Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

অৰ্থানুবাদ ছুৰা: আল-বাক্বাৰাহ   আয়াত:
وَاِذْ یَرْفَعُ اِبْرٰهٖمُ الْقَوَاعِدَ مِنَ الْبَیْتِ وَاِسْمٰعِیْلُ ؕ— رَبَّنَا تَقَبَّلْ مِنَّا ؕ— اِنَّكَ اَنْتَ السَّمِیْعُ الْعَلِیْمُ ۟
ඉබ්රාහීම් හා ඉස්මාඊල් (කඃබාව නම්) නිවසේ අත්තිවාරම එසවූ අවස්ථාව සිහිපත් කරනු. “අපගේ පරමාධිපතියාණනි! (අප කළ ක්‍රියාවන්) අපගෙන් පිළිගනු මැනව! නියත වශයෙන් ම සර්ව ශ්‍රාවක සර්ව ඥානී වන්නේ ඔබ ම ය.”
আৰবী তাফছীৰসমূহ:
رَبَّنَا وَاجْعَلْنَا مُسْلِمَیْنِ لَكَ وَمِنْ ذُرِّیَّتِنَاۤ اُمَّةً مُّسْلِمَةً لَّكَ ۪— وَاَرِنَا مَنَاسِكَنَا وَتُبْ عَلَیْنَا ۚ— اِنَّكَ اَنْتَ التَّوَّابُ الرَّحِیْمُ ۟
“අපගේ පරමාධිපතියාණනි! අපව ඔබට අවනත වන (මුස්ලිම්වරුන්) දෙදෙනෙකු බවට පත් කරනු මැනව! තවද අපගේ පරපුරින් ද ඔබට අවනත වන සමූහයක් ඇති කරනු මැනව! අපගේ (හජ්) වත්පිළිවෙත් අපට පෙන්වා දෙනු මැනව! තවද අප වෙත පාප ක්‍ෂමාව පිරි නමනු මැනව! සැබැවින් ම අතික්ෂමාශීලී අසමසම කරුණාන්විත වන්නේ ඔබ ම ය.”
আৰবী তাফছীৰসমূহ:
رَبَّنَا وَابْعَثْ فِیْهِمْ رَسُوْلًا مِّنْهُمْ یَتْلُوْا عَلَیْهِمْ اٰیٰتِكَ وَیُعَلِّمُهُمُ الْكِتٰبَ وَالْحِكْمَةَ وَیُزَكِّیْهِمْ ؕ— اِنَّكَ اَنْتَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟۠
“අපගේ පරමාධිපතියාණනි! තවද ඔබගේ වැකි ඔවුනට පාරායනය කර පෙන් වන, දේව ග්‍රන්ථය හා ප්‍රඥාව ඔවුනට උගන් වන, ඔවුන්ව පිවිතුරු කරන, ඔවුන්ගෙන් ම වූ ධර්ම දූතයෙකු ඔවුන් අතරට එවනු මැනව! සැබැවින් ම සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත වන්නේ ඔබ ම ය.” (යනුවෙන් ඉබ්රාහීම් නබිතුමා ප්‍රාර්ථනා කළහ.)
আৰবী তাফছীৰসমূহ:
وَمَنْ یَّرْغَبُ عَنْ مِّلَّةِ اِبْرٰهٖمَ اِلَّا مَنْ سَفِهَ نَفْسَهٗ ؕ— وَلَقَدِ اصْطَفَیْنٰهُ فِی الدُّنْیَا ۚ— وَاِنَّهٗ فِی الْاٰخِرَةِ لَمِنَ الصّٰلِحِیْنَ ۟
තමන්ව අඥාන භාවයට පත් කර ගත්තෙකු මිස ඉබ්රාහීම්ගේ පිළිවෙතින් ඉවත් වනුයේ කවරෙක් ද? තවද සැබැවින් ම මෙලොවෙහි අපි ඔහුව තෝරා ගත්තෙමු. තවද සැබැවින් ම ඔහු පරලොවෙහි දැහැමියන් අතර සිටින්නේ ය.
আৰবী তাফছীৰসমূহ:
اِذْ قَالَ لَهٗ رَبُّهٗۤ اَسْلِمْ ۙ— قَالَ اَسْلَمْتُ لِرَبِّ الْعٰلَمِیْنَ ۟
ඔහුගේ පරමාධිපති “නුඹ අවනත වනු” යැයි ඔහුට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. “මම ලෝ වැසියන්ගේ පරමාධිපතිට අවනත වූයෙමි” යැයි ඔහු පැවසී ය.
আৰবী তাফছীৰসমূহ:
وَوَصّٰی بِهَاۤ اِبْرٰهٖمُ بَنِیْهِ وَیَعْقُوْبُ ؕ— یٰبَنِیَّ اِنَّ اللّٰهَ اصْطَفٰی لَكُمُ الدِّیْنَ فَلَا تَمُوْتُنَّ اِلَّا وَاَنْتُمْ مُّسْلِمُوْنَ ۟ؕ
මෙය ම ඉබ්රාහීම් තම පුතුන්ට ද, (එසේ ම) යඃකූබ් ද මෙසේ උපදෙස් දුන්හ. “අහෝ මාගේ පුත්‍රයිනි! සැබැවින් ම අල්ලාහ් නුඹලාට මෙම දහම තෝරා දී ඇත. එබැවින් නුඹලා (අල්ලාහ් ට) අවනත වූ තත්ත්වයෙන් මිස මරණයට පත් නො වනු.”
আৰবী তাফছীৰসমূহ:
اَمْ كُنْتُمْ شُهَدَآءَ اِذْ حَضَرَ یَعْقُوْبَ الْمَوْتُ ۙ— اِذْ قَالَ لِبَنِیْهِ مَا تَعْبُدُوْنَ مِنْ بَعْدِیْ ؕ— قَالُوْا نَعْبُدُ اِلٰهَكَ وَاِلٰهَ اٰبَآىِٕكَ اِبْرٰهٖمَ وَاِسْمٰعِیْلَ وَاِسْحٰقَ اِلٰهًا وَّاحِدًا ۖۚ— وَّنَحْنُ لَهٗ مُسْلِمُوْنَ ۟
නැතහොත් යඃකූබ්ට මරණය පැමිණි අවස්ථාවේ නුඹලා එහි පෙනී සිටියාහු ද? “මගෙන් පසුව නුඹලා නමදිනුයේ කුමක් දැ?” යි තම දරුවන්ගෙන් ඔහු ඇසූ විට “ඔබගේ දෙවියා වූ ද, ඔබගේ මුතුන් මිත්තන් වන ඉබ්රාහීම් ඉස්මාඊල් හා ඉස්හාක්ගේ දෙවියා වූ ද එක ම දෙවියාව අපි නමදිමු. තවද අපි ඔහුට අවනත වන්නෝ වෙමු” යැයි ඔවුහු පැවසූහ.
আৰবী তাফছীৰসমূহ:
تِلْكَ اُمَّةٌ قَدْ خَلَتْ ۚ— لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَّا كَسَبْتُمْ ۚ— وَلَا تُسْـَٔلُوْنَ عَمَّا كَانُوْا یَعْمَلُوْنَ ۟
එය ඉකුත්වී ගිය සමූහයකි. එය ඉපැයූ දෑ එයට ඇත. එමෙන් ම නුඹලා ඉපැයූ දෑ නුඹලාට ඇත. ඔවුන් කරමින් සිටි දෑ ගැන නුඹලා විමසනු නො ලබන්නෙහු ය.
আৰবী তাফছীৰসমূহ:
 
অৰ্থানুবাদ ছুৰা: আল-বাক্বাৰাহ
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

অনুবাদ কৰিছে جمعية الدعوة بالربوة আৰু جمعية خدمة المحتوى الإسلامي باللغاتৰ সহযোগত মৰ্কজ ৰুৱাদুত তাৰ্জামাৰ অনুবাদক গোষ্ঠীয়ে।

বন্ধ