ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - فهرس التراجم


ترجمة معاني آية: (151) سورة: الأعراف
قَالَ رَبِّ اغْفِرْ لِیْ وَلِاَخِیْ وَاَدْخِلْنَا فِیْ رَحْمَتِكَ ۖؗ— وَاَنْتَ اَرْحَمُ الرّٰحِمِیْنَ ۟۠
මූසා තම පරමාධිපතිට ප්රාර්ථනා කරමින්, "අහෝ මාගේ පරමාධිපතියාණනි! මා හටත්, මගේ සහෝදර හාරූන් හටත් සමාව දෙනු මැනව! ඔබේ කරුණාව තුළට අප ඇතුළත් කරනු මැනව! සෑම පැතිකඩකින්ම එය අප ආවරණය වන පරිදි එය පත් කරනු මැනව! අපගේ පරමාධිපතියාණනි, කරුණාව පෙන්වන සියල්ලන්හට වඩා ඔබ අපට මහා කාරුණිකය" යැයි පවසා සිටියේය.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• في الآيات دليل على أن الخطأ في الاجتهاد مع وضوح الأدلة لا يعذر فيه صاحبه عند إجراء الأحكام عليه، وهو ما يسميه الفقهاء بالتأويل البعيد.
•පැහැදිලි සාධක සමග ස්ව උත්සාහයේ යෙදීමේ දී වරදක් සිදු වන අවස්ථාවක අදාළ පුද්ගලයාට නීතිය ක්රියාත්මක වන විට එහි නිදහසට කරුණු දැක්විය නොහැකි බව මෙම පාඨ පෙන්වා දෙයි. ආගමික නීති විශාරදයින් එයට නම් තබා ඇත්තේ ‘අත්-තඃවීලිල් බඊද්’ දුරස්ථ අර්ථ නිරූපණය ලෙස ය.

• من آداب الدعاء البدء بالنفس، حيث بدأ موسى عليه السلام دعاءه فطلب المغفرة لنفسه تأدُّبًا مع الله فيما ظهر عليه من الغضب، ثم طلب المغفرة لأخيه فيما عسى أن يكون قد ظهر منه من تفريط أو تساهل في رَدْع عَبَدة العجل عن ذلك.
•පළමුව තමන් ගැන ප්රාර්ථනා කිරීම, ප්රාර්ථනාවේ ආචාර ධර්ම අතරට ඇතුළත් වේ. මූසා (අලය්හිස් සලාම්) තුමා එසේ ප්රාර්ථනා කළහ. තමන්ට කෝපය හට ගත්තද අල්ලාහ් සමග ආචාරශීලී ව හැසිරීමක් ලෙස එතුමා තමන් වෙනුවෙන් පළමු ව පාපක්ෂමාව ඉල්ලා සිටියහ. පසුව වසු පැටවා වන්දනා කරන්නන් ඉන් වැළක්වීමේදී දැක්වූ නොසැලකිල්ල හා ඒ ගැන පිළිගැනීම නිසා, ඔහු තම සහෝදරයා වෙනුවෙන් සමාව ඉල්ලා සිටියේය.

• التحذير من الغضب وسلطته على عقل الشخص؛ ولذلك نسب الله للغضب فعل السكوت كأنه هو الآمر والناهي.
•කෝපය පිළිබඳ සහ පුද්ගලයෙකුගේ මනස කෙරෙහි එය බලපාන ආකාරය පිළිබඳ අනතුරු ඇඟවීම. එබැවින් අල්ලාහ් කෝපය සඳහා නිහඩතාවයේ ක්රියාව ආරෝපණය කළේය. එය ඔහු අණ කරන්නෙකු හා තහනම් කරනනෙකු ලෙස සිටිමිනි.

• ضرورة التوقي من غضب الله، وخوف بطشه، فانظر إلى مقام موسى عليه السلام عند ربه، وانظر خشيته من غضب ربه.
•අල්ලාහ්ගේ කෝපයෙන් ආරක්ෂාවීමේ හා ඔහුගේ ග්රහණය පිළිබඳ බියවීමේ අවශ්යතාවය. ඒ සඳහා තම පරමාධිපති අබියස මූසා තුමාගේ ස්ථාවරත්වය දෙස බලන්න, තම පරමාධිපතිගේ උදහස පිළිබඳ එතුමා තුළ පැවති බිය දෙස බලන්න.

 
ترجمة معاني آية: (151) سورة: الأعراف
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - فهرس التراجم

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

إغلاق