Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

অৰ্থানুবাদ ছুৰা: আন-নিছা   আয়াত:
لَا خَیْرَ فِیْ كَثِیْرٍ مِّنْ نَّجْوٰىهُمْ اِلَّا مَنْ اَمَرَ بِصَدَقَةٍ اَوْ مَعْرُوْفٍ اَوْ اِصْلَاحٍ بَیْنَ النَّاسِ ؕ— وَمَنْ یَّفْعَلْ ذٰلِكَ ابْتِغَآءَ مَرْضَاتِ اللّٰهِ فَسَوْفَ نُؤْتِیْهِ اَجْرًا عَظِیْمًا ۟
දානයක් ගැන හෝ යහපතක් ගැන හෝ ජනයා අතර සමාදානයක් ඇති කිරීම ගැන හෝ කවරෙකු විසින් විධානයක් කළේ ද ඔහුගෙන් හැර ඔවුන් අතර කෙරෙන රහස් කතාවන් බොහෝමයක යහපත නොමැත. කවරෙකු එය අල්ලාහ්ගේ තෘප්තිය බලා පොරොත්තුවෙන් සිදු කරන්නේ ද එවිට අපි ඔහුට අතිමහත් ප්‍රතිඵල මතුවට පිරිනමන්නෙමු.
আৰবী তাফছীৰসমূহ:
وَمَنْ یُّشَاقِقِ الرَّسُوْلَ مِنْ بَعْدِ مَا تَبَیَّنَ لَهُ الْهُدٰی وَیَتَّبِعْ غَیْرَ سَبِیْلِ الْمُؤْمِنِیْنَ نُوَلِّهٖ مَا تَوَلّٰی وَنُصْلِهٖ جَهَنَّمَ ؕ— وَسَآءَتْ مَصِیْرًا ۟۠
කවරෙකුට යහමඟ පැහැදිලි වූවායින් පසුව මෙම රසූල්වරයාට පිටු පා, දේවත්වය විශ්වාස කළවුන්ගේ මඟ හැර වෙනත් මඟක් අනුගමනය කරන්නේ ද, අපි ඔහු හැරී ගිය දෑ වෙතට ඔහුව යොමු කරන්නෙමු. තවද ඔහුව නිරයට ඇතුළත් කරන්නෙමු. නවාතැනින් එය නපුරු ස්ථානයක් විය.
আৰবী তাফছীৰসমূহ:
اِنَّ اللّٰهَ لَا یَغْفِرُ اَنْ یُّشْرَكَ بِهٖ وَیَغْفِرُ مَا دُوْنَ ذٰلِكَ لِمَنْ یَّشَآءُ ؕ— وَمَنْ یُّشْرِكْ بِاللّٰهِ فَقَدْ ضَلَّ ضَلٰلًا بَعِیْدًا ۟
සැබැවින් ම අල්ලාහ් ඔහුට ආදේශ තැබීමට සමාව නො දෙන්නේ ය. ඒ හැර (අනෙකුත්) දෑට ඔහු අභිමත කළ අයට සමාව දෙයි. කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද සැබැවින් ම ඔහු අන්ත මුළාවකින් මුලා විය.
আৰবী তাফছীৰসমূহ:
اِنْ یَّدْعُوْنَ مِنْ دُوْنِهٖۤ اِلَّاۤ اِنٰثًا ۚ— وَاِنْ یَّدْعُوْنَ اِلَّا شَیْطٰنًا مَّرِیْدًا ۟ۙ
(අල්ලාහ් වන) ඔහුගෙන් තොරව දේවතාවියන්ව මිස ඔවුහු අයැද සිටින්නේ නැත. තවද දූෂිත ෂෙයිතාන්ව මිස ඔවුහු අයැද සිටින්නේ නැත.
আৰবী তাফছীৰসমূহ:
لَّعَنَهُ اللّٰهُ ۘ— وَقَالَ لَاَتَّخِذَنَّ مِنْ عِبَادِكَ نَصِیْبًا مَّفْرُوْضًا ۟ۙ
අල්ලාහ් ඔහුට (ෂෙයිතාන්ට) ශාප කළේ ය. එවිට ඔහු (ෂෙයිතාන්) "සැබැවින් ම මම නුඹගේ ගැත්තන් අතරින් නියමිත කොටසක් ග්‍රහණය කර ගනිමි" යැයි පැවැසුවේ ය.
আৰবী তাফছীৰসমূহ:
وَّلَاُضِلَّنَّهُمْ وَلَاُمَنِّیَنَّهُمْ وَلَاٰمُرَنَّهُمْ فَلَیُبَتِّكُنَّ اٰذَانَ الْاَنْعَامِ وَلَاٰمُرَنَّهُمْ فَلَیُغَیِّرُنَّ خَلْقَ اللّٰهِ ؕ— وَمَنْ یَّتَّخِذِ الشَّیْطٰنَ وَلِیًّا مِّنْ دُوْنِ اللّٰهِ فَقَدْ خَسِرَ خُسْرَانًا مُّبِیْنًا ۟ؕ
සැබැවින් ම මම ඔවුන්ව නොමඟ හරිමි. ඔවුනට (නොමනා) ආශාවන් ඇති කරමි. තවද මම ඔවුනට නියෝග කරමි. එවිට ඔවුන් ගොවිපළ සතුන්ගේ කන් කපා හරිනු ඇත. තවද මම ඔවුනට නියෝග කරමි. එවිට ඔවුන් අල්ලාහ්ගේ මැවීම් වෙනස් කරනු ඇත යැයි පැවසුවේ ය. තවද කවරෙකු අල්ලාහ් හැර ෂෙයිතාන්ව භාරකරුවකු ලෙස ගන්නේද සැබැවින් ම ඔහු පැහැදිලි පාඩුවකින් පාඩු වින්දේ ය.
আৰবী তাফছীৰসমূহ:
یَعِدُهُمْ وَیُمَنِّیْهِمْ ؕ— وَمَا یَعِدُهُمُ الشَّیْطٰنُ اِلَّا غُرُوْرًا ۟
ඔවුනට ඔහු පොරොන්දු දෙයි. තවද ඔවුනට ආශාවන් ඇති කරයි. ෂෙයිතාන් රැවටීම මිස ඔවුනට පොරොන්දු නො දෙයි.
আৰবী তাফছীৰসমূহ:
اُولٰٓىِٕكَ مَاْوٰىهُمْ جَهَنَّمُ ؗ— وَلَا یَجِدُوْنَ عَنْهَا مَحِیْصًا ۟
ඔවුහු වනාහි ඔවුන්ගේ නවාතැන නිරයයි. එයින් කිසිදු ගැලවුමක් ඔවුන් නො දකිනු ඇත.
আৰবী তাফছীৰসমূহ:
 
অৰ্থানুবাদ ছুৰা: আন-নিছা
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

অনুবাদ কৰিছে جمعية الدعوة بالربوة আৰু جمعية خدمة المحتوى الإسلامي باللغاتৰ সহযোগত মৰ্কজ ৰুৱাদুত তাৰ্জামাৰ অনুবাদক গোষ্ঠীয়ে।

বন্ধ