیٰنِ ۟ؕ
‘අහෝ සිරගත මාගේ මිතුරන් දෙදෙන! තමන් අතර මද්යසාර බවට පත් වන තෙක් මිදි පෙරන බවට සිහින දුටු අය වනාහි, සැබැවින් ඔහු සිරගෙයින් නිදහස් වන අතර ඔහුගේ එම රැකියාව වෙත ඔහු නැවත යොමු වෙයි. රජුටත් පානය කිරීමට පෙරා දෙයි. නමුත් තම හිසට ඉහළින් රොටියක් ඔසවාගෙන යන විට පක්ෂීන් එයින් අනුභව කිරීම සිහිනෙන් දුටු අය වනාහි සැබැවින්ම ඔහු ඝාතනය කරනු ලැබ කුරුසියේ දමා ඇණ ගසනු ලබයි. ඔහුගේ හිසේ ඇති මාංශ පක්ෂීන් විසින් කා දමති. සිහිනය සඳහා පලාපළ කියන මෙන් නුඹලා දෙදෙනා ඉල්ලා සිටි විෂය අවසන් විය. එය පූර්ණ විය. කිසිදු සැකයකින් තොර ව එය සිදුවන්නෙකි.’ යැයි යූසුෆ් පැවසීය.
التفاسير العربية:
وَقَالَ لِلَّذِیْ ظَنَّ اَنَّهٗ نَاجٍ مِّنْهُمَا اذْكُرْنِیْ عِنْدَ رَبِّكَ ؗ— فَاَنْسٰىهُ الشَّیْطٰنُ ذِكْرَ رَبِّهٖ فَلَبِثَ فِی السِّجْنِ بِضْعَ سِنِیْنَ ۟۠
සැබැවින්ම ඔවුන් දෙදෙනා අතර ජය ලබන බව අනුමාන කළ තැනැත්තාට - ඔහු රජුට මද්යසාර සපයන්නාය- යූසුෆ් මෙසේ කීය, "මාගේ කාරණාව හා මාගේ කතා ව රජු අබියස මෙනෙහි කරනු. ඔහු මා සිරගෙයින් බැහැර කරන්නට පුළුවන." නමුත් යූසුෆ් ගැන රජු ඉදිරියේ මෙනෙහි කිරීමට මත්පැන් පෙරන්නාට ෂෙයිතාන් අමතක කළේය. ඉන් පසුව ද යූසුෆ් වසර ගණනාවක් සිරගෙහි රුඳී සිටියේය.
التفاسير العربية:
وَقَالَ الْمَلِكُ اِنِّیْۤ اَرٰی سَبْعَ بَقَرٰتٍ سِمَانٍ یَّاْكُلُهُنَّ سَبْعٌ عِجَافٌ وَّسَبْعَ سُنْۢبُلٰتٍ خُضْرٍ وَّاُخَرَ یٰبِسٰتٍ ؕ— یٰۤاَیُّهَا الْمَلَاُ اَفْتُوْنِیْ فِیْ رُءْیَایَ اِنْ كُنْتُمْ لِلرُّءْیَا تَعْبُرُوْنَ ۟
රජු, "සැබැවින්ම මම සිහිනෙන් පුෂ්ටිමත් ගවයන් සත් දෙනෙකු දුටුවෙමි. වැහිරී ගිය තවත් ගවයින් සත් දෙනෙකු විසින් උන් කා දමමින් සිටියේය. එමෙන්ම සාරවත් කරල් හතක් සහ වියැළුණු කරල් හතක් ද දුටුවෙමි. අහෝ නායකයිනි! ප්රභූවරුනි! සිහින වලට පලාපල කීමේ දැනුමැත්තන් ලෙස නුඹලා සිටින්නෙහු නම් මේ මාගේ සිහිනයේ යථාර්ථය පිළිබඳ තොරතුරු මා හට දන්වනු" යැයි පැවසීය.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• وجوب اتباع ملة إبراهيم، والبراءة من الشرك وأهله.
•ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ පිළිවෙත අනුගමනය කිරීමේ අනිවාර්යභාවය හා අදේශ තැබීමෙන් හා ආදේශ කරන්නන්ගෙන් ඉවත් වීම.

• في قوله:﴿ءَأَرْبَابٌ مُّتَفَرِّقُونَ ...﴾ دليل على أن هؤلاء المصريين كانوا أصحاب ديانة سماوية لكنهم أهل إشراك.
•“(වෙන් වෙන් ව සිටින) විවිධ දෙවිවරුන් ද” යන දේව ප්රකාශය තුළින් මෙම මිසර වාසීන් දිව්යමය දහමක සිටි නමුත් ඔවුහු දෙවියන්ට ආදේශ කරන්නන් බව පෙන්වා දෙයි.

• كلُّ الآلهة التي تُعبد من دون الله ما هي إلا أسماء على غير مسميات، ليس لها في الألوهية نصيب.
•අල්ලාහ් හැරදමා නමදිනු ලබන සෙසු සියලු දෙවිවරුන් නම් කරනු ලැබූ නාමයන් මිස නැත. ඒවාට දේවත්වයේ කිසිදු කොටසක් නැත.

• استغلال المناسبات للدعوة إلى الله، كما استغلها يوسف عليه السلام في السجن.
•යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා සිරගෙයි තුළ අල්ලාහ් වෙත ඇරයුම් කිරීම සඳහා අවස්ථාව උදා කරගත් සේම ඒ සඳහා අවස්ථාවන් පාදා ගැනීම.

قَالُوْۤا اَضْغَاثُ اَحْلَامٍ ۚ— وَمَا نَحْنُ بِتَاْوِیْلِ الْاَحْلَامِ بِعٰلِمِیْنَ ۟
ඔවුහු,"ඔබ දුටු සිහින අවුල් වූ සිහින වෙති. එය එලෙසින්ම පිහිටා නැති බැවින් ඒ සඳහා පළාපල කීමට අපට නොහැක. මිශ්ර සිහිනවල යථාර්ථයන් පැවසීමේ දැනුමැත්තන් ලෙස අප නැත." යැයි පැවසූහ.
التفاسير العربية:
وَقَالَ الَّذِیْ نَجَا مِنْهُمَا وَادَّكَرَ بَعْدَ اُمَّةٍ اَنَا اُنَبِّئُكُمْ بِتَاْوِیْلِهٖ فَاَرْسِلُوْنِ ۟
සිරගත ගැටවරයින් දෙදෙනාගෙන් ජය ලැබූ මත් පැන් පෙරන්නාට දිගු කලකට පසුව යූසුෆ් (අලයිහිස් සලාම්) තුමාණන් ගැනත් එතුමා හීනවල යථාර්තය පැවසීමේ දැනුම ඇති බවත් මතක් වී මෙසේ පැවසීය. "රජු දුටු හීනය ගැන හීනවලට පලාපල කීමට දැනුමැති අයගෙන් විමසා ඒ ගැන තොරතුරු මම නුඹලාට දන්වා සිටින්නම්. අහෝ රජතුමනි! ඔබේ සිහිනයට කරුණු දැන ගැනීම සඳහා යූසුෆ් වෙත මා එවනු මැනව!" යැයි පැවසීය.
التفاسير العربية:
یُوْسُفُ اَیُّهَا الصِّدِّیْقُ اَفْتِنَا فِیْ سَبْعِ بَقَرٰتٍ سِمَانٍ یَّاْكُلُهُنَّ سَبْعٌ عِجَافٌ وَّسَبْعِ سُنْۢبُلٰتٍ خُضْرٍ وَّاُخَرَ یٰبِسٰتٍ ۙ— لَّعَلِّیْۤ اَرْجِعُ اِلَی النَّاسِ لَعَلَّهُمْ یَعْلَمُوْنَ ۟
එසේ ජයගත් තැනැත්තා යූසුෆ් වෙත ගොස්, "අහෝ මාගේ මිතුර යූසුෆ්! පුෂ්ටිමත් ගවයන් සත් දෙනෙකු ද වැහිරී ගිය තවත් ගවයින් සත් දෙනෙකු උන් කා දැමීම ද සාරවත් කරල් හතක් සහ වියැළුණු කරල් හතක් ද සිහිනෙන් දුටු අයගේ සිහින පලාපල කෙසේ විය හැකි දැයි මා හට දන්වන්න. මම රජු හා ඔහු අසළ සිටින්නන් වෙත හැරීගොස් රජුගේ සිහිනයේ යථාර්ථය ඔවුන් වෙත දැනගන්නට සැලැස්වීමෙන් ඔබේ මහිමය හා ඔබේ නිලය පිළිබඳ ඔවුන් දැනගන්නට හැකි වනු ඇතැ" යි පැවසීය.
التفاسير العربية:
قَالَ تَزْرَعُوْنَ سَبْعَ سِنِیْنَ دَاَبًا ۚ— فَمَا حَصَدْتُّمْ فَذَرُوْهُ فِیْ سُنْۢبُلِهٖۤ اِلَّا قَلِیْلًا مِّمَّا تَاْكُلُوْنَ ۟
යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා එම සිහිනයට කරුණු දක්වමින්, "අඛණ්ඩ උත්සහයකින් වසර සතක් පුරාවටම නුඹලා ගොවිතැන් කරනු ඇත. මෙම වසර හත පුරාවටම වසරක් පාසා නෙළා ගන්නා අස්වැනු ආහාරය සඳහා අවශ්යවන ධාන්ය ස්වල්පයක් හැර ධාන්ය ක්ෂය වීමෙන් වැළැක්වීම සඳහා ඒවා එම කරල් සමගම තිබෙන්නට හරින්න." යැයි පැවසීය.
التفاسير العربية:
ثُمَّ یَاْتِیْ مِنْ بَعْدِ ذٰلِكَ سَبْعٌ شِدَادٌ یَّاْكُلْنَ مَا قَدَّمْتُمْ لَهُنَّ اِلَّا قَلِیْلًا مِّمَّا تُحْصِنُوْنَ ۟
"නුඹලා වගා කල මෙම සෞභාග්යමත් වසර හතෙන් පසු නියඟය සහිත වියළි වසර හතක් පැමිණෙනු ඇත. සාරවත් වසරවල නෙළා ගත් දැයින් එම කාලවල ජනයා අනුභව කරනු ඇත. නමුත් වැපිරීම සඳහා ස්වල්පයක් නුඹලා ආරක්ෂා කර ගත යුතු වේ."
التفاسير العربية:
ثُمَّ یَاْتِیْ مِنْ بَعْدِ ذٰلِكَ عَامٌ فِیْهِ یُغَاثُ النَّاسُ وَفِیْهِ یَعْصِرُوْنَ ۟۠
අනතුරුව නියගයෙන් යුත් වසර කිහිපය අවසන් වූ පසු වර්ෂාව පහළ වන වසර පැමිණෙනු ඇත. එහි වගාවන් හැට ගැනේ. මත් පැන් පෙරීම සඳහා අවශ්ය මිදි, අත්තික්කා හා උක්ගස් වැනි දෑ ජනයා උපයෝගි කර ගනිමින් මත් පැන් පෙරනු ඇත."
التفاسير العربية:
وَقَالَ الْمَلِكُ ائْتُوْنِیْ بِهٖ ۚ— فَلَمَّا جَآءَهُ الرَّسُوْلُ قَالَ ارْجِعْ اِلٰی رَبِّكَ فَسْـَٔلْهُ مَا بَالُ النِّسْوَةِ الّٰتِیْ قَطَّعْنَ اَیْدِیَهُنَّ ؕ— اِنَّ رَبِّیْ بِكَیْدِهِنَّ عَلِیْمٌ ۟
තමන් දුටු සිහිනය පිළිබඳ යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා කළ විස්තරය රජුට දැනගන්නට ලැබූ කල්හි ඔහු තම සේවකයින් අමතා, "ඔහු ව සිරගෙයින් එලියට ගනු. ඔහු මා වෙත කැඳවා ගෙන එනු." යැයි පැවසීය. රජුගේ දූතයකු යූසුෆ් වෙත පැමිණි විට, එතුමා, "ඔබ ඔබේ ප්රධානී රජු වෙත ගොස් සිරගෙයින් මා පිටවීමට පෙර මාගේ නිර්දෝෂීභාවය ඔප්පු වන පරිදි තම අත් තුවාල කර ගත් කාන්තාවන්ගේ කතාව කුමක් දැ?යි විමසා සිටිනු. ඔවුන් මට කළ චෝදනාවන් පිළිබඳ සැබැවින්ම මාගේ පරමාධිපති සර්වඥය. ඔහුට කිසිවක් සැඟවිය නොහැක." යැයි කීය.
التفاسير العربية:
قَالَ مَا خَطْبُكُنَّ اِذْ رَاوَدْتُّنَّ یُوْسُفَ عَنْ نَّفْسِهٖ ؕ— قُلْنَ حَاشَ لِلّٰهِ مَا عَلِمْنَا عَلَیْهِ مِنْ سُوْٓءٍ ؕ— قَالَتِ امْرَاَتُ الْعَزِیْزِ الْـٰٔنَ حَصْحَصَ الْحَقُّ ؗ— اَنَا رَاوَدْتُّهٗ عَنْ نَّفْسِهٖ وَاِنَّهٗ لَمِنَ الصّٰدِقِیْنَ ۟
රජු එම කාන්තාවන් සමග කතා කරමින්, "නුඹලා සමග අශීලාචාර ලෙස කටයුතු කිරීම සඳහා යූසුෆ්ගෙන් නුඹලා කූට ලෙස ඇරයුම් කළ අවස්ථාවේ නුඹලාගේ කරුණ කුමක් වීද?" යැයි විමසීය. අසීස්ගේ බිරිඳ තමන් කළ වරද පිළිගෙන, "දැන් සත්ය හෙළි වී ඇත. ඔහුව පොළඹවන්නට තැත් කළේ මමයි. කිසිවිටෙක ඔහු මා පොළඹවන්නට තැත් කළේ නැත. ඔහු පිළිබඳ මම කවර චෝදනාවක් කළේ ද ඒ සම්බන්ධයෙන් ඔහු නිර්දෝෂී යැයි ඉදිරිපත් කෙරන වාදයෙහි සැබැවින්ම ඔහු සත්යවාදියෙකු යැ"යි ඇය පැවසුවාය.
التفاسير العربية:
ذٰلِكَ لِیَعْلَمَ اَنِّیْ لَمْ اَخُنْهُ بِالْغَیْبِ وَاَنَّ اللّٰهَ لَا یَهْدِیْ كَیْدَ الْخَآىِٕنِیْنَ ۟
අසීස්ගේ බිරිය, "ඔහු පොළඹවා ගන්නා ලද්දේ මා විසින් යැයි ද සැබැවින්ම ඔහු සත්යවාදියෙකි. ඔහු නැති තැන කිසිවිටෙක ඔහු ගැන යමක් ගොතා පවසා නැතැයි ද ඔහු දැන ගනු පිණිසය. ඔහුට අත් වූ දෑ මට පැහැදිලිය. සැබැවින්ම අල්ලාහ් බොරු කරන්නන් හා කුමන්ත්රණ කරන්නන්ට ආශිර්වාද නොකරනු ඇත."යැයි පැවසුවාය.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• من كمال أدب يوسف أنه أشار لحَدَث النسوة ولم يشر إلى حَدَث امرأة العزيز.
•අසීස්ගේ බිරියට සිදු වූ දෑ පෙන්වා නොදී කාන්තාවන්ට සිදු වූ දෑ පෙන්වා දෙමින් කටයුතු කළ යූසුෆ්ගේ උදාර ගතිගුණ.

• كمال علم يوسف عليه السلام في حسن تعبير الرؤى.
•යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා සතුව තිබූ, සිහිනවලට ඉතා හොදින් පලාපල කීමේ පූර්ණ දැනුම.

• مشروعية تبرئة النفس مما نُسب إليها ظلمًا، وطلب تقصّي الحقائق لإثبات الحق.
•අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා නගනු ලබන විට තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීම හා සත්යය තහවුරු කිරීම උදෙසා කරුණු සොයන මෙන් ඉල්ලීම ආගමානුගත කරනු ලැබ ඇත.

• فضيلة الصدق وقول الحق ولو كان على النفس.
•තමන්ට විරුද්ධ ව පිහිටිය ද සත්ය කතා කිරීමේ හා ඍජු ලෙස කතා කිරීමේ මහිමය.

وَمَاۤ اُبَرِّئُ نَفْسِیْ ۚ— اِنَّ النَّفْسَ لَاَمَّارَةٌ بِالسُّوْٓءِ اِلَّا مَا رَحِمَ رَبِّیْ ؕ— اِنَّ رَبِّیْ غَفُوْرٌ رَّحِیْمٌ ۟
අසීස්ගේ බිරිය තවදුරටත් ඇයගේ ප්රකාශයේ, "නපුර අපේක්ෂා කිරීම සම්බන්ධ ව මම මා ගැන පිවිතුරු යැයි නොකියමි. එමගින් මාගේ ආත්මය පිවිතුරු කිරීමට ද අපේක්ෂා නොකරමි. ඊට හේතුව මිනිස් සිත් ඒවා ආශා කරන දෑ හා ඉසිලිය නොහැකි දුෂ්කරතා වෙත අධික ලෙස නැඹුරු වෙති. නමුත් අල්ලාහ් ආශිර්වාද කළ ආත්මාවන් හැර. ඔහු ඒවා නපුරු කටයුතුවලින් ආරක්ෂා කරයි. සැබැවින්ම මාගේ පරමාධිපති ඔහුගෙන් පාපක්ෂමාව අයැද සිටින්නාට සමාව දෙන්නාය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය." පැවසුවාය.
التفاسير العربية:
وَقَالَ الْمَلِكُ ائْتُوْنِیْ بِهٖۤ اَسْتَخْلِصْهُ لِنَفْسِیْ ۚ— فَلَمَّا كَلَّمَهٗ قَالَ اِنَّكَ الْیَوْمَ لَدَیْنَا مَكِیْنٌ اَمِیْنٌ ۟
යූසුෆ්ගේ නිර්දෝෂීභාවය පැහැදිලි වී ඔහු ගැන දැනගත් කල්හි රජු තම සේවකයින් අමතා, "මට අවංක කෙනෙකු ලෙස මා ඔහු පත් කරනු වස් ඔහු මා වෙත රැගෙන එන්නැ"යි පැවසීය. එතුමා සමග කතා කළ කල්හි: එතුමාගේ බුද්ධිය හා දැනුම පිළිබඳ ඔහුට වැටහිණි. පසුව ඔහු එතුමාට, "අහෝ යූසුෆ්! සැබැවින්ම අද අප ඉදිරියේ ඔබට තත්ත්වයක් ඇත. එමෙන්ම විශ්වාස කරනු ලැබූ අයෙකු බවට ද පත් ව ඇත." යැයි පැවසිය.
التفاسير العربية:
قَالَ اجْعَلْنِیْ عَلٰی خَزَآىِٕنِ الْاَرْضِ ۚ— اِنِّیْ حَفِیْظٌ عَلِیْمٌ ۟
"මිසර දේශයේ ආහාර හා භාණ්ඩාගාරයේ මුදල් ආරක්ෂා කිරීම සඳහා ඔබ මා පත් කරන්න. සැබැවින්ම මම විශ්වසනීය ආරක්ෂකයෙකි. එමෙන්ම ඔබ මට පරවන දෑ පිළිබඳ මම මනා දැනුමක් හා දැක්මක් ඇති කෙනෙකි" යැයි යූසුෆ් රජුට පවසා සිටියේය.
التفاسير العربية:
وَكَذٰلِكَ مَكَّنَّا لِیُوْسُفَ فِی الْاَرْضِ ۚ— یَتَبَوَّاُ مِنْهَا حَیْثُ یَشَآءُ ؕ— نُصِیْبُ بِرَحْمَتِنَا مَنْ نَّشَآءُ وَلَا نُضِیْعُ اَجْرَ الْمُحْسِنِیْنَ ۟
සිරගෙයින් නිදහස හා නිර්දෝෂීභාවය අපි යූසුෆ් වෙත පිරිනැමුවාක් මෙන්ම මිසර දේශයේ තමන් අභිමත කරන කවර තැනකට හෝ ගොඩවීමටත් එහි පදිංචි වීමටත් අපි ඔහුට ඉඩකඩ සලසා දුනිමු. අපගේ ගැත්තන් අතරින් අපි අභිමත කරන්නන් හට මෙලොවෙහිම අපගේ ආශිර්වාදයෙන් අපි පිරිනමන්නෙමු. දැහැමියන්ගේ තිළිණ අපි අහිමි නොකරන්නෙමු. ඒවා කිසිදු අඩුවකින් තොර ව පූර්ණ ලෙස ඔවුනට පිරිනමන්නෙමු.
التفاسير العربية:
وَلَاَجْرُ الْاٰخِرَةِ خَیْرٌ لِّلَّذِیْنَ اٰمَنُوْا وَكَانُوْا یَتَّقُوْنَ ۟۠
අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින්නන් සඳහා හිමිවන මෙලොව තිළිණවලට වඩා මතුලොවෙහි ඔවුන් වෙනුවෙන් සූදානම් කර ඇති තිළිණ උතුම් වන්නේය.
التفاسير العربية:
وَجَآءَ اِخْوَةُ یُوْسُفَ فَدَخَلُوْا عَلَیْهِ فَعَرَفَهُمْ وَهُمْ لَهٗ مُنْكِرُوْنَ ۟
යූසුෆ්ගේ සහෝදරයෝ ඔවුන් සතු භාණ්ඩ රැගෙන මිසර දේශය වෙත පැමිණ එහි ගොඩ බැස්සෝය. එවිට නියත වශයෙන්ම ඔවුන් තම සහෝදරයින් බව ඔහු දැනගත් නමුත් දිගු කලක් ගත වූ බැවින් හා ඔහුගේ හැඩරුව වෙනස් වී ඇති බැවින් ඔහු තම සහෝදරයා බව ඔවුන් දැන ගත්තේ නැත. එමෙන්ම ඔවුහු ඔහු ළිඳට හෙළන විට කුඩා දරුවකු වූ බැවිණි.
التفاسير العربية:
وَلَمَّا جَهَّزَهُمْ بِجَهَازِهِمْ قَالَ ائْتُوْنِیْ بِاَخٍ لَّكُمْ مِّنْ اَبِیْكُمْ ۚ— اَلَا تَرَوْنَ اَنِّیْۤ اُوْفِی الْكَیْلَ وَاَنَا خَیْرُ الْمُنْزِلِیْنَ ۟
ඔවුන් ඉල්ලා සිටි පරිදි ඔවුනට අවශ්ය ආහාර හා ඊට අමතර දෑ ද ඔහු ඔවුනට පිරිනැමූ කල්හි, තම පියාණන්ගෙන් වූ තවත් සහෝදරයෙක් සිටින බවත් ඔහු ව තම පියාණන් ළඟ තබා පැමිණි බවත් දන්වා සිටීමෙන් පසු ඔහු,"ඔබලාගේ පියාණන් ගෙන් වූ ඔබලාගේ සහෝදරයා ව මා වෙත ගෙන එන්න. මා ඔටුවෙක් බරට අධිකව නුඹලාට වස්තුව ලබා දෙන්නම්. කිසිදු අඩුවකින් තොර ව පූර්ණ ලෙස මා මැන දෙනු නුඹලා නොදුටුවෙහු ද? ආගන්තුකයින්ට සත්කාර කරන්නන් අතරින් මා විශිෂ්ඨයෙකු වෙමි." යැයි පවසා සිටියේය.
التفاسير العربية:
فَاِنْ لَّمْ تَاْتُوْنِیْ بِهٖ فَلَا كَیْلَ لَكُمْ عِنْدِیْ وَلَا تَقْرَبُوْنِ ۟
"නමුත් නුඹලා ඔහු මා වෙත රැගෙන නොආවෙහු නම්, සැබැවින්ම නුඹලාට පියාණන්ගෙන් වූ සහෝදරයෙක් සිටින බවට නුඹලා පවසන වාදයෙහි නුඹලා බොරුකාරයින් බව පැහැදිලි වනු ඇත. එවිට මම නුඹලාට ආහාර කිරා නොදෙමි. ඉන්පසු නුඹලා මාගේ දේශයට ළං නොවනු."
التفاسير العربية:
قَالُوْا سَنُرَاوِدُ عَنْهُ اَبَاهُ وَاِنَّا لَفٰعِلُوْنَ ۟
ඔහුගේ සහෝදරයෝ ඔහුට පිළිතුරු දෙමින්, "ඔහුගේ පියාණන්ගෙන් අපි ඔහු ඉල්ලා සිටින්නෙමු. ඒ සඳහා අපි උත්සාහ දරන්නෙමු. ඔබ අපට කවර නියෝගයක් කර ඇත්තේ ද කිසිදු අඩුවක් නොකර එය එලෙසින්ම සිදු කරන්නෙමු" යැයි පැවසූහ.
التفاسير العربية:
وَقَالَ لِفِتْیٰنِهِ اجْعَلُوْا بِضَاعَتَهُمْ فِیْ رِحَالِهِمْ لَعَلَّهُمْ یَعْرِفُوْنَهَاۤ اِذَا انْقَلَبُوْۤا اِلٰۤی اَهْلِهِمْ لَعَلَّهُمْ یَرْجِعُوْنَ ۟
යූසුෆ් තම සේවකයින්ට මෙසේ පැවැසුවේය, "ඔවුන්ගේ භාණ්ඩ ඔවුන් වෙත නැවත දෙනු. ඔවුන් හැරී ගිය විට සැබැවින්ම අපි ඔවුනට කිසිවක් විකුණා නැතැයි ඔවුන් දැනගනු ඇත. මෙය දෙවැනි වරට ඔවුන් ඔවුන්ගේ සහෝදරයා සමග පැමිණීමට බල කළ අතරම, ඔවුන්ගේ සත්ය භාවය යූසුෆ්ට තහවූරු කරනු වස් හා ඔවුන්ගේ භාණ්ඩ ඔවුන්ගෙන් පිළිගනු වස් එසේ සිදු කරන ලදී.
التفاسير العربية:
فَلَمَّا رَجَعُوْۤا اِلٰۤی اَبِیْهِمْ قَالُوْا یٰۤاَبَانَا مُنِعَ مِنَّا الْكَیْلُ فَاَرْسِلْ مَعَنَاۤ اَخَانَا نَكْتَلْ وَاِنَّا لَهٗ لَحٰفِظُوْنَ ۟
ඔවුන් ඔවුන්ගේ පියාණන් වෙත නැවත හැරී ගිය කල්හි, ඔවුන්හට යූසුෆ් කළ සංග්රහය පිළිබඳ ඔවුහු තොරතුරු දන්වා සිටියෝය. ඔවුහු, "අපගේ පියාණනි, අප සමග අපගේ සහෝදරයා කැටුව නොගියේ නම් අපට ආහාර කිරා දීම වළක්වනු ලැබේ. එහෙයින් අප සමග ඔහු එවනු. ඔබ ඔහු අප සමග එවන්නේ නම් අපි ආහාර භාණ්ඩ කිරාගෙන එන්නෙමු. නැවත ඔහු ඔබ වෙත සුරක්ෂිත ව ගෙන එන තෙක් අපි ඔහු රැකබලා ගන්නට ඔබට පොරොන්දු වෙමු" යැයි පැවසුහ.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• من أعداء المؤمن: نفسه التي بين جنبيه؛ لذا وجب عليه مراقبتها وتقويم اعوجاجها.
•දේව විශ්වාසියාගේ සතුරන් අතර තමන් දෙපස ඇති ඔහුගේ ආත්මය ද එකකි. එහෙයින් ඒ ගැන අධීක්ෂණයෙන් පසුවීමත් එහි ඇති අඩුපාඩු නිවැරදි කර ගැනීමත් අනිවාර්යය වේ.

• اشتراط العلم والأمانة فيمن يتولى منصبًا يصلح به أمر العامة.
•යම් පදවියක් දරන කෙනෙකු තුළ ඒ ගැන දැනුම හා විශ්වසනීය භාවය කොන්දේසියක් ලෙස පිහිටීම මහජන කටයුතු නිවැරදි කරනු ඇත.

• بيان أن ما في الآخرة من فضل الله، إنما هو خير وأبقى وأفضل لأهل الإيمان.
•සැබැවින්ම මතුලොවෙහි ඇති දෑ අල්ලාහ්ගෙන් වූ භාග්යයක් වන බවත්, සැබැවින්ම එය දේව විශ්වාසී ජනයාට වඩාත් යහපත්, වඩාත් උතුම් හා පැවැත්මක් ඇති බවත් විස්තර කිරීම.

• جواز طلب الرجل المنصب ومدحه لنفسه إن دعت الحاجة، وكان مريدًا للخير والصلاح.
•අවශ්යතාවක් ඇති වූ විටෙක ඒ සඳහා සුදුසුකම් ලාබියා එය පැතීමත් තමන් ගැන මෙනෙහි කිරීමත් අනුමත කාර්යයකි. ඔහු යහපත හා විධිමත් බව අපේක්ෂා කරන්නෙකු විය.

قَالَ هَلْ اٰمَنُكُمْ عَلَیْهِ اِلَّا كَمَاۤ اَمِنْتُكُمْ عَلٰۤی اَخِیْهِ مِنْ قَبْلُ ؕ— فَاللّٰهُ خَیْرٌ حٰفِظًا ۪— وَّهُوَ اَرْحَمُ الرّٰحِمِیْنَ ۟
ඔවුන්ගේ පියාණන් ඔවුනට, "මොහුගේ එක කුස උපන් සහෝදර යූසුෆ් සම්බන්ධයෙන් මා නුඹලාව විශ්වාස කළාක් මෙන් මොහු සම්බන්ධයෙනුත් මා නුඹලා ව විශ්වාස කරන්න ද? ඔහු සම්බන්ධයෙන් මම නුඹලා විශ්වාස කළෙමි. නුඹලා ද ඔහු ආරක්ෂා කරන මෙන් මට පොරොන්දු වූයෙහුය. නමුත් නුඹලා කවර කරුණක් පොරොන්දු වූයෙහු ද එය නුඹලා ඉටු නොකළෙහුය. එබැවින් නුඹලා ආරක්ෂා කරන මෙන් පවසන නුඹලාගේ පොරොන්දුව ගැන මට කිසිදු විශ්වාසයක් නැත. මා විශ්වාස තබනුයේ අල්ලාහ් මත පමණය. තමන් ආරක්ෂා කරන්නට අභිමත කරන අයට රැකවරණය දෙන්නන් අතරින් ඔහු අති ශ්රේෂ්ඨය. එමෙන්ම තම කරුණා ව පිරිනමන්නට ඔහු අභිමත කරන අයට මහා කාරුණිකය."යි පැවසුවේය.
التفاسير العربية:
وَلَمَّا فَتَحُوْا مَتَاعَهُمْ وَجَدُوْا بِضَاعَتَهُمْ رُدَّتْ اِلَیْهِمْ ؕ— قَالُوْا یٰۤاَبَانَا مَا نَبْغِیْ ؕ— هٰذِهٖ بِضَاعَتُنَا رُدَّتْ اِلَیْنَا ۚ— وَنَمِیْرُ اَهْلَنَا وَنَحْفَظُ اَخَانَا وَنَزْدَادُ كَیْلَ بَعِیْرٍ ؕ— ذٰلِكَ كَیْلٌ یَّسِیْرٌ ۟
ඔවුන් රැගෙන ආ ඔවුන්ගේ ආහාර මල්ල විවෘත කළ කල්හි, එහි වටිනා කම ඔවුනට නැවත ලබා දී තිබෙනු දුටුහ. එවිට ඔවුහු තම පියාණන්ට, "මෙම සංගහ්රයෙන් පසු මෙම බලධාරියාගෙන් අපි කුමක් බලාපොරොත්තු වන්න ද? අප වෙත කරන ගෞරවයක් ලෙස එම බලධාරියා අපට අපේ ආහාර වල වටිනාකම නැවත ලබා දී ඇත. අපගේ පවුලේ උදවිය වෙනුවෙන් මෙම ආහාරය අපි ගෙන ආවෙමු. ඔබ අපගේ සහෝදයරා පිළිබඳ කවර බියක් ඇති කර ගත්තේ ද එයින් අපගේ සහෝදරයා ව අපි ආරක්ෂා කරන්නෙමු." යනුවෙන් පැසුවෝය.
التفاسير العربية:
قَالَ لَنْ اُرْسِلَهٗ مَعَكُمْ حَتّٰی تُؤْتُوْنِ مَوْثِقًا مِّنَ اللّٰهِ لَتَاْتُنَّنِیْ بِهٖۤ اِلَّاۤ اَنْ یُّحَاطَ بِكُمْ ۚ— فَلَمَّاۤ اٰتَوْهُ مَوْثِقَهُمْ قَالَ اللّٰهُ عَلٰی مَا نَقُوْلُ وَكِیْلٌ ۟
ඔවුන්ගේ පියාණන් ඔවුන්ට, "නුඹලා සියල්ලන්හට වැළැක්වීමට හෝ නැවත හැරී ඒමට හෝ නොහැකි, නුඹලා කිසිවෙකු ඉතිරි නොවන පරිදි යම් විනාශයත් නුඹලාට අත් වූයේ නම් මිස මා වෙත ඔහු නැවත ගෙන එන බවට අල්ලාහ් මත ස්තීර ප්රතිඥාවක් නුඹලා මා හට දෙන තෙක් නුඹලා සමග ඔහු මම නොයවමි." යැයි කීය. ඒ වෙනුවෙන් ස්තීර ප්රතිඥාවක් අල්ලාහ් මත ඔවුහු ඔහුට දුන් කල්හි, ඔහු, "මා පවසන දෑ පිළිබඳ අල්ලාහ් සාක්ෂිකරුය. ඔහුගේ සාක්ෂිය අපට ප්රමාණවත්ය." යැයි පැවසීය.
التفاسير العربية:
وَقَالَ یٰبَنِیَّ لَا تَدْخُلُوْا مِنْ بَابٍ وَّاحِدٍ وَّادْخُلُوْا مِنْ اَبْوَابٍ مُّتَفَرِّقَةٍ ؕ— وَمَاۤ اُغْنِیْ عَنْكُمْ مِّنَ اللّٰهِ مِنْ شَیْءٍ ؕ— اِنِ الْحُكْمُ اِلَّا لِلّٰهِ ؕ— عَلَیْهِ تَوَكَّلْتُ ۚ— وَعَلَیْهِ فَلْیَتَوَكَّلِ الْمُتَوَكِّلُوْنَ ۟
ඔවුන්ගේ පියාණන් ඔවුනට උපදෙස් දෙමින්, "නුඹලා මිසර දේශයට එකම දොරටුවකින් එකට නොපිවිසෙනු. වෙන් වෙන් දොරටුවලින් වෙන වෙනම ඇතුළු වනු. එවිට කිසිවකු විසින් නුඹලා සියල්ලන්හට පොදුවේ කිසියම් උවදුරක් ඇති කිරීමට එරෙහිව එම උපාය මාර්ගය වඩා සුරක්ෂිතය. නමුත් නුඹලාට යම් උවදුරක් අල්ලාහ් අපේක්ෂා කළේ නම් එයින් මා නුඹලා වැළැක්වීම සඳහා මෙය නුඹලාට නොපවසමි. අල්ලාහ් අපේක්ෂා නොකළ යහපතක් මා විසින් නුඹලාට ගෙන දිය නොහැක. තීන්දුව නම් අල්ලාහ්ගේ තීන්දුව මිස වෙනත් තීන්දුවක් නැත. නියමය නම් ඔහුගේ නියමය මිස වෙනත් නියමයක් නැත. මාගේ සියලුම කටයුතු වලදී මා සියල්ල පවරනුයේ ඔහු වෙත පමණි. එහෙයින් භාර කරන්නන් ඔවුන්ගේ සියලු කටයුතු ඔහු කෙරෙහී පමණක් භාරකරත්වා!" යැයි කීවේය.
التفاسير العربية:
وَلَمَّا دَخَلُوْا مِنْ حَیْثُ اَمَرَهُمْ اَبُوْهُمْ ؕ— مَا كَانَ یُغْنِیْ عَنْهُمْ مِّنَ اللّٰهِ مِنْ شَیْءٍ اِلَّا حَاجَةً فِیْ نَفْسِ یَعْقُوْبَ قَضٰىهَا ؕ— وَاِنَّهٗ لَذُوْ عِلْمٍ لِّمَا عَلَّمْنٰهُ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَعْلَمُوْنَ ۟۠
පසු ව යූසුෆ්ගේ එක කුස උපන් සහෝදරයා සමග ඔවුහු ගමන් ගත්හ. ඔවුන්ගේ පියාණන් ඔවුනට නියෝග කළ පරිදි විවිධ දොරටුවලින් ඔවුහු ඇතුළු වූ කල්හි, ඔවුන් වෙත වූ අල්ලාහ්ගේ නියමය අනුව ඔවුන් විවිධ දොරටුවලින් ඇතුලු වීමෙන් කිසිවක් ඔවුන් වැළැක්වූයේ නැත. සැබැවින්ම එය තම දරුවන් කෙරෙහි යඃකූබ්ගේ සෙනෙහස හෙළි කරන්නක් විය. ඔහු ඔවුනට අවසාන වශයෙන් උපදෙස් දුන්හ. අල්ලාහ්ගේ තීන්දුව හැර වෙනත් තීන්දුවක් නොමැති බව ඔහු දැන සිටියේය. එමෙන්ම අපි ඔහුට ඉගැන් වූ දේව නියමය පිළිබඳ විශ්වාසය හා හේතු සාධක පිළිබඳ බුද්ධිය යනාදිය පිළිබඳ දැනුමැත්තෙකු විය. නමුත් ජනයා අතර බහුතරයක් දෙනා ඒ ගැන නොදනිති.
التفاسير العربية:
وَلَمَّا دَخَلُوْا عَلٰی یُوْسُفَ اٰوٰۤی اِلَیْهِ اَخَاهُ قَالَ اِنِّیْۤ اَنَا اَخُوْكَ فَلَا تَبْتَىِٕسْ بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟
යූසුෆ්ගේ සහෝදරයෝ යූසුෆ් වෙත ඇතුලු වූ කල්හි, ඔහුගේ එක කුස උපන් සහෝදරයා ද විය. ඔහුගේ එක කුස උපන් සහෝදරයා වැළඳ ගෙන, "ඇත්තෙන්ම මම එක කුස උපන් ඔබේ සහෝදරයා වෙමි. එහෙයින් ඔබේ සහෝදරයින් අවිධිමත් බුද්ධියකින් අපට එරෙහි ව දැක් වූ ක්රෝධය හා වේදනාවන් නිසාවෙන් හා ඔවුන් මා ළිඳට හෙළීම හේතුවෙන් ඔබ දුක් නොවනු." යැයි ඔහුට රහසින් පවසා සිටියේය.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• الأمر بالاحتياط والحذر ممن أُثِرَ عنه غدرٌ، وقد ورد في الحديث الصحيح: ((لَا يُلْدَغُ المُؤْمِنٌ مِنْ جُحْرٍ وَاحِدٍ مَرَّتَيْنِ))، [أخرجه البخاري ومسلم].
•තමන්ට ද්රෝහිකමක බලපෑමක් සිදු කරන්නන්ගෙන් ප්රවේශම් වීම හා ඒ ගැන අවධානයෙන් පසුවීමේ නියෝගය. “දේව විශ්වාසියෙකු එකම වලක දෙවතාවක් නොවැටේ.” යැයි හදීසයක සඳහන්ව ඇත. (මූලාශ්රය: බුහාරි සහ මුස්ලිම්)

• من وجوه الاحتياط التأكد بأخذ المواثيق المؤكدة باليمين، وجواز استحلاف المخوف منه على حفظ الودائع والأمانات.
•දිවුරුම හරහා ස්ථාවර ප්රතිඥාවක් ගැනීම තුළින් ස්තීර කර ගැනීම එසේ ප්රවේසම් වීමේ ක්රම අතරින් එකකි. භාණ්ඩ හා පැවරුම් ආරක්ෂා කිරීම සඳහා කිසියම් බියක් ඇති වූ විටෙක දිවුරන මෙන් පැතීම අනුමතය.

• يجوز لطالب اليمين أن يستثني بعض الأمور التي يرى أنها ليست في مقدور من يحلف اليمين.
•දිවුරා සිටින මෙන් පතන්නා දිවුරන්නාගේ හැකියාවක් තුළ නොමැති ඇතැම් කරුණු වෙන්කර දැක්වීමේ අනුමැතිය.

• من الأخذ بالأسباب الاحتياط من المهالك.
•විනාශකාරී කටයුතුවලින් ප්රවේශම් විය හැකි සාධක පිළිපැදීම.

فَلَمَّا جَهَّزَهُمْ بِجَهَازِهِمْ جَعَلَ السِّقَایَةَ فِیْ رَحْلِ اَخِیْهِ ثُمَّ اَذَّنَ مُؤَذِّنٌ اَیَّتُهَا الْعِیْرُ اِنَّكُمْ لَسٰرِقُوْنَ ۟
තම සහෝදරයා ව තමන් සමග රඳවා ගැනීමේ උපාය මාර්ගයක් ලෙස එක කුස උපන් තම සහෝදරයාගේ මල්ලට රජු විසින් ආහාර කිරන භාජනය ඔවුනට නොදැනෙන සේ දමන මෙන් තම සහෝදරයාගේ ඔටුවා මත භාණ්ඩ පටවන සේවකයින්හට යූසුෆ් නියෝග කළේය. තම නිවෙස් බලා නැවත හැරී ගමන් කරන කල්හි, නිවේදකයෙකු ඔවුන් ගිය මාර්ගයේ ගොස්, "අහෝ ආහාර භාණ්ඩ උසුලමින් ගමන් කරන ඔටු අයිතිකරුවනි! සැබැවින්ම නුඹලා සොරුන් වෙති" යැයි නිවේදනය කළේය.
التفاسير العربية:
قَالُوْا وَاَقْبَلُوْا عَلَیْهِمْ مَّاذَا تَفْقِدُوْنَ ۟
යූසුෆ්ගේ සහෝදරයෝ තමන් ලුහුබැඳ ගෙන පැමිණි නිවේදකයා හා ඔහු සමග සිටියවුන් දෙසට හැරී, "අපි සොරුන් යැයි සැක කරන තරමට නුඹලාගෙන් නැති වී ගිය භාණ්ඩය කුමක්දැ?" යි විමසා සිටියෝය.
التفاسير العربية:
قَالُوْا نَفْقِدُ صُوَاعَ الْمَلِكِ وَلِمَنْ جَآءَ بِهٖ حِمْلُ بَعِیْرٍ وَّاَنَا بِهٖ زَعِیْمٌ ۟
එම නිවේදකයා සහ ඔහු සමග සිටි සගයින් යූසුෆ්ගේ සහෝදරයින් දෙස බලා, "රජු විසින් කිරා දෙන කිරුම් භාජනය අපගෙන් නැති වී ඇත. පරීක්ෂා කිරීමට පෙර රජුගේ එම කිරුම් භාජනය ගෙන එන්නාට ඔටුවකු බරට වස්තුව ඇත. ඒ සඳහා මම වග කියමි" යැයි පැවසීය.
التفاسير العربية:
قَالُوْا تَاللّٰهِ لَقَدْ عَلِمْتُمْ مَّا جِئْنَا لِنُفْسِدَ فِی الْاَرْضِ وَمَا كُنَّا سٰرِقِیْنَ ۟
යූසුෆ්ගේ සහෝදරයෝ ඔවුනට, "නුඹලා අපගේ තත්ත්වයන් පිළිබඳ දැක ඇති සේම අල්ලාහ් මත දිවුරා පවසමු. අපගේ පිරිසිදුකම හා නිදොස් බව සැබැවින්ම අපි දනිමු. අප මිසර දේශයට පැමිණියේ එහි කලහකම් කිරීමට නොවේ. අපගේ ජීවිතයේ අපි සොරුන් නොවූයෙමු." යැයි පැවසූහ.
التفاسير العربية:
قَالُوْا فَمَا جَزَآؤُهٗۤ اِنْ كُنْتُمْ كٰذِبِیْنَ ۟
එම නිවේදකයා සහ ඔහු සමග සිටි සගයෝ, "සොරකමින් තමන් නිර්දෝෂී යැයි නුඹලා කරන වාදයෙහි නුඹලා බොරුකාරයින් වී නම් නුඹලා අතර එය සොරකම් කළ අයකුගේ ප්රතිවිපාකය කුමක් විය යුතු දැ?" යි විමසා සිටියෝය.
التفاسير العربية:
قَالُوْا جَزَآؤُهٗ مَنْ وُّجِدَ فِیْ رَحْلِهٖ فَهُوَ جَزَآؤُهٗ ؕ— كَذٰلِكَ نَجْزِی الظّٰلِمِیْنَ ۟
යූසුෆ්ගේ සහෝදරයෝ ඔවුනට, "අප අතර කෙනෙකුගේ මල්ලෙහි සොරකම් කරන ලද භාණ්ඩයක් හමු වූයේ නම්, එම සොරාගේ ප්රතිවිපාකය වනුයේ සොරකම් කළ තැනැත්තා එම භාණ්ඩය වෙනුවෙන් තම බෙල්ල දිය යුතුය. සොරකම් කරන්නන්ට සොරකම් කිරීමේ ප්රතිවිපාකය ලෙස අපි විපාක දෙනුයේ මෙලෙසය," යැයි පැවසුවෝය.
التفاسير العربية:
فَبَدَاَ بِاَوْعِیَتِهِمْ قَبْلَ وِعَآءِ اَخِیْهِ ثُمَّ اسْتَخْرَجَهَا مِنْ وِّعَآءِ اَخِیْهِ ؕ— كَذٰلِكَ كِدْنَا لِیُوْسُفَ ؕ— مَا كَانَ لِیَاْخُذَ اَخَاهُ فِیْ دِیْنِ الْمَلِكِ اِلَّاۤ اَنْ یَّشَآءَ اللّٰهُ ؕ— نَرْفَعُ دَرَجٰتٍ مَّنْ نَّشَآءُ ؕ— وَفَوْقَ كُلِّ ذِیْ عِلْمٍ عَلِیْمٌ ۟
ඔවුන්ගේ මලු පරීක්ෂා කිරීම සඳහා ඔවුන් රජු වෙත රැගෙන ගියෝය. උපාය මාර්ගය සගවමින් තම එක කුස උපන් සහෝදරයාගේ මල්ල පරීක්ෂා කිරීමට පෙර ඔහුගේ සෙසු සහෝදරයින්ගේ මලු පරීක්ෂා කිරීමට ආරම්භ කළේය. පසුව තම එක කුස උපන් සහෝදරයාගේ මල්ල පරීක්ෂා කළේය. ඉන් රජුගේ මිනුම් භාජනය මතු විය. තම සහෝදරයාගේ මල්ලට මිනුම් භාජනය තබා සැලසුම් කිරීම තුළින් යූසුෆ්ට අපි සමීප වූවාක් මෙන්ම තවත් කරුණක් සම්බන්ධයෙන් ද අපි ඔහුට සමීප වූයෙමු. එනම් එම සොරා ව වහල්භාවයට ගනිමින් ඔවුන්ගේ නගරයේ දඬුවම අනුව ඔහුගේ සහෝදරයින් හසු කර ගැනීමයි. මෙම කරුණ සොරාට රජුගේ දඬුවම අනුව පහර දීම හා දඩ ගෙවීම ක්රියාත්මක කළ ද අල්ලාහ් තවත් සැලැස්මක් අභිමත කළේ නම් මිස එසේ සිදු නොවනු ඇත. ඔහු එයට බලය ඇත්තාය. යූසුෆ්ගේ නිලය අපි උසස් කළාක් මෙන්ම අපගේ ගැත්තන් අතරින් අප අභිමත කරන අයගේ නිලය උසස් කරන්නෙමු. දැනුමැත්තන්ට වඩා ඉහළින් ඔහු දැනුමැත්තෙකි. සියලු මැවීම්හි දැනුමට වඩා සියලු දේ දන්නා අල්ලාහ්ගේ දැනුම ඉහළින් පවතී.
التفاسير العربية:
قَالُوْۤا اِنْ یَّسْرِقْ فَقَدْ سَرَقَ اَخٌ لَّهٗ مِنْ قَبْلُ ۚ— فَاَسَرَّهَا یُوْسُفُ فِیْ نَفْسِهٖ وَلَمْ یُبْدِهَا لَهُمْ ۚ— قَالَ اَنْتُمْ شَرٌّ مَّكَانًا ۚ— وَاللّٰهُ اَعْلَمُ بِمَا تَصِفُوْنَ ۟
යූසුෆ්ගේ සහෝදරයෝ, "ඔහු සොරකම් කර ඇත්නම් පුදුමයක් නොවේ. ඔහු සොරකම් කිරීමට පෙර ඔහුගේ එක කුස උපන් සහෝදරයා ද සොරකම් කර ඇත." යැයි පැවසූහ. ඔවුහු ඉන් අදහස් කළේ යූසුෆ් (අලයිහිස් සලාම්) තුමාවය. නමුත් ඔවුන්ගේ මෙම ප්රකාශය යූසුෆ්ට වේදනා සහගත වුව ද එය ඔවුනට හෙළි නොකර සිත තුළ සඟවා ගත්තේය. ඔහුගේ මනසට ඔවුන් ගැන මෙසේ පවසා ගත්තේය. "නුඹලා කවර නපුරක් සිදු කරමින් හා ක්රෝධ වෙමින් සිටියෙහු ද එය නුඹලාට පෙර සිටම තිබිණ. විශේෂයෙන් මෙම ස්ථානයේ එය නපුරකි. නුඹලා ගැන හෙළි කරන්නට යන නුඹලා ගෙතූ දෑ පිළිබඳ උත්තරීතර අල්ලාහ් මැනවින් දන්නාය."
التفاسير العربية:
قَالُوْا یٰۤاَیُّهَا الْعَزِیْزُ اِنَّ لَهٗۤ اَبًا شَیْخًا كَبِیْرًا فَخُذْ اَحَدَنَا مَكَانَهٗ ۚ— اِنَّا نَرٰىكَ مِنَ الْمُحْسِنِیْنَ ۟
යූසුෆ්ගේ සහෝදරයෝ යූසුෆ්ට, "අහෝ උතුමාණනි! මොහුට වඩාත් ප්රිය කරන වයස්ගත වයෝවෘද්ධ පියකු සිටියි. ඔහු වෙනුවට අප අතරින් කෙනෙකු රඳවා ගන්න. ඔබ අප සමග කටයුතු කිරීමේදී ද ඔබ වෙනත් අය සමග කටයුතු කිරීමේදී ද ඔබ යහපත් ලෙස කටයුතු කරන්නන් අතර කෙනෙකු බව සැබැවින්ම ඔබ ගැන අපි දැන සිටිමු. එහෙයින් මේ සම්බන්ධයෙන් අප වෙත යහපත් ලෙස කටයුතු කරන්නැ" යි පැවසුවෝය.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• جواز الحيلة التي يُتَوصَّل بها لإحقاق الحق، بشرط عدم الإضرار بالغير.
•වෙනත් කෙනෙකුට හිංසාවක් සිදු නොකිරීමේ කොන්දේසිය මත සත්යය තහවුරු කර ගැනීම සඳහා උපාය මාර්ග යෙදීමේ අනුමැතිය.

• يجوز لصاحب الضالة أو الحاجة الضائعة رصد جُعْل «مكافأة» مع تعيين قدره وصفته لمن عاونه على ردها.
•නැති වූ භාණ්ඩය සොයා දෙන්නට උපකාර කරන්නාහට විස්තර කළ නියමිත ප්රමාණයක් තිළිණ වශයෙන් ලබා දීම භාණ්ඩය අහිමි වූ පුද්ගලයාට අනුමැතිය ඇත.

• التغافل عن الأذى والإسرار به في النفس من محاسن الأخلاق.
•හිංසාවන් පිළිබඳ නොසලකා හැරීම හා එය සිත් තුළ යටපත් කර ගැනීම දැහැමි ගුණාංග අතරින් වන්නේය.

قَالَ مَعَاذَ اللّٰهِ اَنْ نَّاْخُذَ اِلَّا مَنْ وَّجَدْنَا مَتَاعَنَا عِنْدَهٗۤ ۙ— اِنَّاۤ اِذًا لَّظٰلِمُوْنَ ۟۠
යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා, "අපරාධකරුවකුගේ වැරද්දට නිර්දෝෂී පුද්ගලයකුට දඬුවම් දීමෙන් අල්ලාහ් අප ආරක්ෂා කරත්වා! එහෙයින් රජුගේ මිනුම් භාජනය කවර මල්ලක තිබුණේ ද ඔහු ව මිස වෙනත් කිසිවකු අපි රඳවා නොගනිමු. සැබැවින්ම එසේ අපි සිදු කළේ නම් අපි නිර්දෝශී කෙනෙකුට දඬුවම් දී වැරදිකරුවකු අතහැර දැමීමෙන් අපරාධකරුවෝ වන්නෙමු යැ" යි පැවසීය.
التفاسير العربية:
فَلَمَّا اسْتَیْـَٔسُوْا مِنْهُ خَلَصُوْا نَجِیًّا ؕ— قَالَ كَبِیْرُهُمْ اَلَمْ تَعْلَمُوْۤا اَنَّ اَبَاكُمْ قَدْ اَخَذَ عَلَیْكُمْ مَّوْثِقًا مِّنَ اللّٰهِ وَمِنْ قَبْلُ مَا فَرَّطْتُّمْ فِیْ یُوْسُفَ ۚ— فَلَنْ اَبْرَحَ الْاَرْضَ حَتّٰی یَاْذَنَ لِیْۤ اَبِیْۤ اَوْ یَحْكُمَ اللّٰهُ لِیْ ۚ— وَهُوَ خَیْرُ الْحٰكِمِیْنَ ۟
ඔවුන්ගේ ඉල්ලීමට යූසුෆ්ගේ පිළිතුරෙන් ගැන සෑහීමට පත්නොවූ කල්හි, සාකච්ඡා කිරීම සඳහා මිනිසුන්ගෙන් වෙන් ව ගියෝය. ඔවුන් අතර සිටි වැඩිමලා, "නුඹලාට වැළැක්විය නොහැකි කරදරයක් නුඹලාට අත්වීමෙන් මිස තම පුතා ඔහු වෙත නුඹලා නැවත ගෙන එන බවට අල්ලාහ්ගෙන් ප්රතිඥාවක් සැබැවින්ම නුඹලාගේ පියා නුඹලා වෙතින් ලබා ඇති බව මම නුඹලාට මතක් කර දෙමි. මීට පෙරද යූසුෆ් විෂයයෙහි නුඹලා කටයුතු කර ඇත. නමුත් නුඹලාගේ පියාට කළ නුඹලාගේ ප්රතිඥා ව ඔහු විෂයෙහි සපුරාලීයේ නැත. මාගේ පියාණන් මට නැවත පැමිණීමට අවසර දෙන තෙක් හෝ මාගේ සහෝදරයාගේ හසුවීම සම්බන්ධයෙන් අල්ලාහ් තීරණයක් දෙන තෙක් මම මිසර දේශය අතහැර එන්නේ නැත. තීරකයන් අතර අල්ලාහ් ශ්රේෂ්ඨ තීරකයාය. ඔහු සාධාරණ ව හා නිවැරදි ව තීන්දු ලබා දෙන්නාය" යැයි කීය.
التفاسير العربية:
اِرْجِعُوْۤا اِلٰۤی اَبِیْكُمْ فَقُوْلُوْا یٰۤاَبَانَاۤ اِنَّ ابْنَكَ سَرَقَ ۚ— وَمَا شَهِدْنَاۤ اِلَّا بِمَا عَلِمْنَا وَمَا كُنَّا لِلْغَیْبِ حٰفِظِیْنَ ۟
තවදුරටත් වැඩිමල් සහෝදරයා, "නුඹලා නුඹලාගේ පියාණන් වෙත නැවත ගොස් ඔහුට මෙසේ පවසනු. සැබැවින්ම ඔබේ පුතා සොරකම් කර ඇත. එබැවින් මිසර දේශයේ බලධාරියා ඔහුට දඬුවමක් වශයෙන් වහල්භාවයට පත් කර ගෙන ඇත. ඔහුගේ මල්ලෙන් එළියට ගත් මිනුම් භාජනය වෙනුවෙන් අපි සාක්ෂි දැරීමේදී අපි දන්නා තොරතුරු හැර වෙනත් කිසිවක් දන්වා නොසිටියෙමු. සැබැවින්ම ඔහු සොරකම් කරන බවට කිසිදු දැනුමක් අපට නොවීය. අපි එය දන්නේ නම් ඔහුව නැවත ගෙන එන බවට අපි ඔබට ප්රතිඥා නොදෙමු." යැයි පවසා සිටියේය.
التفاسير العربية:
وَسْـَٔلِ الْقَرْیَةَ الَّتِیْ كُنَّا فِیْهَا وَالْعِیْرَ الَّتِیْۤ اَقْبَلْنَا فِیْهَا ؕ— وَاِنَّا لَصٰدِقُوْنَ ۟
"අපගේ සත්යතාව තහවුරු කර ගැනීම සඳහා අපගේ පියාණනි! අප සිටි මිසර දේශයේ වැසියන්ගෙන් විමසනු. අප සමග පැමිණි වෙළඳ තවලමේ පිරිසගෙන් විමසනු. අපි කවර කරුණක් ඔබ වෙත දන්වා සිටියේ ද ඒ ගැන තොරතුරු ඔවුහු දන්වා සිටිනු ඇත. ඔහු සොරකම් කළ බවට අපි ඔබට දන්වා සිටි දෑහි සැබෑ ලෙසින්ම අපි සත්යවාදීහු වෙමු."
التفاسير العربية:
قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ اَنْفُسُكُمْ اَمْرًا ؕ— فَصَبْرٌ جَمِیْلٌ ؕ— عَسَی اللّٰهُ اَنْ یَّاْتِیَنِیْ بِهِمْ جَمِیْعًا ؕ— اِنَّهٗ هُوَ الْعَلِیْمُ الْحَكِیْمُ ۟
ඔවුන්ගේ පියාණන් ඔවුනට, "ඔහු සොරකම් කළා යැයි පවසන සිද්ධිය නුඹලා මෙනෙහි කළාක් මෙන් නැත. මීට පෙර ඔහුගේ සහෝදර යූසුෆ්ට කවර කුමන්ත්රණයක් නුඹලා සිදු කළෙහු ද එලෙසම මොහුටද නුඹලා කුමන්ත්රණ කරමින් නුඹලා විසින් නුඹලාටම විචිත්රවත් කර ගෙන ඇත. මාගේ දැක්ම අලංකාර ඉවසීමය. ඔහු විෂයයෙහි අල්ලාහ් වෙත හැර වෙනත් කිසිවෙකු වෙත පැමිණිල නොකරමි. යූසුෆ් සහ ඔහුගේ එක කුස උපන් සහෝදරයා මෙන්ම ඔවුන් දෙදෙනාගේ වැඩමහල් සහෝදරයා යන සියලු දෙනා නැවතත් අල්ලාහ් මා වෙත ලබා දෙනු ඇත. සැබැවින්ම සුවිශුද්ධ අල්ලාහ් මාගේ තත්ත්වය පිළිබඳ මැනවින් දන්නාය. මාගේ කරුණු සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය." යැයි පැවසුවේය.
التفاسير العربية:
وَتَوَلّٰی عَنْهُمْ وَقَالَ یٰۤاَسَفٰی عَلٰی یُوْسُفَ وَابْیَضَّتْ عَیْنٰهُ مِنَ الْحُزْنِ فَهُوَ كَظِیْمٌ ۟
ඔහු ඔවුන්ගෙන් හැරී දුරස් ව ගොස්, "යූසුෆ් මත පවතින මාගේ දුකෙහි දැඩිකම!" යැයි පැවසීය. ඔහු ගැන සිතා දැඩි ලෙස හඬා වැළපුණු හේතුවෙන් ඔහුගේ දෑස්හි කළු පැහැය සුදුමැලි වී තිබිණ. ඔහු දුකින් හා දොම්නසින් පිරී ගියේය. ඔහුගේ ශෝකය ඔහු මිනිසුන්ගෙන් සැඟවිය.
التفاسير العربية:
قَالُوْا تَاللّٰهِ تَفْتَؤُا تَذْكُرُ یُوْسُفَ حَتّٰی تَكُوْنَ حَرَضًا اَوْ تَكُوْنَ مِنَ الْهٰلِكِیْنَ ۟
යූසුෆ්ගේ සහෝදරයෝ තම පියාණන්හට, "අල්ලාහ් මත දිවුරා පවසමු. අපගේ පියාණනි! ඔබ තවමත් දැඩි ලෙස රෝගාභාදයට ලක්වන තෙක් හෝ එම ක්රියාවෙන් ඔබ විනාශ වී යන තෙක්ම ඔබ යූසුෆ් ගැන මතක් කරමින් සිටින්නෙහිය. ඔහු ගැන වැලපෙන්නෙහිය." යැයි පැවසීය.
التفاسير العربية:
قَالَ اِنَّمَاۤ اَشْكُوْا بَثِّیْ وَحُزْنِیْۤ اِلَی اللّٰهِ وَاَعْلَمُ مِنَ اللّٰهِ مَا لَا تَعْلَمُوْنَ ۟
ඔවුන්ගේ පියාණන් ඔවුනට, "මට අත් වූ දුක හා ශෝකය අල්ලාහ් වෙත පමණක් මිස වෙනත් කිසිවෙකු වෙත පැමිණිලි නොකරමි. අල්ලාහ්ගේ සෙනෙහස, ඔහුගේ උපකාරය, අසරණකමින් පිහිට පතන්නාහට ඔහුගේ ප්රතිචාරය හා ඇතිවන පරීක්ෂණ සඳහා ඔහු ලබා දෙන ප්රතිඵල යනාදී ලෙසින් නුඹලා නොදන්නා දෑ මම දනිමි." යැයි පැවසීය.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• لا يجوز أخذ بريء بجريرة غيره، فلا يؤخذ مكان المجرم شخص آخر.
•වෙනත් කිසිවකුගේ වැරුද්දක් සඳහා නිරපරාධියෙකු වරදකරුවෙකු බවට පත් කිරීම නුසුදුසු ය. එමෙන්ම වැරදි කරුවාගේ ස්ථානය වෙනත් අයකු විසින් නොගත යුතුය.

• الصبر الجميل هو ما كانت فيه الشكوى لله تعالى وحده.
•අලංකාර ඉවසීම යනු එහි තිබිය යුත්තේ උත්තරීතර අල්ලාහ්ට පමණක් පැමිණිලි කිරීමකි.

• على المؤمن أن يكون على تمام يقين بأن الله تعالى يفرج كربه.
• තමන්ට අත් වූ උවදුර අල්ලාහ් සැබැවින්ම ඉවත් කරනු ඇතැයි යන පූර්ණ විශ්වාසය මත පිහිටීම දේව විශ්වාසියා සතු යුතුකමකි.

یٰبَنِیَّ اذْهَبُوْا فَتَحَسَّسُوْا مِنْ یُّوْسُفَ وَاَخِیْهِ وَلَا تَایْـَٔسُوْا مِنْ رَّوْحِ اللّٰهِ ؕ— اِنَّهٗ لَا یَایْـَٔسُ مِنْ رَّوْحِ اللّٰهِ اِلَّا الْقَوْمُ الْكٰفِرُوْنَ ۟
ඔවුන්ගේ පියාණන් ඔවුනට, "අහෝ මාගේ දරුවනි! නුඹලා ගොස් යූසුෆ් හා ඔහුගේ සහෝදරයා ගැන තොරතුරු දැනගෙන එනු. අල්ලාහ් තම ගැත්තන් හට ලබා දෙන සහනය ගැන හා ගැලවීම ගැන බලාපොරොත්තු සුන් කර නොගනු. එසේ ඔහුගේ සහනය හා ගැලවීම ගැන බලපොරොත්තු සුන් කර ගනුයේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් පමණි. ඊට හේතුව අල්ලාහ්ගේ ශක්තියේ තරම හා ඔහු තම ගැත්තන්හට පිරිනමා ඇති භාග්යයේ රහස සැබැවින්ම ඔවුන් නොදන්නා බැවිණි." යැයි කීය.
التفاسير العربية:
فَلَمَّا دَخَلُوْا عَلَیْهِ قَالُوْا یٰۤاَیُّهَا الْعَزِیْزُ مَسَّنَا وَاَهْلَنَا الضُّرُّ وَجِئْنَا بِبِضَاعَةٍ مُّزْجٰىةٍ فَاَوْفِ لَنَا الْكَیْلَ وَتَصَدَّقْ عَلَیْنَا ؕ— اِنَّ اللّٰهَ یَجْزِی الْمُتَصَدِّقِیْنَ ۟
ඔවුන්ගේ පියාණන්ගේ නියෝගය ඔවුහු පිළිපැද්දාහ. යූසුෆ් හා ඔහුගේ සහෝදරයා සොයා පිටත් ව ගියහ. ඔවුහු යූසුෆ් වෙත ගිය කල්හි, ඔවුහු ඔහුට, "දිළිඳුකම හා දුෂ්කරතාව අපහට අත්විණ. නොවටිනා සුළු භාණ්ඩ ප්රමාණයක් ගෙන ආවෙමු. මීට පෙර අපට ඔබ කිරා දුන්නාක් මෙන් පූර්ණ ලෙස කිරා දෙනු. හැකිනම් ඊට වඩා අමතර දෙයකින් හෝ මෙම අල්ප භාණ්ඩ නොසළකා හැරීමෙන් අපහට දන් දෙනු. සැබැවින්ම අල්ලාහ් එසේ දන් දෙන්නන්හට යහපත් ප්රතිඵල පිරිනමනු ඇත."යැයි කීහ.
التفاسير العربية:
قَالَ هَلْ عَلِمْتُمْ مَّا فَعَلْتُمْ بِیُوْسُفَ وَاَخِیْهِ اِذْ اَنْتُمْ جٰهِلُوْنَ ۟
ඔවුන්ගේ කතාවට ඔහු සවන් දුන් කල්හි ඔවුන් කෙරෙහි කරුණාවක් ඔහුට ඇති විය. තමන් ගැන ඔහු ඔවුනට හඳුන්වා දෙමින් ඔහු ඔවුනට, "යූසුෆ් හා ඔහුගේ එක කුස උපන් සහෝදරයාට නුඹලා සිදු කළ දෑ දෑහි අවසානය ගැන නුඹලා නොදැන සිටියදී ඔවුන් දෙදෙනාට නුඹලා සිදු කළ දෑ ගැන සැබැවින්ම නුඹලා මැනවින් දන්නෙහුය." යැයි පැවසීය.
التفاسير العربية:
قَالُوْۤا ءَاِنَّكَ لَاَنْتَ یُوْسُفُ ؕ— قَالَ اَنَا یُوْسُفُ وَهٰذَاۤ اَخِیْ ؗ— قَدْ مَنَّ اللّٰهُ عَلَیْنَا ؕ— اِنَّهٗ مَنْ یَّتَّقِ وَیَصْبِرْ فَاِنَّ اللّٰهَ لَا یُضِیْعُ اَجْرَ الْمُحْسِنِیْنَ ۟
ඔවුන් තිගැස්සී ගොස් "සැබැවින්ම ඔබ ද යූසුෆ්?" යැයි විමසා සිටියහ. යූසුෆ් තුමා ඔවුනට, "එසේය, මමයි යූසුෆ්. මා සමග නුඹලා දකින මොහු මාගේ එක කුස උපන් සහෝදරයාය. අප කවර විෂයක සිටියේ ද ඉන් මුදවා අපගේ ඉරණම උසස් කරමින් අප වෙත අල්ලාහ් ආශිර්වාද කර ඇත. සැබැවින්ම කවරෙකු අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ සවිඥානකත්වයෙන් කටයුතු කර දුෂ්කරතා මත ඉවසා කටයුතු කරන්නේද සැබැවින්ම ඔහුගේ ක්රියාව දැහැමි වේ. දැහැමියන්ගේ ප්රතිඵල අල්ලාහ් නිශ්ඵල කරන්නේ නැත. ඔහු එය ඔවුන් වෙනුවෙන් ආරක්ෂා කර තබනු ඇත." යැයි පැවසීය.
التفاسير العربية:
قَالُوْا تَاللّٰهِ لَقَدْ اٰثَرَكَ اللّٰهُ عَلَیْنَا وَاِنْ كُنَّا لَخٰطِـِٕیْنَ ۟
ඔහුගේ සහෝදරයෝ ඔහුට ඔවුන් සිදු කළ දෑ ගැන නිදහසට කරුණු දක්වමින් මෙසේ පැවසීය. "අල්ලාහ් මත දිවුරා පවසමු. පූර්ණ ගුණාංග අල්ලාහ් නුඹට ලබා දීමෙන් අපට වඩා ඔහු ඔබට ආශිර්වාද කර ඇත. ඔබට අප සිදු කළ දෑහි අපි නපුරු අපාරධකාරියන් වූයෙමු." යැයි පැවසූහ.
التفاسير العربية:
قَالَ لَا تَثْرِیْبَ عَلَیْكُمُ الْیَوْمَ ؕ— یَغْفِرُ اللّٰهُ لَكُمْ ؗ— وَهُوَ اَرْحَمُ الرّٰحِمِیْنَ ۟
ඔවුන්ගේ නිදහසට කරුණු දැක්වීම යූසුෆ් පිළිගෙන, "අද දින නුඹලාට දඬුවම නියමවන පරිදි නුඹලා වෙත කිසිදු දොසක් හෝ හෙළා දැකීමක් හෝ නැත. නුඹලාට සමාව දානය කරන මෙන් මම අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිමි. ඔහු සුවිශුද්ධය. කරුණාවන්තයින් අතර සිටින මහා කාරුණිකය." යි පැවසීය.
التفاسير العربية:
اِذْهَبُوْا بِقَمِیْصِیْ هٰذَا فَاَلْقُوْهُ عَلٰی وَجْهِ اَبِیْ یَاْتِ بَصِیْرًا ۚ— وَاْتُوْنِیْ بِاَهْلِكُمْ اَجْمَعِیْنَ ۟۠
පසුව තම පියාගේ ඇස් පෙනීම තමන් වෙත හැරී ඇති බව ඔවුහු ඔහුට දන්වා සිටි බැවින් ඔහුගේ කමිසය ඔවුනට පිරිනමා: "නුඹලා මේ මාගේ කමිසය රැගෙන ගොස්, මාගේ පියාගේ මුහුනට දමන්න. ඔහුට නැවතත් ඔහුගේ බැල්ම හිමිවනු ඇත. එමෙන්ම නුඹලාගේ පවුල්වල සාමාජිකයින් සියලු දෙනා මා වෙත රැගෙන එන්න" යැයි පැවසීය.
التفاسير العربية:
وَلَمَّا فَصَلَتِ الْعِیْرُ قَالَ اَبُوْهُمْ اِنِّیْ لَاَجِدُ رِیْحَ یُوْسُفَ لَوْلَاۤ اَنْ تُفَنِّدُوْنِ ۟
එම වෙළඳ නඩය මිසර දේශයෙන් හැරී පිටත් ව එම දේශ සීමාවෙන් වෙන් ව ගිය කල්හි, යඃකූබ් (අලයිහිස් සලාම්) තුමා තම දරුවන් හා එම දේශයේ වෙසෙන තමන් අසළ සිටින්නන් අමතා, "සැබැවින්ම යූසුෆ්ගේ සුවඳ මට දැනෙයි. සැබැවින්ම නුඹලා ‘මොහු වයස්ගත මහල්ලෙකි. ඔහු නොදන්නා දෑ පවසයි’ යැයි නුඹලා පවසමින් මා වයස්ගත හේතුවෙන් බුද්ධිහීනතාව මට ආරෝපණය නොකරන්නෙහු ද මා අඥානයෙකු යැයි නොපවසන්නෙහු ද?" යැයි විමසීය.
التفاسير العربية:
قَالُوْا تَاللّٰهِ اِنَّكَ لَفِیْ ضَلٰلِكَ الْقَدِیْمِ ۟
ඔහු ළඟ සිටි ඔහුගේ දරුවන්ගෙන් කෙනෙකු, "අල්ලාහ් මත දිවුරා පවසමි. යූසුෆ් ගැන වූ ඔබේ පෙර ස්ථාවරයෙහි හා ඔහුව දෙවැනි වරට දැකිය හැකිවනු ඇතැයි යන ඔබේ පෙර සැකයෙහි ඔබ තවමත් සිටින්නෙහිය" යැයි පැවසීය.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• عظم معرفة يعقوب عليه السلام بالله حيث لم يتغير حسن ظنه رغم توالي المصائب ومرور السنين.
•වසර ගණනාවක් ගත වුව ද, එකදිගට පරීක්ෂණවලට මුහුණ දුන්න ද, යඃකූබ් අලයිහිස් සලාම් තුමාගේ නොවෙනස් අල්ලාහ් පිළිබඳ ඇති කරගත් අවබෝධයේ ඉමහත්භාවය.

• من خلق المعتذر الصادق أن يطلب التوبة من الله، ويعترف على نفسه ويطلب الصفح ممن تضرر منه.
•අල්ලාහ්ගෙන් පාපක්ෂමාව අයැ ද සිටීමත්, වරද පිළිගැනීමත්, තමන් විසින් හිංසාවක් සිදු වූ තැනැත්තාගෙන් ඒ සඳහා සමාව අයැද සිටීමත්, සැබෑ ලෙස නිදහසට කරුණු දක්වන්නන්ගේ ගුණාංගයකි.

• بالتقوى والصبر تنال أعظم الدرجات في الدنيا وفي الآخرة.
•තක්වා නොහොත් දේව සවිඥානකත්වය හා ඉවසීම තුළින් මෙලොව හා මතුලොව උසස් නිලයන් හිමි කර ගනී.

• قبول اعتذار المسيء وترك الانتقام، خاصة عند التمكن منه، وترك تأنيبه على ما سلف منه.
•වැරදිකරු විසින් නිදහසට කරුණු දැක්වීම, පළිගැනීම හා පළිගැනීමේ චේතනාව අතහැර දැමීම. විශේෂයෙන් ඔහුට ඒ සඳහා අවස්ථාවක් ඇති වී විටෙක, එමෙන්ම පෙර සිදු වූ දෑ ඔහු වෙත ආරෝපණය කිරීම අතහැර දැමීම.

فَلَمَّاۤ اَنْ جَآءَ الْبَشِیْرُ اَلْقٰىهُ عَلٰی وَجْهِهٖ فَارْتَدَّ بَصِیْرًا ۚؕ— قَالَ اَلَمْ اَقُلْ لَّكُمْ ۚ— اِنِّیْۤ اَعْلَمُ مِنَ اللّٰهِ مَا لَا تَعْلَمُوْنَ ۟
යඃකූබ් සතුටට පත් කරවන ශුභාරංචිය ගෙන ආ පුද්ගලයා පැමිණි කල්හි යූසුෆ්ගේ කමිසය ඔහුගේ මුහුණ මත දැමීය. එවිට ඔහුට පෙනුම ලැබිණ. ඒ අවස්ථාවේ ඔහු තම දරුවන් අමතා, “නුඹලා නොදැන සිටි අල්ලාහ්ගේ කරුණාව හා ඔහුගේ උපකාරය පිළිබඳ සැබැවින්ම මා දන්නා බව මම නුඹලාට නොපැවසුවෙම්දැ?"යි විමසා සිටියේය.
التفاسير العربية:
قَالُوْا یٰۤاَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوْبَنَاۤ اِنَّا كُنَّا خٰطِـِٕیْنَ ۟
යඃකූබ් (අලයිහිස් සලාම්) තුමාගේ දරුවන් යූසුෆ් හා ඔහුගේ සහෝදරයාට තමන් සිදු කළ දෑට එතුමාගෙන් සමාව අයැද සිටිමින්, "අහෝ අපගේ පියාණනි! අපගේ පෙර පව්වලට අල්ලාහ්ගෙන් සමාව අයැද සිටින්න. යූසුෆ්ට හා ඔහුගේ එක කුස උපන් සහෝදරයාට සිදු කළ දෑහි අපි නපුරු පාපතරයින් වූයෙමු" යැයි පවසා සිටියහ.
التفاسير العربية:
قَالَ سَوْفَ اَسْتَغْفِرُ لَكُمْ رَبِّیْ ؕ— اِنَّهٗ هُوَ الْغَفُوْرُ الرَّحِیْمُ ۟
ඔවුන්ගේ පියාණන් ඔවුනට, "නුඹලා වෙනුවෙන් මම මාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිමි. සැබැවින්ම ඔහුගේ ගැත්තන් අතරින් ඔහුගෙන් සමාව ඉල්ලා ඔහු වෙත නැඹුරු වන අයගේ පව්වලට ඔහු අතිශයින්ම සමාව දෙන්නාය. එමෙන්ම ඔවුන් කෙරෙහි මහා කාරුණිකය."යැයි කීහ.
التفاسير العربية:
فَلَمَّا دَخَلُوْا عَلٰی یُوْسُفَ اٰوٰۤی اِلَیْهِ اَبَوَیْهِ وَقَالَ ادْخُلُوْا مِصْرَ اِنْ شَآءَ اللّٰهُ اٰمِنِیْنَ ۟ؕ
යඃකූබ් තුමාණන් හා ඔහුගේ පවුලේ උදවිය ඔවුන්ගේ දේශයෙන් පිටත් ව මිසර දේශයේ සිටින යූසුෆ්ව අපේක්ෂාවෙන් ගමන් ගත්තෝය. ඔවුහු ඔහු වෙත ප්රවේශ වූ කල්හි ඔහුගේ පියාණන් හා මෑණියන් ඔහු ව වැළඳ ගත්හ. ඔහුගේ සහෝදරයින් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට, "අල්ලාහ්ගේ අභිමතය පරිදි මිසර දේශයට නුඹලා සුරක්ෂිත ව පිවිසෙනු. නුඹලාට කිසිදු උවදුරක් ඇති නොවන්නේය." යැයි පැවසීය.
التفاسير العربية:
وَرَفَعَ اَبَوَیْهِ عَلَی الْعَرْشِ وَخَرُّوْا لَهٗ سُجَّدًا ۚ— وَقَالَ یٰۤاَبَتِ هٰذَا تَاْوِیْلُ رُءْیَایَ مِنْ قَبْلُ ؗ— قَدْ جَعَلَهَا رَبِّیْ حَقًّا ؕ— وَقَدْ اَحْسَنَ بِیْۤ اِذْ اَخْرَجَنِیْ مِنَ السِّجْنِ وَجَآءَ بِكُمْ مِّنَ الْبَدْوِ مِنْ بَعْدِ اَنْ نَّزَغَ الشَّیْطٰنُ بَیْنِیْ وَبَیْنَ اِخْوَتِیْ ؕ— اِنَّ رَبِّیْ لَطِیْفٌ لِّمَا یَشَآءُ ؕ— اِنَّهٗ هُوَ الْعَلِیْمُ الْحَكِیْمُ ۟
ඔහු වාඩිවන ආසනයේ ඔහුගේ දෙමව්පියන් වාඩි කරවීය. තම දෙමාපියන් හා තම සහෝදරයින් එකොළොස් දෙනා නැමදුමක් ලෙස නොව ගරු කිරීමක් ලෙස හිස නමා ආචාර කළේය. සිහිනයේ දුටු පරිදි අල්ලාහ්ගේ නියමය සනාථ විය. එහෙයින් යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා, තම පියාණන්ට, “ඔබ සැම මට හිසනමා ආචාර කිරීමේ සිද්ධිය මම ඔබට පවසා සිටි මා දුටු සිහිනයේ පලාපලයි. මාගේ පරමාධිපති එම සිදුවීම යථාර්ථයක් බවට පත් කළේය. මාගේ පරමාධිපති මා සිරගෙයින් බැහැර කළ අවස්ථාවේත්, මා අතර හා මාගේ සහෝදරයින් අතර ෂෙයිතාන් ප්රචණ්ඩත්වය ඇති කිරීමෙන් පසු නුඹලා ගමින් පැමිණි අවස්ථාවේත්, ඔහු මා වෙත උපකාර කළේය. සැබැවින්ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන දෑ සැලසුම් කිරීමෙහි ඉතා සූක්ෂමය. සැබැවින්ම ඔහුගේ ගැත්තන්ගේ තත්ත්වයන් ගැන සර්වඥානීය. ඔහු සැලසුම් කිරීමෙහි මහා ප්රඥාවන්තය" යැයි පැවසීය.
التفاسير العربية:
رَبِّ قَدْ اٰتَیْتَنِیْ مِنَ الْمُلْكِ وَعَلَّمْتَنِیْ مِنْ تَاْوِیْلِ الْاَحَادِیْثِ ۚ— فَاطِرَ السَّمٰوٰتِ وَالْاَرْضِ ۫— اَنْتَ وَلِیّٖ فِی الدُّنْیَا وَالْاٰخِرَةِ ۚ— تَوَفَّنِیْ مُسْلِمًا وَّاَلْحِقْنِیْ بِالصّٰلِحِیْنَ ۟
පසුව යූසුෆ් තම පරමාධිපතිට ප්රාර්ථනා කරමින්, "මාගේ පරමාධිපතියාණෙනි! මිසර දේශයේ පාලනය සැබැවින්ම ඔබ මට පිරිනමා ඇත. සිහිනවලට පලාපල කීමේ දැනුම ද ඔබ මට උගන්වා ඇත. අහෝ අහස් හා මහපොළොවේ මැවුම් කරුවාණනි! කිසිදු පූර්වාදර්ශයකින් තොරව ඒ දෙකෙහි ඇති දෑ උත්පාදනය කළවුනි! මාගේ ජීවිතයේ ඇති මාගේ සියලුම කටයුතුවල භාරකරු ඔබය. එමෙන්ම මතුලොවෙහි ඒ සියල්ලෙහි භාරකරු ද ඔබ ය. මාගේ ආයු කාලය අවසන් වන විට ඔබට අවනත වන මුස්ලිම්වරයකු ලෙස මාගේ ප්රාණය අත්පත් කර ගනු මැනව. ෆිර්දවුස් නම් උසස් ස්වර්ගයේ සිටින මාගේ මුතුන් මිත්තන් අතර හා මුතුන් මිත්තන් නොවන අය අතර සිටි දැහැමි නබිවරුන් සමග මා ද සේන්දු කරනු මැනව!" යැයි පවසා සිටියේය.
التفاسير العربية:
ذٰلِكَ مِنْ اَنْۢبَآءِ الْغَیْبِ نُوْحِیْهِ اِلَیْكَ ۚ— وَمَا كُنْتَ لَدَیْهِمْ اِذْ اَجْمَعُوْۤا اَمْرَهُمْ وَهُمْ یَمْكُرُوْنَ ۟
අහෝ දූතය! අපි ඔබට දන්වා සිටි යූසුෆ් හා ඔහුගේ සහෝදරයින් පිළිබඳ මෙම කතා වස්තුව මීට පෙර ඔබ නොදැන සිටියෙහිය. යූසුෆ්ගේ සහෝදරයින් ඔහුව ළිං පතුළට හෙළන්නට අධිෂ්ඨාන කර ගනිමින් ඔවුන් කූට ලෙස කුමන්ත්රණයක් දියත් කළ අවස්ථාවේ නුඹ ඔවුන් අසළ නොවීය. නමුත් අපි එය නුඹ වෙත දන්වා සිටියෙමු.
التفاسير العربية:
وَمَاۤ اَكْثَرُ النَّاسِ وَلَوْ حَرَصْتَ بِمُؤْمِنِیْنَ ۟
අහෝ දූතය! ජනයා විශ්වාසීන් බවට පත් කිරීම සඳහා ඔබ කොතරම් වෙහෙසක් දැරුව ද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා විශ්වාස කරන්නන් නොවෙති. එහෙයින් ඔවුන් ගැන කණගාටු නොවන්න.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• بر الوالدين وتبجيلهما وتكريمهما واجب، ومن ذلك المسارعة بالبشارة لهما فيما يدخل السرور عليهما.
•දෙමාපියන්ට උවටැන් කිරීම ඔවුන් දෙපළට ගරු කිරීම හා ඔවුන් දෙපළට උපකාර කිරීම අනිවාර්ය වේ. ඔවුන් දෙදෙනාට සතුට ගෙන දෙන පරිදි ශුභාරංචි එක් කිරීම එම වෑයම් අතරින් එකකි.

• التحذير من نزغ الشيطان، ومن الذي يسعى بالوقيعة بين الأحباب؛ ليفرق بينهم.
•ෂෙයිතාන්ගේ විකාර අර්බුධයන්ගෙන් ප්රවේශම් වීම හා සෙනෙහෙවතුන් අතර වෙන් කිරීම සඳහා ඔවුන් අතර විවිධ සිදුවීම් ඇති කරන්නන්ගෙන් ප්රවේශම් වීම.

• مهما ارتفع العبد في دينه أو دنياه فإنَّ ذلك كله مرجعه إلى تفضّل الله تعالى وإنعامه عليه.
•ගැත්තකු ඔහුගේ දහම් කටයුතුවලදී මෙන්ම ලෞකික කටයුතුවලදී කොතරම් උසස් වුව ද ඒ සියල්ලෙහි ප්රභවය උත්තරීතර අල්ලාහ්ගේ භාග්යය හා ඔහු එම ගැත්තා වෙත පිරිනමා ඇති ඔහුගේ ආශිර්වාදය වෙත යොමු වේ.

• سؤال الله حسن الخاتمة والسلامة والفوز يوم القيامة والالتحاق برفقة الصالحين في الجنان.
•යහපත් අවසානයක් උදා කර දෙන මෙන් ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජයග්රහණය ලබා දෙන මෙන් ද උසස් ස්වර්ගයේ සමීප දැහැමියන් සමග සේන්දු කරවන මෙන් ද අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කිරීම.

• من فضل الله تعالى أنه يُطْلع أنبياءه على بعض من أمور الغيب لغايات وحكم.
•යම් කිසි ප්රඥාවක් හා ඉලක්කයක් සඳහා ගුප්ත කරුණු අතරින් කරුණු කිහිපයක් ඔහුගේ නබිවරුන්ට දැක ගන්නට සැළැස්වීම අල්ලාහ්ගේ භාග්යයෙන් එකකි.

وَمَا تَسْـَٔلُهُمْ عَلَیْهِ مِنْ اَجْرٍ ؕ— اِنْ هُوَ اِلَّا ذِكْرٌ لِّلْعٰلَمِیْنَ ۟۠
මේ බව ඔවුන් වටහා ගත්තේ නම් ඔවුහු ඔබව විශ්වාස කරනු ඇත. ඊට හේතුව අහෝ දූතය! අල් කුර්ආනය වෙනුවෙන් හා ඒ වෙත ඔබ ඔවුන් ඇරයුම් කිරීම වෙනුවෙන් කිසිදු තිළිණයක් ඔබ ඉල්ලා නොසිටි බැවිණි. අල් කුර්ආනය සමස්ත මිනිස් වර්ගයාටම මෙනෙහි කිරීමක් මිස නැත.
التفاسير العربية:
وَكَاَیِّنْ مِّنْ اٰیَةٍ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ یَمُرُّوْنَ عَلَیْهَا وَهُمْ عَنْهَا مُعْرِضُوْنَ ۟
අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන සාධක බොහෝමයක් අහස්හි හා මහපොළොවේ ස්ථාපිත ව ඇත. ඔවුහු ඒ ගැන කල්පනාවෙන් තොර ව ඒ මත ගමන් කරති. ඒ ගැන සැලකිලිමත් වීමට ප්රතික්ෂේප කරති. ඒ දෙස හැරී නොබලති.
التفاسير العربية:
وَمَا یُؤْمِنُ اَكْثَرُهُمْ بِاللّٰهِ اِلَّا وَهُمْ مُّشْرِكُوْنَ ۟
සැබැවින්ම මැවුම්කරු, පෝෂක මෙන්ම ජීවත් කරවන්නා හා මරණයට පත් කරවන්නා අල්ලාහ් බව ජනයා අතරින් බහුතරයක් දෙනා විශ්වාස නොකරති. නමුත් ඔවුහු එසේ තිබිය දී ඔහු නොවන දෑ ඔහු සමග හවුල් කරමින් ගල් හා පිළිමවලට වන්දනාමාන කරති. සුවිශුද්ධ ඔහුට දරුවකු ඇති බව වාද කරති.
التفاسير العربية:
اَفَاَمِنُوْۤا اَنْ تَاْتِیَهُمْ غَاشِیَةٌ مِّنْ عَذَابِ اللّٰهِ اَوْ تَاْتِیَهُمُ السَّاعَةُ بَغْتَةً وَّهُمْ لَا یَشْعُرُوْنَ ۟
ඔවුන් වෙළා ගන්නා හා ආවරණය කරන දඬුවමක් මෙලොවෙහි ඔවුනට පැමිණීම ගැන මෙම ආදේශකයින් සුරක්ෂිත ද? එය වැළැක්වීමට ඔවුහු ශක්තිය නොදරති. එසේ නැතිනම් නොසිතූ අවස්ථාවක අවසන් හෝරාව පැමිණීම ගැන ඔවුන් සුරක්ෂිත ද? එය පැමිණීමෙන් ඔවුහු දැහැමි ලෙස කටයුතු නොකරති. ඒ සඳහා ඔවුහු සූදානම් ද නැත. එහෙයින් ඔවුහු විශ්වාස නොකරති.
التفاسير العربية:
قُلْ هٰذِهٖ سَبِیْلِیْۤ اَدْعُوْۤا اِلَی اللّٰهِ ؔ۫— عَلٰی بَصِیْرَةٍ اَنَا وَمَنِ اتَّبَعَنِیْ ؕ— وَسُبْحٰنَ اللّٰهِ وَمَاۤ اَنَا مِنَ الْمُشْرِكِیْنَ ۟
අහෝ දූතය! ඒ ගැන වාද කරන්නන්හට නුඹ මෙසේ පවසනු. "මා ජනයා ඇරයුම් කර සිටින මාගේ මාර්ගය මෙයයි. මා පැහැදිලි සාධක මත පදනම්ව ඒ වෙත ඇරයුම් කරමි. මා අනුගමනය කරන්නන් ද ඒ වෙත ඇරයුම් කරනු ලබති. මාගේ මගපෙන්වීමෙන් මග ලබති, මාගේ චර්යාවෙන් ආදර්ශයන් ලබති. අල්ලාහ්ගේ කීර්තියට නොගැළපෙන, ඔහුගේ පූර්ණභාවයට විරුද්ධ කරුණු ඔහු වෙත සම්බන්ධ කරනු ලැබීමෙන් ඔහු සුවිශුද්ධය. මම අල්ලාහ්ට ආදේශ කරන්නන් අතරින් නොවෙමි. සුවිශුද්ධ ඔහුට පමණක් ඒකීයත්වය පුදන්නන් අතරින් මම ද කෙනෙකු වෙමි.
التفاسير العربية:
وَمَاۤ اَرْسَلْنَا مِنْ قَبْلِكَ اِلَّا رِجَالًا نُّوْحِیْۤ اِلَیْهِمْ مِّنْ اَهْلِ الْقُرٰی ؕ— اَفَلَمْ یَسِیْرُوْا فِی الْاَرْضِ فَیَنْظُرُوْا كَیْفَ كَانَ عَاقِبَةُ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ ؕ— وَلَدَارُ الْاٰخِرَةِ خَیْرٌ لِّلَّذِیْنَ اتَّقَوْا ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟
අහෝ දූතය! නුඹට පෙර මානව වර්ගයා අතරින් පිරිමි පාර්ශවය මිස වෙන කිසිවකු ධර්ම දූත මෙහෙය සඳහා අපි නොඑව්වෙමු. ඒ සඳහා මලක්වරුන් පවා නොඑව්වෙමු. අප නුඹ වෙත දේව පණිවිඩ දන්වා සිටියාක් මෙන්ම ඔවුනට ද අපි දේව පණිවිඩ දන්වා සිටියෙමු. එය නගරවාසීන් වෙතය. ගම්වාසීන් වෙත නොවීය. නමුත් ඔවුන්ගේ සමූහයා ඔවුන් බොරු කළෝය. එහෙයින් අපි එම නගර විනාශ කළෙමු. එහෙයින් ඔබ ව බොරු කරන්නන් එම දේශයන් අතර සැරිසරා ඔවුනට පෙර සිටි නබිවරුන් බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැයි කල්පනා කර බලා පාඩම් ලැබිය යුතු නොවේ ද? අල්ලාහ් පිළිබඳ සවිඥානකත්වයෙන් පසුවන්නන්හට මතුලොවෙහි ඇති සුවපහසුකම් මෙලොව ඇති දෑට වඩා උතුම්ය. එය ශ්රේෂ්ට බව නුඹලා වටහා ගෙන අල්ලාහ් නියෝග කළ දෑ පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී කටයුතු කළ යුතු නොවේද? අල්ලාහ් නියෝග කළ දැයින් අතිමහත් වන්නේ දේව විශ්වාසයයි. ඔහු තහනම් කළ දැයින් බරපතළ වන්නේ ෂිර්ක් හෙවත් අල්ලාහ්ට ආදේශ කිරීමයි.
التفاسير العربية:
حَتّٰۤی اِذَا اسْتَیْـَٔسَ الرُّسُلُ وَظَنُّوْۤا اَنَّهُمْ قَدْ كُذِبُوْا جَآءَهُمْ نَصْرُنَا ۙ— فَنُجِّیَ مَنْ نَّشَآءُ ؕ— وَلَا یُرَدُّ بَاْسُنَا عَنِ الْقَوْمِ الْمُجْرِمِیْنَ ۟
අපි එවූ දූතරවරු මොවුන්ය. ඔවුන්ගේ සතුරන්ට අපි අවකාශය දුනිමු. එකවර ඔවුනට දඬුවම ඉක්මන් නොකළෙමු. ඔවුන්ගේ දඬුවම ප්රමාද කර පියවරෙන් පියවර ඔවුන් හසු කළෙමු. ඔවුන්ගේ විනාශය හේතුවෙන් දූතවරු ආයාසයට පත් විය. බොරු කරන්නන්හට කවර දඬුවමක් ඇත්තේ දැයි ද දේව විශ්වාසීන් හට කවර ජයග්රහණයක් ඇත්තේ දැය ද වාද කරමින් සිටි ඔවුන්ගේ දූතවරු ඔවුනට බොරු පවසා ඇතැයි දේව ප්රතික්ෂක ජනයා සිතුවෝය. අපගේ උපකාරය අපගේ දූතවරුන් වෙත පැමිණියේය. බොරු කරන්නන්හට සිදු වූ විනාශයෙන් එම රසූල්වරයා හා දේව විශ්වාසීන් අපි මුදවා ගත්තෙමු. අපරාධකාර ජනයාට අපි දඬුවමක් පහළ කරන මොහොතේ අපගේ දඬුවමින් ඔවුන් වළක්වන්නට කිසිවකු සමත් වන්නේ නැත.
التفاسير العربية:
لَقَدْ كَانَ فِیْ قَصَصِهِمْ عِبْرَةٌ لِّاُولِی الْاَلْبَابِ ؕ— مَا كَانَ حَدِیْثًا یُّفْتَرٰی وَلٰكِنْ تَصْدِیْقَ الَّذِیْ بَیْنَ یَدَیْهِ وَتَفْصِیْلَ كُلِّ شَیْءٍ وَّهُدًی وَّرَحْمَةً لِّقَوْمٍ یُّؤْمِنُوْنَ ۟۠
දූතවරුන්ගේ කථා වස්තුවලද ඔවුන්ගේ සමූහයන් පිළිබඳ කථා වස්තුවලද යූසුෆ් හා ඔහුගේ සහෝදරයින්ගේ කතා වස්තුවලද එමගින් උපදෙස් ලබන මනා බුද්ධියක් ඇත්තන් හට උපදෙසක් ඇත. ඒ පිළිබඳ අල් කුර්ආනයේ අන්තර්ගතව ඇති දෑ අල්ලාහ් කෙරෙහි ගොතන ලද බොරු කතාවක් නොවේ. නමුත් අල්ලාහ් වෙතින් පහළ කරන ලද දිව්යමය පුස්තක තහවුරු කරන්නක් විය. නීති හා ආගමික කටයුතු පැහිදිලි කිරීමට අවශ්ය සියලු දෑ විස්තර කරන්නක් විය. සියලු යහපත් දෑ වෙත මගපෙන්වීමක් විය. ඔහු ව විශ්වාස කරන ජනයාට ආශිර්වාදයක් ද විය. ඔවුහු එහි ඇති දැයින් ප්රයෝජන ලබති.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• أن الداعية لا يملك تصريف قلوب العباد وحملها على الطاعات، وأن أكثر الخلق ليسوا من أهل الهداية.
•සැබැවින්ම යහමගට ඇරයුම් කරන්නා ගැත්තන්ගේ හදවත් වෙනස් කිරීමට හෝ ඒවා අවනත වීමට සැලැස්වීමට හෝ කිසිදු අයිතියක් නැත. මැවීම් අතරින් බොහෝ දෙනා යහ මග ලබන්නන් නොවෙති.

• ذم المعرضين عن آيات الله الكونية ودلائل توحيده المبثوثة في صفحات الكون.
•අල්ලාහ්ගේ ඒකීයත්වය තහවුරු කරන පරිදි විශ්වය තුළ ස්ථාපිත අල්ලාහ්ගේ භෞතික සාධක හා සාක්ෂි පිටු දකින්නන්හට හිමි අවමානය.

• شملت هذه الآية ﴿ قُل هَذِهِ سَبِيلِي...﴾ ذكر بعض أركان الدعوة، ومنها: أ- وجود منهج:﴿ أَدعُواْ إِلَى اللهِ ﴾. ب - ويقوم المنهج على العلم: ﴿ عَلَى بَصِيرَةٍ﴾. ج - وجود داعية: ﴿ أَدعُواْ ﴾ ﴿أَنَا﴾. د - وجود مَدْعُوِّين: ﴿ وَمَنِ اتَّبَعَنِي ﴾.
•‘කුල් හාදිහි සබීලි’ -මෙය මාගේ මාර්ගයයි...- යන පාඨයේ ප්රචාරය කිරීම සඳහා අවශ්ය ඇතැම් මූලධර්ම පැහැදිලි කර ඇත. (අ) ප්රචාරක විෂය ‘අද්ඌ ඉලල්ලාහි’ -අල්ලාහ් වෙත ඇරයුම් කරමි. (ආ) එම ප්රචාරක විෂය දැනුම මත පදනම් වීම ‘අලා බසීරතින්’ -පැහැදිලි සාධක මත- (ඇ) ප්රචාරකයකු සිටීම ‘අද්ඌ’ -ඇරයුම් කරමි.- ‘අන’ -මම-, (ඈ) ප්රචාරය කරනු ලබන්නන් සිටීම ‘වමනිත් තබඅනී’ -මා අනුගමනය කළවුන්-.

 
ترجمة معاني سورة: يوسف
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - فهرس التراجم

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

إغلاق